Saturday, June 13, 2020

යාලුවෝ සහ බෝතලේ අතර ඇති ලෙන්ගතු කම

යාලුවෝ! උඹටත් මෙහෙම එවුන් ඉන්නවද මුනට දැක්කම කතා කරල ගියාට පස්සෙ  තවත් දේවල් කියන.
කරුමෙක මහතට අවුරුදු ගානකට කලින් මම මගේ ඔෆිස් ෆෝන්  එකෙන් මගේ පර්සනල් ෆෝන් එකට   ඇමතුමක්  අරගෙන  ඔෆිස් ෆෝන් එක යාලුවො හිටපු ටේබල් එකක් උඩ තියලා ටිකක් මෙහාට ඇවිත් මගේ ෆෝන් එකෙන් උන් කියන දේවල අහන් හිටියා.

උන්ගේ වෙලාවද මගේ වෙලාවද දන්නේ නෑ. මම නැගිටල ආපු ගමන් උන්ගේ ටොපික් එක වුනේ මාව.
එකෙක් මාව මාතෘකාව විදියට ඇදල ගත්තම අනිත් එවුනුත් ඒකට පෝර දැම්මා මිසක් වැලක්වීමක් නම් කලේ නෑ. විනාඩි අටක් ෆෝන් එක කනේ තියන් ඉදලා මට තේරුම් ගියා මම අවුරුදු අටකටත් වැඩියෙන් ආශ්‍රය කරල තියෙන්නේ මුන් නේද කියල.

කලකිරීම කියන්නේ අන්න ඒ වගේ දේවල් අත් විදින එක.හැබැයි හොදම දේ මීටරේ දුර යාලු කම් වලත් තියාගන්න එක.

බෝතලේ කියන්නේ හරි අපූරු බැදීම් ඇති කරන මැජික් බාන්ඩයක්. ඇතිල්ලුවාම භූතයා ආවේ නැති වුනාට. ඒක බිව්වාහම තමන්ගේ ඇතුලෙ ඉන්න බූතයා පෙන්නුම් කරනවා. දවසකට මම කියනවට බොන්නේ නෑ කියපන්, සල්ලි නෑ කියපන්. ටික දවසකින් උන් සේරම අමතක වෙලා යන හැටි බලපන්. ඔව ඔව් එහෙම කොට්ටාශයකුත් ඉන්නවා.

කවී

No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...