අර එක තැනක තිබුණ හොද යාලුවෝ කියන කැරක්ටර් එක කපලා අයින් කරලා දැම්මා. මිනිස්සු ආදරේ හොයන්නේ අමුතුම තැන වල.
සදුදා උදේ පාන්දර එන කුණු ට්රැක්ටර් එක කුණු කුණු කියලා කෑ ගහනකොට මට කීප සැරයක් හිතුනා ඔය රැවටීම් කරපු මිනිස්සුන්ගේ නම් ගම් එක්කම කලු පාටක උරේකට දාලා කුණු ට්රැක්ටර් එකට දාලා කුණු එකතු කරන අයියගෙ අතේ පනහක් සීයක් රුපියල් වලින් ගුලි කරන්න.
ඒත් ලොකුම තැන් වල ඉදලා දූශනයට පගාවට විරුද්ධව ක්රියා කරනවා කියලා පෙන්වන මිනිස්සු වගේ නෙමේ පොඩි තැන්වල මිනිස්සුන්ගේ හිත්.
ඒ කුණු සේරම අරගෙන එක පාරටම ඇහුවේ. මහත්තය මේ කුණු දිරන්නේ නැති ඒවාද දිරන ඒවාද නැත්නම් කලවම්ද. අපි ගන්නේ වෙන් කරපුවා විතරයි.
මම ටිකක් වෙලා කල්පනා කලා! ඇත්තටම ඒ මතකයන් දිරන්නේ නෑ නේද කියලා. ඉතින් කොහොමද මම රවට්ටලා දෙන්නේ ඒක කුණු ට්රැක්ටර් එකට..
.................................
අත කාපු ගරුඩා සිහි මුර්ජා වෙලා ඇද යට වැටිලා ඉන්නකොට හොයා ගත්තේ .. පස්සෙ ඌව අරගෙන වෙද මහත්තයෙක් ගාවට ගිහින් උගේ විශ බහින්න බෙහෙත් කලා..
ගරුඩාට බලු බැනුම් සර්ප වෙදාගෙන්! ඌව කාපු ගමන් දල දෙකේ වත් රතු ලූණු කැල්ලක් උලච්චි කලේ නෑ කියලා.
කොහෙද ගරුඩට කතාකරගන්න පණ නෑ..යන්තම් බෙල්ල ගාවින් උස්සලා මොනවද කිව්වා විතරයි. හොස් ගලා පණ ගියා..
මම සංවේදී මනුස්සයෙක් නෙමේ කියන්නේ කවුද.. එදා තමා මට තේරුනේ වේදනාව සහ අහිමි වීම කියන දේ..
සුලුවට හරි අවසන් කටයුතු කරන්න ඕන නිසා. පොඩි ගිනි පෙට්ටියක සතපවලා. කූඹි සෙට් එකකගෙ කර මත්තෙන් අවසන් ගමන් යන්න දුන්නා. හේවිසි නැතත් කොටුවෙ පේමන්ට් එකෙන් දාහකට ගත්ත ජේ බී එල් කොපියෙන් කාවඩ් බයිලා මියුසික් එකක් ප්ලේ කලා.
ගරුඩව හැමෝම දන්න නිසා පී සී ආර් කරන්න කිව්වේ නෑ. ගරුඩට කොරොනා නම් කරුමෙට හරි බෙහෙත් කරපු වෙදයි කාපු මායි දෙන්නම ඉවරයි...
ටටා.
.කවී.
No comments:
Post a Comment