සමහර වෙලාවට මිනිස්සු හැමෝටම සරල රේඛීය ජීවිත හමබවෙන්න පුලුවන් හරිම අහම්බෙන් වගේ තමා ඒත් ඒ අහම්බෙන් හරි හම්බවෙන ජීවිත හරිම පුදුම විදියට ජිව්ත ගැන හිතන්න සලස්වනවා .
මේ කියන සරල රේඛීය ජීවිත බලාගන්න පුලුවන් රේල් පාර දෙපැත්තේ අත් අල්ලගන යන ප්‍රේම වන්තයෝ දැක්කහම. ඒකත් එක අතකට සරල රේඛාවක් නෙමේ තමා . කොහේ හරි සිටේශන් එකක් ලඟ තව පීලි දෙක තුනක් උඩින් දුවල යන යන පාර මොකක්ද කියලා හිතා ගන්නවත් බැරි සහ එහෙන් මෙහෙන් දරුනු ගණයේ වංගු තියෙන .ඒත ඉතින් ඒවා සමානුපාතිකව දුවන් හින්දා තමා මම මේ උදා හරනය ගත්තේ .
මට කියන්න ඕන වුනේ මේ අත් අල්ලන් යන ගමන ගැන නෙමේ මිනිස්සු කෝච්චියට ලඟ එනවා කියලා දැන ගත්ත ගමන් අත් අත හැරලා අඩි දෙකක් විතර පස්සට සිග් සැග් දුවලා දාවනය වන කෝච්චියේ පෙට්ටි දෙකක හිඩැස් අතරින් කඩින් කඩ මුනු දෙක දිහා බලන් ඉන්න එක ගැනවත් නෙමේ .
මිනිස්සු ඇත්තටම දුවන්නේ කෝච්චිවලට බයේද කියලා ?
ඊයෙ රෑ කුක්කා මල්ලිගේ කම්පියුටර්එකට ගේමස් වගයක් ඉන්ස්ටෝල් කරල දෙන ගමන් ඉන්නකොට මම දැක්කා ඒකෙ ඕඩියෝ ෆයිල් වගයක් වේගයෙන් කොපි වෙන හැටි .
ඒ අතර තුර මම විදින්න වුනා අර කලින් කියපු පෙට්ටි අතරින් බලන් ඉන්න මිනිස්සු ගැන .
ඒ වගේම බය ගැන . පුරුදු විදියටම මම මනෝ පාරක් දැම්මා මට පුලුවන් විදියට .
ඇත්තටම මිනිස්සු දුවන්නේ කොච්චියට බයේද නැත්නම් තමන්ගේ ජීවිත වල බයේද කියලා .
මට හිතෙන විදියට මිනිස්සු මේ දුවලා බේරෙන්න හදන්නේ ජීවිත වලට බයේ කියලා මට හිතෙනවා .
තව කෙනෙක්ට වාද රන්න පුලුවන් මිනිස්සු ජීවිත අලට අදරෙන් මෙහෙම් දුවනවා කියලා. නෑ උන් ජීවිත වලට අදරේ නෑ . උන් දුවන්නේ වගකීම් වලට බයේ . මිනිස්සු වගකීම් වලය බය වෙලා කරන් ඉන්වෙස්ට් එකක් තමයි මේ ආදරේ හා බැදුනු විවාහය කියලත් වෙලාවකට හිතෙනවා .
ඒක නෑ කියනවා නම් මේ වාක්‍ය ඔලුවට ගනින් . මේක් ඕන තරම් මට යන එන තැන්වලදි අවුරුදු තිස් පහ පැනලත් නොබැද ඉන්න් මිනිස්සුන්ගේ ගෙවල් වල ඇහෙනවා.
" උඹට ඔහොම හැමදාම ජීවත් වෙන්න බෑ කසාදයක් කර ගනින් නැත්නම් වයසට ගිය දාකට බලාගන්නේ හරි කවුද "
විවාහය එතකොට ෆික්ස් ඩිපොසිට් එකක් ආදරේ ඉතුරුම් ගිනුමක්ද ෆික්ස් එක දා ගන්න් සල්ලි එකතු කර ගන්න ?
මම......! ශේන් මල්ලි, කූක්කා හැමෝම දිහා බලලා මේ කතාව කියල ඇහුවා උඹලට මම කියන දේ තේරෙනවද කියලා.
අනිත් එවුන් කට අහගෙන හිටියට ශෙහාන් මල්ලී මාස්ක් එක පහලට දාලා කිව්ව , මෙහෙමයි අයියේ තමුසෙ කියන දේවල් වල අමුතුම බරක් තියෙනවා කියලා තේරෙනවා ඒත් අපිට තේරෙන්නේ ඒකෙ බර විතරයි. හැගිම මොකක්ද කියලා සමහර් වෙලාවට අපිට නම් තේරෙන්නේ නෑ. අපිත් අතරමන් වෙනවා ඕවට කියලා .
කොහොම හරි තේරෙනේ නතුව ඉන්න එකත් වටිනවා අනිති උන් වගේ මාව පිස්සෙක් විදිහට හන්වඩු ගහලා
හිතන්නේ නැතුව .
