නොහිතනා මොහොත ජීවිතයට ල්ස්සන පුදගලයන් හමු වුනත් ඔවුන්ගේ ඇතුළාන්තය තේරුම් ගැනීමට නොහැක. හිනාවක් යටින් තියෙන වේදනාව රෑ කාලයේ වට්සැප් ස්ටේටස් ලෙසින් ඔවුන්ගේම භාශාවෙන් එලියන එන අවස්ථා බොහෝමයකි. ස්ටේටස් යොදන රූපයක් , වචනයක් හොදටම ඇතිය.
එවන් සමහර අය ජීවිතය සයුරකට සමාන කරන බවත්, තවත් අවස්තා වල ජිවිතය තුල ආත්මයක් නැති වී ඇති බවත් සිතා ලතවෙති.
එය එසේ නොවෙන බවට තර්ක කල විට සියුම් ලෙස වේදනාවක් දෙන වචන වුවද පිට කිරීමට නොපැකිලෙති.
කෙනෙක් පමණක් දැන ගත යුතු යමක් බොහෝ දෙනා කාතාවක් මගින් දැන ගැනීම වේදනාකාරි බව ඔවුන්ගේ මතයයි. එසේනම් ප්රශ්න කතා කිරීමට නම් තෝරා ගත යුත්තේ සීමිත යාළුවන් පිරිසක් ඇසුරු කරනෙකි. හැම දේම සඟවාගැනීමට හැකි අයෙකි. ඒත් යම් කිසි අවස්තාවක වෙනස් වීම් බලා පොරොත්තු විය යුතුය.
ලෝකයේ නොවෙනස්වන එකම දෙය දේවල් වෙනස් වීමයි.
ශේන් යනු මගේ ජීවිතයේ හමු වූ සියලු මිතුරන්ගේ එකතුවක් මිස තනි පුදගලයෙකු නොවෙන බව අවධාරණය කරමි. විව්ද පුදගලයන් දහසකගේ හැඟීම් ශේන් යන මගේ මිතුරෙකුගේ අන්වර්ථ නාමයෙන් ඉදිරිපත් කරන්නේ එබැවිනි.
ආදාරේ ලබා දී තැගි ලෙස වේදනාව හා විදවීම ලබා ගත හැකි බව මා ශේන් ගෙන් උගෙන ගත් එක් දෙයක් පමණි.
සිප ගැනීමක් හෝ ආදරනීය වැලදගැනීමක් බලාපොරොත්තු වෙන මිනිසුන් එක් වරම පිහි පාරක් එල්ල කරන්නට ඉඩ ඇති බවද හොදින් ඉගෙන ගත්තේ ශේන් ගෙනි.
ලිවීමෙන් චරිත තුලට බද්ද වෙන බව උගත්තේද ශේන්ගෙනි. රංගන ශිල්පියෙකුට මුදලක් ගෙවන්නේ ඔවුන් නිතර චරිත් වෙනස් කරන බැවින් ඔවුන්ගේ හැඟීම් හා හැසිරීම පාලනය කරන රසායනික සංයෝජනය බලපෑමට ලක්වෙන බැවිනි. ලිවීමත් එසේමය ශේන්ට යම් තැනක විවේචනය වන් විට දුකකුත් කියවන්නා විසින් පැස්සුම් ලැබෙන විට පුහු ආඩම්බරයකුත් දැනේ. ශෙන් ගැන වැල්වාටාරම් ලිවීම නවත්වන්නට කටයුතු කරන තරමට වැඩ සැකසූ පසු, ඩෙන්මාර්ක් හා ටෝකියෝ වල සිට කියවන දෙදෙනෙකුම විද්යුත් තෑපෑලට යොමුකර තිබුනේ එම කතාවෙන් කිසියම් ආශ්වාදයක්න්ලබන බැවින් දිගටම පවත්වාගෙන යන ලෙසයි.
ස්තූතියි .
කවියා.
No comments:
Post a Comment