Wednesday, July 29, 2020

කොළපාට ටින්, වෙලක් ළඟ ගලක් උඩ

පාන්දරම කතා කරලා අමුතුම ආශ්වාදයක් ලබන ශේන් මල්ලි. නයිට් ටයිම් ඩේටා ඇක්ටිව් වෙනකන් ඉන්නේ වට්සැප් එකේ මොනව හරි මගුලක් කියන්න තමා.

සැරින් සැරේට මැසේජ් එවනව හෙන ගහන්න වගේ. නිදි නෑ නේද නිදා ගන්න එපා කියලා!

රෑ දොළහයි එක වුනු ගමන් කතා එලාම් එකක් වදිනව වගේ මූ කෝල් කරන්නේ. 

ඕයි කවි අයියේ. එනවද මුරුක්කු ටිකක් කන්න?

ඇයි බන් ශේන් මල්ලී මොකෝ විශේෂයෙන් ? මුරුක්කුම?

අයියේ අර කෙල්ල ගිය ඉරිදා මට ආදරෙයි කිව්වා!

හරි ශේන් දැන් උඹ මොනවා කරන්න කියලාද මට කියන්නේ?

නෑ නෑ කවි අයියේ තමුසෙ මුකුත් කරන්න ඕන නෑ ඇවිත් සතුටට මුරුක්කු කෑල්ලක් කනවා සද්දේ එන්නෙ නැති වෙන්න

හ්ම්.. මේ ශේන් මල්ලි උඹ වගේ තව කී දෙනෙක්ට ඔය කෙල්ල ඔහොම කියල ඇතිද?

නෑ කවී අයියේඑ උඹ දන්න ඉටි ගෙඩිය..මගෙන් ඇහුවා ඒ කෙල්ල ඒ කෙල්ල ඇරෙන්න ක්ලාස් එක් වෙන කෙල්ලෙක් ගැන ඉන්ටරෙස්ට් ද කියලා.
මම ඉන්ටරෙස්ට් උනේ ඒ කෙල්ලට විතරයි කිව්වාම ඒ කෙල්ල මට ආදරෙයි කියලා එව්වා.


ඒ වෙනුවෙන් අයියේ තමුසේ මුරුක්කු ටිකක් කන්න එන්නම ඕන. හොදේ!
ඇවිත් සද්දේ එන්නෙ නැති වෙන්න මුරුක්කු කන්න ඕන හරිද!

එහෙමයි ස්වාමීනී! වෙන මොනවා කියන්නද.. 
..................................................................

ඔය සුරංඟනා කතාවල ඉන්න නයිට්ලට පිස්සු. 
උන් ඉන්නකන් ඉන්න කුමාරිකාවො වෙනුවෙන් ඇනකොටාගෙන වෙන කුමාරයෙක් ඇවිත් කුමාරිකාව දක්කගෙන යනකන් බලන් ඉන්නවා.

නැත්නම් උන්ගේ මගුල් පොරුවට බඩු තමන්ගේ අශ්වයා පිටින් අදිනවා.
වෙලාවක ඌබර් , පික් මී ජොබ් එකත් කරනවා..පස්සේ හෑල්ලු වෙලා යනවා.
..................................................................

කාලෙකට පස්සෙ ඊයෙ විශා නංගි කතා කලා. කොළපාට කාල්ස්බර්ග් එකක් උස්සන් වරෙන් අය්යේ එනවනම් කියලා. 
විශ්කි නම් ශොට් දෙකෙන් නවතිමු, බියර් නම්  අවුලක්ම් නෑ අයියේ ගහමු. කියලා.

උඹේ ෆියුචර් ප්ලෑන්ස් මොනාද ඇහුවම කියන්නේ. ලොකු හීන නම් නෑ. වෙලක් ගාව නැවතිලා ගලක් උඩට වෙලා බියර් එකක් බිව්වනම් ඇති කියලා.

සතුටුයි!
..............................................................
 
ටටා
කවියා.


No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...