Sunday, July 19, 2020

වැස්ස, බිත්තරය, පරිණාමනය හා බෙල්ලෙන් පහල

සමහර දවස්වල බයික් එකේ යනකොට වැස්සට හේදිලා යන සිතුවිලි එහෙම් වෙන්නේ නැති වෙන්න ටුක් ටුක් එකක වහලෙ යටින් පරිස්සමට ඊයෙ රෑ නාවල තට්ටු හතරෙ බිල්ඩිම ඇතුලෙන්ම ගිහින් නැවැත්තුව.

මාතෘකාව ගත්ත ගමන් බොහෝ දෙනෙක් කිව්වේ මගේ බ්ලොග් එකට පින් සිද්ධ වෙන්න බොහෝ වෙලාවට යන්තම් ගුටි නොකා බේරුණ අවස්තා බහුල බවයි.

සමහර වෙලාවට සමහර එවුන්ගේ ප්‍රිය බිරින්දෑ වරුන් මැසේජ් දමමින් අසන්නේ, අර ලියලා තිබුනේ තමන්ගේ ස්වාමියා ගැනද යන්නයි. නෑ කියූ විට අර කෙල්ල කවුද මේ කෙල්ල කවුද අතන අරක් කියලා  තිබුනේ මෙයාට නේද වගේ ප්‍රශ්ණ පත්‍රයක්ම යොමු කරන්න පටන් ගනී.

ශිශ්‍යත්වය පාස් බැවින් බහුවරණ පේපර් වලට පිළිතුරු සපයා හොදට පුරුදුය. ඉහත් කිසිවක් නොවේ යන පිළිතුර යටින් ඉර ඇද මට ඊටත් වඩා   හුඟක් පුරුදුය.

අපේ ජනතාව ඕපාදූප සීන් එකේ ඉහළින්ම වැජඹෙන බව නොරහසක් වන අතර. ආතර් කොනොන් ඩොයිල් සිටියානම් ශොර්ලොක් හෝම්ස් පොත් කියවා , කවුද අර ගෑණු ළමයා යැයි අසන්නට ඉඩ තිබුනි. නැත්නම් ඕක ඇත්තටම වුනු මර්ඩ්‍ර් එකක් යැයි සිතා සාක්ශි ගොනුවක් සකසා පොලිසියට බාරදෙන්නටද ඉඩ තිබුනි.

ශේන් යනු සත්‍යක් වන අතර කතාව වෙන එකෙකුව්ට වු දෙයකි. අරුගෙ කතාව මුගේ නමින් ලිවීමෙන් වැඩෙ ගොඩ දාගෙන යමි.

බ්ලොග් එකේ ඉහලින්ම්ම, කතාවලින් 50% මනංකල්පිත බව දමා ඇතත් එය එසේ නොවෙනා බව සිතා සිටිනා ජනතාව වෙත මගේ ස්තුතිය පුද කරමි.
..........................................................................


පොද වැස්සෙ කැන්ටින් එකේ ලඟ රවුමර වාඩි වෙලා ඉන්න වෙලාවට ශේන් මල්ලිගෙන් වචන අල්ලා ගැනීම පහසුය.  ෆේස් ටු ෆේස් කතාවකට මාත් කැමතිය.

මට ඇතිවෙන ප්‍රශ්න හැමවිටන හැඟීම් සම්බන්දව වන අතර කුක්කාට ඇතිවන්නේ පරිණාමනය ගැන ප්‍රශ්නය වැලකි. කුකුලාද කිකිලිද බිත්තරය මුලින් ආවාදැයි ප්‍රශ්නයක් නිතරම යොමු කරන ප්‍රශ්න ගොඩට අයිති වෙන්වා විද්‍යාත්මක හේතුවක් සදහන් කලත් 
ඌ පිලි ගන්නේම නෑ පෝස්ට් කියවලා මනං කල්පිත වල හිරවෙලා මිනිස්සු ගැන සැක කරන එවුනුත් කුක්කා වගේමයි .
..................

කැස්බැව බයි පාස් එකන් දාලා නාවලට යනකොට හොදටම වැස්ස. එහෙම්ම වහපු  එඅක්කව්ඩක්යුක් යටට ද ගත්තා බයික් එක. කොහොමත් වෑස්සේ හැටියට පැයක් වත් ඉන්න වෙනවා කියලා තේරුනා.
ඉතින් ඉන්න ගමන් ශේන් මල්ලිට ගත්තා කෝල් එකක්. ඕයි මල්ලි එන්න විදියක් නෑ හෝ ගලා වහිනව මෙහෙට .

