නොවැම්බර් 17
උඹ දැකලා තියෙනවද යාළුවින්ට යාළුවෝ එපා වෙන හැටි. අදාලම නැති දේකට. උන් හිටි ගමන් අතුරු දහන් වෙන යාළුවෙක් ගේ මගුලෙ ආරක්ශාව ගැන හිතන්න ගිහින් උඹේ හොදම යාළුවා නැති කරගත්ත අතීතයක් උඹට තියෙනවද?
තියෙනව නම් මට සතුටුයි වරෙන මගේ බැජ් එකට. 👋
උදේ පාන්දර නැගිට්ටම දැනෙන සීතල එක්ක බ්ලොග් එක ලියන්න ඕන වුනාම මම කරන්නේ වට්සැප් එකේ උඩට පහලට යන එක.
එක වෙලාවකදි මට හිතෙනවා සමහර මිනිස්සුන්ට මම කොච්චර විවෘත වෙලා තියෙනවද කියන එක, තවත් වෙලාවකට හිතෙනවා මටත් විවෘතයි කියලා හිතපු එවුන් කොච්චර ආවෘතද කියලා. මම උන් ගැන දන්නේ උන මට කියන්නේ බොහෝම සුළු දේවල් ටිකක් වුනත් උන් මන් ගැන කොච්චරක් දේ දන්නවද කියන එක කල්පනා වුනාම උදේ පාන්දර හිතෙන්නේ පොඩි තනිවුනු ගැඟීමක්.
රිප්ලේස්මන්ට් න්‍යාය හොදින්ම ක්‍රියාත්මක වෙන තැන් වලින් ඔෆිස් වලින් ඉගෙන ගන්න දේවල් බොහෝමයි!
ඒ අතරතුර බොස් කෙනෙක් කියනවා නම් සේරම බොස්ලා එකයි බොස් කියන තනතුරට ආවම කියලා..මුරුංගා අත්තේ තියාගෙන රෝස මල් වලින් ගහන්න එපා ඒ කියන බොස්ට. හිතපන් මේ බොසුත් බොස් කෙනෙක් බව එතකොට තේරෙයි බොස් කියන පොශිශන් එකේදී හැමෝම එක බව.
වෙලාවකට මට හිතෙන්නේ අපි මොන්ටිසෝරි කාලයේ ජීවත් වෙනවාද කියන එකයි හේතුව ටොප් මැනේජ්මන්ට් එක අපිව මොටිවේට් කරන්නේ ඇත්තට අපි හොද නිසා නෙමේ නාස් ලනුව දාලා නැති නිසා කුලප්පු වී අනින්නේ කොයි වෙලාවේද කියලා හිතා ගන්න බැරිනිසා වෙන්න පුලුවන්. අපි එක්ක කොච්චර ලොකු අං තියෙන හැඩි දැඩි පට්ට ඩයල් හිටියත් උන්ටත් මෙතනදී නාස් ලණුව දාලා තියෙන නිසා දැන් එහෙයි කියාගන හපුතලේ කන්ද නගිනවා.
පැමිනිලි කිරිමේ හා ඉල්ලීමේ කිරීමේ ක්‍රියා පටි පාටිය අනූව තම්න් වාර්තා කල යුතු තැනට වාර්තා කරමින් විහිදුම් ජාලයේ පහල සිට උඩට පැමිනිල්ල හෝ ඉල්ලීම යොමු කිරීම සමහර තැන් වල ක්‍රියාත්මක වෙන්නේම නැත.
ඒ වෙනුවට එහිදී අනුගමනය කල යුතු ක්‍රියා පටි පාටිය වන්නේ ආයතනයේ ලිපි කරු තම ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී වරුන් අධ්‍යක්ෂ වරුන් හමුවී ඉල්ලීම් ඉදිරිපත් කිරීමයි. නමුත් ඉල්ලීම ක්‍රියාත්මක කිරීමේදී ඉහලට ආ ක්‍රියා පටි පාටිය නොවේ. එතැනදී ක්‍රියාත්මක වන්නේ නිසියාකාර මාර්ගයයි. මානව සම්පත් ප්‍රධානියා, ලිපිකරුගේ වහාම වාර්තා කරනා කළමනාකරුවන් හා ආරිථික විශ්ලේශකයන් වෙත යොමු කර වටේ යවා ඉල්ලීම ඉටු කිරීම වෙනුවට මගදීම නවත්වා ගැනීමයි. එතකොට ඉල්ලීම කරපු එකාටත් හිතා ගන්න බෑ කොහෙන්ද වැඩේ නැවතුනේ කියලා. එතක්ට දැන් ආයෙත් තියෙන්නේ කලින් විදිහටම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අභියාචනා කිරිමයි..
එතකොට දේවල් කිහිපයක් වෙන්න පුලුවන්.
1. ඇයි අපි කිව්වානේ ගන්න කියලා ඒක. ඇයි අපිට දැනුම් දුන්නා නේ ඒක කියලා කලබලයක් මවාගෙන අහන එක.
2.නැත්නම් මොනවා කරන්න්ද අපිත් අසරණයි. තනියම අපිට තීරණයක් දෙන්න බැහැ නේ. යැයි පවසමින් තමන් සුද්ධ වීම.
3.නැත්නම් හෝ ගාලා බටර් ටිකක් වක් කරලා මුරුංගා ගහේ කරටියක් පෙන්වලා ඔළුව අත ගාලා ආපහු හරවලා එවන එක.
එතකොට අපිට කරන්න තියෙන්නේ එක දෙයයි.
මනා සේ දැනගෙන ගොනා සේ ඔලුව වනා ඇවිත් අන් දෙක හොදට මුවහත් කර ගැනීම. කවදා හරි අනින්න ඕන වූ වෙලාවට අනිත් පැත්තෙන් එන විදිහට ඇන ගාල කඩාගෙන එළියට එන එක.
තණකොල හරි කමක් නෑ නිදහසේ කන එක!
.කවී.
No comments:
Post a Comment