Sunday, July 26, 2020

ඔම්ලට්! කාබන්! සහ ස්ටේල්පර් මැශිම!

උදේ පාන්දර වට්සැප්වල ස්ක්‍රින් ශොට් දෙක තුනක් ශේන් එවලා තියෙනවා බ්ලොග් එකේ.
අයියේ තමුසෙගේ මේ කෙමිකල් කතා තෙරෙන්නේ නෑ මිනිස්සුන්ට ඕන මං වගේ චරිතෙක කතාවක් කියලා තෙරෙන්නේ නැද්ද.

ඔව් තේරෙනව උඹ ශේන් මල්ලි යුගයේ ජනප්‍රියම අනියම් පෙම්වතා කරල ඉවරයි දැන් මම.!

ඔව් ඉතින් අයියේ උඹ හැමදේම කලවම් කරලා අච්චාරුකරලා තියෙන්නේ අපිටවත් අපි කවුද අපින්මෙහෙම කිව්වද කියල හිතාගන්න බැරි වෙන්න.
කොහොම වුනත් මම ඊයෙ කියපු එකත් අයියේ තමුසෙ එහෙන් මෙහෙන් දාලා තිබුන නේ උදේ කතාවට?
තමුසෙ කොහොම ගලපනවද මන්දා ඕයි මේ කතා සේරම එකට.

ඒවා වැඩක් නෑ කෝමද නාවල තට්ටු හතරේ ඔෆිස් එක පැත්තේ ජීවිතේ? අර නංගිට උඹ ගිය සතියෙ කිව්ව විදියට බලෙන්ම දුන්නද පැය ගානක උම්මා එකක්? හහ් හහ් හහ්...හූ....බුදුඅම්මෝහො මට බැරියෝ..

ටීක්ක්..ටීක්...ටීක්.. ශේන් ලයින් එක කට් කලා හෙන ගහන්න වගේ. 
ඕකාට මල පැන්නම ඔහොම තමා! එහෙම කියලා මම බයිට් කරන එක නවත්වන්න පුලුවන්ද ප්‍රෙන්ඩ්.? බෑ නේ..
මම ආයෙත් , ආයෙත් ගත්තා ශේන්ට. ගත්ත ගමන් මම හු යන්නෙන් පටන් ගන්න ආදරණීයම වචන දෙක කියලා  කිව්වා ජෝගියක් දැම්මේ කියපන් කියලා කතාව.


ඌත් ගල් ඇම්ඩන්, මං දන්නවා යකෝ අයියේ ආපහු උඹ ගන්නවා කියලා. උඹ කියපු විදියට ආදරේ බලාපොරොත්තු වුනු මොහොතක මට හම්බුනේ වේදනාවක් විතරයි.

ඇයි බන් ශේන් ඒ?

පෙරේදා තමුසේ බෙහෙත් ගන්න යන වෙලාවෙ කෝල් එකක් දුන්නා ම කිව්වා මතකද මම  ඒ කෙල්ලගේ සීට් එක එහා පැත්තට වෙලා කාර්ඩ් මාර්ක් කරන්න උදව් වෙන ගමන් හිටියේ. කෙල්ලත් අත් කොට බ්ලවුස් එකක් ඇදගෙන මාත් අත් කොට ශර්ට් එකක් ගහන් හිටියේ.
මගේ අතේ ඉතින් ඒ කෙල්ලගේ අත ගැවි ගැවු තිබුනා අයියේ දිගටම. මට ලෝභ හිතුනා කවි අයියේ අත අයින් කර ගන්න. මම එහෙම්ම හිටියා දිගටම. අතින් අල්ලගන්න් බැරි තැන ඒකත් අමුතු හැඟීමක් දෙනවා අයියේ.

හූම්! ඒ කෙල්ලට කොරෝනා තිබුනා නම් උඹටත් බෝ වෙලා දැන් ශේන් මල්ලී. දෙන්න එක්ක එකට කන්දකාඩු යන එකත් නියම හැඟීමක් තමා! එහා ඇදේ කෙල්ල මෙහා ඇදේ උඹ . කොහොමත් උඹ හීන මැව්වේ ඒ කෙල්ලව උඹේ ඇඳ ළඟට ගන්න  නේ ? නිරෝධායන මද්‍යස්තානයේ ලයිට් ඕව් කලාමා උඹ ඒ කෙල්ලගේ ඇදේ ඉදී.තුරුල් කරගෙන් උඹේ ඔය කෙට්ටු ශරිරෙට යට වෙලා ඒකිට ගොඩක් රිදෙයි ..හික් හික්.  ඒකත් හරි. මාස්ටර් ප්ලෑන් එකක්.

ඔයි මේ කවි අයියේ..මේ පාරනම් මම.කටි කලොත් ආයෙ ගන්නේ නෑ නෑ නෑමයි. ඒක නෙමෙ ඩෙන්මාර්ක් කෙල්ලව නම් දැක්ක අර ටෝකියෝ එක ළලස්සනයිද අයියේ. 


ඔව් , ලස්සනයි! ඇයි දැන් උඹට ක්ලාස් එකේ කෙල්ල එපාද!

