Sunday, June 28, 2020

රස්නෙට බුරියානි හා සවානක බෙදා හදාගත් ආදරේ

එක කතාවක් ඉවර වුනු ගමන් තව කතාවක් වගේ ඊයෙ රෑ අට දෙනෙක් කන සවානක බුරියානි එකක් අපි පස් දෙනෙක් කනකොට අපිට අනිත් එකාව පහු කරගෙන යන්න වුවමනාවක් තිබුනේ නෑ. මොකද ඕනවටත් වඩා එතන බුරියානි තිබ්බා චිකන් එක්ක.


.
කලබලයක් නැති කෑම මේසේ ශේන් මල්ලි ගේ කතාව ඇදල ගත්තා මම ආයෙත්. මල්ලී කොහොමද දැන් ඔයාගේ අර කියන ද්වී පාර්ශවික ආදරය .

අයියේ මෙහෙමයි, ඒක හිතා ගන්න බෑ , මලිත් දවසක් මට කිව්වා ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා බන් ඇයි උඹ ඔහොම හැසිරෙන්නේ කියලා. ඉතින් කවි අයියේ මොනවා කියන්නද මම !

ආදරේ කියන දේ හරිම අමුතුයි අයියේ අපිට නොලැබෙන දේවල් වලට තමයි අපි ආසා කරන්නේ ආදරේ කරන්නේ.
කවී අයියේ මම කිව්වේ නැති උනාට ඒ කෙල්ල සමහර වෙලාවට දන්නවා ඇති මම සමහර වෙලාවට ඒ කෙල්ලගේ ඇස් දිහා බලන් ඉන්න ආස බව. ඒ කෙල්ලට තියෙන්නේ ලා රතු පාට ඉටි වගේ දිලිසෙන තොල් දෙකක්. සමහර වෙලාවට මට ඒවා මිරිකන්න හිතෙනවා. කවුරු බලන් හිටියත් මොකද කියලා.

මම ඔමී එක්ක රෝස්ට් චිකන් කෑල්ලක් දෙකට කඩා ගන්න කඹ අදිනවා වගේ දෙපැත්තට අදින ගමන් ඇහුවේ. සහෝදර ප්‍රේමයට ශේන් මල්ලී..ස්මහර විට සහෝදර ප්‍රේමය වැට පැනලා ගිහින්ද දන්නේ නෑ. 

අනික ඔය කියන කෙල්ල ඔය තරම් ලස්සනද? මට ෆොටෝ එකක් පෙන්නපන්කෝ.


අනිත් එවුන් ගේත් ඇස් දිලිසුනේ ෆොටෝ එක බලන්න ආසාවෙන් නෙමේ . සවාන් පිඟානට වැදුනු ලයිට් එලිය පරාවර්තනය වෙලා වෙන්නැති. කොහොම   හරි වාඩි වෙලා හිටිය පුටුව මම හෙමීට උගේ පැත්තට කරලා.ශේන් මල්ලිගේ ෆෝන් එකට එබුනා. 

ෆෝන් එකේ හයිඩ් කරලා තිබුනු ෆයිල් එකක් පුරෝලා තිබුනේ අර කියන කෙල්ලගේ ෆොටෝ. වට්සැප් ස්ටේටස් දාපුවා  ඉන්ස්ටා එකේ දාපුවා සේව් කරගෙන. මටත් දැක්ක ගමන් කියවුනේ අඩේ හෙන කියුට් කෙල්ලෙක් නේ බන් කියලා. 

ඒකනේ කවී අයියේ කියන්නේ .ඔයා ඇතට දැකලා නෑ නේ. මම දැකලා තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ ඒ කෙල්ලට. සමහර වෙලාවකට හිතෙනවා අයියේ ඒ කෙල්ලව උස්සගෙන යන්න. නැත්නම් අහන්න හිතෙනවා මට එකම එක පාරක් ඔයාව තුරුල් කරන් ඉන්න ඉඩ දෙනවාද කියලා. අයියේ ඒ කෙල්ල එක පාරක් හා කිව්වොත් ඒ ඔලුව මගේ පපුවට තද කරගන්නවා මට පුලුවන් විදියට. මට ආසයි අයියේ ඒ කෙල්ල නිදාගෙන ඉන්නකොට ඇස්තියෙන්නේ කොහිමද කියලා බලන්න.