හැබැයි ඒ පැත්තෙන් උත්තරයක් නෑ. ස්මහර වෙලාවට අහන ඒවාට ශේන් මල්ලි උත්තර දෙන්නේ ටිකක් වෙලා ගිහින්. 

මේ ශේන් මල්ලි ළඟ පාතනම් ඉන්නේ එනවා මේ පැත්තට බයි පාස් ඒකේ කලර් ලයිට් එකට කඩ තුනකට එහා තියෙන වහපු එලවලු කඩෙට වරෙන් කියලා මම එහෙම්ම එල්වලු බක්කියෙන් වාඩි වුනා ලෙන්සුව එලාගෙන.

විනාඩි දෙක තුතුනක් යනකොට ශේන් මල්ලි කඩේ ගාවට ආවා ඇවිත් ඌත් එහා පැත්තෙන් වාඩි වුනා.
විනාඩි පහක් විතර යනකං වචනයක් නෑ ෆෝන් එක දිහා බලාගෙන මොකක් හරි සුම් ඉන් සූම් අවුට් කර කර බලනවා.

බැරිම තැන අකමැති වුනත් ටිකක් පිටි පස්සට වෙලා උගේ උරහිස උඩි බැලුවා ෆෝන් එක දිහා. හරි ඉතින් අර නංගිගේ ෆොටෝ එකක් තියාගෙන කරකව කරකව බලනවා . මට හිනා වුනා නෙමේ හිනා ගියා බකස් ගාලා අනේ යකෝ ලෝකෙ පෙරෙලුනත් උඹට නම් මේ කෙල්ල කිව්වම ගානක් නෑ නේ. වෙනදට නිකන් රේඩාර් එක වගේ පාරේ යන එන එවුන්ගේ ඇද කුද කියන එකා සද්දයක් නැත්තේ මේකයි තෝ අපත ගල් ගෙම්බා කියලා මම ඌට කිව්වා.

නෑ කවී අයියේ මේ ඊයෙ පෙරේදා දවසක ඒ කෙල්ල ගත්ත ෆොටෝ එකක්. 

ඔව් ඒක මට හිතාගන්න පුලුවන්. ඉතිම්?

නෑ අයියේ මම කොච්කචර පොර ටෝක්ස් දුන්නත් මේ කෙල්ලගේ රෝස පාට තොල් දෙක දකිනකොට හිත නිකන් අවුල් වෙනවා වගේ! මට වෙලාවකට අල්ලලා බලන්න හිතෙනවා ඇත්තටම ඒවා එහෙම දිලිසෙනවද කියලා.

ශේන් මල්ලී ! උඹ කියන දෙයක් තමා ඉතින්! වල් කොල්ලා!

නෑ නෑ කවී අයියේ ඒක ආදරෙත් එක්ක මට දැනෙන දෙයක් මිසක් එතන වෙන දෙයක් නෑ. 
අනික කවදාවත් වචනයක් වත් කිව්වේ නැති වුනාට ආදරෙයි කියලා දැන් මට හිතෙනවා ඒ කෙල්ලටත් මං වගේම මොකක් හරි හැඟීමක් දැන්නවා ඇති කියලා මගේ ගැන.

ඒ පාර මොකක්ද ශේන් මල්ලී. ඒ කෙල්ල උඹට ඇහැක්වත් ගැහුවද නැත්නම් අතවත් අත ගෑවද? 

නෑ කවී අයියේ, මේ ටිකේම මට ටියුට් ප්‍රින්ට් කරන්න සපෝට් එකක් දෙන්න යන්න වුනේ නෑ අම්බානට බිසී වෙලා හිටියේ. ඊයෙ මගෙන් ඇහුවා ඇයි දැන් එන්නේ නැත්තේ ට්යුට් ඩිසයින්න් කරන්න එයා එක්ක කියලා!
මම ඉතින් කිව්වා මේ ටිකේ බිසී නිසා එන්න බැරි වුනේ නැත්නම් එනවා කියලා.
අනික කවී අයියේ මම ඒ කෙල්ල එක්ක වැඩ කරන එකට සර්ලා දෙන්නෙක් තුන් දෙනෙක්ම කැමති නෑ. උන් එක්ක ෆිටි වුනාට කෙල්ල මට තරම් උන්ට ආදරේ නෑ මම හිතන්නේ. සර්ලා එක්ක කතා කරන්කොට මටනම් ලෝබයි අයියේ. ඒ වගේම තමා මේ කෙල්ල එක්ක ඉන්නකොට අර සර්ල්ල තුන් දෙනාගෙඅ මූනෙ තියෙන්නේ ඊර්ෂ්‍යාව කියන දේ මම දැන ගත්තා කියන කතා වලිනුත් එහෙමයි.

