Friday, July 3, 2020

ජිම් පප්පා හා මැජික් අරිශ්ටේ.

පුරුදු විදියට ශේන් මල්ලිගෙන් දිග වට්සැප් හෑල්ලක්.
තියෙනව ස්ටේටස් වල දාලා.

ශෙන් මල්ලු කියන විදියට දැන් ඒ කෙල්ල ශේන් මල්ලිට ආදරේ නෑලු. ඌ දාලා තිබ්බ ස්ටේටස් වලින් තේරෙන්නේ ඒක.

මම රිප්ලයි එකක් දාන ගමන් ඇහුවේ ඇයි උඹට මෙහෙම හිතුනේ කියලා.

ශේන් මල්ලි මගෙන් අහනව මේ කවී අයියේ තමුසෙට මනෝ විද්‍යාව ඉගෙන ගන්න ඕනද මේ අස්සේ කියලා.

නෑ නෑ මිනිහෝ මට දැන ගන්න ඕන වෙච්ච දේ. බ්ලොග් එකේ ගලපල ලියන්න.

මේකයි අයියේ මොන දේ වුනත් මගේ හොදම යාලුවාට හොරෙන් නැත්නම් මුලු ක්ලාස් එකේම ස්ටාෆ් එකට හොරෙන් කරන ආදරයක් මේක. අපි පරිස්සම් වෙන්න එපැයි. අනික මට කවදාවත් ප්‍රකාශ කරන්න බෑ ආදරෙයි කියලා.  මොන සම්මුතියට ආවත් මේක වෙලාවකට හැඟිම් වලට නීති විරෝදි වගේ දැනෙනව. ඒත් මම කිව්වා වගේ ටියුට් බෙදන්න කියලා මට ටියුට් ට්ක දෙන්න ආවම හැරිලා යන්නේ යන්නම් කියලවත් නොකියා. වෙනදට විනාඩියක් දෙකක් හුරතල් වෙන කෙල්ල ඇයි මෙහෙම.

ශේන් මල්ලි උඹෙ ඔය ආදරේ රිම් එකෙන් දුවන ටියුබ්ලස් ටයර් එකක් වගේ. එක අන්තෙකට යන්න පුලුවන්. ඒත් වාහනේකට රුපියල් තුනක හතරක ආදරේ කියන හුලං ගහල වැඩක් නෑ  . 

කාවී අයියේ තමුසෙගෙ ගැරේජ් ටෝක් මට තේරුම් ගන්න වෙලා යනව ..කමක් නෑ. ඒක නෙමෙ මේ ලඟදි ඒ කෙල්ල මට උඩ ක්ලාස් එකක රෙජිස්ටර් වගයක් දෙනකොට අත මගේ අතේ වැදුන. මාර සිනිදුයි අයියේ. මට හිතුනා ආයේ බලෙන් අත ඇදල අරගෙන අතගාලා බලන්න. මූනත් ඒ වගේම ඇති නේ!

උඹ නිකන් දැන් ප්‍රයිමරි කොල්ලෙක් වගේ කෙල්ලෙක්ගේ අතක් වැදුනම ආදරේ කියල හිතන්නද යන්නේ? 
ලැජ්ජ වෙන්නද හදන්නේ! යකෝ බැදලා ලමයි හයක් හතක් ඉන්නවා !..

අනේ මේ කවි අයියේ තමුසෙට ජෝගි.
 මගේ හිත රිදිලා ඉන්නේ!  වෙනද වගේ වට්සැප් එකේ නෝ චැට් නෝ කැශුවල් කිට්ස් ෆොටෝස්!

ඉතින් ඔෆිස් එකේ උඹට මූනට මූන බලාගෙන නෙ ඉන්නේ. ආයෙ මගුලටද ෆොටෝ. 

එහෙම නෙමේ අයියේ මම ආස ඒ කෙල්ල ගෙදර නෝර්මල් ඇදන් ඉන්න විදියට! හෙන සිම්පල් ඒත් හෙනම ලස්සනයි. ආදරේ හිතෙන එක නවත්තගන්න බෑ එතකොට.

මල්ලි උඹ කවද හරි සූරපප්පා එකේ ජිම් පප්පා වගේ වෙයි. මල් කුමාරිට ආදරේ කරන. උඹේ ඔය ඇඟත් එක්ක සමහර විට ඒ කෙල්ලට උඹව විහිලුවක් වෙන්න ඇති. ඒ කෙල්ල අල්ලපු ගමේ ඉලන්දාරියට ප්‍රේම කරන ගමන් උඹටත් එහෙමයි කියලා අඟවනවා ඇති. ඇත්තටම ආදරේ නැතුව ඇති නැත්නම් එහෙම නොකියා යයිද. අනික ඒ කෙල්ල කවදාවත් උඹට ආදරෙයි කියන්නේ නෑ මැසේජ් එකකින්වත්.

උඹට ඒකි නිකන් මැජික් අරිශ්ටේ වගේ.🍸😑

උඹ කතාවෙ මේන් කැරැක්ටර් එකක් වුනාට කවදාවත් අරිස්ටේ දෙන්නේ නෑ. ☹️🤣 

කවී අයියේ තමුසෙ මහ මොකෙක්ද මන්දා, ඔච්චර ලොකු එකෙක් වෙලත් කාටුන් බලනවද. මන් යනව. වැඩට යන්න ඕන.
මේ අයියේ තීනව නම් කව්ද බොයි කාටුන් එක ගේනවා හොදේ 🍷😋

අවසානයේ මට තේරුම් යන්නේ අපෙ ජීවිත මොනම හෝ කාටුන් එකකට සමීප බවයි. 


ජෙයින් ජෙයිම වේවා!

👋  ටටා..

කවී.



No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...