කතාවට ආයෙත් .. යමු ..
මීනිස්සු වගකීම වලට බයි වෙනවා ඒ බලා පොරොත්තු නිසා ,ඒත උන් බලාපොරොත්තුවලට ආශා කරනවා.
ඒ වගේම බලාපොරොත්තු මත හීන වලට අදරේ කරනවා.
එතකොට ඇත්තටම බැලුවම මිනිස්සු දුවන්නේ කෝච්චියට බයේ නෙමේ මිනිස්සුන්ගේ හීන වලට බයේ.
ශේන් මල්ලි මැද්දට පැන්නා පැනලා කිව්වා ශෙහාන්ට තේරෙන්නේ නැති වුනාට ඕක මට තේරෙනෙවා හැබැයි අයියේ මම දැක්කා ඊයේ රෑ හීනෙන් මම් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ උඩම තට්ටුවෙ ඉදන් චූ දාන සීන් එකක්. ඒත් ඒක නැති වෙනවට බයයි කියලා මම කෝච්චියක් ඉස්සරහට දුවන් යන්නේ නෑ.
ටිකක් වෙලා ඔලුව අත ගහගෙන් හිටපු මම , ඇහුවා උගෙන් ඇයි මිනිස්සු කෝච්චි වලට පනිනේ කියලා .
උන්ට ජීවිතේ එපා වෙලා වෙන්නැති . ඌ කිව්වා ගත්ත කටටම.
මම් කිව්වා ඔව් ඒත් එතකොට උන්ට කෝච්චියට තිබ්බ බය කෝ ? ඒක අර නැති වුනු හීනත් ක්කම නැති වෙලා තියෙන්න ඇති . බලාපොරොත්තු වගකීම ගොඩක් තියාගෙන ඒකෙ ලිම්ට් පැන්නම හීන ගැන තීන ආසාව නැති වෙනවා . එතකොට බය වෙන්න හෙතුවක් නෑ මිනිස්සු කෝච්චි වලට පනිනවා .
හැමෝම ඔලුව වනලා තේරුනේ නෑ කියලා කිව්වට කුක්කා මල්ලී මෙහෙම කිව්වා. අයියේ මේ අපි උඩ් සිටි එකෙන් ලොකු ස්ප්‍රයිට් බෝතලේකුයි ව්ස්කි බෝතලේකුයි අරන් ඇවිත් මේ ගැන කතා කරමුද ?
අවුලක් නෑ ඒ උගේ හීනය ! එක ඇහැකින් හරි ජීවිතේ ජය ගන්න හැටි කියල දෙන එක බලා පොරොත්තුවක් ..
ශේන් මල්ලිගේ හීනය අර කෙල්ලට කිස් එකක් දෙන එක!
ඔමිගේ හීනය රැම්බාගේ ඔෆිස් දාන සැන්ඩ්ල්ස් දෙක පුච්චන එක .
රැම්බාගේ හීනය ඔමී මල්ලිට පෙන්න හැම සිකුරාදාම සැන්ඩ්ල්ස් දෙක දාගෙන තට්ටු හතරෙ ඔෆිස් එකට එන එක.
එතකොට මම ?
මගේ හීනේ මේ සේරම චරිත දිගින් දිගටම පට්ට ගහන එක .
ටටා !
මීට කවියා
All most Six years Working for NVOCC company AKA Freight forwarding Shipping company in sri lanka and i'am writing dayofsl.blog about day to day events that happened and thoughts which came to my mind while i working and also my free times. Some Names and places used for give you a good narrative only . විචාරකයෙක් නොවේ.මා දකින මට සහ මගේ මිතුරන්ට පෙනෙන කෝනය අනුව, මට හා යම් පුදගලයන්ට දැනෙනා ආකරයෙන් ලිවීමකි. නම් ගම් ස්ථාන වඩාත් හොද රසයක් ලබා දීම සදහා යොදාගෙන ඇති අතර 72% ක් මනං කල්පිත වේ.
Subscribe to:
Post Comments (Atom)
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා! වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...
-
කොහෙන්ද ආවේ කියලා හිතන්න ගත්තම හැමදාම වගේ නැවතුනේ එකම තැන ඉමන්දරා ටික ටික අමතක කරන ගමන් ඉන්නේ .. කාවද ? මාව කවී අයියේ ! හේතුව ? හේතුවක් ...
-
හැම මාසෙකම වගේ ඒ මාස වල ඉපදෙන එවුන්ට මොනවා හරි දෙයක් කියනවා වගේ තමා නොවැම්බර් වල ඉපදෙන් එවුන්ට කියන්නේ වාසනාවන්ත් එවුන් කියලා. හේතුවක් හොයන...
-
ජීවිතේට එහෙන් මෙහෙන් යාළුවෝ කියා ගන්නා බොහෝ දෙනෙක් හිටියට ඇත්තම යාළුවො කියන වචනය දෙන්න අමාරු අවස්තාවන් ඕනෑ තරම් අපිට අත් විදින්න පූලුවන්. බ...
No comments:
Post a Comment