එදා නවත්වපු තැනින් අද පටන් ගන්න ඕන කියලා නිකම් හරි හිතුන නම් ඒ ශේන් ගේ දිනපොතට එබිකම් කරපු දවසක් විතරයි!කෙනෙක්ගේ දින පොතක් කියවන එක වැරදි වුනත් අයිතිකාරයාම කියවලා උඹට අදහසක් ගන්න පුලුවන් නම් ගනින් කියලා කිව්වම නොකර ඉන්න බෑ. අනික හිත යටින් කොහොම හරි අපිත් කැමතියි අනුන්ගේ පෞද්ගලික ජීවිතයක් මොන වගේද ගෙවුනේ කියලා දැන ගන්න.
------------------------------------------------------------------------
දෙසැම්බර් 26 -
යන්තම් ජීවිතේ පටන් ගත්තා විතරයි මට හිතෙනවා මම දැක්කා කියලා උඹ වගේම ජීවිතේ ලේයර් ගොඩක් තියෙන ආදරණීය චරිතයක්! උඹ හිටියනම් කියයි නෑ ශේන් උඹ හමෝටම ආදරේ කරන්න හදනවා. ආදරේ කියන දේට තේරුමක් හොයන්න හදනවා කියලා.
ඒත් උඹ ඇරෙන්න ජීවිතේ මට ලස්සනයි සහ අහඅහිමිවීමක ඉර්ශ්යාවක් දැනුනු දෙවෙනිය මේ. දන්නවද උඹට පෙනුමෙන් වගේම එක හා සමාන වචන සෙට් එකක් තියෙන්නේ. තැන් දෙකකදි මට නිකන් මගේ පිට කොන්දේ විදුලි කොටනවා වගේ දැනුන .
එකක් උඹ කිව්වා මතකද
"ශෙන් තමුසෙ ගාව මාර රස්නෙයි". මෙච්චර සීතල පළාතක තමුසෙ ගාව තුරුල් වෙලා අමු අමුවෙන් ඉන්න පුලුවන් ස්විටර් ජැකට් බ්ලැන්කට් නැතුව. උදේ පාන්දරට නැගිටලා හොරෙන්ම යන්න එපා බන් රූම් එකෙන් එලියට , උඹට දුක නැද්ද මේ කෙල්ල සීතලට වෙවුලන්න ගන්න කොට".
උඹගෙයි ඒ කෙල්ලගේ වචන අතර තිබුනේ සමානකමක් වෙනසකට තිබුනේ ආමන්ත්‍රණය " අයියා" වීම.
"අයියේ ඔයා ගාව සෑහෙන්න රස්නෙයි"
පරණ කතන්දර ගොඩක් ලොක් කරලා වහලා දාපු කබඩ් එකක් අරින්න හදපු යතුරක් වගේ ඒ වචන ටික. හදවතේ පතුලෙම අඩියේම තිබුනු උඹේ මතකය උඩට ඇදලා ගත්තා අවුරුදු පහකට පස්සේ..
ඒත් ආපහු එන ගමන් මම හිතුවේ..ඒක අහම්බයක්, ඒ වචන ටික අහම්බයක් කියලයි. හැබැයි මට නොදැනීම බයි එක ලේක් හවුස් එක ගාව අයිනට වෙන්න නවත්තල උඹේ මූනයි මේ මුනයි සමාන කරන්න ගත්තා..
ඔව් අර උඹ අදින නිල් පාට බ්ලවුස් එක දිගම දිග කළු ගවුම ඇදලා කොන්ඩේ කඩලා දැම්මහම මම රැවටෙනවා ඒ උඹ කියලා!
නැවතුනු පළවෙනි තැනට වඩා , උඹ ගාව මම ජීවිතේ දැක්කා උඹ මට ජීවිතේ විදගන්න හැටි කියලා දීලා ආදරේ ගැනත් මහ පාඩම් ගොඩක් කියලා දීලා හයර් එකට ට්‍ර්ප් එකක් අරන් ගිය ඩ්‍රයිවර් වගේ ගමන් ඉවර කරලා නැග්ග නැවතුමටම ගෙනත් අතහැරියා. ඒකත් කලේ ආදරෙන්.! හැබැයි උඹ හයර් එක වෙනුවට මගේ ජීවිතේ වටිනාකම් ගොඩක් අරගෙන පසු තැවීම කියන වේදනාව තියගනින් කියලයි ගියෙ.
කොහොමත් ඒ උඹ නේමේ කියලා දන්නවා ඒත් මගේ හිතයි අතයි මනසයි පැන්සල එක්ක මකනය ඒක පිලි ගන්න කැමති නෑ. උඹව නොඇන්දාට මම දැන් උඹ වගේ කෙනාව අඳිනවා ඒ ෆෝ කොල පුරාවට..
