Sunday, June 21, 2020

ඩ්‍රම් බ්‍රේක් ඩිස් බ්‍රේක් සහ ABS හැඟීම්

සමහර වෙලාවට මිනිස්සු තේරුම් ගන්නේ හරි අපූරුවට.
නාවල බිල්ඩින් එකේ හම්බුනු යාලුවාගේ කතාව වගේ. මිනිස්සු හරි අමුතුවට වැලද ගන්නවා විචාරයන් දෙන්න බලනවා විහිලුවක් බවට පත් කරන්න හදනවා.
තවත් සමහර ආදරනීය චරිත ආදරනීයව වැලද ගන්නවා. කතාව කල්පිත වුනත්. හැඟීම් එලෙසම ඉතුරු කිරීම තුලින්.

ශේන් මල්ලි කියපු විදියට ඔහුත් කියවා ඔහුගේ හිතේ පැලපදියම් වූ සුන්දර චරිතයටත් කියවන්න දුන් බව වට්සැප් තුලින් මට කෙටිව සටහන් කර එවා තිබුනි.

මම ඔහුට සටහන් කර යැවුවේ මම උඹේවත් ඒ කෙල්ලගෙවත් නම සටහන් කලේ නැති බවයි.
ශේන් මල්ලිගේ පිලිතුර වුනේ..

 නැහැ කවී අයියේ උඹ නම සදහන් කලේ නැති වුනාට ඒකේ එහෙම් පිටින්ම තිබුනේ මගේ කතාව කියලා. මම ඒක ඒ කෙල්ලට යවපු වෙලාවේ ඉදන් ඒක හතර පාරක් කිකියෙවුවා කියලා ඒ කෙල්ල මට කිව්වා. අයියේ මේක ඉන්න චරිත දෙක ඔයයි මමයිද කියලා මට හිතෙනවා, ඒත් වැරදී නම් වැරදියට හිතන්න එපා කියලා.

කවී අයියේ ..ඕයි මට හෙනයක් ගැහුවා වගේ වුනා හරියට ඔලුව මැදට! තමුසෙගේ ඔය වචන ටික ඇතුලේ මට දැනුන දේ කොහොමද අර කෙල්ලටත් දැනුනේ. ?

වට්ස්සසැප් මැසේජ් එක කියවපු මම ටක් ගාලා ශේන් මල්ලිට කොල් එකක් ගැහුවා. ඌ අන්සර් කරපු ගමන් මම බැන්නේ හු*&$%$$$$@*$*$ කරන්නේ කියන ගමන්. ඒත් මට දැන ගන්න ඕන වුනා ඒක අවසාන වුන විදිහ. මොක්ද  මේක දැන් ඒක පාර්ශවික ආදරයක් නෙමේ දැන් මේක නිකන් නොහිමි බව දැන දැන ආදරේ කරනවා වගේ දෙයක්. 

මේ ශේන් මල්ලී ඒ කෙල්ල උඹට බැන්නද ඕක කියවලා.?
නෑ කවි අයියේ මටත් හුස්ම ගන්න අමතක වුනේ ඒක නිසා වෙන කවුරු හරි නම් මේක වෙන ප්‍රශ්නයක් වෙනවා. හරියට නිකම් වලත්ත කමට ඩබල් ගේම් ගහන්න දගලනවා කියලා හිතනවා. ඒත් මම ඇහුවම ඒ කෙල්ල කිව්වා ශේන් අයියේ මම කොහොම්ද ඔයාට බනින්නේ කියලා.

මේ කතාව අහපු මම කිව්වේ ඔයි ශේන් මල්ලී තමුසේ හෙනම වල් බුවෙක් ඕයි. හිතක් පපුවක් නැතුව කෙල්ලො දෙන්නෙක් සෙට් කරගන්න හදන්නේ? නිකම්ද?.

