Sunday, June 14, 2020

තිලකා සහ ලියෝනි නංගිගේ කන්දොස්කිරියාව

මගේ මහ කැත පුරුද්දක් තීනව. ඒක තමා වයිෆයි ඔෆ් නොකර නිදා ගන්න එක. ඉතින් මම ඔන්ලයින් ඉන්නවා කියලා හිතලා මැසේජ් දාන එවුන්ට අල්ලපු කඩේ කොත්තු බාස්ගේම පිහිටයි.

ගිය සෙන්සුරාදා මහ පාන්දර ඒ කියනෙ උදේ දහයට වගේ.( රෙද්ද උස්සන් එන්න එපා උදේ දහය පාන්දරද අහගෙන මොකද මම මගේ ශ්‍රී සයනයෙන් නැගිටින වෙලාව අනුව ඒ පාන්දර) තිලකා වට්සැප් එකේ හෝ ගාලා කෝල් ගහනව. ඒ වෙලාවට සූර පප්පා කාටුන් එකේ ක්ලියෝ පැට්ට්‍රාගේ ඩයලොග් එකක් මතක් වෙනව. "මාගේ ස්වර්ග රාජ්‍යයට පැමින මා නැති කරන්න හදන දුශ්ඨයිනි" .
කොහිම හරි මේකා කතා කරලා තියෙන්නේ ලියෝනි නංගිගේ අක්කාගේ උපන් දිනේට නිසදැසක් ලියා ගන්න. මං වගේ අග්‍ර ගනයේ කලා කරුවෙක්ව එහෙම හැල්ලු කරනව උදේ පාන්දර. ලේ කෝප වෙනවා නිකන්ම.
දුරකතන සංවාදය මෙසේය.

තිලකා- ඕයි මේ අයේශ් මට ලියල දෙනවකො ඕයි බදාදා උපන් දිනේ.

මම- රුපියල් දාහක් මගේ එකවුන්ට් එකට දාලා ඩිපොසිට් ස්ලිප් එකේ ෆොටෝ එකක් වට්සැප් කරන්න.

තිලකා- ඕයි.හු********* *****$*$&#&#***#&&#**#&*$&@&&*#*@***#*@&&#&#&#&#&#*#**#*#*  ලියලා දීපන් තව දවස් කියද වල් $&#&##&@-%*##*#*#&#**$$ තියෙන්නේ.

මම- බෑ කිවුවේ නෑ නේ හරි මට අක්කාගේ හැඩරුව කියපන් ගතිගුණ එක්ක.

තිලකා- ටිකක් මිටියි.කලුයි උඹ වගේ.

මම- වර්ණ වාදය ඉස්මතු කරන්න එපා හු$**$*$*$

තිලකා- හරි බම් උබේ පාට වගේ.ටිකක් විතර බතල කොටයක ගතියක් තීනව.

මම- ඔව් ඉතින් සාදාරණයි ලියෝනි නංගිගේ අක්කා නේ.

තිලකා- අන්නේකයි කියන්නේ! ගතිගුනනම් ඉදහම් උඹ ලියෝනිගෙන්ම අහගනින්.

මම- හෝව් හෝව් තෝ උදේ පාන්දර ලියෝනි නංගිගේ ගෙදරද ඉන්නේ වනචරයා.😑

තිලකා- ඔව් බම් ලොක් ඩවුන් නිසා මෙහේ තමා මේ ටිකේ ඉන්නේ ඇයි උඹ මොකෝ.

මම- නෑ නෑ බම් අපෙත් ලොකු හීන නෑ තව මාස නවයකින් අපිත් මාමලා වෙනව කිවුවම සතුටුයි.

තිලකා- ඕයි මේ ඒවා කියන්නත් බෑ.. මේ අරක අහ ගනින් නංගිගෙන්.

ලියෝනි- අයියේ මේ අක්කා හෙන නපුරුයි හොදේ ඒක දාලා ලියල දෙන්න. හරිද එයා හැමතිස්සෙම එහෙම තමා.

මම- හරි නංගි ඒක අවුලක් නෑ ලියල දෙන්නම්. කෝම හරි ඔය දෙන්නා මාව තමාලි අක්කව ලහිරු අයියා ක්‍රිශාන්ත අයියා දිවී අක්කා යොහනි අක්කා මේ සේරමල්ලව මාමල නැනදල කරන්න ඕන හොදේ 😅

ලියෝනී නංගී- අනේ මේ අයිශ් අයියේ.

තිලකා- ඕයි ඕක ලියල දීපන් ඒක මන් බලා ගන්නම්.

ටීක් ටීක් ටීක්. රි ක්නෙක්ටින්ග් යුර් වට්සැප් වොයිස් කෝල්.

මුන් දෙන්නා හිතන් ඉන්නේ මම පැය ගනන් මහන්සි වෙලා මේව ලියන්ව කියලද. උන් එක්ක කෝල් එකෙ ඉන්න ගමන්ම මම නිසදැස ඩ්‍රාෆ් කරල ඉවරයි. කෝල් එක කටි කරල විනාඩියෙන් නිසැදැස උට යැව්වා.

තව ටික වෙලාවකින් උ අයෙත් එවනව ඕයි මටත් එකා ලියල දීපන්ලු අක්කට දෙන්න.

මම් ශේප් එකේ උගේ චැට් එක ආර්කයිව් කරලා නිකම් හිටියා. 😅

නැත්නම් මේ කුරිරු ලෝකෙන් මට බේරිමක් නෑ කියල මන් දැනන් හිටියා. ඒක මට තිලකගේ කම්මුලේ තීන ගංජා ගැටේට සහන් රන්වල සින්දුවක් හැදුවා වගේ විශ්වාසයි.

ඕයි තිලකා මට මහ කුරිරු සතුටක් දැනෙනවා ඕයි!

කවියා.


No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...