ජනවාරි 01 ,2021
ඒක අහම්බයක් කියලා මම හිතන්න ගත්තට ඒක හිත පිලි ගන්න කැමති නෑ! හැබැයි දෙවෙනියා උඹ වගේ නෙමේ කියන්නත් බෑ.. එදා කැම්පස් එකේ බැම්මේ වාඩිවෙලා කියපු වචන ටික මට අද ආයෙත් ඇහුන...ආයෙත් පාරක් මගේ කොදු නාරටිය සීතල වෙලා ගියෙ ඒ වචන ටිකම ඇහෙනකොට.
''ශේන් මට විශ්වාසයි ඔයා හැමෝටම පේන්න ඉන්න කෙනා නෙවෙයි කියලා" හැමෝටම හිනාවක් දාන සමහර වෙලාවට රවාගෙන ඉන්න, හෙන දුශ්ඨ නපුරු පාට් දාන කෙනා නෙමෙයි කියලා.. ඔයා හැංගෙනවද ශේන් මොනවගෙන් හරි? මොනව වුනත් කමක් නෑ මම දන්නවා කොච්චර නපුරු හමක් පොරවන් යකඩයා වගේ හිටියත් උඹ මම ආදරේ කරන්කොට මාශ් මෙලෝශ් කෑල්ලක් වගේ මෙලෙක් වෙනවා කියලා. උඹට තියෙන්නේ උණු වෙන හිතක්, උඹ ඒ නිසා කෙලවගත්තා..ඒ නිසා උඹ දැන් වෙන කෙනෙක් වෙලා ඉන්නේ! කරුමෙකට අපි දෙන්නා හම්බවෙලා, මම උඹේ ඔය යකඩ කවරෙටයටින් තියෙන පපුවට ඇඟිල්ලෙන් ඇන්නා...ඒත් මගේ ඇඟිල්ලට විතරයි උඹේ හිත මාශ්මෙලෝශ් වගේ කියලා දැන්න දුන්න.. "
එතනත් පොඩි වෙනසයි මට විශ්වාසයි වෙනුවව එතන තිබුනේ මට හිතෙන්නේ අයියේ කියන එක!කතාව එකමයි..ඩයිරියේ ලියන්න කලි මම කිව්වා මම හැමෝම අද්‍යනය කරනාවා ජීවිත වලින් 45% ක් විතර..ඒත් මම ඔයාව 85% ක් විතර අද්‍යනය කරනවා කියලා.
මම කැමතියි දැන් මේ වේදනාවට. අත් හරින්න ලෝභ කම, අයිති කර ගන්න ආශාව, දුරකට යයි තවත් කෙනෙක්ට ආදරේ කරනවා කියලා තේරුනහම් දැනෙන ඉර්ශ්යාවට.. මට මම වගේ ඉන්න මේ ලොකෙ ඉඩ දෙන්නේ නෑහැ. මේ ලෝකය පිළි ගන්නේ නෑ මාව..මිනිස්සු තේරුම ගන්නේ නෑ මාව! ඒ නිසා මම වෙනස් අනිත් එවුන්ට හැබැයි මගේ හැඟීම් අමු අමුවෙන් උඹ එක්ක බෙදා ගන්න තරමට විශ්වාස කරන්න අරන් මම..
මම දන්නවා මේ දෙදහස් විසි එක අවුරුද්ද හරිම අමුතු අවුරුද්දක් වෙන බව. නිදි මතයි ජීවිතේට...
..............................................
නෝටි පෑඩ් ඩයිරියේ ස්ක්‍රීන් ශොට් එකක් මම තමුසෙට එව්වා කවි අයියේ පුළුවන් දෙයක් කරහන්..
..............
මිනිස්සු කියන්නේ උඹට මට නෙමේ ශේන් මේකේ..මම ආසයි උඹේ ඔය හැන්ගිච්ච කබර්ඩ් එකෙන් පොත් දෙක තුනක් අරන් බලන්න..ගොඩක් පරණ..
මිටි ගහලා තියෙන්වා කවි අයියේ උඹට ගෙනත් දෙන්නම්..කියව්පන් උඹ ගාව මගේ වැලලිච්ච අතීතය එහෙම්ම තියෙයි කියලා හිතෙනවා .. අනික මට ලෝකෙට කියන බැරි දේ උඹ මම වෙනුවෙන් පාපොච්චාරණය කරනකොට හිතට සැහැලුයි..
හරි ශේන් සුභ ගමන්.. මට හෙටට් එවපන් උඹගේ යාං හැල්ලෙන් පුංචි කොටසක ස්ක්‍රීන් ශොට් එකක්..
මට කියන්න තියෙන්නේ මගේ ප්‍රියතම නළුවා ජොනී ඩේප් ගේ ප්‍රසිද්ධ කියමන..හොයලා බලපන් ඒක..
ජය වේවා..ඩේටා ඕෆ් කලා..සුභ අලුත් අවුරුද්දක් ශේන් මල්ලී!
ටටා.. හෙට අලුත් පිටුවකින් හම්බවෙමු
.කවී.
No comments:
Post a Comment