ගිස් ශාලින්දගේ කන්ටැක්ට් එකකට ට්‍රේන් එක බුක් නොකර මරදානේ ස්ටේශන් එකෙන් ගොඩ වෙන්න හිටියත් රෑ අට වෙනකොට. රැම්බො මල්ලි, කුක්කා මල්ලි , ඔමී, ශේන් සහ ශාලින්ද මල්ලි ආපු වෑන් එක එනකොටම රෑ නවයයි. ට්‍රේන් එක කොටුවෙ ස්ටේශන් එකට අද්දල ඉවරයි. කරන්න දෙයක් නැති කමට ටුක් ටූක් දෙකක් දාගෙන ගියා කොටුවෙ ස්ටේශන් එකට.
කොහොම හරි ඒ පරක්කු වෙලා තියෙනකොටත් ඔමීගේ හිත දුවන්නේම පෙට්ට් කඩවල් වල රාක්ක අස්සට. සයිවර් කඩවල් වල වීදුරු පෙට්ටි අස්සෙ ඇස් දුවන හැටි කන්නාඩියට යටින් හොදට පෙනුන . අය්යේ ඔයාලා ගිහින් සීට් ටිකක් අල්ල ගන්න බලන්න අපි කඩේට දුවල එන්නන කිව්වා. මාත් හිතුවෙ පව් වැඩේ බඩගිනිද දන්නේ නෑ කියලා එත් යන දේවාලෙක් ගිහින් වරෙන් කිව්වා ට්‍රේන් එක මෙතනින් අද්දන්න කලින් නානුඔයට.
අපි ට්‍රේන් එකට නගින්න බලන් ඉන්නවා ඉන්නවා ඔමී නෑ බැන බැන ඉන්නේ ඉතින්. ලස්සන වචන මතක් වෙනව් අපිට. කෝම හරි ට්‍රේන් එක අද්දන්න විනාඩි ගානක් ගානක් තියෙද්දි ඔමී මල්ලි ආවා හරිම
සසතුටින් මුනෙ නිකන් මල් දාහක් පිපිලා වගේ. ඇවිත් අලුත ඉපදුනු දරුවෙක් දෙනවා වගේ පරිස්සමට කුක්කා මල්ලිගේ අතේ තිබ්බේ නිල්ම නිල් පාට ඩන්හිල් පැකට් එකක්. යකෝ හු*$*#*#* මේ ට්‍රේන් එක අද්දන්න යන අස්සේ ඕකද හොයන්න ගියෙ? උඹ වගේ හු******** කොල්ලෙක් යකෝ කියලා මම ආදරෙන් කතා කලා.
ඔමීගේ මුනේ තිබුනෙ අහිංසක හිනාවක් , එකට ඉතින් අට නවය වසරෙ කෙල්ලෙක් රැවටුනොත් මිසක් අපි රැවටෙන්නේ නෑ .
කොහොම හරි අපිත් පොරකාගෙන නැග්ගා ට්‍රේන් එකට. සේරම සීට් ෆුල්.සූ ගාන්න සෙනඟ. කරන්න දෙයක් නෑ අපිට ඉන්න වුනේ ට්‍රේන් එකේ දොර ගාව. කොලඹ ඉදන් නුවර එලියටම හිටගෙන ට්‍රිප් එකක් ගියාමයි. ඉදල හිටලා බිම වාඩි වුනාට. ට්‍රේන් එකේ දොරේදි තමා අපේ එකෙක්ට අහිංසක හසි නංගිවත් හම්බුනේ. මට තාම මතකයි ඌ සෙට් වුනු ගමන් කියපු වචන ටික " කවී අයියේ මම මේක හිතුනොත් සිරා කරනවා." ඒකී හෙන අහිංසකයි " අයියේ. හතර පාරකට වඩා කොල්ලොත් එක්ක රූම් ගියා කියලා ඒකිම කිව්වට ඒකි තාම නොයිදුල් නිකැලැල් යුවතියක් බව ගමන් පුරා උගේ තිබුනු මතයයි.
..
කමක් නෑ දැක්කේ නෑ වගේ හිටියම හරි කියල හිතුන වාර අනන්තයි.
ශේන් මල්ලි කියන විදියට ඕක හරි අමුතුම සීන් එකක්.සහ උගේ එකහැකියාවක්. අපිට බෑනේ ඔව්වා.
කොහොමහරි අපි නුවර එලියටත් ආවා පාන්දර දෙක වෙනකොට. උදේ පාන්දර සිටේශන් එකේ ඉදන්ම ශීතල වැඩි කමට කවුරුත් වොඩ්කා බෝතලෙන් කට හේදුවෙ නෑ, වොඩ්කා ලීටරයක් විනාඩි හතර න් ඉවර වුනාම දැනෙන හැගිම් විස්තර කරන්න බෑනේ.
ලඟම තියෙන තේ කඩේ තියෙන්නේ ස්ටේශන් එකට කිලෝමීටරයකට එහායින්.කෝම හරි කුක්කා මල්ලී ඔමී සහ රැම්බෝ ගිහින් ගල් වෙච්ච මාලු පාන් දහයක් ගෙනාවා. ( ගල් බනිස් වගේ සීතලට මිදිලා).
පස්සේ අපි ආවෙ හාවා එලිය සර්කිට් එකට. උදේම කාලා බිලා ෆුඩ් සිටියට ගියා ඕන කරන බඩු ගන්න. ෆුඩ් සිටියෙන් එලියට බහිනකොට මිනිස්සු අපි දිහා හරිම ගෞරවයෙන් බලන් හිටියා. මොකද උදේ පාන්දර ෆුඩ් සිටිය ඇරපු ගමන් අපි එලියට එකෙක් අතේ බෝතල් දෙක ගානෙ තියාගෙන.
ඔමී ගිස් සාලින් මල්ලිට පැහැදිලි කලා සීතල පලාතක බොන වෙලාවට පිලිපදින්න ඕන කරුනු. හරියට ප්‍රොෆෙසර් කෙනෙක් වගේ..මට වෙලාවකට හිතෙනවා ඔමී කියන්නේ ජොනී වෝකර් එකේ රස පරීක්ශක කෙනෙක්ද කියලා. මූ කරන වැඩ වලට.
කතාව දිගයි හෙට හම්බවෙමු.
ටූ බී කන්ටිනියූ ඔන් ටුමෝරෝ.
ටටා 👋
කවී.
No comments:
Post a Comment