එක මැසේජ් එකක්..දෙකක්..නෑ ම් දිගට හරහට මැසේජ් සීයක් විතර..ඔව් ශේන්!
දන්නවද කවී අයියේ!
ආදරය කරන මීස්සුන්ට කරදරයක් වෙලා කියලා දැනුන ගමන් කරන්න ඕන ඒ අයට නිදහසේ ඉන්න දෙන එක. ඉදලා හිටලා අපි අපේ ජීවිත වල ඇතුලාන්තයේ නැවතුනු මිනිස්සුන්ව පරික්ශා කරලා බලන්න ඕන.
දවසක් දෙකක් මැසේජ් එකක් නොදා ඉන්න ඕන.
පලවෙනි දවසෙ අවුලක් නෑ! දෙවෙනි දවසෙත් අවුලක් නෑ..තුන්වෙනි දවසෙ සමහරවිට අහන්න පුලුවන් ඇයි කතා නොකරන්නේ කියලා. හැබැයි ඊට පස්සේ උඹ ඔය මහා අමුතු ආදරයක් ඇල්මක් දක්වන මිනිස්සු උඹ කියන දේ නැතුව ඉන්න හැඩ ගැහෙනවා. මාලුවො චල තාපි වගේ මිනිස්සු හැඟිම් චාපී නැත්නම් සිතිවිලි චාපීන් බවට පත් වෙලා අදාල අවස්තාව අනූව හැඩ ගැහෙනවා
................
දැල් ගහල වැටවල් බැදලා තියෙනේ ලයිට් එලිය නවත්වන්නද නැත්නම් ලස්සනක් දෙන්නද ශේන්? මිනිස්සු දකින විදිහ වෙනස් මල්ලී ආදරේ කියන දේ...
හැබැයි.....
වෙන්න ඇති කෙනෙක් නොලැබෙන බව දැනගෙන ආදරය කරන එක හරිම විකාරයි කියල හිතුනට. ඒ වගේ දැනෙන හැඟීමකට උඹගෙ අතේ ඇගිලි එහාට මෙහාට කරලවල ඒ මූණ නිකම් හිස් පිටුවක සිත්තම් කරවන්න පුලුවන්, ඒ වගේම හයිකු එකක් කවියක් විදිහට ඒ චරිතය එලියට එන්න පුළුවන්.
ඒත් එක අවස්ථාවකදි උඹට උඹට රිද්දවගෙන එහෙම ටිකක් දුරින් ඉන්න එක හොදයි කියලා හිතෙන්නේ නැද්ද ශේන්.. කොහොමත් උඹට ඒ ආදරේට අයිතියක් කියන්න බෑ නේ නේද?
ඔව් ඒත් වෙන ආදරයක් නැති මනුස්සයෙක් ගාව ඒ ආදරේ නවතිනව දකින්න මම කැමති නෑ.
උඹ කොහොමද ශේන් තීරණය කරන්නේ හරියටම ඒ කෙනා ලඟ ආදරයක් නැතුව ඇති කියලා. මට හිතෙන්නේ උඹට තියෙන්නේ එක විදිහක ඉර්ශ්යා කාරී හැඟීමක්.
ඔව් වෙන්න ඇති..ඒක පිළි ගන්න ඕන මම..මොකද ඇත්තට සමහර දවස්වලට සැප දුක අහන , කන බොන එක ගැන අහනකොට කරුමෙට හිත සන්සුන් වෙනවා මන් ගැන එක මනුස්සයෙක් හරි හොයලා බලනවා නේද කියලා. ඒක එතකොට බලාපොරොත්තුවක් වෙනවා අපේ ජීවිත වලට, ඒ වගේම ඒ කෙනා මීට ට්ක කාලෙකට කලින් හම්බවුනා නම් කියලා හිතලා දුකක් එක්ක ඉර්ශ්යාව කියන දේ වෑල්ඩින් වෙන එක නවත්වන බෑ.
ඉතින් ආදරේ කරන මින්ස්සුන්ට ඇන්කර් එකක් වෙලා වදයක් වෙනවට වඩා ඒ නිනිස්සුන්ට නිදහසේ යන්න දෙන එක හොදයි කියලා හිතුනා, හිත රිද්දගෙන හරි..
කවි අයියේ වරා මල් පිපිලා තියෙන හැටි බලන් ඉන්න මම ආසයි! ලස්සනටම පිපිලා ඉන්න හැටි දැක්කා සතුටුයි! ඒත් වෙන් වීමක් නමත් එක්කම තියෙනකොට දුකයි .මට බෙහෙත් ඕන ඒකට.
බෙහෙත්ද ඕන මල්ලී..
ඔව් කවි අයියේ '''
බෙහෙත් නෑ නේ මල්ලී....
යකෝ උඹ නම් මහා සාපයක් කවි අයියේ! විහිළු පටන් ගන්න තැන දන්නෙත් නෑ ඉවර කරන්න ඕන තැන දන්නෙත් නෑ
හරි මල්ලි හරි..උඹේ වරා මලේ ඩිජිටල් ඉන්ක් ආර්ට් එකක් මන් ගානේ ඇදලා දෙන්නම් . කලි යුගයට ගැලපෙන විදිහට.. හා ද.?..
ඕකේ කවි අයියේ එහෙනම් ඉක්මනින් දවසක චිත්ර දෙකම ඒ කෙනා අතින් තියන්න පුළුවන් වෙයි නේද.. ස්තූතියි..
දැන් පෝ.. පෝර පෝ..ශේන්!
හෙට හම්බවෙමු...
ටටා..
කවී
😔❤️
ReplyDelete🖤
Delete