Thursday, July 2, 2020

ටිපි ට්ප් හා ගුලි කරපු ලේන්සුව

  ඊයෙ දවස ගැන අද කල්පනා කරන්කොට හිතෙන්නේ අපි තවත් කතාවක් ලියන්න ගන්නවා වගේ කියලා පරන කතාව මගින් නවත්තතලා, ඒකත්  කතාවකට එහායින් පිටු අරින්නේ නැතුව ඊලග ජේදයෙන් වගේ!


වකුගඩු ඇඹරෙන තරම් හිනා වුනාට සමහර වෙලාවට මිනිස්සු හිත්වල මොනවා හරි දෙයක් ගුලි කරගෙන ඉන්නවා.
ගුලි කරගන්න සිතුවිල්ලක් නැති වුනොත් වේස්ට් පේපර් එකක් හරි ගුලි කරනවා. 

නහයෙන් අඬන ජීවිත් අස්සේ ලේන්සුව ගුලි කරන ශේන් මල්ලි ඒක සාදාරිනීකරණය කලේ. මේක නවලා දැම්මොත් කරදරයි.ගුලි කරලා සාක්කුවේ අපිලිවලට ඔබා ගත්තහම ඕන කෙලවරකින් ඇඟිලි දෙකකින් වුනත් ඇදලා ගන්න පුලුවන් බවත්. බඩ වැල වගේ එලියට එනකොට අමුතුම ආතල් එකක් ඇති බවයි.

දන්නවද බන් ශේන් උඹ හරි . සමහර බැදිම් තියෙනවා උඹගේ  දැන් තියෙනවා වගේ, සමහර වෙලාවට ඒ මිනිස්සුත් එක්ක තියෙන බැදීම් ගුලි කරලා සාක්කුවේ ඔබාගෙන වගේ. හරිම හහදිසියේ  නේ ජීවිතේ මොහොතක්  කියන  ලේන්සුව උඹ ගුලි කරලා දා ගන්නේ හැඟීම් එක්ක. ඒත් උඹ කොහෙන් ඇද්දත් ඊට කලින් නවලා පිලිවලට දාපු ලේන්සුව කියන හැඟිම් නෙමේ එලියට එන්නේ අර ගුලි කරපු එක. 

අනික ඒ ගුලි කරපු ලේන්සුව එලියට ගන්නේ නැතුව අර කියන නවපු ලේන්සුව ගන්න බෑ. ඒ වගේමයි අර ගුලි කරපු ලේන්සුවේ පාරවල් හරි අමාරුයි යවාගන්න. කාලය කියම අයර්න් එක ගොඩක් වෙලා අල්ලන් ඉන්න වෙනවා සමහර වෙලාවට.

උඹේ ඔය තට්ටු හයේ ඔෆිස් එකේ තියෙන ආදරේ මොන වගේද ඔතනින්. උඹ ඒක නවලද තියෙන්නේ? ගුලි කරන්ද ඉන්නේ.

ශේන් මල්ලී ටිකක් වෙලා ඉදලා ලොකු හුස්මක් අරගෙන ඔලුව දෙපැත්තට වනලා මන් දිහා බලන් ඉදලා කුක්කා දිහාවට හැරුනා! 

ඔයි කුක්කා අපි බයිට් එකට ටිපි ට්ප් එකක් ගේමු.

මම ඒක උත්තරයක් විදියට අරගෙන කුක්කා මල්ලිගේ පරිඝනකය අස්සේ කිමිදුනා. අඩේ මම මෙච්චර බර ටෝක් එකක් දීලා ඌ හෙන සනීපෙට සරල වචනෙකින් ඒක ඉවර කලා කියලා.

අන්තිමට යන්න කලින් ශේන් මල්ලි කිව්වා අයියෙ සමහර අයිති නැති හැඟීම් ටිපි ටිප් වගේ. අපි කොච්චර ලොකු වුනත් අපි තාම ආසයි ටිපි ට්ප් වලට. 

ඔව් මල්ලි පුතා ඒක හරි. ඒත් ටිපි ටිප් කල් ඉකුත් වෙනවා! පරිස්සමෙන්.


ටටා.. 👋 

No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...