ඉතින් ශේන් මල්ලි කෙල්ල මේ ගැන දන්නවද?

නෑ කවි අයියේ ඒත් බැරිම තැන මම අද උදේ කිව්වා ඒ දේ, කෙල්ල මුකුත් කියන්නේම නැතුව හ්ම් විතරයි කිව්වේ.
ටික වෙලාවක් ගිහින් කිව්වා ශේන් අයියා ඔයාට ප්‍රශ්නයක් වෙනවා නම් මට උදව් කරන්න එන්න එපා කමක් නෑ මම තනියම කරගන්නම් කියලා.

ශේන් මල්ලි, මේ තමුසෙට හිතෙන්නේ නැද්ද ඔය කෙල්ල උඹත් එක්ක කතා කරන විදියට අර සර්ලාගෙනුත් කවුරු හරි කතා කරනවා ඇති කියළා. මොකද උඹට වඩා පෙනුමට ඉන්නවා නේද? මම හිතන්නේ ඒ කෙල්ල කවදාවත් ඒ කෙල්ලගේ කටින් උඹ ගැන තියෙන හැඟීම කියන එකක් නෑ. මොකද උඹට වඩා ආස ඇති ඒ සර් කෙනෙක්ට. ඒ වුනාට උඹ බෙදාගන්න මේ හැඟීම නැති කරගන්න වුනත් ඒකි කැමති නැතුව ඇති බන් මල්ලි.

දන්නේ නෑ අයියේ මම දන්නේ ඒ ඇස් ළඟ මම හිරවෙනවා කියලා ව්තරයි. ඒ මුන ළඟ මම හෙන දුර්වලයි අයියේ.

ශේන් මල්ලි තමුසෙ කොයි වෙලේ හරි ඒ කෙල්ලගෙන බැනුම් අහනවා තොල් දිහා බලන් ඉන්න ගිහින්. ඒක මතක තියා ගනින්!

නැ කවී අයියේ ඒ කෙල්ල ඒකත් දන්නවා! මම බලනවා කියලා , ඒත් මම ඒ කෙල්ලගේ මුණ දිහා බලන්නේ ටියුට් ඩිසයින් කරන වෙලාවට. මොකද ඒ වෙලාවට මගේ ළඟමයි නේ ඉන්නේ. ඉතින් මම ඒකත් කිව්වා මම දිගටම උදව් කරනවා නංගි මට නොකියා ඉන්න එපා මොකද ඒ පොඩි වෙලාවට මම ගොඩක් ආදරේ කරනවා කියලා.

මූ යකෝ! උඹ කිසිම දෙයක් හංගන්නේ නැද්ද ඔය කෙල්ලට? උඹට ඔය තරම් විස්වාසද ඔය කෙල්ලව?

ඔව් කවි අයියේ හංගන්න දේවල් නැති තැන සේරම දෙවල් දැනගෙන ආදරේ කරනකොට එතන ප්‍රශ්න නැහැ මොකද අයිතියක් නැති ආදරවලට ආදරේ කරන්නේ අපි!

ඒකත් හරි කියමුකෝ. මම දැක්කා උඹ ඒ කෙල්ලගේ තොල් විතරක් නෙමේ සූම් කරලා බැලුවේ. 

කවි අයියේ තමුසෙට තියෙන්නේ රබර් ඇහැක් ඕයි. ඔලුව තියෙන පැත්තේ නෙමේ ඇස් තියෙන්නේ. ඇස් තියෙන තැන නෙමෙ තමුසෙගෙ හිත තියෙන්නේ අයියේ. මාත් ලියනවා බ්ලොග් එකක් කවී හිතන විදිය කියලා!

