කතාවක් කියවනකොට තවත් මනුස්සයෙක්ගේ ඇස් හූරගෙන කදුලු එනවනම්. ඒක ලියන එකාගේ සාර්ථකත්වය නෙමේ වෙන්න පුලුවන්. නමුත් පොඩි කදුලකින් හරි හිතේ තියෙන බර නිදහස් වෙනවනම් මම ඒක මගේ සාර්ථකත්වය විදියට දකින්න පෙලඹිලා ඉන්නවා.
ලස්සනම ජීවිත දිහා සමහර වෙලාවට ඇස් කොනෙන් බලනවා වෙන්න පුලුවන්, කෙටියෙන් වර්ණනා කරනවා වෙන්න පුලුවන්. තවත් කෙනෙක් විහිලුවක් කරනවා වෙන්න පුලුවන්. නියපොත්තේ ඉදන් කන් පෙත්ත දක්වා විහිලුවට දෙයක් හොයාගන්නවා වෙන්න පුලුවන්.
සමහර වෙලාවට මිනිස්සු විවේචනයට හරි විහිලුවට හරි ගන්නේ ඇත්තටම අපේ තියෙන කැපිලා පේන හැසිරීමක් ඉරියව්වක් වෙන්න පුලුවන්. මම දැකලා තියෙන බොහොමයක් දෙනා විහිලු කරන්නේ නෙගටිව් විදියට නමුත් උන් හිත් අස්සේ යටින් පතුලෙන් තැනක ඒ නෙගටිව් පොයින්ට් එක හෙනම පොසිටිව් විදියට හයිලයිට් කර ගන්නවා. ඒක එක් විදියකට ඊර්ෂ්‍යාවකින් පෙලීමක්. තමන්ට අයිතියක් නැති නිසාම.
සමහර වෙලාවට එක කෙල්ලෙක් කොල්ලෙක්ට බතලයා කියලා විහිලුවට ලක් කරනවා වෙන්න පුලුවන්, නමුත් එක් අන්තෙක ඒ කෙල්ලම හදවත යටින් ඒ බතලයි කියන ශරීරයට යටවෙන්න ආස ඇති. එහෙම නැත්නම් වයස පනහ පැනපු අන්ක්ල් ඩයල් එකක් අවුරුදු විස්සක කෙට්ටු කෙල්ලෙක්ට ඇටකොට්ටා , ලෑලි කෑල්ල ගානවා වෙන්න පුලුවන්, නමුත් රෑට හීනෙන් සිතින් ඒ කෙල්ලව සිය වතාවක් නිරුවත් කරලා දූශනය කරනවා වෙන්නත් පුලුවන්. මාගම් සෝලිය පොත කියවනකොට මට දැනුනේ අන්න ඒ වගේ දෙයක්!
රින (- )දනට (+ )වගේම දන( + )රිනට( - ) ආකර්ශනය වෙන එක සාමාන්‍ය දෙයක්. එන හැඟීම් එලෙසින්ම ප්‍රකාශ කර එකට ඉන්න මිනිස්සු මුණ ගැහුනම ඒවාට අපි සමාජ භාශාවේදී අසම්මත යන වචනේ භාවිතා කරනවා.
රෑ කළුවරේ පාරෙ අයිනේ රුපියල දාහකට දෙදාකට ඇඟ විකුණන ගෑනි බඩුවක් කියලා බනින. බස් එකේ දකින කතා බහ කරන කෙල්ලෙක්ව කාමරේකට අරගේන යන්න හීන මවන උගත් මිනිස්සු. සම්මතයි කියන තැනක.
උදේ වරුවේ රැකවලා ආදරනීය යහළුවා වැඩ කරන ස්තානයේ සහයකයා, අයිතිකාරයා විදියට ඉදලා රෑ කලුවරත් එක්ක ඒ කෙල්ලව හිතින් තලන දූශනය කරන මිනිස්සු සම්මතයි කියන අදුරක තනිවෙලා ......
උඹට කවදාහරි තනිකමක් දැනුනොත් , ආත්මයක් නෑ කියල හිතුනොත් , මැරෙන්න හිතුනොත් මට අන්තිම පාරට කතා කරපන් කෝල් එකක් දීපන්. මම ආන්සර් කරන්නේ නෑ!
උඹට මැරෙන්න හිතුනා නම් උඹට මම තව දුරටත් ආදරේ කරන්නේ නෑ. ඒ නිසා උඹ මැරෙන එකම තමයි හොද.
ඒත් උඹගේ හැඟීම් අසම්මතයි කියලා දැනගෙන ජීවත් වෙන්න උත්සහා කරපන්, අනිත් මිනිස්සු අසම්මතයි කියන දේ සාධාරිනීකරණය කරලා බලහන්.. ජීවත් වෙයන්, හැබැයි තව කෙනෙක්ට වේදනාවක් නොවී, තව කෙනෙක්ට වේදනාවක් නොදී. ඔය අසම්මත ජීවිත දෙකකින් එකක් කවදා හරි සම්මතයක් වෙනකොට සමාජය ඉදිරියේ උඹ සම්මතයට ඉඩ දීලා නිහඩ වෙයන් නොමැරී ඉදපන් අන්න එදාට උඹට හම්බ වෙයි උඹේම කියලා ආත්මයක් උඹට ආදරේ කරන.. එතකන් මම උඹට ආදරේ කරනවා හදවතින්ම.
.කවියා.
No comments:
Post a Comment