මසුජි ඉබෙත්සු ගේ " කලු වරුසා " කියවන්න ඕන ආයෙ පාරක් ! මිනිස්සු ජීවත් වෙන හැටි අත් දැකීම් වලින් ලියැවෙන දේවල් පොතේ ඇතුලේ හැම පිටුවකම.
සමහර වෙලාවට සමහර මිනිස්සු ජනේලයෙන් බලන් ඉන්නවා බී ඩී ඕ පාර්ට්නර්ස් [ BDO partners ] බිල්ඩිම දිහා. ඇයි බිල්ඩිම ලස්සනයි? නෑ මිනිස්සු ආස කරනේ ඒ වගේ හතරහමාරට ඕෆ් වෙලා යන්න.
සමහර වෙලාවට තව කෙනෙක් පීපල්ස් බෑන්ක් එකේ හවසට ලොරි ඇවිත් පිටිපස්සේ ගේට්ටුවෙන් සල්ලි බාන එක දිහා බලන් ඉන්න පුලුවන් මේ ජනේලයෙන්ම.
ඒ මිනිස්සුට හැඟීමක් නෑ, උඩ ඉදන් තව එකෙක් බලන් ඉන්නවා කියලා. ඇත්තටම ඒ මිනිස්සු උඩ බලන්නේ නෑ. මාරු කාසි බෑග් චිස් චිස් කියලා විසික් කරනවා විතරයි.
චුන් පාන් ත්රීවිල් එකේ අංකල් වගේ තමා අපේ හීනත්.
අපි සමහර වෙලාවට සල්ලි තියන් බලන් ඉන්නකොට , අපිව පහු කරගෙන කෙලගෙන යනවා. අපි හුසේන් බෝල්ට් මූඩ් එකට ගිහින් මියුසික් එකට කුලප්පු වුනු බල්ලො සෙට් එකත් එක්ක ත්රීවිල් එක පස්සේ දුවනවා.
ටික වෙලාවක් දුවනකොට පේනවා පහු කරන කඩ වල ඊට වඩා හොද මාළු පාන් තියෙනවා කියලා. දුවන එක නවත්වලා කල්පනා කරනවා, බල්ලොයි අපි අතරෙයි වැඩි වෙනසක් නෑ කියලා. සමහර වෙලාවට ඒ හැඟීම චූන් පාන් අංකල්ගේ කෲර සතුටට බාදාවක් වුනත්.
මට තේරුනා ඊටත් වඩා ලාබෙට ලඟ තියෙන කඩෙන් ගල් බනිස් එකක් කන්න පුලුවන් කියලා නිදහසේ.
පරිප්පු ටිකයි රෝස් පාන් එකයි රුපියල් අසූවට සරත් අයියාගේ පෙට්ටි කඩෙන් ගෙනත් තිස් නමයයි විසි හය කැටගරිය් ප්ලාස්ටික් පිඟානකින් කනකොට වැදගත් මිනිස්සු නෝන්ඩී කියලා හිතුවට, සිනමන් ග්රෑන්ඩ්, කින්ග්ස්බරි ගිහින් රුපියල් තුන් හාර දහක් දීලා රෝස් පාන් කාලයි සම්බෝලයි පෝසිලේන් එකේ තියාගෙන කන ෆොටෝ එකක් දානවා කැප්ශ එක " ඊට්න්ග් ටෝස්ට්ඩ් පාන් විත් ඩාල් කරී ඇන්ඩ් කොකන්ට් සම්බල්"" යමී යමී " කියලා.
ඕකට ඌබර් එකේ හොටෙල් එකට යන උන් කියන්නේ දුප්පත් උන්ගේ ඊර්ෂ්යාව කියලා.
අනේ මන්දා ඊර්ෂ්යාව නම් නැහැ, ඒත් සමහර වෙලාවට හිනා යනවා. ඇයි කියලා.
බාටා දාන එක කෙනෙක්ගේ තෘප්තිය, පුමා බ්රෑන්ඩ් එකෙන් කැන්වස් දාගෙන ඉන්න එක තව කෙනෙක්ගේ තෘප්තිය . ඒත් වෙලාකට සෙරෙප්පු දාලා නිදහසේ ඉන්න ඕන තැන් වල සපත්තු දාගෙන හිර වෙන්න ඕන් නෑ කියන් කියමන ඔලුවට එනවා.
සතුටුයි!
👋 ටටා.
කවී.
No comments:
Post a Comment