කොල්ලා අන්තිමේ දණ ගහලා! මේකිත් දෙයියන්ගේ පිහිටෙන් හා කියලා මුද්ද දා ගෙන උට කියලා!
සමහර ජීවිත වලට සිද්ධ වෙන වෙනස්කම් දැක්කහම සතුටු හිතෙන වෙලාවල් අඩු උනාට මේක නම් සතුටක් දැනුනු මොහොතක්
මම කල්පනා කලා මම ජීවිත කීයක් මේ විදියට වෙනස් වීම් වලට ලක් වෙනවා දකින්න පුලුවන් වුනාද කියලා,
පිලිවෙලට ඉන්නවා දුලීප, නිප්පා, ශෙයිබා, දරයා පොඩ්ඩි, සංජා , දිමියා , ඩිනු ඩිස්නායකී , චූටා , චූටි දුව චතූ වගේම එදා ඉදන් අද වෙනකන් එකම හිනාව තියෙන අනූ නැත්නම් සැන්ඩි, උදාරි පතිරගේ, දනුශ්, ප්රසාද්, දිශ්, අයේශ, රසික , සුප්පා, එන්ජු, තිලකා, දිවියා, ලයියා, නවියා. එහෙම ගත්තම හැම එකාගෙම ජීවිත හොද අතට වෙනස් ව්ම් වුනා මිසක් නරක අතට වෙනස් වෙලා නෑ.
හැබැයි සමහර වෙනස්වීම් අපිටත් හික් ගෑවෙන තරමට ක්ශනිකව සිද්ද වුනා.
සමහර අවස්තාවල ඉන්ජෙක්ෂන් දෙන්න සිද්ද උනා එන්ජු ඇතුලු හැමෝට රවුමෙන් එලියට යවන්න ලක්ශයෙන් ටිකක් ඈත් කරලා තියන්න .. මම උන්ව යවන්න නෙමේ මාව උන්ට එහෙම කරන්න වෙන විදියට !
උන් ඩොක්ටර්ස්ලා දැන් ! අපි??
වෙද්දු සහෝදරයා කැඩුම් බිදුම් වෙද්දු...
ඩොක්ටර්ස්ලා කකුල් කැඩුනම ගල් බැන්ඩේජ් දාන්නේ හරියයි කියල හිතාගෙන. ඒත් ඇද වුනාම එනේ කැඩුම් බිදුම් වෙදා ලඟට! ආයෙ කඩනව ඇදේට හා වුනු කකුල, ඊට පස්සෙ ඇට මස් මෙලෙක් කරනවා. පත්තු දානවා.
හරී දැන් උන්ම බැන්ඩේජ් කරගන්නවා.!
මුන්ගේ සේරගෙම ජීවිත ගොඩාක් වෙලාවට වෙනස් වුනේ මන් ඉස්සරහමයි. මම ඒවාට සාක්ශි කාරයෙක් වුනාට කවදාවත් නඩු විභාගයකට අරගෙන ගියේ නැහැ. නඩු අංක නම් ලාවට මතකයි.
දැන් උන් ඇත්තටම සතුටෙන් ඉන්නවා!
ඒ සතුට ඒ විදියට තියෙන්න නම් අපි එ ජිවිත වලට තට්ටු කරන එක යම් තාක් දුරකට අඩු කරන්න වෙනවා .
අපේ තට්ටු කිරීම වල ශබ්දයට වඩා උන්ට වටින්නේ ඒ උන්ගේ උන්ගේ හද ගැස්මවල් වල රටාව.
මම මගේ කෑම පිඟානේ තියෙන ලෝක ගෝලයෙන් තව හරි අඩක් විතර එහෙම්මම ඉතුරු වෙලා තියෙනවා, ඒ දිහා බලාගෙන වතුර කෝප්පයක්ම බීපු මම ලොකු ගුඩුස් එකක් යවලා.ආයේ කෙලවරකින් කන්න පටන් ගත්තා.
No comments:
Post a Comment