කෝහොම හරි කතාව ඇත්තනේ මල්ලී?

ඔව් අයියේ මම ඒ කෙල්ලගේ නිකට ගාව ඉදන් හෙම්න් හෙමින් පහලට බලන්න ආසයි! ආසමත් නෙමේ බැලෙනවා!
සමහර දවසට රස්නේ වැඩි කමට කෙල්ල උඩ බටන් එකක් ඇරගෙන ඉන්නේ මං ගාවට එනකොට වහගන්න දඟලන්නෙ නෑ . ඉතින් මගේඇස් නවතින්නේ ඔලිව් පාට ඒ පපුව පටන් ගන්න හරියෙ අයියේ! ඒක තමා මගේ දුර්වල තාවය. වීක්නස් එක. මම හෙන අමාරුවෙන් අයියේ එතනින් ඇස් අයින් කරගන්නේ , ඒ කෙල්ල වැරදියට මං ගැන හිතුවොත් කියලා බයයි අයියේ.
ඒ වුනාට බයත් එක්කම බලන්කොට දැනෙන දේට ආදරෙත් එකතු වුනාම තනියෙන් උස්වත්ත ටිපි ට්ප් එකක කෑවා වගේ හැගීමක් තියෙන්නේ.



ඔන්න බලපන් ශේන් මල්ලි උඹට ඔය කෙල්ල කොයි වෙලාවක හරි වල් ඩයල් එකක් කියලා බනිනවා. ඕවා බලන්න ගිහින්!

අනේ මන්දා අයියේ, මං මොකද කරන්නේ  මම ඇරලා ඇදලා බැලුවේ නෑ නේ.. ඒ කෙල්ල ඒක දන්නවා අයියේ මට ඒ කෙල්ල ගැණ මොන වගේ හැඟීම්ද තියෙන්නේ කියලා.
 මම ඒ කෙල්ල හැසිරෙන විදියට මර ආදරෙයි.මට සලකන් විදියත් මම මාර ආදරරෙයි. හැමෝම ඉන්න තැන මාකර් පෙන් එක අතට තියලා තද කරනවා නැත්නම් ට්යුට් එකක ලැමිනේට් දරෙකින් ගහනවා අතට, එත් කවුරුත් නැති වෙලාවක හෙමින් ළඟට ඇවිත් අතගාලා රිදුනේ නෑ නේද සොරි කියනවා .!

අම්බෝ උඹෙ මුනෙ තියෙන සිරියාව! 

කවි අයියේ කවද හරි මම මෙතනින් යන දවසට ඒ කෙල්ලව ඉරිදාවක  හරි ක්ලාස් එකේ උඩම තට්ටුවට එක්කන් ගිහින් පැයක් විතර තුරුල් කරන් ඉන්නවා. ඒ වගේම ඒ දිලිසෙන තොල් දෙක පොඩි වෙලාවකට හරි මගේ කරගන්න ඉඩ දෙන්න කියනවා.
මම කැමති අයියේ ඒ කෙල්ලගේ ළඟ තියෙන උණුසුමට!

හරි හරි ශේන් නහයෙන් අඩන්නෙ නැතුව ඉදහම්කෝ!
වැස්ස පායලා කියල තේරුනේ ණෑ උඹගේ කියවිල්ල නිසා රෙද්ද ..යමන් යන්න. මගේ බයික් එක ගෙදරින් දාලා උඹගෙ ඔය බෙන්ස් එකේ  යමු.

හරි අයියේ ඉස්සරිහින් යනවා එහෙන්ම්. මම සීට් බෙල්ට් දාගෙන පිටි පස්සෙන් එන්නනම්. කවි අයියා කිව්වා වගේ ABS බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා කාර් එක පරණ වුනත්. 

කවි අයියේ තමුසෙ ඉස්සරහින් යනකොට මට බය නෑ. මොකද ඔයාගේ බ්‍රේක් ලයිට් සිග්නල් ලයිට් සේරම වැඩ නේ!
මගේ වගේ නෙමේ!

මල්ලි ඒ බී එස් කියළා නෑ බ්‍රේක් ලයිට් එකට ඕන බ්‍රේක් පාරකට  පත්තු වෙනවා .!

එහෙනම් වරෙන් පස්සෙන්ම මාව යට නොකර 🔨

ටටා.. 👋 

..කවී..



No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...