උදේ පාන්දරම පිට කසන්න ගන්නවා නම් සමහර විට අපිට ජීවිතය ගැන යතාර්ථය යම් තාක් දුරකට අවබෝධ කරගන්න පුලුවන් මන් හිතන්නේ.
මොකද අපිට කොච්චර වුවමනවක් තිබුනත් හරි අමාරුයි පිට කසා ගන්න එක.
සමහර විට මිනිස්සු අසන්න පුලුවන් "ඇයි උඹට කැසිල්ලද" "ඇයි උඹව කසනවද" වගේ දේවල්.
ඒත් උන් කවදාවත් උඹේ පිට කසල දෙන්නේ නෑ.😑 "අපේ පිට අපිම කසා ගත යුතුය"🍷
.................................
කෙලවීම! මේක ඇහෙනකොට සුන්දර තමන්ට වෙනකොට රිදෙන සිංහල වචනයක්. උඹටත උඹේ ජීවිතය පහත දක්වා ඇති වර්ගයන්ගෙන් කෙල කරෝ ගත හැක.
1. සමාජ සේවාවන් වල යෙදීම මගින්.
2. බිදුනු හිත් හදන්නට යෑම මගින්.
3. පැන පැන උදවු කිරීමට යාම තුලින්
4. හිත හොද වැඩි කම නිසාවෙන්
5. නරි අල්ලාගෙන සුරතල් කර නෑවීම මගින්.
විග්‍රහය.
1. සමාජ සේවා කිරීම ඉතා යහපත් වේ. නමුත් එහා ගෙදර වලන් හෝදා දීම මේ ගනයට දැමිය නොහැක.
වලද හේදු පසු නිවසද අතු ගාවා ගැනීමේ ඉඩකඩ වැඩිය. සමාජ සේවා වලට වියදම් කරන සල්ලි වලින් ක්‍රීම් ක්‍රැකර් අරගෙන බටර් ගා මැදට සීනි යොදා කන එක ඊට වඩා රසවත්යැයි සිතමි.
2. මගේ මතය අනුව නම් බිදුනු හිත සැදීමට යාමෙන් තිබෙන මිත්‍රකම්ද බල්ලාට යා හැක. මගේ අවවාදය නම් අනුන්ගේ ලව් වලට පක්ශපාතී නොවී උපදෙස් නොදී ඉන්න තරමට යෝග්‍යය. මන්දයත් අන්තිමේ උන් කිරි පැනි කන ගැරඩි දෙන්නෙක් වී උඹ භූමිතෙල් නොඑසේ නම් ඉර්ශයා කාර දුශ්ඨයාගේ චරිතය විය හැක.
3. උදවු කිරීම හොදය නමුත් දීර්ග කාලීනව පැන පැන උදවු කිරීමෙන් උදවුව උඹේ ජොබ් එක තත්වයට වැටෙනු ඇත. උඹට හුස්ම ගැනීමට නොහැකි තත්වයක හිටියත් උදවු කිරීමට වෙනු ඇත.
මිනිස්සු පලමු වර ඉල්ලනේ පුලුවන්ද අසමින් ලඟටම බෝලය ගෙනත් දෙති දෙවෙනි පාර මල්ලී , අයියේ කියා බෝලය දුර සිට එවති. අපි දක්ශ පන්දු රකින්නන් විය යුතුය.
අවසන් වතාවට අහක බලාගෙන ඉන්න වෙලාවකදී වුවත් මූනටම බෝලය දමා ගසා යති. වෙලාවට උදවු කිරීමට නොහැකි වුනොත්. දහසක් කතා අහ ගැනීමට සිදු වෙති.
4. වටේ ඉන්න එවුන්ට ණයට දී අපි උන්ගෙන ණයට ගත්තා වගේ උන්ගේ ගෑස් බැලීම තුලින් මේ හැගීම ඔබට අත් විදිය හැක.
5 . නරි හොදය හුරතල් පෙනුමකුත් ඇත. ඉතින් ඔබට නෑවීමට සිතීම සාදාරණය. නමුත් නාවනකන් ඉද පසුව යන විට හූ කීම උන්ගේ ගතියයි. නොහැකිනම් නාවපු අත හෝ සපා කෑම පුරුදයි.
අපි එදිනෙදා ජීවිතයේ බොහෝ විට කරන්නේ නරි නෑවීමයි. මගේ මතය අනූවනම් නරි නෑවිම කල යුත්තේ මෙහි ඇති පලවෙනි ක්‍රමය යටතේය. සමාජ සේවා කැටගරිය යටතේය. ඔබට යම් කිසිහානියක් වුනත් සමාජයේ නා ගෙන ඉන්නේ නරියෙක් බව ඔප්පු වේ.
ලෝකය රවුම් නිසා සෑම කාර්යාලයකම පාහේ නරි ඇත! ඒක ලෝක න්‍යායික දර්මයකි.
ටටා 👋 .
කවී.
All most Six years Working for NVOCC company AKA Freight forwarding Shipping company in sri lanka and i'am writing dayofsl.blog about day to day events that happened and thoughts which came to my mind while i working and also my free times. Some Names and places used for give you a good narrative only . විචාරකයෙක් නොවේ.මා දකින මට සහ මගේ මිතුරන්ට පෙනෙන කෝනය අනුව, මට හා යම් පුදගලයන්ට දැනෙනා ආකරයෙන් ලිවීමකි. නම් ගම් ස්ථාන වඩාත් හොද රසයක් ලබා දීම සදහා යොදාගෙන ඇති අතර 72% ක් මනං කල්පිත වේ.
Subscribe to:
Post Comments (Atom)
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා! වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...
-
කොහෙන්ද ආවේ කියලා හිතන්න ගත්තම හැමදාම වගේ නැවතුනේ එකම තැන ඉමන්දරා ටික ටික අමතක කරන ගමන් ඉන්නේ .. කාවද ? මාව කවී අයියේ ! හේතුව ? හේතුවක් ...
-
හැම මාසෙකම වගේ ඒ මාස වල ඉපදෙන එවුන්ට මොනවා හරි දෙයක් කියනවා වගේ තමා නොවැම්බර් වල ඉපදෙන් එවුන්ට කියන්නේ වාසනාවන්ත් එවුන් කියලා. හේතුවක් හොයන...
-
ජීවිතේට එහෙන් මෙහෙන් යාළුවෝ කියා ගන්නා බොහෝ දෙනෙක් හිටියට ඇත්තම යාළුවො කියන වචනය දෙන්න අමාරු අවස්තාවන් ඕනෑ තරම් අපිට අත් විදින්න පූලුවන්. බ...
Keep it up <3
ReplyDelete