සමහර කතා වල ආරම්භයේදීම මම කරන්නේ පොතේ අග පිටුව පෙරෙලලා අවසන් ජේදය කියවලා කතාවේ මූල මැද අග මෙහෙම වෙන්න ඇති කියලා හිතලා ඊට පස්සේ කියවන එක.
අනුන්ගේ ජීවිත කතා පොත් එහෙම කියෙව්වට මට මගේ ජීවිත කතා පොතේ අග පිටුව බලලා මැද කතාව හිතා ගන්න වුනේ නෑ.
..................................
ශේන් පන්ති කලමණාකරු ජොබ් එකෙන් ඉවත් වෙලා වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු අරින වහන කෙනා විදිහට පත් වීම ගන්න යන්නේ මගේ පත් වීම ගන්න මම අපේ සමාගමට බැදුනා වගේ දවසකමයි.
ශේන් හිනාවක් දාගෙන හවස ආවා අපේ ගෙදර උණු උණුවෙන් උළුදු වඩේ මල්ලකුත් අරගෙන. මල්ලේ අඩියෙ තිබුනෙ වයිල්ඩ් ඇපල්. පළතුරු යුෂ 😁
.................................
ජීවිතේ කියන්නෙම අමුතුම අමුතු තෝරා ගැනීමේ ඇප් වලින් පිරුණ ස්මාර්ට් ෆෝන් එකක් වගේ. බේසික් ෆෝන් එකක් භාවිතා කරනකොට අවශ්‍ය දේ විතරක් කරගෙන පැත්තකට උනාට දැන් එහෙම බැහැ. ඇබ්බැහි වෙලා ඉන්නේ. එක රෑක හිතනවා හෙට වයිෆයි ඩේටා ඉවර වුනොත් කොහොමද කියලා..ලෝකෙ ගිනි ගත්තත් ඒක තමා තියෙන ප්රශ්නය.
--------------------------------
ශේන් කවුරු වගේ වෙන්න පුලුවන්ද කියලා කවුරු හරි හිතුවොත් ඒකට උත්තරයක් දෙන හැටි හිතන වෙලාවක උගේ පරණ ඩයිරියට එබිකම් කලා.
දකින කොටත් ආදරේ හිතෙන තරම් මුහුණුවල අයිතිකාරියො මගේ ජීවිතේට ඇවිල්ලා තිබුනේම කිහිප දෙනෙක් විතරයි. ඒ අයගෙන් බොහෝ දෙනෙක්ට මම මගේ අදහස් සහ හැඟීම් බෙදා ගත්තේ ඇදට ගැනීමේ බලාපොරොත්තුවක් නැතුව! මට බොරුවෙන් ජීවත් වෙන්න බැරි නිසා. අත කකුල බෙල්ල තොල් කොන්ඩෙ ලස්සනයි නම් ලස්සනයි කියන්නේ ඒ නිසා.
ඒත් සමහර වෙලාවට ඒ ආදරේ දැකපු තැන්වලදි ප්‍රමාදය ගැන මෙන්ම ඉක්මන් විම ගැන ගොඩක් ලොකුවට කලකිරීම ඇති වුනේ නැතුව නෙමේ.
සමහර තීරණ අරගෙන හුඟක් කාලයක් ගත වුනාම තමයි හොදම දේවල් මිනිස්සුන්ට ලැබෙන්නේ.
සමහර තැන්වලදි මම සමහර ලස්සන ජීවිත වල අයිතිකාරියන්ට හොද යාලුවෙක් ඒත් මට දැනෙන හැඟීන යාළුවෙක්ට එහා ගිය දෙයක්, මම විශ්වාස කරන්නේ ඒ එන හැඟීම බෙදාගෙන ඒත් යාළුවෝ කියන සීමාවේ හැසිරුනාම දැනෙන වේදනාව අවම වෙනවා කියන එක.
උඹ දන්නේ නැති වුනාට සමහර හීන වල සති අන්තයේ පන්තියේ කවුරුත් නැති වෙලාවට මට තුරුල් කරගෙන ඉන්න විදිහ ගැන මම කියන්න හිටියත් ඒ අර කියන සීමාව ගාව හිටගෙන බලලා ආපහු හැරිලා යන්න වුනා හීනෙන්ම දකිනකොටත් දුකයි.
හැම දේකටම වඩා නුවර එළියෙ රන්බොඩ ස්ටේට් එකේ තනිවෙච්ච ජීවිතයක මතක සලකුනු උඹෙ මූනෙන් දකිනකොට මම කටුසු කොන්ද කන්ද උඩින් වැටෙනවා වගේ අසරණ හැඟීමක් එන්නෙ. උඹ වෙන කාගෙවත් වෙන්න කලියෙන් නිල්පාට ගවුම ඇදගෙන ආපු දවසක වල ගැහෙන කම්මුල උඩට ලොකුම ලොකු හාදුවක් දී ගන්න තිබුන නම් කියලා හිතෙනකොට ආයෙත් අර වැටුනු කන්දේ තාමත් වැටෙන ගමන් ඉන්නෙ කියලා හිතෙනවා.
ආදරේ ඇති වෙන වෙලාව නැති වෙන වෙලාව ගැන අවබෝධයක්ම නැති වෙලා තියෙන්නේ. අපි හෙන ආත්මාර්ථ කාමී මිනිස්සු වෙලා තියෙන්නේ කියලා හිතෙනවා ඒ වගේම අවස්තාවාදීන් කියලත් හිතෙනවා. එක හිතක් තියාගෙන දෙන්නෙක්ට ආදරේ බෙදන්නේ කොහොමද කියලා තරක කරන ගමන් අහිමි උඹව මගේ ඔඩොක්කුවේ වාඩි කරගෙන ඉන වටේ අත දාගෙන තදට තුරුල් කරගෙන , කඩා දාපු කොන්ඩේ තියෙන් උර්හිස්ඩට මගේ නිකට තියාගෙන උඹේ හිත ගැහෙන හැටි අහන් ඉන්න හීන දකිනවා.
වයින් බෝතල් දෙකකටවත් බෑ ඒ වගේ හැඟීමක් දෙන්න.
සෙරටම වඩා ආයෙත් ඒඇස් දෙක දකින්න නොලැබෙයිද කියලා කල්පනා කරේ ඒ වගේ දේවල් මගේ ජිවිතේට සාමාන්‍ය දේවල් නිසා . " ආදරේ දැනුනු , ආදරේ දුන්නු ජිවිත ඉක්මනට මගෙන් ඈත් වෙන බව" පොඩි කාලෙ ඉදන්ම් දැනගෙන හිටිය නිසා හිත අමුවෙන් හීරිලා යන්ව වගේ හැඟීමට එහායින් කිසි දෙයක් ආවේ නෑ.
............................................
ශේන් ගේ සිතීම ගැන හිතනකොට මට පුදුමයි කොහොමද මූ මෙහෙම ජීවත් වෙන්නේ කියලා. ගුටි නොකා බේරිලා!
මොනා වුනත් සැනසිල්ලේ ඉදපන් ශේන් මල්ලි..සමහර හීන හීන විදිහටම තියගනින්..උඹ හිතන විදිහට උඹ ආදරේ කරන මිනිස්සු හිතන්නේ නෑ. සමහර වෙලාවට උඹට ආදරේ කරන්නෙත් නෑ..
ටටා..
කවී..
R u gng to stop writing Shane’s story 🥺😐
ReplyDeleteNope.🖤
DeleteNw in thz blog u hv told shane is gong to leave nah so Shane will forget tht grl ryt👀😶
Delete