Monday, June 15, 2020

ජපනුන් වගේ වැඩ කර සෝමලියාවේ වගේ පඩි ගමු

සුභ උදෑසනක් වේවා!

කැබ් සර්විස් එකේ කලු අයියාට පින් සිද්ද වෙන්න පොඩි ඩීප් බේස් සින්දු ටිකක් අහගන්න පුලුවන්.
ක්‍රියේටිව් 5.1 එකක් විසික් කරන්න යන්ව කියන්නේ හරිම පවක්.🤣 ඒ නිසා ඒක මට අරන් පලයන් කිව්වා. දෙයියෙක් නිකන් පොල්ලෙන් ගැහුව වගේ අරන් ආවා ඒක ඊයෙ රෑම.

ඩීප් බේස් කෙසේ වෙතත් දැන් තමා මතක් උනේ අද සදුදා කියලා. ඔෆිස් යන්නත් තියෙනවා. අපි ජපන්නු වගේ වැඩ කරල කොහොම හරි කම්පැනිය ගොඩ දාන්න ඕන. වැඩේ කියන්නේ අපි ජපන්නු වගේ වැඩ කලත් පඩිය නම් හම්බවෙන්නේ ඉන්දියාවෙ මයිසූර් ප්‍රාන්තයේ අයිනක තියෙන රොටි කඩේ ප්ලේන්ටි දාන කොල්ලගේ තරමට.🍷😋 බේසික් එකෙන් භාගයයි !තාමත්!

හැබැයි ඒක දීලා බොස්ලා හිතන්නේ අපිට ඒ පඩියෙන් කාලා බීලා බිල් ටික ගෙවල ඉතුරුවෙන සල්ලි වලින් වාහනේකුත් ගන්න පුලුවන් කියල.
අර මම අපේ ඔෆිස් එකේ නලින් අයියට කියන්ව වගේ මම කොහොම හරි මාස දෙකක පඩි එකතු කර ගත්තනම් රෙන්ජ් රෝවර් එකක් කෑශ් වලට ගේන එක නතින්ග්.😑
.............................................

ඕන කම්පැනියක මෙහෙම තීයරි දෙකක් තීයෙනවා!
පලවෙනි තියරිය - කම්පැනිය ලොස් නම් පාඩුයි නම් පාඩුව කවර් කරගන්න බෝනස් දෙන්නේ නෑ නැත්නම් සේවක පිරිස අඩු කරනව එහෙමත් නැත්නම් එග්ස්පෙන්සස් අලෝවන්සස් කප්පාදු කරනව බැරිම වුනොත් පඩි කප්පාදු කරන්නත් ට්‍රයි එකක් දානව. සාදාරණයි ඉතින්. ප්‍රොෆිට් නැතුව කෝමද සේවකයන්ට පඩි ගෙවන්නේ.

දෙවෙනි තියරිය( අහිංසක මිනිස්සු / උඹලා බබාලා අපිත් බබාලා තියරිය)

කම්පැනිය ප්‍රොෆිට් නම් ටොප් මැනේජ්මන්ට් එකෙන් මීටින්ග් අරන සකජ්චා කරනවා බොහොම පහත් හඩින් කොහොමද ප්‍රොෆිට් එක හන්ගන්නේ කියලා. මොකද ආදායම් බදු ගෙවන්න වෙන එක බෝනස් රේට් වැඩි කරන්න වෙන එක ඒ චූටි හිත් වලට දරා ගන්න බෑ. ඉතින් ෆයිනල් ඔඩිට් එක කරන් වෙලාවට ෆර්ම් එකටත් ගිහින් ඉල්ලන්නේ අනේ ප්‍රොෆිට් එක ටිකක් අඩු කරලා පෙන්වන්න කියලා!

බැරිම වුනොත් ට්‍රාන්ස්පොර්ට් එග්ස්පෙන්සස් එකකට ඩබල් චාර්ජස් හරි දාලා පෙන්වනවා. ප්‍රොෆිට් එක රුපියල් සීයයි. මෙතන කාගෙවත් වැරැද්දක් නෑ මෙතන වරැද්ද තියෙන්නේ ඒගොල්ලෝ බීපු ඇන්කර් පීඩියා ප්‍රෝ වල නැත්නම් කාපු මාරි අනුපාතයේ ඇති වූ ගැටලුවක්.

මොකද ඒ වගේ ටිකිරි මොලයක් පිහිටන්න නම් දානෙ ගෙවල් වලට දෙන ලොකු මාරි බිස්කට් පෙට්ටියක්වත් කන්න ඕන සමපෝශ පැකට් දෙක තුනක් එක්ක.

ව්නෝදය සදහා පමනි! වදින්න රිදෙන්න ලිව්වේ නැත. අදාලයි නම් වද්ද ගත්තාට කමක් නැත. නමුත් තප්පු ලෑමෙන් වලකින්න. එසේ වුනොත් සිතන්නට වෙන්නේ කෑ තණකොල වලට මාරි කලවම් වී ඇති බවයි.

ටටා 👋

කවී.







No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...