Tuesday, June 30, 2020

ටොනික් හා නූතන කේවට්ටලා

උදේ පාන්දර! ගිස් මල්ලීගෙන් මැසේජ් එකක් ගෲප් එකට.

අයියේ ඇයි බම් අපේ නම ගිය සොෆ්ට් ඩ්‍රින්ක් කම්පැනිය ගැන මට මෙහෙම හිතෙන්නේ . 

කොහොමද? කියලා මම ඇතුලු අනිත් සෙට් එකම ඇහුවා.

නෑ බොස්ලා කියනවා ප්‍රශ්නයක් නම් කෙලින්ම ඇවිත් එයාලව හම්බවෙන්න කතා කරල ඕන දෙයක් කරගන්න පුලුවන්. අනිත් අයත් එක්ක සාකච්චා කරන්න යන්න එපා. ඒ වගේම යූනියන් ලීඩර් වගේ අනිත් අයගේ ප්‍රශ්න කතා කරන්න එපා උඹමයි නෝන්ඩි වෙන්නේ කියලා.
කොහොම හරි මේලඟදි මගේ පඩිය අඩු වුනු එක ගැන ප්‍රශ්න කලාම. ඒ වෙලාවෙ කිව්වා හරි ඒක සෙට්ල් කරන්නම් කියලා මොකද මේ ටිකේ කම්පැනිය ලොස්ට් එකේ යන නිසා. බොහොම හිනා වෙලා උත්තර දුන්නා වුනාට. පස්සේ ඒ බොස් මම පඩිය ගැන අහපු එකට මම නැති තැන සෑහෙන්න අනම් මන්ම් දේවල් කියලා පඩි නොදී ඉන්නවා ඕන නම්  වගේ කතාවක් කියලා.

ඒ නිසා කලකිරීමකින් ඉන්නේ මම නම් අයියේ .

මම  උත්තර දුන්නේ මට පේන විදියට.

මල්ලී මේකයි. සාමාන්‍යයෙන් වෙන්නේ කතා කරන එකාට බැනලා හරි හොරෙන් අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරන එක. ඒ අතරතුර ලොකුම පුටුවල ඉන මිනිස්සු බලන්නේ සාමාන්‍ය සේවකයන් අතර තියෙන එකමුතුව කියන කොන්දට ගහන්න.
මොකද ඒක ප්‍රශ්නයක් . අනිත් එක හැමදාම කියනවා වගේ ලොස් වෙනකොට පඩ් අඩු කලාට ප්‍රොෆිට් වෙනකොට පඩි වැඩි කරන්නේවත් බෝනස් දෙන්නේවත් නෑ නේ බොහොමයක් තැන්වල.

හොදට මතක තියා ගනින් මල්ලී, ඔය සමහර තැන්වල ඉන්නවා කමිශන් එන අය, ඇත්තටම උන්ට පඩියක් ඔන නෑ. කමිශන් එජෙන් මැච් එකක් ගහනවා. ඒ වගේ එවුන්ට වෙන තැනකට යන්න බෑ. හේතුව තියෙන්නේ එක්ස්පීරියන්ස් මිසක් පේපර් කොලිෆිකේශන් නෙමේ.
ඉතින් ස්මහර වෙලාවට උඹත් එක්ක පිකටින් කරනු කියලා කතා කරන මනුස්සයා රෑට ගිහින් ඉහල පුටු වලට කෝල් කරලා ගුණ වර්ණනා කරලා කියනවා වෙන්න පුලුවන්, අපි පඩි නැතුව හරි වැඩ කරන්නම් කියලා.

නූතන කේවට්ටලා! 

හැබැයි වැඩ අඩු කාලෙට නිකන් පඩි ගෙවන්න ලෑස්ති නැති වුනාට උඹලගේ ටොනික් කම්පැනිය උඹලා රෑ එලි වෙනකන් හිටියා කියලා වැඩ වැඩි කාලෙට. සෑහෙන පඩියක් දෙනව ඇති නේද?

කට්ටියම හිනාවෙන ඉමෝජියක් එවලා තිබුනා.

