Thursday, July 9, 2020

ඔම්පා ලුම්පා, සිග්මන් ප්‍රොයිඩ් හා මැරුනු මීයා

ශේන් මට ගන්නවා වෙනුවට මම ඌට කෝල් එකක් ගත්තා. අරන් මම කිව්වා මට අද උදේ නැගිට්ට ගමන් මට කාල් මාක්ස්, සිග්මන් ප්‍රොයිඩ්, ඇරිස්ටෝටල් වගේ දැනෙනවා මට ඒ වගේ වෙන්න ඕන කියලා.

ශේන් මල්ලි නිදි මරගාතේ මෙහෙම කිව්වා. මට තාම විධායක බල තල නැහැ නේ. කමක් නෑ අයියේ මට ලොකු චරිත වෙන්න හිතෙන්නේ නම් නෑ. ඒත් මට ආසයි ඔම්පා ලුම්පා කෙනෙක් වෙන්න්න.

එතනින් එහාට මම මුකුත් කියන්න ගියෙ නෑ , චාලි ඇන්ඩ් චොකලට් ෆැක්ටරි එකේ ඉන ඔම්පා ලුම්පා සේවකයො මට මතක් වුනා , උස මහත කොට විශබීජ.
කොකෝවා ඇටයකකට වහල් වෙච්ච කුරු මිට්ටෝ.

ෆෙඩ්‍රික් ඩග්ලස්ගේ narrative of the life  ( වහල් බාවය පොත ) උන්ට තේරුම් කරන්න ඕන බව මම ශේන්ට කිව්වා.

ඔය කිඅන තරම් සුන්දර නෑ අයියේ ඒක.


තමුසේ හැමදාම උදේට කෝල් කරලා මගේ ලව් එක ගැන අඔඩේට් අරගෙන අර බ්ලොග් එකේ දාගෙන මොකක්ද මේ කරන විකාරෙ? උඹ අය්යියේ සිග්මන් ප්‍රොයිඩ්ට වඩා බයානකයි. හන්දියේ කොත්තු කඩේ කොට්තුව දාන අයියට වඩා බයක් මට උඹ ගැන තියෙන්නේ.

කොත්තු කඩේ අයියට බය ඇයි?

නෑ ඉතින් ඌ තරහට කොත්තුව දැම්මොත් දවස් ගානකට බඩේ අමාරුවලින් ගැලවීමක් නෑ. විරේක බෙහෙත් ගත්තා වගේ.

මගේ ආදරේ ගැන අහ අහ මරනවා මාව..🙄

ශේන් මල්ලී උඹ අපේ ඔෆිස් එක ඇතුලේ මැරුනු මීයෙක් වගේ! අපි තියපු මි කතුරකට අහුවෙච්ච.
උඹව මරන්න ඕන කියනවා, මරන්නෙ කොහොමද කියලා උපදෙස් දෙනවා , ක්‍රම ස්ම්පාදනය කරනවා. හැබැයි මැරුනට පස්සේ දැක්කේ නෑ වගේ යනවා. මල කුණක් ඊයා කියලා. ඒක අරන් දාන්න ගියොත් ඒක ජොබ් එක වෙනවා!   මටත් ඉන්න පුලුවන් නොදැක යන එවුන් වගේ. ඒත් අමාරුයි.  ඒත් උඹ දන්නවද මිනිස්සු බලාපොරොත්තු  වෙන්නේ, මොනවද කියලා.? තමන්ගේ වැඩ කොටස විතරක් කරන එක. උඹ මැරුනු මියෙක් උඹව අදාල නෑ වගේ දෙයක්.

මැරුනු මීයෙක්ට දවසක් පරණ මී කුණට ඊයා අප්පිරියයි  කියලා, දවස් තුන හතර ෆ්‍රිජ් එකේ තිබුන ච්කන් කෑලි කපලා රෝසට් කරලා කුකුල් මල කුණ බත් එක මැද්දෙන් තියාගෙන කනවා. මිනිස්සුන්ගේ තියරි හරි අමුතුයි බන් මල්ලී. උඹගෙ ආදරේ වගේ තමා ඒක. තේරුනාද? උඹගෙ එක මී කුනක් හැබැයි උන්ගේ ඒවා රෝස්ට් චිකන්! 

අල්ලන්න අප්පිරියයි කිවවන බෑග් එකකට දාල දුන්නම ඒක් ගීහින් පහලට දාන්නලු. ඊට වඩා හොදයි බන් ඌව ආයෙත් අරන් අර කූඩුව ඇතුලටම දාලා තිබුනු තැනින් තියලා අත හෝදන් එන එක.

උඹ ගැන උඹේ ආදරේ ගැන ලියන එක නවත්වනවා. ඇත්තටම කල්පනා කරහන් ඔය කෙල්ල උඹට ආදරේ නෑ නේද කියලා.

...
බායි පුතා!

ටටා 👋 

කවී




No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...