උදේ පාන්දර ඔලුවට ගලාගෙන එන රසවත්ම අදහස් අතර මගේ නම් නිතරම තිබුනෙ ක්‍රීම් කැරකර් සමඟ හැපී කව් චීස් වුනත්. ඊයේ දවල් කෑම කනකොට අදහස වෙනස් කරගන්න උනා සුලෙයිමාන් මිස්ගේ අයිඩියා එකකට අනූව බත් එක්කත් ක්‍රීම් ක්‍රැකර් කෑ හැකි බව දැනගැනීමෙන් පසුව.
යෝජනාව සභා සම්මත කර ගත්තේ නලින් අයියටත් යැවීමෙන් අනතුරුව අද ඉතුරු වී ඇති ක්‍රීම් ක්‍රැකර් බත් එක්ක කන්න එකඟ වෙන ගමන්.
----------------------------------
පොර ටෝක්ස් දෙන්න බලන අතරතුරු වැඩකට නැති බිස්කට් එකක කතාවක් ඇදල ගැනීම කියන්නේ වෙනමම රසයක්.
මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා වගේම ඉක්මනින් ඒ තත්වයෙන් මිදෙන්නේ හරියට කිසි දෙයක් උනේ නෑ වගේ.
හුඟක් වෙලාවට මම සහ මගේ අයියා මිනිස්සු හැරෙන වංගු ගැන නිවසට යන ගමන අතරතුර කතා කරමින් යති. උපකල්පනයක් ගොඩ නගා ගන්න එකිනෙකාට උදවු කර ගන්නේ නිකමටය නමුත් මට නොපෙනෙන තැනක ඔහු සමාජය විග්‍රහ කරන අතර ඔහුට නොපෙනෙන මිනිස් හැසිරීම මම විග්‍රහ කරමි.
එම නිසා බොහෝ මිනිසුන් වංගු ගැනීම දුර තියා රෙඩී වෙන අයුරු අපිට දැනෙන්නේ හෙන ගැහුවා මෙනි.
ශාන් අයියා ගේ මුවේ නිතර රැදෙන වදනක් වනුයේ " හරි හරි පුතා අපිව තම්බන්න එපා අපිත් ආවෙ ඕවා පහු කරලා " යන්නයි. හේතුව නම් යම් කිසි අන්තයකට පැමිනීමෙන් පසු ආපසු හැරී බැලීමෙන් ආ මාර්ගයද ඒ මාර්ගයම භාවිත කර්නන්ද හොදින් දැක ගත හැක. ශෝට් කට් ගසන එවුන්ද වංගුව දුර තියා නවන එවුන්ද මොනවට පැහැදිලිව පෙනෙන බව මෙහි අර්තයයි.
නමුත් තම්බන්න හදන විට තැම්බෙනවා සේ ඉදීමත් වෙනම ආතල් එකක් බව පැහැදිලි කර දුන්නේද ශාන් අයියා විසින්මය.
අපි ඇස්කිමෝ ලා වන අතර අපිට නොමිලේ අයිස්ක්‍රීම් දෙන බවට සිහින පෙන්වන්නෝ එමටය.
ඔවුන් මාල දිවයින් වැසියන් බව දැනගෙන උන්ටම උම්බල කඩ විකිනීම අපේ යුතු කමයි.
👋 ටටා හෙට හමුවෙමු.
කවී.
All most Six years Working for NVOCC company AKA Freight forwarding Shipping company in sri lanka and i'am writing dayofsl.blog about day to day events that happened and thoughts which came to my mind while i working and also my free times. Some Names and places used for give you a good narrative only . විචාරකයෙක් නොවේ.මා දකින මට සහ මගේ මිතුරන්ට පෙනෙන කෝනය අනුව, මට හා යම් පුදගලයන්ට දැනෙනා ආකරයෙන් ලිවීමකි. නම් ගම් ස්ථාන වඩාත් හොද රසයක් ලබා දීම සදහා යොදාගෙන ඇති අතර 72% ක් මනං කල්පිත වේ.
Subscribe to:
Post Comments (Atom)
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!
ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා! වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...
-
කොහෙන්ද ආවේ කියලා හිතන්න ගත්තම හැමදාම වගේ නැවතුනේ එකම තැන ඉමන්දරා ටික ටික අමතක කරන ගමන් ඉන්නේ .. කාවද ? මාව කවී අයියේ ! හේතුව ? හේතුවක් ...
-
හැම මාසෙකම වගේ ඒ මාස වල ඉපදෙන එවුන්ට මොනවා හරි දෙයක් කියනවා වගේ තමා නොවැම්බර් වල ඉපදෙන් එවුන්ට කියන්නේ වාසනාවන්ත් එවුන් කියලා. හේතුවක් හොයන...
-
ජීවිතේට එහෙන් මෙහෙන් යාළුවෝ කියා ගන්නා බොහෝ දෙනෙක් හිටියට ඇත්තම යාළුවො කියන වචනය දෙන්න අමාරු අවස්තාවන් ඕනෑ තරම් අපිට අත් විදින්න පූලුවන්. බ...
No comments:
Post a Comment