ඒ වගේම හොද නරක දෙකම එක වගේ තීයෙනව.
අපි කොච්චර මොඩිෆයි කලත් පරණ කුබෝටා ළෑන්ඩ් මාස්ටර් ට්‍රැක්ටර් එකක් පිටිපස්සෙන් එන ට්‍රේලර් එක වගේ නරක සිතුවිලි පහල වෙනවා.
දහම් පාසලේ ප්‍රදාන ශිෂ්‍ය නායකයා බුදුගේ අයිනේ බැම්මෙන් එහා වත්තේ ඉන්න නංගිට බැලුම් දාන්නත්.
ප්‍රදාන දායකයා සිල් අරන් ඉන්න වෙලාවක , ප්‍රදාන දායිකාව දානෙ බෙදන්න පහත් වුනාම. පපුවේ තියෙන හිඩැස අතරින් බුරිය දකින එකත් මේ ගනයට දාන්න පුලුවන්.
උදේ අටේ ඉදන් දවල් එක වෙනකන් දහම්පාසලේ පන්සිල් පද පහ උගන්වන ගුරුතුමිය හවස ඇවිත් තම වදකාර ආච්චි අම්මා මැරෙනකන් ඇඟිලි ගනිනවා වෙන්න පුලුවන්!
දූරං ගමං ඒක චරං අසරීරං ගුහා සයං යේ චිත්තං සඤ්ඤ මෙස්සන්ති මොක්කන්ති මාර බන්දනං.
දුර ගමන් යන තනිව හැසිරෙන ගුහාවක් ඇසුරු කරගෙන වාසයකරන මෙ සිත යමෙක් සංවර කර ගන්නේද හෙතෙම මාරයාගේ බැම්මෙන් මිදෙන්නේය.
එක අතක හරි, ගුරුවරියක් වුනත් විඝනන අංශයේ වැඩි කල් ජීවත් වීම තුලින් බැලන්ස් වෙන්නේ නැති තැන් වල අති දමා හෝ බැලන්ස් කිරීම ඉගෙන ගත්තා විය හැක. එම හේතුව මත මිත්තනිය බැලන්ස් කරගන්න නොහැකි නිසා හා හදිසියට රස්තියාදු ගැසීමට නොහැකි නිසා මොරියාටිගේ මොලය පහල වුනා විය හැක.
එම බැලන්ස් කිරීමේ ප්‍රතිපලව්ලෙස මෙවන් හැඟිම් පහල වෙනවා වියහැක.
ආච්චි මිය ගිය පසු පන්සලේ ඝාන්ටාර කුලුනට අරක් ගත් බුමාටු දෙවියෙක් වී ඝාන්ටාරය ඔලුව මතට වැට්ටවිය හැකි බව මගේ මතයයි.
සාදු සාදු සාදු.!
කවියා.
No comments:
Post a Comment