Tuesday, July 28, 2020

භුමාටු දේවතා ආරුඨයෙන් ශාස්ත්‍ර කියනු ලැබේ.

උදේ පාන්දර ජීවිතෙන් නැගිටලා ඇදන් හිටපු සරම ඇද යටින් හොයලා ගන්න එකත් හොද වයායාමයක්.
ඒ එක්කම අපේ නාවල සෙට් එකේ උන් කියන විදිහට උදේ පාන්දර  නැගිට්ට ගමන් බොහෝමයක් විවාහ නොවුණු කොල්ලන් මුනින් අතට ටික වෙලාවක් යනකං ඇදේ ඉන්න එක ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙලා.

කොහෙවත් ඉන්න මිනිස්සු ජීවිත වලට කඩන් වැටිල අපි උන්ගෙන් පඩි ගන්නවා වගේ උපදෙස් දෙනකොට හිතට පොඩි අවුලක් දැනෙන්න පුලුවන්. 
ඕපපාතික ජීවිත විදියට ඇවිල්ලා දැන් භුමාටු දේවතාවෝ වගේ හැසිරෙනවා! අපි සදා කර්මය ගෙවන ප්‍රේත ආත්ම.
නාවල තට්ටු හතර වෙන්න පුලුවන් මගේ යාලුවන්ගේ තැන් වෙන්න පුලුවන් අන්තිම වශයෙන් අපේ ඔෆිස් එක වෙන්නත් පුලුවන්.



අර කලින් දවසක කිව්වා වගේ පාඩු නම් පඩියෙන් කපන ලාභ නම් ලාභය ආදයම් බදු එකෙනුත් හංගන න්‍යාය ආපහු කරලියට එනවා.

ඔය අත‍‍‍‍‍‍‍‍රේ ඉහළම කළමනාකරණ පුටුවකින් තවත් පුටුවකට පහත් හඩින් කියන්න පුලුවන්. අපෝ ප්‍රොෆිට් පෙන්වන්න හොද නෑ එහෙම වුනොත් මිනිස්සු Allowances , Increments  බලාපොරොත්තු වෙයි. ඒ නිසා මේ තීයෙන ආමාරුව එහෙම්ම පෙන්වගෙන යමු. කොරෝනා නිසා වුනු පාඩුව තාම එහෙඑහෙම්මයි කියලා.

සරල ජීවිත රුපියල් දොලොස්දාහට සැන්ඩ්ල්ස් දෙකක් ගන්න ඉහල පුටුවල මිනිස්සු පහල වැඩ කරන කොල්ලෙක්ට කෙල්ලෙක්ට මාසයක් උගේ ළමයින්ටත් එක්ක රුපියල් දහතුන්දාහක් ඇති කියනවා. අපි ඒ දවස්වල වැඩ කලේ දෙදහට කියනවා. ඔව් ඉතින් දෙදහට් වැඩකලත් මුලු මාසෙම වියදම පන්සීයයි නම් එක්දාස් පන්සීයක් ඉතුරුයි. ඒ ඉතින් ඒ කාලෙ නෙ.

නැත්නම් රෑට කතා කරල චරපුරුශ ජොබ් එක කරලා මස් කට්ටක් බලාපොරොත්තු වෙන කුක්කෙක් කික්කියක් ඉන්නත් පුලූවන්. තමන්ගේ කුක්කාට කික්කිට මෙහෙම කියනවා වෙන්නත් පුලුවන්.

"ඉන්නකො  කුක්කෝ මම ඔයාව ඔතන් තියෙන ලොකුම පුටුවෙ වාඩි කරලා තමා පස්ස බලන්නේ, අනිත් එවුන් එක එකා එලියට ඇදලා දාලා"..

ඊට පස්සෙ බැරියෑ අපිට ගේමක් ගහ ගන්න! එතකන් රෑට හැමදාම රිපොර්ට් කරන්න ඕන.! හොදේ !
.......................................

වෙනම හෝටලේකට ඉරිදා දවල් කෑමට සෙට් වෙලා සකච්ජා කරන්නේ  සේවක සුභසාධණය ගැන නෙමේ. ප්‍රොෆිට් එක අඩු කරලා පෙන්වන්න ඉල්ලීම කරන එක සහ ඒවෙනුවෙන් කීයක කුට්ටියක් ලබාදෙනවාද වග.

ශේක්ස් පියර් මාර ඩයල් එකක් තමා.මේ සීන් එක ඒ දවස්වලම කිව්වා නේ.
"ලෝකයම රඟ මඩලක් , ඔබ මම අපි සැවොම මේ වේදිකාවේ නළුවන් පමණකි".

ඇත්ත සහතික ඇත්ත.!

ටටා 👋 
කවියා.

No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...