ඒවා ගෑන අපි කතා නොකර ඉමු. රෑට වැඩ කරන කොට රෑ එකොලහ දොලහ වෙනකන්, මල්ලි බඩ්ගින්නට පාන් කෑල්ලක් නැතුව ඉන්න වුනාට. කාන්තා ඇදුමක් හවස හයහ මාර පහු වෙනකන් වැඩක් කලොත්, සමහර විත ලඟටම බොස් ගිහින් අහලා පීසා එකක් වුනත් ඕඩර් කරලා දෙන්න පුලුවන් අවස්තාව වැඩී.

උන්ගේ වැරැද්දක් නෑ උන් වෙලවට ඕෆ් වෙලා යන නිසා පැයක් වැඩුයෙන් හිටියත් අනේ පවු වැඩ සෑහෙන්න කියන්න පුලුවන් ඇයි අනිත් දවසට ඒ වෙලාවට නෑ නේ.  උඹලා වහේ එවුන්ට වෙන්නේ මල්ලී. උඹලා නිකම් දවසට පහට ඕෆ් වෙන්න ඕන එකත් වැඩ ටික කරලා යන්නේ රෑ හතට.

ඉදලා හිටලා හරි වෙලාවට ඕෆ් වෙලා ගියොත්! බොස්ලා නිකන් ඕෆ් ටයිම් එක දන්නේ නෑ වගේ අහනවා. කෝ මෙයා කලින් ගියාද කියලා. ඒ වෙලාව කට ඇරලා කියන්න එකෙක් නෑ සර් කලින් නෙමේ හරිම වෙලාවට ඕෆ් වෙලා කියලා.

නිවාඩුවක් දානකොට ඒක ලොකු කරන කේවට්ටලා, ජොබ් එක ෆර්ස්ට් ලයිෆ් එක සෙකන්ඩ් කියලා උපදෙස් දුන්නට, ශේප් එකේ ඔෆිස් එකෙන් මාරු වෙලා පර්සනල් වැඩ ටිකත් කරගෙන ෆුල් ඩේ වර්ක් කලා කියලා මාර්ක් එකකුත් දා ගන්නවා.

හරි පරිස්සමෙන් පුතා.. උඹලට ලොකු හීන පෙන්නුවට ඔය මිනිස්සු, ලොකු හීන අත්පත් කරගන්න   තරමට ශක්තිය දෙන්නේ නෑ. 

දෙන දේවල අරගෙන යයි කවදා හරි!

උඹ ටොනික් එකක් කඩලා බීගෙන ඉදපන්!

👋  ටටා.

කවියා 

Sunday, June 28, 2020

රස්නෙට බුරියානි හා සවානක බෙදා හදාගත් ආදරේ

එක කතාවක් ඉවර වුනු ගමන් තව කතාවක් වගේ ඊයෙ රෑ අට දෙනෙක් කන සවානක බුරියානි එකක් අපි පස් දෙනෙක් කනකොට අපිට අනිත් එකාව පහු කරගෙන යන්න වුවමනාවක් තිබුනේ නෑ. මොකද ඕනවටත් වඩා එතන බුරියානි තිබ්බා චිකන් එක්ක.


.
කලබලයක් නැති කෑම මේසේ ශේන් මල්ලි ගේ කතාව ඇදල ගත්තා මම ආයෙත්. මල්ලී කොහොමද දැන් ඔයාගේ අර කියන ද්වී පාර්ශවික ආදරය .

අයියේ මෙහෙමයි, ඒක හිතා ගන්න බෑ , මලිත් දවසක් මට කිව්වා ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා බන් ඇයි උඹ ඔහොම හැසිරෙන්නේ කියලා. ඉතින් කවි අයියේ මොනවා කියන්නද මම !

ආදරේ කියන දේ හරිම අමුතුයි අයියේ අපිට නොලැබෙන දේවල් වලට තමයි අපි ආසා කරන්නේ ආදරේ කරන්නේ.
කවී අයියේ මම කිව්වේ නැති උනාට ඒ කෙල්ල සමහර වෙලාවට දන්නවා ඇති මම සමහර වෙලාවට ඒ කෙල්ලගේ ඇස් දිහා බලන් ඉන්න ආස බව. ඒ කෙල්ලට තියෙන්නේ ලා රතු පාට ඉටි වගේ දිලිසෙන තොල් දෙකක්. සමහර වෙලාවට මට ඒවා මිරිකන්න හිතෙනවා. කවුරු බලන් හිටියත් මොකද කියලා.