ශේන් මල්ලී, එත් ඒ කෙල්ල දන්නවා නේද උඹට කෙල්ලෙක් ඉන්න බව, එහෙම වෙලත් උඹ හිතනවද ඒ කෙල්ල කැමති  වෙයි කියලා උඹට තුරුල් වෙන්න. උඹ මහා වනචරයෙක් බන්.

ශේන් ගේ ඇස්වල ලාවට කදුලු ටිකක් එකතු වෙනවා වගේ දැනුනා. අපේ මේ විහිලු අස්සේ.

අයියේ ඒක ඒ කෙල්ල හොදටම දන්නවා, ඒ වගේම මම ඒකෙන් හෙම්බත් වෙලා ඉන්නේ කියලත් දන්නවා ඇති. අනික මම කිව්වේ මට තුරුල් කරගන් ඕන කියලා මිසක් ඒ කෙල්ලව මගේ ඇද උඩට  අදුම් නැතුව අරගන්න නෙමේ නේ. කියලා ශේන් මල්ලී කිව්වේ ටිකක් කේන්තියෙන් වගේ කෑ ගහලා.

ඒකනම් හැබැයි ගානක් වුනේ නෑ අපිට. මොකද ඒ වෙලාව වෙනකොට කුක්කා තම අදහස් දක්වමින් කිව්වේ ඌ ගාව තියෙන සේරම රෝස් චිකන් කටු ඔමී මල්ලී කාලා දාපුවා කියලා. ඔමී කිසි දෙයක් කිව්වේ නෑ.අ අඩු තරමින් බල්ලෝ කියලා බැන්නෙවත් නෑ. තමන්ගේ පාඩුවෙ උගේපැත්තේ තිබුනු චිකන් කැල්ලෙන් ඒ තරහා පිරි මහගත්තා මිසක්.

... ආයේ කතාවට ..

ශේන් මල්ලී ස්ප්‍රයිට් උගුරක් බීලා පිච්චෙන පපුව නිවා ගත්තා . ඊට පස්සේ කිව්වා. මම උඹලා ගැන දන්නේ නෑ මම ඒ කෙල්ලට ආදරෙයි. ඒ කෙල්ල මාව අමතක කරලා දාන්න දවසකට කලින් හරි මම ඒකිව තුරුල් කරගන්නවා. මම කලින් දවසකත් කිව්වානේ අයියේ. මම ඒ කල්ල ගාව තීන රස්නෙට කැමති. අනික උඹලා මේක අසහනේ කියන කැටගරියට දාන්න එපා. හේතුව කවදාවත මම ඒ කෙල්ලගේ දනහිසට පොඩි ප්‍රමානයක් පහලට වෙන්න මිසක් ඊට උඩින් දැකලා නෑ.එකි එහෙම අදින්නෙත් නෑ.

මම ඇහුවා එහෙනම් ශේන් මල්ලි උඹ ඇවිස්සුනේ මොනවා දැකලද . උඹ කොහොමද කියන්නේ ඩෝප් උනු වෙලාවට කියනවා වගේ රත්තරන් පාටයි කියලා.

