Monday, July 13, 2020

අහුලාගත් හැගීම් හා රංජනී බීඩි කොටය

ජීවිතේ එහෙන් මෙහෙන් අහුල ගත්ත හැඟීම් ටිකකින් ඇසෙම්බ්ල් කරගෙන ඉන්න එකම සතුටක්.

ගිය සිකුරාදා මම මැරුණා ! සමහර වෙලාවට මිනින්ස්සු ඉන්නව සෙනසුරාදා එන්න ඕන එකට ඒ සතියෙ සදුදා ඉදන්ම එනවා නේද අහන. සමහර විට ඒ ඕනකම බැඳීමක් තියෙන නිසා වෙන්න පුලුවන්. අයියේ උඹ දවල්ට කන්නේ කොහොමද අහන් එවුන් නෙමේ. අයියේ  උඹටත් එක්ක දවල්ට කෑම ගත්තේ කියන බැඳීමක්.

තවත් සමහර එවුන් ඉරිදා එන්න ඕන එක සෙනසුරාදා කතා කරලා අහනවා එන්න පුලුවන්ද කියලා, ඒ ජීවිතේ හම්බුන හොදම යාලුවො කියලා හඳුන්වන අය.
එන්න පුලුවන්ද කියලා අහන්න මම වැඩිය දන්නේ නැති එකෙක්ද? නෑ මට තියෙන තැන ඒ යාලුකම් වෙන කෙනෙක්ට දෙන්න බැහැ කියන මිනිස්සු , මේ ලෝකෙ ජීවත් වෙනවා! 
ඉතින් මට එන්න බෑ තමා! මිනිස්සු බිමට ගෑවෙන් බෆර් ගහපු වාහන වල චැසියෙ එල්ලෙනවා. මේ ලංකාව හැමතැනම කාපට් නෑ මචං. ඩ්‍රයිවර් ඔහේ බම්පර් උඩින් දානකොට වලවල් වලට වැටෙනකොට, චැසීයෙ එල්ලුන මිනිස්සු? අර බම්පර් වලට ඇතිල්ලිලා ඔප මට්ටම් වෙනවා. හොද අතට නෙමේ නරක අතට. බොහොම රළු වෙනවා, කඩතොලු ඇති වෙනවා . මොනවා කරන්නද බලන් ඉන්නවා ඇරෙන්න.

------------------

ආදරේ හරි අමුතුවට විග්‍රහ කරගන්න ඕන නම් උදේ පාන්දර ශේන් මල්ලිව ඇවිස්සුවනම් හරි, ඌ දාන් ස්ටේටස් එකට විරුද්ධ කමෙන්ට් එකක් දුන්නා හරිම රසවත්.

උදේ පාන්දරම වොයිස් නෝට් දාහක් විතර එවන්නේ ශේන් මල්ලි, තමන් කියපු දේ සනාථ කරගන්න.

මට තියෙන්නේ අහන් ඉදලා හොදි එකට ලුණු ඇඹුල් එකතු කරන් එක.

අයියේ දවස් දෙකක් වෙනවා අර කෙල්ලගේ මූන දැකලා!
මට ක්ලාස් එකට යන්න බැරි වුනා! උණ වගේ!

මල්ලි තමුසෙට කොරෝනාද දන්නේ නෑ.

පිස්සුද අයියෙ තමුසෙට, මාව මරාගන්නද ඕන? එතකොට කවුද අර කෙල්ල දිහා හොරෙන් බලන්නේ.?

"කෙල්ලෝ " කියලා මම නිවැරදි කරන්න උත්සහා කලත් ශේන් මල්ලි ඒකට විරුද්ධ වුනා. 

එහෙම කතා කරන්න එපා අයියේ, තමුසෙ දන්නවා මගෙ දුක. වෙනදට මොකද උනේ කියලා වට්සැප් කර කර අහන කෙනා දැන් උන්නද මළාද බලන්නේ නෑ!
හැබැයි වෙන කාටද මන්දා ස්ටේටස් දානව හරිම ආදරෙන්! 
තමුසෙට දැනෙනවද අයියේ ඒ වෙලාවට බීලා ඉතුරුවුන රංජනී බිඩි කොටයක් වගේ තීයෙන මේ හදවතේ වේදනාව!

නෑ මල්ලි මම් දුම්පානය කරන්නේ නෑ. මතින් තොරයි !

කවී අයියේ තමුසෙ දත කට මැදන් වැඩට යනවා , ඇයි ඕයි රෙද්ද කියන දෙයක් තෙරෙන්නේ නෑ නේ.

හරි ශේන් මල්ලි කියනවකො ඉතින් කතාව. 

අයියේ පෙරේදා මම ෆොටෝ එකක් දැක්කා මූන පුරා ක්‍රීම් ගාගෙන ඉන්න එකක් දාලා තියෙනවා. සමහර වෙලාවට ෆොටෝ දානව, ලස්සනයි අයියේ! ඒත් ස්ක්‍රින් ශොට් ගහන්න බයයි. නොටිෆිකේශන් යනවනේ.

ඒකත් එහෙමද , එහෙනම් කෙලින්ම කියපන් ඒ කෙල්ලට ඔය දාන ෆොටෝ සේරම උඹට වට්සැප් එකේ ප්‍රයිවට් එවන්න කියලා.

කවී අයියේ එවයිද?

දන්නේ නෑ අහල බලපන්, මාත් නිකම් කිව්වේ, ඔය කියන විදියට උඹට ආදරයක් ඇතතටම තියෙනවනම් එවයිනෙ. එතකන් උඹ බලන් ඉදහම්.


හවසට හම්බෙනකන් ටටා.

කවියා.

No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...