මම ඔමී එක්ක රෝස්ට් චිකන් කෑල්ලක් දෙකට කඩා ගන්න කඹ අදිනවා වගේ දෙපැත්තට අදින ගමන් ඇහුවේ. සහෝදර ප්‍රේමයට ශේන් මල්ලී..ස්මහර විට සහෝදර ප්‍රේමය වැට පැනලා ගිහින්ද දන්නේ නෑ. 

අනික ඔය කියන කෙල්ල ඔය තරම් ලස්සනද? මට ෆොටෝ එකක් පෙන්නපන්කෝ.


අනිත් එවුන් ගේත් ඇස් දිලිසුනේ ෆොටෝ එක බලන්න ආසාවෙන් නෙමේ . සවාන් පිඟානට වැදුනු ලයිට් එලිය පරාවර්තනය වෙලා වෙන්නැති. කොහොම   හරි වාඩි වෙලා හිටිය පුටුව මම හෙමීට උගේ පැත්තට කරලා.ශේන් මල්ලිගේ ෆෝන් එකට එබුනා. 

ෆෝන් එකේ හයිඩ් කරලා තිබුනු ෆයිල් එකක් පුරෝලා තිබුනේ අර කියන කෙල්ලගේ ෆොටෝ. වට්සැප් ස්ටේටස් දාපුවා  ඉන්ස්ටා එකේ දාපුවා සේව් කරගෙන. මටත් දැක්ක ගමන් කියවුනේ අඩේ හෙන කියුට් කෙල්ලෙක් නේ බන් කියලා. 

ඒකනේ කවී අයියේ කියන්නේ .ඔයා ඇතට දැකලා නෑ නේ. මම දැකලා තියෙන ලස්සනම ඇස් දෙක තියෙන්නේ ඒ කෙල්ලට. සමහර වෙලාවකට හිතෙනවා අයියේ ඒ කෙල්ලව උස්සගෙන යන්න. නැත්නම් අහන්න හිතෙනවා මට එකම එක පාරක් ඔයාව තුරුල් කරන් ඉන්න ඉඩ දෙනවාද කියලා. අයියේ ඒ කෙල්ල එක පාරක් හා කිව්වොත් ඒ ඔලුව මගේ පපුවට තද කරගන්නවා මට පුලුවන් විදියට. මට ආසයි අයියේ ඒ කෙල්ල නිදාගෙන ඉන්නකොට ඇස්තියෙන්නේ කොහිමද කියලා බලන්න.

ශේන් මල්ලී, එත් ඒ කෙල්ල දන්නවා නේද උඹට කෙල්ලෙක් ඉන්න බව, එහෙම වෙලත් උඹ හිතනවද ඒ කෙල්ල කැමති  වෙයි කියලා උඹට තුරුල් වෙන්න. උඹ මහා වනචරයෙක් බන්.

ශේන් ගේ ඇස්වල ලාවට කදුලු ටිකක් එකතු වෙනවා වගේ දැනුනා. අපේ මේ විහිලු අස්සේ.

අයියේ ඒක ඒ කෙල්ල හොදටම දන්නවා, ඒ වගේම මම ඒකෙන් හෙම්බත් වෙලා ඉන්නේ කියලත් දන්නවා ඇති. අනික මම කිව්වේ මට තුරුල් කරගන් ඕන කියලා මිසක් ඒ කෙල්ලව මගේ ඇද උඩට  අදුම් නැතුව අරගන්න නෙමේ නේ. කියලා ශේන් මල්ලී කිව්වේ ටිකක් කේන්තියෙන් වගේ කෑ ගහලා.

ඒකනම් හැබැයි ගානක් වුනේ නෑ අපිට. මොකද ඒ වෙලාව වෙනකොට කුක්කා තම අදහස් දක්වමින් කිව්වේ ඌ ගාව තියෙන සේරම රෝස් චිකන් කටු ඔමී මල්ලී කාලා දාපුවා කියලා. ඔමී කිසි දෙයක් කිව්වේ නෑ.අ අඩු තරමින් බල්ලෝ කියලා බැන්නෙවත් නෑ. තමන්ගේ පාඩුවෙ උගේපැත්තේ තිබුනු චිකන් කැල්ලෙන් ඒ තරහා පිරි මහගත්තා මිසක්.

... ආයේ කතාවට ..