පිස්සුද අයියේ..මේ කෙල්ලට තියෙන ආදරේ වෙනස් කරන්න බෑ කියලා මට දැන්ම හිතෙනවා. ඉතින් අහනවකෝ කතාව.
කෝම හරි අයියේ උඹ දන්නවනේ මගේ වීක් පොයින් එක! ඒක නිකන් කුඩු සික් එක වගේ මට ඒ කෙල්ලගේ බෙල්ල ගාව පපුව උඩ දැක්කම නිකන් පිස්සුවගේ. 
ඒ පිස්සුවටත් එක්ක මම හෙමින් ඒ කෙල්ලගේ කකුලේ වලලු කරෙන් ඇදලා ගත්තා.

මොකක් ක්ලාස් ස්ටාෆ් එක මැද්දේ?

ඔව්  අයියේ ඉතින් වර්කින් ඩෙස්ක් එකේ යටින් පෙන්නේ නෑ නේ!

හා ! බලු නගුටා! කියහන්කෝ කතාව!

ඒකිව ගැස්සිලා හැරුනා මගේ පැත්තට..ඒ එක්කම අතේ තිබ්බ ස්ටේල්පර් එකකින් ගැහුවා කකුලට . ඒකත් උල් පැත්තෙන්. දැන් එතන ඉදිමිලා අයියේ. තුවාලයක් වගේ ඇවිත් හීරුනුපාර.

උඹාට ශේන් මල්ලි ජලභීතිකාවට ඉන්ජෙක්ෂන් ගහලා තියෙන නිසා පිට ගැස්ම හැදෙන එකක් නෑ.
දැන් ඒ කෙල්ල දන්නවද උඹට තුවාලයි කියලා. 

ඔව් අයියේ මම පෙන්නුවා තුවාලේ.

මොකක්, හු..ශෙන් මල්ලී උඹ කලිසම ගලවලා පෙන්නුවා?

හයියෝ නෑ නෑ මනුස්සයෝ .. ගෙදර ඇවිත් ශෝටයි බාටයි දාගෙන ෆොටෝ එක්ක ගහලා යැව්වා තුවාලේ.

කකුලෙ විතරමද ෆොටෝ එකක් යැයුවේ!

මේ අයියේ මට එහෙම උවමනවාක් නෑ. මට අනික ඒ කෙල්ල එහෙම නරක කෙල්ලෙක් නෙමේ. හෙන අහිංසකයි අයියේ!

ඔව් ඒක වෙන්නැති තොට ස්ට්ලේපර් මැශින් එකකින් කෙලලා දාලා තිබුනේ.

නෑ අයියේ එක පාරටම ඇද්දම බය වෙන්න ඇති ස්ටාෆ් එක මැද්දේ නේ.. අනික අර මැත්ස් සර් කාරයත් හිටිය ළඟ.
කෝම හරි කෙල්ලට දුක හිතිලද කොහෙද, ආයෙ රිද්දන්නෙ නෑ කිව්වා. ස්ටේල්පර් එකෙන් ගහන්නෙත් නෑ කිව්වා. කොස්සෙන් ගහනවා කිව්වා හැබැයි.
අද උදේ පාන්දර ව්ට්සැප් එකේ කෙල්ල ලස්සන ෆොටෝ දෙකකුත් එවල තිබුන. 

ඒ කවි අයියේ..ඔයි..ඒ කෙල්ල මට ආදරේයි" නැත්නම් මැසේජ් දදා අහන්නේ නෑ නේ තුවාලේ සනීපද .රිදෙනවද තාම කියලා නේ ..?

ඒක නම් දන්නේ නෑ ශේන් මල්ලී හැබැයි උඹට සනීපයක් දැනෙන බව නම් පේනවා ඒ කෙල්ලගේ අතින් කකුලෙන් අල්ලද්දී. අවලමා ! හහ් හහ් හහ්...

මේ කවී අයියේ ඔම්ලට් එකක් දැම්මා උදේට කන්න රොස් වෙනවද කොහෙද ශෙනික ගිහින් එන්නම් බායි ඈ!

.......
 හ්ම් පලයම් පලයම්..උඹේ ජීවිතේ බිත්තරයක් වගේ,  කඩේ තියෙන.. මිනිස්සු දැක්ක ගමන් දන්නවා උඹ බිත්තරයක් කියලා හබැයි, මිනිස්සු හිතනවා මේක ඇතුලෙන් නරක් වෙලාද දන්නේ නෑ කියලා. ඒ වුනාට බලන්න බැරි නිසා ගන්නවා!  ගෙදර ගෙනිහින් කල්පනා කරනවා උඹව තම්බනවද උයනවද බදිනවද කියලා.කාලාතුරකින් එකෙක්ට හිතෙන්න පුලුවන් උඹ කියන බිත්තරේ ඉන්කියුබිලේටර් එකක්කට දාලා රක්කන්න. ඒත් ඒක අස්වාභාවික වගේම අසම්මතයි! 
කොහොම හරි දවස් ගානක් උඹට ඔය කියම බිත්තරේ ඇතුලෙන් ආත්මයක ජීවිතේක ඉඟියක් දුන්නේ නැත්නම්..අසම්මත පුදගලයාම උඹව අරගෙන ගිහින් ඔම්ලට් දාන්න පුලුවන්! 



ගානට ආවොත් කයි!
කර වුනොත් උඹත් සියලු අමුද්‍රව්‍ය වල මූලික තැනුම් ඒකකය කාබන් අංශු වෙලා කුණු කූඩෙට යයි.

පරිස්සමෙන් පුතා!


ටටා! 👋 

කවියා.






No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...