Saturday, June 20, 2020

ආදරේ බෙදීම සහ කොත්තුව

ර්යෙ රෑ හත පහු වෙනකොට මම නාවල කුසල් මල්ලිලාගේ තට්ටු හතරේ ඔෆිස් එකේ.
මම රැම්බෝ මල්ලි ඔමාර් මල්ලි කුක්කා මල්ලී
තමයි ඊයෙ හිටිය ජනතාව. ගිස් සාලින් මල්ලිට  මිස් වෙලා පාටිය.

රෑ දොලහ වෙනකන් අපි කතා කර කර හිටිය. හැමතැනම් තියෙන සමානකම් ගැන. උන්ට දැනෙන විදිය ගැන. බැලුවම ලස්සනට පෙනුනට අපි එකම අත්තේ වහපු කුරුල්ලෝ. විස්කි එකයි මසාලා කොත්තුයි කොල්ලොන්ගේ ශරීර පුරවනකොට ඉන්න ඉඩ නැති හින්දද නැත්නම් විස්කි ගනකම් අඩු නිසාද දනේ නෑ හිත ඇතුලෙ හිර වෙලා තිබ්බ දේවල එලියට ආවා වික්ටෝරියා ජලාශේ වාන් දොරටු ඇරිය වගේ.

එතනින් එකෙක් ගේ කතාවක්..

 කවි අයියා කියන විදියට අපි හොදනම් ඇයි මම අර පොඩි කෙල්ලෙක්ට ආදරේ කරන්නේ. කොච්චර කලත් කවී අයියේ මට බදින්න කෙල්ලෙක් හිටියත් ඇයි අර පොඩි කෙල්ලගෙ හිනාවට එච්චර ආස කරන්නෙ ආදරේ කරන්නේ. 
අතින් අල්ලන්න ආස කරන්නේ ? පලවෙනි දවස වගේ. ඇයි ඒන්පොඩි කෙල්ල තරහා වුනාම දුක හිතෙන්නේ? ලඟ ඉන්නවනම් ආස හිතෙන්නේ. මූන දැක්කම හුරතල් කරන්න හිතෙන්නේ. ල බීපු අරක්කු වැඩි වෙලා කියවනව නෙමේ අපි පොදුවේ හොද මිනිස්සු නෙමේ කියලා මට හිතෙනවා.
මම කතාව අහන් ඉදලා ඇහුවා ඇයි මල්ලි පැටලන්නේ එහෙනම් උඹ කියහන් ඒ නංගිට ආදරෙයි කියලා. මොකද බොරුවක් උඩ ජීවත් වෙනවට වාඩා ඇත්ත උඩ විනඩියක් ජීවත් උනත් සැපක් කියලා.

එහෙම නෙමේ අයියේ ඔයාට තේරෙන්නේ නෑ මට තියෙන්නේ ඒ දෙන්නම ඕන වගේ හැගීමක්. අඩේ මුගෙ තීන මනමාල කම . 
නෑ නෑ කවී අයියේ ඔයාට තේරෙම් ගන්න බෑ මට මට එහෙම දැන් ඉන්න කෙනාගෙන් අයින් වෙලා මේ පොඩි කෙල්ල එක්ක ගමනක් යන්න බෑ බන් අයියේ. මොකොද කොහොම නමුත් ඒ කෙල්ලත් දන්නවා මමත් දන්නවා අපි දෙන්නට එකතු වෙන්න බෑ කියලා. මොකද අපි වෙනස්ම ජාතීන් දෙකක්. ආගම් දෙක්ක්. හැගිම් කොහොමද දන්නේ නෑ නමුත්. ආදරේ දෙකට දාලා ආගම එකට තියාගනී කියක හිතෙන ජනතාවක් එක්ක ජිවත් වෙන පිරිසක්. ඒත් මට කියන්න ආසයි අයියේ මම ආදරේ කරනව කියල හිතින් හරි ඒ මූනට. ඒ හුරතලේට.
සමහර විට ඒ කෙල්ල දන්නවා ඇති මගේ හිතේ අමුතුම ආදරයක් තීනව කියල ඒකි ගැන. ඒත් සමහර විට ඒ කෙල්ලත් මන් වගේම වෙන්නැති. මට ආදරේ පෙන්වල ගෙදර යන්නේ බදින්න ඉන්න කොල්ලා එක්ක වෙන්න පුලුවන්.

හවි හව් , කරස් බරස් ටෲක්.. චිකන් කිව්වට මල්ලි මුන් කොත්තුවට දාලා තියෙන්නෙ කටුද මන්දා. මම කිව්වේ කතාව අතර මැද්දෙන්.

ඕයි අයියේ ජෝගි නෙමේ මේක සීරියස් කතාවක්. කියල ඌ කියන්න ගත්තාම , මම කිව්වේ අවුලක් නැ මල්ලි ඔයා තියෙන්නේ පොඩි ආකර්ශනයක් විතරයි කියලා.
ඕක හරි යයි.

ඌ ටික වෙලාවකින් හෙන හුස්මක් පිට කලේ ප්‍රයිවට් බස් එකක වැකුම් යවනව වගේ. නැත්නම් ටියුබ් ටයර් එකකට පාරාල ඇනයක් වැදුන වගේ.

එහෙම නෙමේකවි අයියේ කවුරු හරි ඒ කෙල්ලට විහිලු කලත් මගේ හිත රිදෙනවා. කොටින්ම කියනව නම් අනිත් අයගේ විහිලු වලට මම හිනා වුනාට ඒ කෙල්ලට දුක හිතුනද දන්න්නේ නෑ කියලා මාත් දුක් වෙනවා. ඒ වගේම අනිත් කෙනෙක්ගේ විහිලුවකට හිනා වෙනකොට මට ඉර්ශ්‍යා හිතෙනවා. සමහර වෙලාවට මට ඒ කෙල්ලගෙ ඇස් දෙක දිහම බලන් ඉන්න හිතෙනවා.මූන දිහාම බලන් ඉන හිතෙනවා. බලෙන්ම ලගට ඇදලා අරගෙ තද කරලා තුරුල් කරගන්න හිතෙනවා. යන්න දෙන්නේ නැතුව. තරහද කියකා අහනකොට තරහා නෑ කියලා කියන්න ඕන් වුනත් හිතෙ තියෙන දේවල් තද කරන් ඔව් තරහයි කියනවා. වැඩ ඉවර වෙලා බායි කියනේනැතුව ගියොත් දුක හිතෙනවා.( විස්කි බෝතලෙන් තව මූඩියක් ඉතුරු වෙලා තිබුනත් බඩු හොදට වැඩ කරන බව දැන් තහවුරුයි) අයියේ මගෙ ලගටම වෙලා ඉන්නකොට ඒ දැනෙන උණුසුමට මා කැමතී.

මම වැරදිද කවී අයියේ කියපු කතාව?

මට දෙයක් කියා ගන්න ඕන වුනත් තඩි කොත්තු අහුරක් කටේ ඔබාගෙන සිටිය බැවින් කිසිත් නොකියාම සිටියෙමි. අනික ඌ කතාව නැවැත්තුවානම් මට කන්න කොත්තුවක් ඉතුරු නොවන බවත් දනිමි. එහෙයින් මාත් කුසලුත් කොත්තු කෑ නම් තවත් මොන කතාද අසමින් නිහඩ වුනෙමි.

ටටා 👋 නැවත හමු වෙමු.

කවී.




No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...