ශේන් මල්ලී ස්ප්‍රයිට් උගුරක් බීලා පිච්චෙන පපුව නිවා ගත්තා . ඊට පස්සේ කිව්වා. මම උඹලා ගැන දන්නේ නෑ මම ඒ කෙල්ලට ආදරෙයි. ඒ කෙල්ල මාව අමතක කරලා දාන්න දවසකට කලින් හරි මම ඒකිව තුරුල් කරගන්නවා. මම කලින් දවසකත් කිව්වානේ අයියේ. මම ඒ කල්ල ගාව තීන රස්නෙට කැමති. අනික උඹලා මේක අසහනේ කියන කැටගරියට දාන්න එපා. හේතුව කවදාවත මම ඒ කෙල්ලගේ දනහිසට පොඩි ප්‍රමානයක් පහලට වෙන්න මිසක් ඊට උඩින් දැකලා නෑ.එකි එහෙම අදින්නෙත් නෑ.

මම ඇහුවා එහෙනම් ශේන් මල්ලි උඹ ඇවිස්සුනේ මොනවා දැකලද . උඹ කොහොමද කියන්නේ ඩෝප් උනු වෙලාවට කියනවා වගේ රත්තරන් පාටයි කියලා.

ශෙන් මල්ලී ටික වෙලාවක් අමුතු විදියට බලන් ඉදලා හරිම පහත් හඩින් කිව්වා ඒකෙල්ල දවසක් වාඩි වෙලා ඉන්නකොට මම ගියා ටියුට් වගයක් දෙන්න. එතකොට මට පෙනුනා ඇදන් හිටපු බ්ලවුස් එකේ පිට් පස්සේ කොන්ඩෙට යටින් බටන් එක දාලා නැහැ කියලා. ඒ වෙලාවේ මම දැක්කා ඒ කෙල්ලට තියෙන්නේ හරිම ලස්සන රත්තරන් පාට හමක් කියලා. මම ආසයි අයියේ ඒ කෙල්ලගේ අතක් අල්ලගෙන ඉන්න ලඟින් තියගෙන ඉන්න. මම හිතන්නේ සමහර වෙලාවට මගේ හැඟිම අවුස්සන්නේ ඒ කෙල්ලගේ ඇදුම්.කොච්චර වැහිලා තිබුනත් එව්ගෙ තිබුනේ අමුතුම ලස්සනක්.

මොනා හරි වෙච්ච දෙන් මට දැන් දැන ගන්න ඕන ඒ කෙල්ලටත් මාව එහෙම දැනෙනවද මම ඒ කෙල්ලට ආදරේ කරන විදියට ඒ කෙල්ලත් මට ආදරෙයිද නැත්නම් මමත් ඒ කෙල්ලගේ ලිස්ට් එකේ ඉන්න තවත් එක කොල්ලෙක් විතරද කියලා. මිනිහා ආයෙ ෆෝන් එක දිහා බලලා කිව්වා. අයියා ඕක ලියන්න ගත්ත දවසේ ඉදන් වගේ දැන් ඒ කෙල්ල මට වැඩිය ස්නැප් එවන්නෙත් නෑ.
මම හරිම ආසයි ඒ කෙල්ල කැශුවල් ඉන්න ඇදුම් වලින් දාන ෆොටොස් වලට. අයියා ඒකත් ඒ සැනසීමත් මට නැති කලා කියලා. ෆෝන් එකේ තිබුනු අර කෙල්ලගේ ෆොටෝ එකක් ඉඹලා ඒක පපුවට තද කරගෙන පුටුවේම දිගා වුනා.

මම කල්පනා කරන්න ගත්තා. සමහර වෙලාවට මිනිස්සුගේ හිත් කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. කලින් ඇත්තටම උන් දෙන්න ආදරෙන් ඉදලා දැන් මන් නිසා වෙනම ඉන්නවද කියලා. ඇයි එතකොට ඒ නංගි ශේන් මල්ලිට ආදරෙයි කියන් නැත්තේ කියලා හිතුන. සමහර විත ඒ දැනෙන ආදරේ විදගන්න ඒ කෙල්ල අක්මැති ඇති. එහෙනත් නැත්නම් ඒ කෙල්ලගේ ලිස්ට් එකෙන් ඉන්න තවත් එක කොල්ලෙක් විතරක්ම වෙන්න ඇති ශේන් මල්ලි කියන්නේ.

