Thursday, June 25, 2020

ගැසට්, ටෙන්ඩර් හා රැකියා විරහිත උපාදි ධාරියා

උදේ පාන්දරම ඇහැරුනේ වෙන කිසි දෙයක් නිසා නෙමේ. ඔෆිස් එකට යන්න ඕන නිසා. 

ඊයෙ පෙරේදා කුක්කා මල්ලිට ඉස්සො වඩේ කන්න ඕන කියලා ගෝල්ෆේස් එකට මහ රෑ ගියාට. ආසාවට එක කඩයක් තිබුනෙ නැ ඇරලා ගෝල් ෆේස් එකේ.
ඒ වෙනුවට නයා සරුංගලයක් අරන් දුන්නේ ඌට යව යව ඉන්න.😑

කෝම හරි රෑ 11 වෙනකොට තදට බඩගිනී. අනිතිමේ ගිස් ශාලින් පුතාගේ බෝඩරේ. රාජගිරියෙ කොත්තු කඩෙන් කිලෝ පහක් හයක් විතර බර කොත්තුවකුයි රයිස් එකකුයි අරන්ගියෙ කරගන්න දෙයක් නැති නිසා.

ගිස් මල්ලී එහෙම්ම වැට පැනලා ගෙදර ගියා, අනිත් දවසෙ ඔෆිස් යන්න ඕන සහ සෑම ඔෆිස් දවසකට කලින් හොද නින්දක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව කියමින් සහ. එමගින් ඔහුගේ සම රන් වන් පැහැ ගන්වන බව පවසමින්. ගිස් මල්ලි සහ මම බැලැක් ඇමැරිකන් වගේ පැහැයක් ඇති බව පවසා උගේ පුන්චි සිත බිදීමට මම අකමැති වුනෙමි.

නමුත් පසුව ආරන්චි වුනු විදියට ගිස් මල්ලීට අර ලගදි සෙට්ල් වුනු නංගි බබාව නලවා දොයි කරගන්න තද බල උවමනාවක් තිබුනු බවයි. ගංගා මෑනියන්ගේම පිහිටයි ඌට 

කොහොම හරි අපි ඉතින් එක බංකුවේ වාඩි වෙලා ඉන්න ටියුශන් ලමයි ටිකක් විතරයි. සර් එනකන් පන්තියට පිස්සු නටන. සල්ලි දීලා බය වෙලා ඉන්න.

ඒකත් නිකන්....
 ශේන් මල්ලිගේ ආදරේ වගේ. ශේන් මල්ලි උදේ පාන්දරම මැසේජ් එකක් දාලා තිබුනේ. පෙර දවක ඌ  ප්‍රකාශ කල උගේ නොහිමි ප්‍රේමය ඌට ඇත්තටම අයිති නැති බවයි.
ඒක නිකන් ඌ කිව්වේ රජයේ නිවේදනයක් ගැසට් කරලා වගේ. 
මමත් නිකන් රැකියා විරහිත උපාදි දාරියෙක් වගේ එක හුස්මට ඒ කතාව කියවන් ගියා.
..

ඒ අතර මට දැනුනෙ උගෙ වචන වල පොඩු වේදනාවක් තැවරිලා තියෙන බව. ඌ කියන විදියට සමහර විට ඒ කෙල්ල ඌ වගේම ඔෆිස් එකේම තව කාට හරි ආදරේ කරනවා වගේ දෙයක්. මම ඇහුවා ඇයි මල්ලි එහෙම දෙයක් උපකල්පනය කලේ කියලා.

ඌ ආයෙත් එවලා තිබ්බා, එහෙම තමයි කවී අයියේ. මම සමහර වෙලාව බැදලා මේ කෙල්ලට ආදරේ කරනවා වගේ ඒ කෙල්ල තව කෙනෙක්ට ඒ ආදරේ දෙනවද කියලා මම දන්නේ නෑ නෙ.මැසේජ් ලිස්ට් එක ඇහැ කොනින් දැක්කාම දුක හිතුනෙ නෑ කිව්වොත් බොරු. ඒ කෙල්ල හරියට මට කියන්නේ නෑ ආදරේද නැද්ද කියලා දැන්. අනික හැසිරීමත් වෙනස්. වෙනද මගේ කෑම එකෙන් කන්න බලන් ඉන්න කෙල්ල දැන් කඩෙන් පාර්සලයක් ගෙනත් තනියම කනවා. එක වචනයක් වත් කිව්වා නම් අයියේ අවුලක් නෑ.

       ඒ වචන ටිකෙන් මම තේරුම් ගත්තේ රජයේ නිවේදන කරන මිනිසා ට සෙත් කවි ලිවීම මෙන්ම වස් කවිද ලියන්නට හැකි බවයි.

දැන් මම කතෲය. එම නිසා මගේ වගකීම ගැසට් කිරීමයි.

ටටා. 👋 

කවී.

No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...