ඌ එහෙ මෙහෙ දුවන ගමන් මොනවා හිතනවා ඇතිද? මයික්‍රෝ මිලි මීටරක් නැත්නම් නැනෝ මිලි මීටරයක් තරම් උගේ මොලේට මොනව කල්පනා වෙනවා ඇතිද,
ඌ හිතන දේවල් වලින් මටවත් කියවන උඹටවත් වැඩක් නෑ මං හිතන්නේ.
මිනිස්සු අනාදිමත් කාලයක පටන් කාර්යයාලයට / පාසලට ආවෙනික රෝග ලක්ශන වලින් පීඩා විදිනවා.
මේ අතරින් උණ, බඩේ අමාරු, ගෑස් රයිටීස් ප්රමුඛ තාවාක් ගන්නා බවයි මගේ අදහස. නමුත් ඇති වී ඇති කොරොනා තත්වය හමුවේ උණ යන වචනය භාවිතා කිරීමට බිය වීම මත නිවඩු ඉල්ලුම් පත්‍රිකා සියල්ල පිරී යන්නේ සියල්ලම එක සමාන ලෙඩ රෝග වලින් බව මගේ මතයයි. බොහෝ විත හෙට නිවාඩුවක් අවශ්‍ය නම් අද බොහෝ ව්ට රෝග ලක්ශන් පෙන්නුම් කල හැක.
ඔබ දක්ශ වෙදදුරෙක් නම් රෝග ලක්ශන මත ලෙඩා රෝගී වෙන කාල වකවානුව තීරණය කල හැක.
නැති නම් මාස්ටර් ප්ලෑන් එකක් ගසා වංගුවක් ගැනීමට හැකිය. මෙහිදී අංශක අනූවේ වංගු ගැනීමේදී ප්‍රවේශම් විය යුතුමය. අපි මේවා පොදුවේ ළඟ නවන වංගු නැතිනම් කනෙන් රිංගා යම් ලෙස හඳුන්වයි.
ගන්නා වංගු ගන්න බලාදී නොදැක්කා සේ හිදීමෙන් අදාල වංගුව ගන්න එකාගේ හිතට තමා අනිත් උන්ගේ කනෙන් රින්ගුවා යැයි සිතා සැනසීමක් දැනෙනා අතර, අපේ සිතට පොඩි සොමියක් දැනේ. හේතුව ගත් වංගුව අපි දුර තියා දැක අපේ ක්න් අස්සේන් ඌට රිංගා යාමට සලස්වා කන සුද්ද කර ගැනීම තුලිනි.
..................................................................
රැම්බො මල්ලිට පරිගණකයක් එකලස් කිරීම සුන්දරය,
කෑලි කැළි බඩවැල් වගේ පරිගණක කොටස් තැන් තැන් වලින් ලබාගෙන සෑදු පරිගනකය ඔන් වෙන ව්ට බලන් ඉන්නත් ආසය.
නමුත් බඩගිනිය.
රැම්බො මල්ලිට පින්සිදුවන්න රෝස්ට් චිකන් තඩි කෑල්ලක් හැන්දෙන්ම කන හැටි ඉගෙන ගත අතර, අපේ හිතවත් ගජා ට පින් සිදුවන්න මාත් නලින් අයියාත් ලංකාවේ දුම් රිය සේවාව ලබා ඇති ප්‍රගතිය සොයාගත් අතර ලංකාව තුල බුලට් ට්‍රේන් දාවනයේ යෙදෙන බවත් ඉගෙන ගතිමි.
ගජාගේ අපල කාලය දුරු වීමට නම් ඔෆිස් මී කූඩුවට අහු වෙන මීයන් තව දුසිමකටවත් අභයදානය දිය යුතු බව මගේ පෞද්ගලික මතයයි.
ජේන් ජෙයිම වේවා.!
ටටා 👋
කවී
No comments:
Post a Comment