ශෙන් මල්ලී ටික වෙලාවක් අමුතු විදියට බලන් ඉදලා හරිම පහත් හඩින් කිව්වා ඒකෙල්ල දවසක් වාඩි වෙලා ඉන්නකොට මම ගියා ටියුට් වගයක් දෙන්න. එතකොට මට පෙනුනා ඇදන් හිටපු බ්ලවුස් එකේ පිට් පස්සේ කොන්ඩෙට යටින් බටන් එක දාලා නැහැ කියලා. ඒ වෙලාවේ මම දැක්කා ඒ කෙල්ලට තියෙන්නේ හරිම ලස්සන රත්තරන් පාට හමක් කියලා. මම ආසයි අයියේ ඒ කෙල්ලගේ අතක් අල්ලගෙන ඉන්න ලඟින් තියගෙන ඉන්න. මම හිතන්නේ සමහර වෙලාවට මගේ හැඟිම අවුස්සන්නේ ඒ කෙල්ලගේ ඇදුම්.කොච්චර වැහිලා තිබුනත් එව්ගෙ තිබුනේ අමුතුම ලස්සනක්.

මොනා හරි වෙච්ච දෙන් මට දැන් දැන ගන්න ඕන ඒ කෙල්ලටත් මාව එහෙම දැනෙනවද මම ඒ කෙල්ලට ආදරේ කරන විදියට ඒ කෙල්ලත් මට ආදරෙයිද නැත්නම් මමත් ඒ කෙල්ලගේ ලිස්ට් එකේ ඉන්න තවත් එක කොල්ලෙක් විතරද කියලා. මිනිහා ආයෙ ෆෝන් එක දිහා බලලා කිව්වා. අයියා ඕක ලියන්න ගත්ත දවසේ ඉදන් වගේ දැන් ඒ කෙල්ල මට වැඩිය ස්නැප් එවන්නෙත් නෑ.
මම හරිම ආසයි ඒ කෙල්ල කැශුවල් ඉන්න ඇදුම් වලින් දාන ෆොටොස් වලට. අයියා ඒකත් ඒ සැනසීමත් මට නැති කලා කියලා. ෆෝන් එකේ තිබුනු අර කෙල්ලගේ ෆොටෝ එකක් ඉඹලා ඒක පපුවට තද කරගෙන පුටුවේම දිගා වුනා.

මම කල්පනා කරන්න ගත්තා. සමහර වෙලාවට මිනිස්සුගේ හිත් කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. කලින් ඇත්තටම උන් දෙන්න ආදරෙන් ඉදලා දැන් මන් නිසා වෙනම ඉන්නවද කියලා. ඇයි එතකොට ඒ නංගි ශේන් මල්ලිට ආදරෙයි කියන් නැත්තේ කියලා හිතුන. සමහර විත ඒ දැනෙන ආදරේ විදගන්න ඒ කෙල්ල අක්මැති ඇති. එහෙනත් නැත්නම් ඒ කෙල්ලගේ ලිස්ට් එකෙන් ඉන්න තවත් එක කොල්ලෙක් විතරක්ම වෙන්න ඇති ශේන් මල්ලි කියන්නේ.

කොහොම හරි මේක මම අහලා තියෙන අමුතුම කතාවක්. නංගි මේක කියවනවා නම් ශේන්ට බනින්න්නන එපා ඉන්න ටික දවස හරි ඌ මැරිලා යන්න කලින් ආදරෙයි කියපන්. 

අයිතියක් නෑ කියලා මිනිස්සු මිනිස්ස්සසුන්ට ආදරේ කරන්නේ බොහෝම කලාතුරකින්නේ . තාව කාලික උනත් ඒ ආදරේ උණුසුම් කර ගනින්.

නැත්නම් මේ බුරියානි එක වගේ නිවිලා ගිහින් කිසිම රසයක් නැති වේවි.

👋  ටටා ..

නැවත හමුවෙමු 

කවී.

2 comments:

  1. Ammo ayesh mahathaa...oyage katha kiyawana ekath amuthuma athal ekak...sinhala sahithya pothata dannama ina godak mathuruka hengila tiyanawada kiyala welawakata hithenawa..oyage blogs kiyawaddi

    ReplyDelete
    Replies
    1. හපෙ අප්පෝ එච්චර දියුණු නෑ 😁

      Delete

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...