Friday, July 10, 2020

මාකටින් කටුස්සා හා නැතිවුන කණ්නාඩිය

මිනිස්සුන්ට සමහර වෙලාවට ඕන වුන දේවල් දකිනකොට හිනා යන්නෙ අපිටත් නොදැනිම

ජීවිත වලට වෙනස්කම් වෙනකොට සාක්ෂිදැරුවට ජීවිතේ කියන උසාවි කූඩුවට නැග්ගේ නැති එකම හොඳයි .

මිනිස්සු පටලවන්න හදනකොට පැටලිලා වගේ බලන් ඉදලා පටලවන්න හදපු එකාට පටලවගන්න දෙයක් දීලා බලන් ඉන්න එකත් අමුතුම ආතල් එකක් .

පරන රාවන කාලේ   පුස්කොල පොතක තිබුනා කොම්පියුටර් එකක් කැඩුනම වදින ගාඨාව ඒක ලොකුවට ප්‍රින්ට් කරලා හැම කොම්පියුටර් එකක් ඉස්සරහම අලවන්න ඕන.

දැන් ඉතින් එයි ඒකාලෙ කොහෙද පරිගනක තියෙන්නේ , 1882  චාල්ස් බැබේජ් නේ ගනක යන්ත්‍රයත්  හැදුවෙ කියල .  නෑ අවුරුදු දෙදහකට කලින් ලෝකෙ පලවෙනි ඇනලොග් පරිඝනකය ග්‍රික් ඩෑල් එකක් විසින් හදල තිබුන. ගියර් සහ ලිවර් නැත්නම් දැති රෝද භාවිතා වුනේ මෑත කාලයේදී කියලා හිතුවත් ඒක එහෙම නෑ,

අහල තියෙනවද  ඇන්ටිකිතෙරා  ( Antikythera Mechanism ) පරිඝනකය ගැන , නිකන් ඉන්න එකේ එක එකා එල්ලිලා මැරුනු විදිය ගැන වාද කරන්නේ නැතුව බලපන් ස්ර්ච් කරල ඒ ගැන .  එතකොට අපි රැවටිලා ඉදලා සෑහෙන කාලයක ඉදන් .

දහම පාසලේ ටීච කන්නාඩි දෙක ගලවල තියල හොයන එකත් ටිකක් විතර අපේ දැනීම වගේ.  අපි හොයනවා මේස උඩ ගලෝලා තියපු කන්නාඩි කුට්ටම ඒත් අපිට අමතකයි ඇස් නණ්නාඩි දාන හේතුව .


අපි එතකොට අපි චාල්ස් බැබේජ් ලා ! ඒ මොහොතට පස්සේ රෑට ගිහින් මේ සිද්දි දාමය කල්පනා කරකොට අපි

යතාර්ත්‍ය තේරුම් ගන්නවා ...

නෑ උපැස් යුවලක් පලදින්නේ ඇස් නොපෙනන නිසා ඇත්තටම එතකොට ගලෝලා තියපු කන්නාඩි දෙක පේන්නෙ කොහොමද  වගේ තාර්කික ගැටලු.  ඒත් අපි දකින යතාර්තයට එහායින් ගිහින් ප්‍රකාශයක් නිකුත් කරනවා මම මේ කණ්නාඩි දාන්නේ ඔලුවෙ කැක්කුමට කියලා .

ඔන්න එහකොට තමා අපි දැනුම ලබා ගන්නේ අපි චාල්ස් බැබේජ්ල නෙමේ අර අන්තිකයිමේරා හදපු ග්‍රීක ඩෑල් එක කියලා .

කොහොම හරි බැලුවම ඔලුවෙ කැක්කුමට කණ්නාඩි දාන්න ඕන කියලා මම දැන් ගත්තේ තුන වසර සිංහල පෙල පොතේ හත්වෙනි  පාඩමේ තිබ්බ කුමාරතුංග  මුනිදාස ශූරින්ගේ හීන් සැරය පොතෙන් උපුටා ගත්ත ජේද කිපයකින් ඒකෙත් ඉතින් අලියගෙ ඔලුවෙ කැක්කුමට දෙන්නේ කණ්නාඩියක් නේ . .

එතකොට කටුස්සා ?


ඌද ? ඌ මාකටින් ඇග්‍රිමන්ට් ගහපු අති අහිංසක මැනේජ්මන්ට් කැටගරිය තුල ජීවත් වෙන උරඟයෙක් නිතරම වාසනාව උරඟා බලන එකෙක්.

දැන් අපිට තියෙන්නේ උගේ කරේ රත්තරන් බදින්න . පෝලිමේ එන්න .

ටටා වේවා..

කවීයා.


 


 


 


 


No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...