Wednesday, July 1, 2020

පම්කින්ෆෝබියාව හා සබී නංගි

 සමහර හීන වලට මිනිස්සු වැඩිය ආස නෑ.
මොකද සමහර හීනවල මහ රෑ මැද ඔලුවට වට්ටක්කා ගෙඩි කඩා වැටිමේ අවස්තා බහුල වෙන්න පුලුවන්.

එහෙම ගත්තාම සබී නංගිට තියෙන්නේ බද්ධ වෛයිරයක් වට්ටක්කා එක්ක. විශේෂ යෙන්ම විදේශීය ඒවා එක්ක. සමහර වෙලාවට වට්ටක්කා කියන්නේ අහුලගෙන කන එලවලුවක් නොවේ නිසා වෙන්න පුලුවන්. දැන් සේර්ම ඔලුව කස කස ඉන්න එපා අහුලගෙන කන ඒවා කියන්නේ මොනවද කියලා.

ඇට ජාතී".. ධාන්‍ය වර්ග ඒ ගණයට දාගන්න ඕන .

වට්ටක්කා භීතිකාව ගැන සොයා බැලීමේදී මට දැනගන්න ලැබුනේ රාම රාවණ යුගයේ ඉදන් වට්ටක්කා කෑලි , ගෙඩි  න්‍යශ්ටික ආයුද ලෙසින් යොදා ගත් බවයි. බොහෝ විට ආදිතම ජනයාගේ කුස්සියේ ඉදන්  වට්ටක්කා වලින් දමා ගැසූ සහ ගුටි කෑ අවස්තා ඇති බවයි. කපමින් සිටින් වට්ටක්කා බොහෝ විට ආයුධ වන්නේ ලඟ පාත වලදක් , හැදි මිටක් නොමැති වූ අවස්තාවන්වලය.

සමගර විටක පෙරෙ සසර පුරුද්දට වට්ටක්කා කෑලි වලින් ගුටි කෑ බය තාම සබී නංගිගේ හිතේ තිබෙන්නට බැරි නැත . නොඑසේ නම මේකාට ඇති දැගලිල්ල නිසා සුලෙයිමාන් මිස් අදටත් මෙවන් භයානක න්‍යශ්ටික ආයුධ භාවිතා කරනවා වෙන්න ඇති.

වට්ටක්කා වලින් නිතරම පහර කෑම නිසා ඇති වෙන ප්‍රතිපලයක් ලෙස පම්කින්ෆෝබියාව දැක්විය හැක. එහි අතුරු පල ලෙස සහ මූලික රෝග ලක්ශනයක් වෙන්නේ  ලූඩෝමේනියාව, අයි එස් ඕ ෆෝබියාව ( ඇපල් දුරකතන භාවිතා කරයි නම් ) ඇන්ඩ්‍රොයිඩෝෆෝබියාව ( ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරයි නම්)  වේ.


මම පෞද්ගලිකව පම්කින්ෆෝබියාව සහ ලූඩෝ මේනියාවවට භිය වෙමි. ලූඩෝ මේනියාව දුරකතනය විසන්ධි කිරීම මගින් වල්කවා ගත හැකි නමුත්. පම්කින්ෆෝබියාව එසේ වලක්වා ගත නොහැක.

කෑම පිගානක දුටුවත් විසික් කිරීමට සිත්වේ!

මින් මිදීමට ඇති හොදම ක්‍රමය නම් උදේ පානදර තම මව, බිරිද පොල් ගාන ස්තානයට ගොස් කරදර කිරීමයි. නිතරම වට්ටක්කා වෑංජන හදනා වෙලාවන් මග ඇරීමයි.

එසේ වූහොත් පම්කින්ෆෝබියාව මග ඇර බාහිර හානි පමනක් වන කොකනට්ශෙල් ටීරියාව වැලද ගත හැක.

ඔනෑම ආත්‍රපෝඩාවෙක් , මොලුස්කාවෙක්, ඇම්ෆෝබියාවෙක් , ඇමීබාවෙක් , පැරමීසියම් කෙනෙක්, මෙම විශ්ව  න්‍යාය සදහා යටත් වේ.

එහි හයිරාකිය මේසේය.

විවාහක නම්- පහර දෙන්නා ආයුද බවිතා කරන්නා බිරිද වේ

අවිවාහක නම්- පහර දෙන්නා ආයුද බාවිතා කරන්නා තම මව වේ.

මෙහි පොදු කුලකය නම්- අවස්තා දෙකේදීම ගුටි කන්නේ තමන් වීමයි.


ටටා 👋 
කවී.



No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...