Saturday, June 13, 2020

කොරොනා වලට පැරදවිය නොහැකි වූ ෆැශන්

උදේ එකොලහ වෙනකොට අපි නුගේගොඩ කැන්ඩි එකේ. සෙනග නැතුව ඇති කියල හිතාගෙන ආවට. ග්‍රාමසේවකට බැන බැන කන්න නෑ කියලා පන්දාහා ගත්ත ජනතාවත් මෙතනට ඇවිත් හිටියා.අමාරුවෙන් හරි පාන් කෑල්ලක් පරිප්පු ටිකක් එක්ක අරගෙන ජීවිතේ ගැට ගහ ගන්න.

මේවා බොරු නෙමේ කෙල්ල ඇදුම් තෝරනකන් බෙන්ක් එකේ වාඩිවෙලා ඉන්න ගමන් එහා කොනේ ඉන්න මනුස්සය කියන කතාවට ඇහුම්කන් දුන්නේ.

මිනිහ බිස්නස් කලාට පවුලම පන්දාහා අරගෙන.
දුවල දෙන්නයි අම්මයි. ප්‍රශ්නයක් නෑ වෙනම ජිවත් වෙනව කියල ගත්තලු. ග්‍රාම සේවක ෆුල් සපෝට් එක්ක් දුන්නනලු.

ඒ බලා ඉන්න මනුස්සය තමන්ව මෙහෙම සාදාරනීකරනය කර ගත්තා.

පුතා මැති ඇමතිලා ගෙදරක ඉදන් කුලියට ඉන්නෙ කියල ලක්ශ ගනන් සල්ලි ගන්නව නම් මේ පන්දහා අපි ගන්න එකේ වැරැද්ද මොකක්ද වගේ කතාවක් තමා ඔහු කිව්වේ.

එතනින් එහාට කතා කලේ නෑ මම.මොකද සුන්දර සෙනසුරාදාවක උදේ වරුව දේශපාල්නේ ගාවගෙන සැන්ඩ්විච් කරගන්න මම කැමති නෑ.

කවී

No comments:

Post a Comment

දිමියාට නැති අපිට ඇති ආකිමිඩිස් ගේ කෝටි දෙක !

හරියටම සතියකකට කලින් මගේ යාලුවා දිමියා කතා කරල කිව්වා ඌ ඉන්ඩියානු සාගරේ අ මුතු ඇටේට ආපහු එනවා කියලා! මොකා වුනත් කොල බොක්කෙන්ම ඉන්න යාලුවා එද...