නෑ නෑ කවී අයියේ මම මේ කෙල්ලව රැවැට්ටුවෙ නෑ නේ. මගේ ගැන හැමදෙයක්ම දන්නවා මම බොරුවට ගිහින් කියලා නෑ මට කෙල්ලෙක් නෑ අරකද මේකද කියලා. ඉතින් ඒ කෙල්ල එහෙම පටු විදිහට හිතුවේ නෑ.තරහ ගත්තෙත් නෑ . මේ කවී අයියේ මගේ නම දාපන් බ්ලොග් එකට ඒත් අර කෙලගේ නම දාන්න එපා 😑 හරි නෑ නේ.

හරි ශේන් මල්ලී. අනික ඕයි මේක බ්ලොග් එකක් මිසක් චරිතාපදානයක් නෙමේ. මිනිස්සු කියවලා බලලා යයි යන්න. බොහිමයක් අය දන්නවා මේක 50% අවස්තාවේ තියෙන්නේ කියලා ඇත්තක් වෙන්න.

ඒ මගුල් වැඩක් නෑ ! උඹ මට දැන් කියපන් ඒ කෙල්ල උඹට ආදරෙයි කිව්වද . ලාවට බෝක්කු කට ඇරලා මල් වෙඩිල්ලක් වගේ හිනාවක් දාපු ශේන් මල්ලී මේහෙම කිව්වා. කවී අයියේ පලවෙනි පාරට මම දැන ගත්තා මිනිස්සුන්ට ආදරේ ප්‍රකාශ නොකර ආදරේ කරන්න පුලුවන් කියලා. ඒ වගේම අයිතියක් නැති මිනිස්සු ප්‍රකාශ කරන්නේ නැතුවම ආදරේ කරනවා කියලා. අන්න ඒකයි මම කිව්වේ මට ඒ කෙල්ල තරහ වෙලාද කියලා ඇහුවම ඔව් කියලා කියන්නේ බොරුවට හිත නෑ කියලා කෑ ගහනකොට.

ශේන් මල්ලි මේ ඕකෙන් උබට වගේම ඒ කෙල්ලටට්ග් උඹලගේ ඔය ඔෆිස් එකේ එවුන්ගෙන් කතා අහගන්න වෙයි. 

නෑ නෑ කවි අයියේ. මමයි ඒ ගෑනු ලමයයි එකගත්වයකට ආවා මේක අපි දෙන්නා විතරක් දැනගෙන හිටියාම ඇති කියලා. අනික කවි අයියේ පුලුවන් වෙලාවට උඹ දිගටම අතර මැද්දෙන් අපේ කතාවට වෙන දේ ලියන්නෙ . මොකද උඹේ ඔග සමහර චරිතවල නමක් ගමක් නැති වුනාට සමහර මිනිස්සුන්ට දැනෙනවා මේ ලියලා තියන්නේ තමන් ගැනද කියලා.


හරී ශේන් මල්ලී දේවල් තුනක් තියෙනවා කියන්න උඹට. පලවෙනි එක මිනිස්සු  සමහර තැන් වල දුර තියන්  කකකුලක්  පැඩ්ල් එකේ තියන් ඇව්ත බේක් කරනවා. ස්ලෝ කරන් යනවා.

තවත් සමහරු ජීවිත ලගටම ගිහින් බේක් කරනවා පොඩි තිගැස්සීමක් තිබුනට අවුලක් නෑ  .

අනිතිම සහ අමුතුම එක ABS වදින එක. හෙන ගහන්න වගේ අපේ ජීවිත තව ජීවිත ලග බේක් වදිනවා. අපේ ජීවිත බැදීම් කියන සීට් බෙල්ට් එකත් කඩාගෙන එන තරම් තිගැස්සෙන.හදවත තදවෙන ඒ වදින බ්‍රේක් පාර තාර පාර කියන ජීවිත උඩ තදට සටහන් වෙනවා.
  
උඹේ කතාව වගේ.

පරිස්සම්න් උබලා ! 


✌👋ටටා
.කවී.
 

No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...