හැටේ දශකය අග බාගයේ පරන කාර් එකක් කන්දක් අදිනවා නෙමේ . ඒ මගේ ෆෝන් එකේ රින්ග් ටෝන් එක.
කවුද උදේම? අප්පා කොච්චර කෑවත් මෙච්චර තමා ශේන් මල්ලී.!
හෙලෝ ශේන් මල්ලි මොකෝ මේ ශෙනශුරාදා උදේම !
කවී අයියේ මට තමුසෙට මගේ දුක කියන්න ඕන..
ඉතින් කියපන්!
ආආආආආආආආආආආආආආආආආආආආආආ
ඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඋ
ඩං ඩං ඩං ඩං ඩුං ඩුං ඩුං ටික්ටුක් ට්ක් ටුක්
ශේන් මල්ලී තමුසෙට පිස්සුද ඔයි. මොනවද ඔය අපබ්රංස මට තෙරෙන්නේ නෑ. උඹේ මයික් එකේ අවුලක් වගේ!
.
නෑ කවී අයියෙ ඒකනේ කියනේ තමුසෙටත් මගේ දුක තේරෙන්නෙ නෑ.!
කියලා හිනා වෙන්න ගත්තා..!
මූ යකෝ. කතාවට එන්ටර් වෙන්න්නනෙම මගුලකින්
තමා!
හරි දැන් කියපන්කෝ මොකෝ සීන් එක.
අයියේ මට අර කෙල්ලට ආදරේ ප්රකාශ කරන්න ඕන.
මම හූම් ගැවා විතරයි. දැන් තමයි මූ මොන්ටිසෝරි ලමයෙක් වගේ දුක කියන්න යන්නේ.
ඇත්තම කියන්නම් අද පඩිපෙලේ මම සර් ගාවට මාකර් පෙන් වගයක් අරන් යනකොට අර නංගිත් ටියුට් වගයක් බෙදන්න උඩට යන්න පඩි පෙලට ආවා. ඒකට තියෙන විසේට මාව පහු කරන් මගේ පැත්තෙන් රිංගලා උඩට යන්න හැදුවා. මම ඉතින් විහිලුවට ඇගෙන් තද කලා පැත්තට බිත්තියට.
ඕයි අයියේ කවදාවත් තුරුල් කරගෙන නැති වුනාට තුරුලට ආවා වගේ දැනුනා. ඒ ටික වෙලවට අයියේ.
මගේ වැලමිට ඒ කෙල්ලගේ පපුවේ වැදුනා , මට තේරුනා පපුව් ගැහෙන විදිය පවා වැලමිටට.
තමුසෙට පුලුවන්ද කවී අයියේ ඒ ගැන කවියකින් ලියලා දෙන්න නිසදැසක් වගේ? ඒ හැඟීම් ගැන.!
තමුසේ වනචර කමට ඒ කෙල්ලගේ පපුවේ අත වැද්දුවද?
අනේ නෑ.. නෑ.. අයියේ එහෙම නෙමේ ඇතතටම් විහිලුවට වැලමිටෙන් බිත්තිය පැත්තට තල්ලු කලා.
කමක් නෑ. හරි දැන් තමුසෙට ඕන පෙම් හසුනක් ලියා ගන්නද මට කියලා.
ඒ වගේ තමා ඉතින්. කියලා ශේන් මල්ලී අයිත් මොන්ටිසෝරි ලමයාගේ කැරැක්ටරේට බැස්සා.
අයියේ ඊයෙ අපි හවස ටියුට් වගයක් ප්රින්ට් කරලා බයින්ඩ් කලා. මට ස්ටෙල්පර් ගහන්න තිබුනේ. කෙල්ල තමා කොල හදලා දුන්නේ .
මගේ ලඟින්මයි අයියේ හිට්යේ බංකුවේ වාඩිවෙලා.
ඒ වෙලාවෙ තමා දැක්කේ ඒ කෙල්ලගෙ ඇස් ඇතුලේ තියෙන්නේ වෙනමම දුඹුරු පාටක් කියලා. තොල් වල තියෙන්නේ ලා රෝස පාටක් කියලා. ඒ වගේම බෙල්ල ගාවට වෙනකන් තීන රැලි ටික අමුතුයි කියලා. හරිම අමාරුවෙන් අයියේ මාව මම පාලනය කර ගත්තේ.
සර් බලාගෙන ඉන්න නිසා . කවුරුත් හිටියෙ නැත්නම් අයියේ මම මොනවා කරයිද දන්නේ නෑ,
අයියේ තමුසේ මේක විසදලා දෙන්න ඕන හරිද?
මම තක්බීර් වී බලා සිටියෙමි. දැන් ප්රකාශ කරන වචනය මයික් එක හරහා ඇප් එකට ගොස් ඇප් එකේ ඩේටා වලින් උගේ ෆෝන් එකෙ ස්පීකරයෙන් ඇහෙනු ඇත.
එතකොට එය වාචිකව ඇති කරගත් සම්මුතියකි. තඩි , බයානක ජේ සී බී බැකෝ සයිස් ඇග්රීමන්ට් එකකි.
යතාර්තය කුමක් වුනත් උදේ දත් මදින එක අනිවාර්යයෙන් කල යුතු බැවින්, ක්ශනිකව ෆෝන් එක කට් කර ගැනිමේ උවමනාවෙන් මම මෙසේ කීවෙමි.
"ආයේ මොනා අහනවද බ්රෝ එකෙන්ම් මම උඹ එක්ක ඉන්නෙ අපි බලමු" කොහොම හරි බැලන්ස් කර ගමු !
මේ වචන ටික ප්රකාශ කරන වෙලාවේ මට හැඟුනේ ඔනෑම කම්පැනියක ඉන්න අපි ශේන් මල්ලි වගේ බවත් සැලරිය අර ටියුට් ඩිසයින් කරන කෙල්ල බවත් , මම ටොප් මැනේජ්මන්ට් එක වගේ යන්නයි!
👋 ටටා
කවී.
No comments:
Post a Comment