හැම තිස්සෙම මිස් මට කිව්වෙ රචනාව මාතෘකාවට අදාලව ලියන්න කියලා.
මම ඒ නිසාම තුන වසරට පාස් වෙනකොට පුස්තකාලට බැදෙන්න හිතුනා. පලවෙනි මාස කීපයෙන් පොත් රාක්ක දෙක තුනක් ඉවර කලා ළමා කතා.
හරි වැඩේ කියවන්න පොත් නෑ. හෙමිට රින්ගුවා පරිවර්තන පැත්තට. මුලින්ම කියෙව්වේ උඩින්ම තිබ්බ වින්ගීස් ගේ ගුරු ගීතය. ඉන්ටරෙස්ට් එක ඔලුව උඩ.
මැක්සිම් ගෝර්කි, ඇන්තන් චෙකොෆ් අමුතුම ඩයල් පුන්චි මට.
ඇට මැස්සා, ලොලීටා, ශෝශා වගේ හරිම අමුතු කතා වගයක් හිතේ හිරවුනා.
පසු කාලීනව රචනාවලට මේවගේ තීයෙන වචන ගතිය මම මගේ පාසලේ රචනා වලට දෙන්න හැදුවා . ඒකෙන් වුනේ ටීචර් අම්මට කතා කරලා දැනුම් දුන්න එක මම වයසට නොගැලපෙන පොත් කියවනවා කියලා.
මොකද මම අලියෙක් කියලා රචනාවක් ලියන්න කිව්වම මම ලිව්වෙ බාගෙට බාගයක් " කුංචනාද" කියන් පොතේ තිබුන අදහස්.
................................................................
සමහර මිනිස්සු කම්පැනිවලට උදේට සේවයට වාර්තා කරන්නේ. අර පැබල්ස් සීනි කන්දක් මැදින් ඇවිත් පාට පාට දේදුන්නෙන් පාට වෙලා එනව වගේ තාමා.
එකම වෙනස පැබල්ස් වෙනුවට මිනිස්සු ඉන්න එක. උන් උදේට එන්නේ ශීතලෙන් මිදිලා මරන්න ගෙනියන හරක් වගේ. වැඩක් කිව්වම කිවූ ක්ශනිකව කරනවා වෙනුවට මන්දගාමි ස්භාවයක් පෙන්නුම් කරනවා.
එක වසරේ ලමයෙක්ට වලාකුලකට රඟපාන්න කිව්වා වගේ හරිම නිවි හැනහිල්ලේ පාවෙලා වගේ යන හැටි බලන් ඉන්න ප්‍රියමනාපයි.
එහෙම් පිටින්ම ශීත කාලගුණයට හුරුවෙච්ච එස්කිමෝලා! අයිස් කුට්ට්ටටි වලින් වටවෙලා ඉන්නේ.
වලා කුලෙන් බැසපන් දෙයියෝ!
එස්කිමෝ!
පාවෙලා වලා කුලේ ඒවිද අයියෝ!
මුන්ට එක වැඩක් දීලා තව වැඩක් දෙනවා කිව්වම දුවන්නේ හරියට මොන්ටිසෝරි කොල්ලෙක්ට් කෙල්ලෙක්ගේ අතින් අල්ලන් ඉන්න කියනව වගේ. ඇයි ඉතින් ඊයා කෙල්ලො ගාගෙන නේ ඉන්නේ.
නමුත් කාලයා අවෑමෙන් කොල්ලෝ උත්සහා කරනේ කෙල්ලෙක්ගේ අතක් අල්ලගන්න කෝම හරි. ඒ කියන්නේ ඕ ලෙවල් ඒ ලෙවල් මට්ටමට ඇවිත්!
ඒත් එහෙම බැලුවම අපේ සමහර පුද්ගලයො ඉන්නේ එක ඕලු ක්ලාස් එකේ. තවත් සමහරු ඉන්නවා වෙලාවකට කැම්පස් එකේ ලෙක්චර් දෙන තලයට ඇවිත් තවත් වෙලාවක තුන වසර මානෙල් පන්තියට වැටෙන.
උන්ට රුවල් සාදන්නට අවශ්‍ය වන්නේ නෙලුම් මලේ පෙති සහ රුවලට වලාකුලු පමණි. තව පිරිසක් බාල ලියා මල් නටුවලින් උන්ට හබල් නිශ්පාදනය කර දී ඒවට අනුබල දෙයි.!.
ටටා ඔබ සැමට!
බායි...
කවීයා
No comments:
Post a Comment