අයියේ තමුසේ අපේ චරිත අමු අමුවේ බාබකියු දාන සීන් එකක් පෙන්නුම් කරන්නේ.
මට දැනුනේ පට්ට සතුටක්! 🤣..හරි බන් උඹ අපේ එවුන් ඇරෙන්න වෙන කවුරුත් දන්නේ නෑ නෙ මේ උඹ කියලා.
...................
ඔෆිස් එක කියන්නේ හරිම ලස්සන තැනක්, ඒ වගේම නිකන් වික්ටෝරියා වේල්ල පහල තියෙන තඩි ගලක් වගේ එකක්. වේල්ල වැහුවම අව්වට රත් වෙවී තියෙනවා වතුර පොදක් නැතුව තවත් වෙලාවකට හෙන ගහන්න වගේ අපිවත් වහගෙන වතුර පාර ගලාගෙන යනව. දැන් අපි හැමොම බලා පොරොත්තුවෙන් ඉන්න සුනාමි සීසන් එකක්. හිර වුනු ඕඩර්ස් ඔලුව උඩින් යන්න එනකොට. තරු දිලිසෙන්න ගනී.
ඕනම තැනක ප්‍රොෆිට් අඩු වෙනකොට කැපෙන පඩි සමහර අවස්තාවල වැඩ වැඩිවෙනකොට ප්‍රොෆිට් වැඩිවෙනකොට වැඩි වෙන්නෙනම් නෑ. ඒක කම්පැනි දර්මතාවය. ඒක සහ සංයුජ සම්බන්දතාවයක්.
වෙලාවට අපි ගල් වුනේ. කරුමෙට හරි කොට්ටම්බා ඇටයක් හරි මුල් කෑල්ලක් වුනා නම් ගහගෙන ගිහිල්ලා හයියෙන්. 🍷 .
කෙප්ලර් ගේ විශ්ව හැකුලුම් න්‍යාය වුනත් මේකට හේතුව විදියට අපේ එකවුන්ට්ස් ඩිපාට්මන්ට් එකේන් ගේන්න පුලුවන්.
ඒක හරියට තුනට වහන බැංකුවේ ඩිපොසිට් කරන්න කියල හරියටම දෙකයි පනස් පහට චෙක් එකක් දීලා ඒක කරගන්න බැරි වුනාම යන එකාට බනිනවා වගේ. තියරිය හරි. අපි දුන්නේ තුනට කලින් කියලා එකවුන්ට්ස් පීපල්ස් කියනවා. අපේ රොකට් එකේ ගිය සහෝදරයා හති දානවා.
උන්ට කොයි වෙලේ හටි ආතරයිටිස් හැදෙනවා අපේ පඩි පෙල නැගල බැහැලම.
ටටා 👋 හෙට හමුවෙමු.
කවී
No comments:
Post a Comment