අලුයම අටට විතර! ඔව් මම නැගිටින වෙලාව අලුයම.ඒක දවල් දොලහ උනත් කමක් නෑ..
කවී අයියේ , ඔයා දන්නවද කොලඹ කොච්චර ලයිට් තිබුනත් අපි කොච්චර නියෝන් එලි යටට වෙලා හිටියත් එහේ හෙන අදුරු පැත්තක් තියෙනවා කියලා.
ඔව් බන් ලයිට් දාපු නැති තැන් කලුවරයි තමා..මොනා කරන්නද ඉතින්. කියලා මට කියවුනේ නිකන්මයි.
මේ කවී අයියේ මේක සීරියස් සීන් එකක්! කියලා ඔමී කිව්වේ ඔලුව බිමටම පාත් කරලා ඇස් කන්නාඩියටයි ඇහි බැමි වලටයි අතරින් මන් දිහා පොලඟා බැල්මක් දාන ගමන්.
මමත් ක්ශනිකව සෝෆා එක උඩට කකුල් දෙක අරගෙන එරමිනියා ගොතාගෙන වාඩි වුනේ. කෝකටත් කියලා. මොකද සමහර විට ඔමීගේ කතාවේ විශඝෝර සර්පයියෙක් , නයෙක් ඉදීමේ සම්භාවිතාව ඉතා ඉහලයි හරියට ලංකාවේ හැම කොත්තුවකටම අජින මොටෝ හැන්දක් එනවා වගේ. කොහොමත් නුවර එලියේ සීතල වැඩී.
.මම කතාවට රෙඩී කියලා දැනගත්තම ඔමියත් ඉස්සර පුටුවේ ඩෝප් වුනු කසිප්පු කාරයෙක් ගානට හාන්සි උනා. ඊට පස්සෙ ට්ක වෙලා මගේ ෆෝන් චජර් එක දිහා බලන් ඉදලා කිව්වා. ඇත්තටම ලෝකෙට පේන්න මහ ගොඩක් ලයිට් දාලා ෆ්ලෑශර් තියෙන තැන්වල මිනිස්සුන්ගේ ජීවිත ඇතුල මාර අදුරුයි අයියේ. ඒක අපිට තේරුම ගන්න ටිකක් කල් යනවා.
ඔමී මොකක් වුනත් මේ කියන්න යන්නේ විදුලි බල මණ්ඩලයේ කතාවක් නෙමේ කියලා විශ්වාසයි.
ආයෙත් මූ කතාව පටන් ගන්නකොටම. ශේන් මල්ලි කමරේ ඉදන් කෑ ගහනවා ඇහුනා. අපි ඌ ගාවට ගියාම ඌ කියනවා. ඕයි මට කෙල ගහන්න ඕන මාව ගෙනියපන් කියලා. ඉව් ඉතින් ලඟ නවපු නැවිලි වලට සැන්ඩිත් නැතුව උට නැගිටගන්නත් බැරි තත්වයක් තියෙන්නේ.
කෝමහරි ඌව උස්සගෙන ඇවිත් රෑ මැද්දේ කොරිඩෝ එකේ තීයෙන කිරිබත් කෑලි හැඩේට ග්රිල් ගහල තියෙන ජනේලෙට මූන හේත්තු කලා. හිතේ හැටියට කෙල ගහන්න කියලා.
ශේන් මල්ලි නිකන් ගිනස් වාර්තා පොතට ඇතුල් වෙන්න රෙකෝඩ් එකකට වගේ කෙල ගහනවා. ටික වෙලාවකින් කියනවා කෙල ඉවරයි කියලා. එතකොට අපි ආයේ ස්ප්රයිට් ටිකක් දෙනවා කට හෝදගන්න. ඌ එක බීලා ආයි කෙල ගහනවා. බැරිම තැන ඔමී ස්විටර් එකක් ශේන් ගේ අත් දෙක යටුන් යවලා කරකවලා අරගෙන එකේ අත් දෙක ග්රිල් එකේගැට ගහලා එල්ලුවා.
සරල සමී කරනයක් ඒ ටික වෙලාවකට විතරයි.😅
ඒ එක්කම වගේ රැම්බා මල්ලී බෙරිහන් දෙනවා ඇහුනා. කවුද ඕයි මගේ බුරියේ දෙහි ඔබපු එකා. කුක්කා ඔයි පහක් දානවා අවුලක් නැත්නම්.
එකත් හොදයි ශේන් මල්ලි කෑ ගහනවා කෙල යන්නේ නෑ කියලා. රැම්බො මල්ලී කැ ගහනවා පහක් දාප්න් ෆිට් එකට කියලා. ඔමී කොයි එකටත් කියලා ඉතුරුවුනු බෝතලේ තිබ්බ අරික් කාලක් විතර එක හුස්මට කටේ හලා ගෙන බීලා මට කියනවා.
කවී අයියේ මම මේ ටික බීලා බැලුවේ බීපු බ්රැන්ඩි එකේ අවුලක්ද කියලා ඒත් එහෙම නෑ විස්කි විස්කිම තමා.
කුක්කා කොස්සයි ඩසට් බින් එකයි තියාගෙන ක්ලීනින් සරවිස් කරලා ඉවර්වුනා විතරයි.
පාන්දර එකට විතර හොදටම නිදිමතයි.
මම උන්දෙන්නටම කිව්වා ඔමියගේ කතාව වෙන දවසක අහමු දැන් අපි නිදාගමු බන් කියලා.
උන් දෙන්නම කිසිම හැගිමක් නැතුව ඔලුව වනලා කරටන් දෙකක් ඔලුවේ ඉදන් ඔතාගෙන බූතයෝ දෙන්නෙක් වගේ ඇදන්වලට ගියේ අමුතුම විදියකට පාවෙන ගමන්.
😎
නුවර එලියේ ගිහින් අදට මාස හයකට වැඩි වුනත් ඔමි ගේ කතාව තාම අහගන්න බැරි වුනා.
පස්සේ හම්බවෙමු.
ටටා..👋
Omige kathawa kiuawanna balan inna kenek comment ekak publish karanne
ReplyDeleteDewa denawa ikamnatama denna kiyala thama hithagena inne
Delete