Tuesday, July 14, 2020

සම්බන්ධීකරණ ලේකම් සහ දෙයියාගේ ෆ්‍රෙන්ඩ්

අපි හීනියට හීනවල ජීවත් වෙමු, ඒක හැමෝටම හොදයි කියලා උදේ පාන්දර වැටුනු ස්ටේට්ස් එකක් ශේන් මල්ලිගේ යකා අවුස්සන්න හොදම වෙලාව කියලා හිතුන.

ඒ එක්කම යන්‍තම් හරියාගෙන එන ආර්ථික මට්ටමට කනේ පාරක් ගහගෙන කොරෝනා දෙවෙනි රැල්ලක් එන්න යන්ව කියලා ඒකට පස්සේ ස්ටේටස් දාලා තිබුනා.

මම රිප්ලයි කලා, මල්ලී අපිත් ඔය බෝට්ටුවේ තමා වෙනසක් නෑ කියලා.

ශේන් මල්ලි හිනාවෙන ඉමෝජියක් එවලා තිබුණා, උගේ අදහස් ප්‍රකාශනය එච්චරයි. 
ඌත් සමහර මිනිස්සු වගේ පිටු ගොඩක් තියෙන පත්තර හොයනවා, දැනුම වැඩි කර ගන්න නෙමේ දවල්ට කෑම ඔතන් එන්න ගොඩක් කොල තියෙන නිසා!

ඊයෙ හම්බවුනු වයින් බොතලයක් තනියම බීලාඅමුතුම කතා වගයක් ශේන් මල්ලි ගුඩුස් යවන ගමන් කිව්වා. සමහර වචන හරිම නැවුම්. අහන් ඉන්න ආසයි. ශුද්ධ වූ සිංහල භාවිතය ගැන හොද අත්දැකීම් තියෙන කෙනෙක් ශේන් මල්ලි කියන්නේ.

මේවායින් හොදම උගේ ආදරේ විග්‍රහ කරන හැට්.

ඌ පටන් ගන්නෙම කතාව අහ් කවී මහතා සුභ උදෑසනක් වේවා කියලා. ඊට පස්සේ කතරගම දේවාලේ කපුවෙක් වගේ දිග යාං හෑල්ලක් කියවගෙන කියවගෙන යනවා. මම ආතුරයා වගේ ඌ අහන ප්‍රශ්න් වලට උත්තර දෙන ගමන් වැදගෙන අහන් ඉන්නවා.

යාං හැල්ල අවසානයේ අහනවා කවි අයියේ රුපියල් දෙදාහක් විතර නැද්ද බන් ගන්න කියලා. මට ඉතින් දේවාලෙක්  කපුවා මතක් වෙන එක අහන්න දෙයක් නැ නේ. 

දේවාලේ කපුවත් අන්තිමේ පුජා වට්ටියේ තියෙන සල්ලි ගාන දිහා අඩවන් වූ දෙනෙතින් බලලා තමා යාතිකාවේ දිග අඩු වැඩි කරන්නේ. 

සල්ලි තීනව කිව්වනම් ඉන්ටරෙස්ට් එකේ කතාව දිග් ගස්සගෙන උගේ ජීවිත කතාව ඇතුලට රිංගන්න පුලුවන්, ඒත් නැති වුනොත් ටික වෙලාවකින් ඌ වැඩය යන්න ඕන කියලා හරි ඕලයින් යනවා.

අර නංගිගේ ෆොටෝ එකක් රෑ  පුරාවට ෆෝන් එකේ වෝල් පේපර් එකට දාගෙන ඉන්න එකා උදේට ඒක වෙනස් කරලා කිසිම දෙයක් දන්නේ නෑ වගේ ඉන්න විදියටම ඌ ඕෆ් ලයින් යනවා.

සරල ජීව්ත.

මහා බලපරක්‍රම සහිත දෙවියො සතෙක් පිටින් එනකොට දෙවියන්ගේ සම්බන්ධීකරණ ලේකම් කපුවා ඇවිත බහින්නේ මොන්ටේරෝ එකක නැත්නම් කිරි කිරි බී එම් ඩබ්ලිව් එකක.


ඔන්න ඔතනින් විතරයි ශේන් මල්ලි වෙනස් වෙන්නේ නැත්නම් දේවලෙ කපුවා වගෙම තමා.

ට්‍රැක් එකෙන් ටිකකට පැනලා යමු....

ගජන්ට මීයො මරන්න හිතෙන්නේ නෑ මොකද ගණ දෙවියන්ගේ ෆ්‍රෙන්ඩ් එකක් ලු මීයා කියන්නේ. 
ශේන් මල්ලි ආදරේ ගැන කියලා ක්ලාස් එකේ නංගිගෙ ෆොටෝ දිහා බලලා දුක් වෙන විදියටම ගජන් මැරුනු මී කුණ දිහා බලලා දුක් වෙනවා. හොටු පෙරාගෙන ඒ ගැන විස්සෝප වෙනවා! 

ගංගා මෑණියන්ගේ පිහිටයි.!
............................................................

ශේන් වගේම ඩෑල් එකක් තමයි අශේන් කියන්නේ, ඌ නම් දැනට ලොජිස්ටික් සයිට් එකක වැඩ, සමහර අවස්තාවලදි ඩී ටේල්ස් ගන්න අශේන්ට තමා කතා කරන්නේ අපි.  ඌ ගැනයි ධනුශි කියන උගේ ප්‍රේමය ගැනයි කතා වගයක් තියෙනවා මේකට ගාවන්න. ඉස්සරහට බලමු. ඒකත් රැඩිකල් ප්‍රේමයක්. 


.ටටා. 👋 


කවියා.

No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...