ඒත් කවුරුත් පිලි ගන්න කැමති නෑ තමන් තව කෙනෙක්ගේ ජීවිතයකට එබිකම් කරමින් ඉන්නවා කියලා.
ඒ වෙනුවට යම් කිසි බැඳීමක් ගෙනත් පෙන්වනවා.
ආහ් ඒ මගේ යාලුවෙක්, ඒ මගේ හොදම යලුවා, ඒ මගේ පුතා , දුව වගේ කෙනෙක් , මගේ සහෝදරයෙක් සහෝදරියෙක් වගේ කියලා.
ඇයි?
මිනිස්සු ලැජ්ජයි ඇත්ත පිලි ගන්න.
මේක නිකන් ඇතුලට කොහිල ගුලි කරලා ඊට උඩින් පාන් පිටි , පාන් කුඩු තවරලා බැදලා කට්ලට් දෙනවා වගේ වැඩක්! බෝහෝමයක් පිරිස කැමති නෑ කොහිල කන්න , ඒත් ඒක පොඩි ආලේපනයක් දාලා බැදලා දුන්නම හොය හොය කනවා.
මිනිස්සු කරන වැඩ සරල වුනාට මිනිස්සු හිතන විදිය සංකීර්නයි.
කෙනෙක් වෙලාවකට හයියෙන් කතා කරන්නත් වෙලාවකට හෙමින් කතා කරන්නත් හේතු හොයනවා වෙන්න පුලුවන්.
මිනිස්සු කතාකරන විදියෙන් හරි ඇස් දෙකෙන් හරි ඇතුළාන්තය යම් තාක් දුරකට හිතා ගන්න පුලුවන්.
හරිම මෙලෙක් හිත් තියෙන එවුන් බොහෝමයක් වෙලාවට අදස් ප්‍රකාශ කරන්න තෝරගන්නේ තමාට විශ්වාස තැනක් විතරයි. තමන්ගේ හැඟීම් පලකරන්න පුලුවන් තැනක් විතරයි. වට්සැප් එක වගේ.
සාමාන්‍ය ජීවිතයේදී කාතාබහ නොකරන මිනිස්සුගේ ජීවිතය අකුරුත් එක්ක කෙටි පණිවිඩ විදියට ගලන් යනවා වෙන්න පුලුවන්.
එතකොට උඹේ ෆෝන් එකේ මැසේජ් වල ජීවත් වෙන පුදගලයා හරිම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. සැබෑ ලෝකයේ ඉන්න මනුස්සයාගෙන්.. සැබෑ ජීවිතයට වඩා දුරකතනයෙන් කතා කරන පුදගලයා වෙනස් වෙන්න ඉඩ තියෙනවා.
ඒ ජීවිතේ එක් අවස්තාවක අදහස් හැඟිම් විශ්වාසම කෙනෙක් එක්ක බෙදාගෙන. විශ්වාසය නැත්තටම නැතිවුනු මිනිස්සු වෙන්න පුලුවන්. ඒ නිසාම ගොලුවෙන මිනිස්සු බොහෝමයි!
ඒත් ඒ මිනිස්සු හරිම ආදරනියයි. රාගයකකින් තොරව.
තමන්ව කඩාගෙන බිම දා ගන්නවා වෙනුවට! ඉගෙන ගන්න ඕන කඩා නොවැටී ඉන්න හැටි.
👋
ටටා.
කවී.
No comments:
Post a Comment