හරිම කතා පටන් ගත්තේ හරිම තැන්වලදිද කියල ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් ඒත් සමහර ජීවිතවලට මිනිස්සු එබිකම් කරන හැටි දැක්කමත් පුදුමයි.
එක තැනකදි එක යාළුවෙක් එක්ක බොහෝම කෙටියෙන් ජීවිතේ ගැන බෙදා ගන්නවා, ආදරේ දැනෙන විදිහ බෙදා ගන්නවා.නැත්නම් කතා කරලා කියනවා හිතා ගන්න බැරුව ඉන්නෙ නැවතීම ගැන කියලා.
අවුරුදු ගානක මගේ යාළුවා පොඩ්ඩි. ඌගෙන් මැසේජ් එකක් කියන්නේ ජරමරයක් තමා!
පුරුදු විදිහට මම අහන්නේ මොකක්ද ප්‍රශ්නේ කියලා නෙමේ ලොකු අවුලක් නෑ නේද කියලා
එහා කෙලවරෙන් එන උත්තරේ නන් හරිම අමුතුයි.
නෑ කවී ඉවසීම නෑ ඒකයි ප්‍රශ්නේ!
කාටද?
අපි දෙන්නටම ඉවසීම නෑ!.
එහෙම වෙන්න හේතුව මොකක්ද ?
හේතුවක් දන්නේ නෑ කවියෝ! ඒත් උඹ ලියන්න ඕන කතාවක් මට කියවලා අඩන්න පුළුවන් තරම් එකක්.
හරි මම ලියන්නම් පොරොන්දු වෙනවා! ඒත් මට කියපන් ඇයි උඹලා දෙන්නටම ඉවසීම නැති වෙන්න හේතුව.
හේතුව විදිහට කවී මම නම් හිතන්නේ අපි දෙන්නටම කේන්ති යන එක. එන කේන්තිය මත්තේ තමා අපේ තරහව පටන් ගන්නේ. ඒකයි මට තේරෙන්නේ නැත්තේ මම මේ ගත්ත තීරණය හරිද කියලා! නැත්නම් තව ඉස්සරහට යන්න කලින් නවතිනවද කියලා!
ඔය කියන කතාව ඇතුලේ උඹලා දෙන්නා කේන්තිය ඉවසිමක් නැතිකම දැක්කට මට අවිශ්වාසය , ඉර්ශ්යාව, භය, අස්වැසිල්ල කියන දේවල් වල ලාවට සුවදක් එනවා. සාමාන්‍ය නහයකට නොදැනෙන ඒක ඉව!
නීති මත්තේ නහිනවද, නිදහසේ ජීවත් වෙනවද කියන එක උඹට භාරයි පුතා. නැත්නම් උඹටත් පුලුවන් උඹේ පෙමවතා කියන චරිතයෙ ඉන්න අතරේ හොරෙන්ම තව ආදරය දෙන චරිතයකින් ටෙඩියෙක් තෑගි ගන්න. චොක්ලට් එක්කට පාවා දෙන්න ආදරේ. සමහර තැන්වල උඹ දැකලා ඇති ඕන තරම් කොල්ලෝ මහන්සි වෙනවා ඌත් එක්ක ඉන්න කෙල්ලගේ අනාගතේ ලස්සන කරන්න , ලස්සනට ජීවත් වෙන්න, ඒක වෙනුවෙන් උන් කාලය කැප කරනවා, උන්ට අමතක වෙනවා චොක්ලට් එකක් ගෙනත් දෙන්න, ටෙඩියෙක් අරගෙන දෙන්න අන්තිමේ තෙතමනය ඇති වෙන්න හාදුවක් දී ගන්න. උන් ඒක ටික කාලයකට කැප කරනකොට තව එකෙක් ඇවිත් ටෙඩියෙක්, චොක්ලට් එකක් දීලා ආදරෙත් අරගෙන ගිහින් ඉවරයි. හැබැයි වෙනස උන් මස් කාලා කට්ට විසික් කරලා දානවා වගේ ලේසියෙන්ම උඹේ සාරවත් කම උණුසුම උරාගෙන උඹව අයිනකට තල්ලු කරලා දානවා!
ජීවිතේ කතාවල වැඩි වෙනසක් නෑ බන්.
යාළුවෝ කියන්නේම නරකම වෙලාවට කාත් කවුරුවත්ම නැතිවුනු වෙලාවට පවා උඹ වෙනුවෙන් ඉන්න එවුන්ට මිසක් තියෙන වෙලාවට පාටි දාන එවුන් නෙමේ. අන්න ඒ වගේ තමා මිනිස්සුන්ගේ ආදරෙත් හරිම අවස්ථාවාදී වෙලා තියෙන්නේ.
දැන් සමහර විට උගේ හැඟීම මොකක්ද කියලා දන්නේ නෑ, ඒත් සමහර විට උඹේ නිදහස් හැසිරීම් රටාව දිරවගන්න අමාරු සහ ඒ හැසිරීම හින්දම උඹව නැති වෙයි කියලා බයක් ඇති වෙනවද කියන දේ හරියටම කියන්න බැහැ.
ඒ වගේම තමයි සමහර දේවල් තියෙනවා අපි කරපු කියපු දේවල් වලට අපිටම ඒ දේවල් අත් දකින්න වෙන අවස්ථා . ආදරේට කේ එෆ් සී එක්කන් ගියාට කලින් මම කිව්වා වගේ බැදපු ව්කන් වගේ තමා කාලා කට්ට විසික් කරලා දාලා එනවා. හොදට බලපන් ඒ කුණු කූඩෙ කොච්චර චිකන් කටු තීනවද කියලා.
මොනවා කර්න්නද බන්, බිල ගෙවලා එලියට එනවා ඇරෙන්න. සමහර දේවල් හොයන් යන්න ඕන, උඹ ගාවටම උඹව හොයන් ආපු එකාත් එක්ක.
එහෙනම් පරිස්සමෙන් ඉදහන්!
.ටටා..👋
.කවී.
No comments:
Post a Comment