Monday, July 20, 2020

බැට් මෑන් , යට කලිසම , සිම්බු සහ මයින්ද සර් ගේ රොකට් සයන්ස්

මහ රෑට , රෑ දොළහට නින්ද යන්නෙ නැති වෙලාවකට අපිට හිතෙන්න පූලුවන් බැට් මෑන් කියලා.

කරන්න තියෙන හොදම දේ හොදට නින්ද ගිහින් ඉන්න යාලුවෙක්ට කතා කරලා තමන් බැටි මෑන් බව උන්ට ප්‍රකාශ කරන එක!

පොඩි කාලේ ජීවිතේ තිබුනු හීන තාමත් සමහර එවුන්ගේ හිත්වල තියෙනවා. අපේ ඉතාලි ගිය පමෝද නැත්නම් හැමෝම දන්න සිම්බු වගේ.

සිම්බුට වයස විසි හයක් කියලා නෑ මිනිහට ඕන කොහොම හරි බැට් මෑන් වෙන්න. ස්ව්මිං වලට ගන්න දිග හිරටම හිර කලිසමක් ඇදගෙන ඊට උඩින් යට කලිසමක් ඇදගෙන, බෙල්ල වටේට පරණ බෙඩ් ශීට් එකක් ඔතාගෙන මිනිහා හොරු අල්ලන්න පාර දිගේ දුවන හැටි මට මැවිලා පේනවා! 

ඇත්තටම ඌ බැට් මෑන් වෙන්නත් ඉඩ තියෙනවා කවදා හරි! 



ලංකාවේ පාරක බෙස් ශීට් එකක් එල්ලගෙන හොරු අල්ලන්න දිව්වොත්! 

සිම්බු බැට් මෑන් වුනොත් මයින්ද සර්ව රොබින් විදියට දෙන්න ඕන ,  අපරාධ මැඩලීමේ සහයක විදියට. ඌ එච්චරටම මයින්ද සර්ට ආදරෙයි. උගේ ප්‍රියතම විෂය වුනේ ඒ කාලේ මයින්ද සර් උගන්වපු රොකට් සයන්ස් පාඩම.
හැම සයන්ස් පාඩමක් අවසානයේම සිම්බුට ඕන වෙලා තිබුනේ රොකට් එකා යවන්න. ප්‍රජනන පද්ධතිය ගැන කතා කලත් මිනිහා මයින්ද සර්ගෙන් හැමදාම අහන්න හිටපු ප්‍රශ්නය හිතේ හිර කරගෙන හිටියා!

මොකද අනාගතේ ඉතාලියේ වීදිය පුරා දුවන්න සූදානමින් හිටපු බැට් මෑන්ට ඕන වුනේ නෑ පන්තියේ කෙටි තාප්පයට එහයින් දන ගහගෙන නව නිශ්පාදනයක සංකීර්න පරිපථයක් ඩිසයින් කරන්න.

කොහොම නමුත් දැන් ඌ ඉන්නේ බැට් මෑන් සීන් එකේ උච්චතම අවස්තාවේ.

මොකද දාන දාන් ෆොටෝ එකේ මුට මයින්ද සර් වගේ පේනවලු.

හෙට එන්නම් තව ටිකක් දෙන්නම්!

ටටා..


.කවියෙක්.

2 comments:

  1. Mewa maila dakkoth..🤭🤭🤣🤣

    ReplyDelete
    Replies
    1. Maila dakinne na owwa..anika name eka mainda ne 🍷😋😋

      Delete

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...