දණ ගහල වැදපු හාමුදුරුවෝ
වඩින්නේ V8 එක මතද ..
සල්ලිවලට ගත්තේ නෑ පූජ කරලාලු
පහන් වී සිත..
වටා පතින් වසාගෙන මුනි වත
දෙසුවාද එක් රැස් කිරීම කැප නැති බව
උඹ වෙත.
ඇති කියා හිතෙනවා ඒ දහම..
හැම දේම දෙවියොන්ට
බාර දී වැදපන් හැමදාම..
දෙවියොන්ට වැන්දොත් හැමදාම
උඹට ගොඩ යන්න මගක් පාදයි
ටක්කෙටම.. කම්මැලි වුනොත් දිගටම..
අමතකද ගව මඩුව?
නත්තල් නිවාඩුවට සුරුවමක් යට
උරුවම් කරන විස්කි බෝතලය!
රත්තරන් කුරුසයක් පූජ කරපන්
හෙට පල්ලියේ මංගල්ලෙට
ඔව් ජේසු පිහිටයි උඹලාට..
දෙවියො සෝලාර් පවර් හින්දද
දේවාලේ කපුව පාවිච්චිය හයිබ්රිඩ් ?
බලෙන් ඉදවාපු කෙහෙල් ගෙඩියක්
කාබයිට් ගුලියක්!
අච්චරක් පින් කරපු දෙවියන්ට
අල්ලස්!
පූසාරි කෝවිලේ සම්බන්දී කරන
ලේකම් තනතුරද
සිතූ පැතූ සම්පත් ලැබෙන
දෙවියන්ට ඇයි අහේනිය?
ඔය තරම් පැහැදිලියි නම් දහම
ඇයි බම් අපි මෙහෙම තැන තැන..
නිකායන් හැම අත..
ඉතින් මෙහේ හැදුනට ඇරබික් ලූ
උඹේ මව් බස?
සැක තැන් ගැන විචාරන්නාට
දඩුවමකි මරණය කෝ උතුම් කුරාණය ..
අල්ලහා කොහිද නුඹ?
.කවියා.
No comments:
Post a Comment