උදේ පාන්දර එන ඇමතුමෙ සටහන්ව ඇත්තේ හෙනම අවුලකි. දුරකතනයේ පෞද්ගලික නාමාවලිය මිනිසුන් විවිද අයුරින් සේව් කරන්නේ ඇයිදැයි යන්න ගැටලුවක් නොවූ ප්ශනයකි.
එකිනෙකාගේ ෆෝන් බුක් එකේ මගේ නම සදහන් වී ඇති අයුරු එකිනෙකට වෙනස් වේ. ඉන් කියවෙන්නේ අපිට අපේ කියා අනන්‍යතාවයක් නොමැති බවයි.
ෆෝන් කන්‍ටැක් ලිස්ට් ගැන කතා කිරීමේදී අපිට අමතක නොවන පුදගලයෙකි සුල්ෆා. මා දැන සිටි ජීවමාන හම්ප්ටී ඩම්ප්ටී ඇය විය හැක. පඩි පෙලේ උඩ සිටින විට තල්ලු කිරීමට සිතුන වාර අනන්තය.
ඒ ඩිස්නි කාටුන් එකක මෙන් බෝලයක් සේ පඩි පෙල දිගේ බම්ප් වෙවී යාවී යැයි මා නිතරම උපකල්පනය කල බැවිනි.
ඉදිරියට ඒ සම්බන්දව විස්තරයක් රැගෙන ඒමට උත්සහා කල හැක නමුත් දැන් සොයා බලන්නේ ෆෝන් බුක් එක ගැනය..
ඇගේ නිතරම එන ඇමතුම් දෙකක් වුනි ඇය ඒවා සේව් කරගෙන තිබුනේ පහත අයුරිනි.
1. Mr.problem
2. Mrs.Problem
මුල් දිනයන්හිදී මේ පිලිබද කුතුහලයක් ඇති වූ නිසා මේ ගැන විමසීමේදී ඇය පැවසුවේ තමාගේ මව සහ පියා මෙලෙස නම යොදාගෙන ඇති බවයි.
ඇයට අනූව මවට පියාට ගැටලුවක් ඇති නොවන වෙලාවක් නැත. අප අවට සමාජය දෙස බැලීමේදී මේ හා සමාන සිදුවීම් ඔනෑ තරම් දැක ගත හැක.
අප ප්‍රිය ගජා ගේ නාමාවලිය ඊට ඉදුරා වෙනස් වේ.
එය කියවා ගැනීමට නම් මගේ මතය අනුවා පුරා විද්‍යාව විශය දාරා ඔස්සේ පුරාන අක්ශර හා භාශාවන් සම්බන්දව අවම වශයෙන්ම ඩිප්ලෝමාවක් වත් තිබිය යුතුය.
නොඑසේනම් ඔහුට විස්කි කාලක් පොවා අපිද විස්කි භාගයක් වත් බී මනා සංයමයකින් යුතුව බැලිය යුතු වේ.
ඉතින් අදට 👋 චෙරියෝ!
කවී
All most Six years Working for NVOCC company AKA Freight forwarding Shipping company in sri lanka and i'am writing dayofsl.blog about day to day events that happened and thoughts which came to my mind while i working and also my free times. Some Names and places used for give you a good narrative only . විචාරකයෙක් නොවේ.මා දකින මට සහ මගේ මිතුරන්ට පෙනෙන කෝනය අනුව, මට හා යම් පුදගලයන්ට දැනෙනා ආකරයෙන් ලිවීමකි. නම් ගම් ස්ථාන වඩාත් හොද රසයක් ලබා දීම සදහා යොදාගෙන ඇති අතර 72% ක් මනං කල්පිත වේ.
Subscribe to:
Post Comments (Atom)
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා! වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...
-
කොහෙන්ද ආවේ කියලා හිතන්න ගත්තම හැමදාම වගේ නැවතුනේ එකම තැන ඉමන්දරා ටික ටික අමතක කරන ගමන් ඉන්නේ .. කාවද ? මාව කවී අයියේ ! හේතුව ? හේතුවක් ...
-
හැම මාසෙකම වගේ ඒ මාස වල ඉපදෙන එවුන්ට මොනවා හරි දෙයක් කියනවා වගේ තමා නොවැම්බර් වල ඉපදෙන් එවුන්ට කියන්නේ වාසනාවන්ත් එවුන් කියලා. හේතුවක් හොයන...
-
ජීවිතේට එහෙන් මෙහෙන් යාළුවෝ කියා ගන්නා බොහෝ දෙනෙක් හිටියට ඇත්තම යාළුවො කියන වචනය දෙන්න අමාරු අවස්තාවන් ඕනෑ තරම් අපිට අත් විදින්න පූලුවන්. බ...
No comments:
Post a Comment