කොහොම හරි මේක මම අහලා තියෙන අමුතුම කතාවක්. නංගි මේක කියවනවා නම් ශේන්ට බනින්න්නන එපා ඉන්න ටික දවස හරි ඌ මැරිලා යන්න කලින් ආදරෙයි කියපන්. 

අයිතියක් නෑ කියලා මිනිස්සු මිනිස්ස්සසුන්ට ආදරේ කරන්නේ බොහෝම කලාතුරකින්නේ . තාව කාලික උනත් ඒ ආදරේ උණුසුම් කර ගනින්.

නැත්නම් මේ බුරියානි එක වගේ නිවිලා ගිහින් කිසිම රසයක් නැති වේවි.

👋  ටටා ..

නැවත හමුවෙමු 

කවී.

නූතන දිසා පාමොක්ලා

සමහරු අහනව මේවා ඇත්තටම මේ ඉන්න අයට වුනු ඒවද කියලා.නෑ මනුස්සයයෝ මම ඔය උඩින්ම කියල තියෙන්නේ ඒකයි තව කෙනෙක්ට වුනු දේවල සමහර විට තවත් කෙනෙක්ගේ නමින් යනවා. ගාල්ලේ වරායේ වැඩ කරන යාලුවගේ කතාව කොලඹ ඉන්න යාලුවෙක් පිටින් දාන්නත් පුලුවන්නේ..

ඒවා වැඩක් නෑ ආදරේ සමබන්දව උදේ පාන්දර අර්තකථනයන් දෙන්නේ ඔමී මල්ලී තමා. ඌ කියන විදියට නූතන දිසාපාමොක් ලා අද්‍යාපනයට අමතරව තම සිසුවියන්නට සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපන වැඩ සටහන් ප්‍රායෝගිකව කාමර තුල ගාල් කරගෙන උගන්වන අවස්තා අනන්තය.

පායොගික පූහුනුව ලබාගැනීම සදහා ගෙන්න ගන්නා ළමයිද ඒ සදහා කැමැත්තෙන්ම ඉදිරිපත් වී කකුල් දෙක අතර පරතරය වැඩ් කර දිසාපාමොක්ලාට හොදින් ඉගැන්වීමට සහය දක්වන බවත්. තවත් ස්මහර වෙලාවට  නූතන දිසාපාමොක් ගේ පෞද්ගලික කාමරයේ ඉන්නවිට ඔඩොක්කුවේ වාඩි වී අතපසුවුනු පාඩම් අදී වෙගයෙන් නැවත ඉගෙන ගන්නා බව  දොරේ ටින්ටඩ් ස්ටිකර් අතරින් බොහෝ අයට දැක ගන්න හැකි වූ බවත් ඔවුන්ගේ මතයයි.

නමුත් ඇය මවගේ සූට් දියණියයි.!

Saturday, June 27, 2020

ඔමී මල්ලී සහ ටියුබ් ලයිට් නියෝන් එළි

උදේ පාන්දර මගේ ඔලුවට ආවේ නුවර එලියෙදී වුනු කතා බහක් මායි ඔමී මල්ලී සමඟ.
අලුයම අටට විතර! ඔව් මම නැගිටින වෙලාව අලුයම.ඒක දවල් දොලහ උනත් කමක් නෑ..

කවී අයියේ , ඔයා දන්නවද කොලඹ කොච්චර ලයිට් තිබුනත් අපි කොච්චර නියෝන් එලි යටට වෙලා හිටියත් එහේ හෙන අදුරු පැත්තක් තියෙනවා කියලා.

ඔව් බන් ලයිට් දාපු නැති තැන් කලුවරයි තමා..මොනා කරන්නද ඉතින්. කියලා මට කියවුනේ නිකන්මයි.

මේ කවී අයියේ මේක සීරියස් සීන් එකක්! කියලා ඔමී කිව්වේ ඔලුව බිමටම පාත් කරලා ඇස් කන්නාඩියටයි ඇහි බැමි වලටයි අතරින්  මන් දිහා පොලඟා බැල්මක් දාන ගමන්.

මමත් ක්ශනිකව සෝෆා එක උඩට කකුල් දෙක අරගෙන එරමිනියා ගොතාගෙන වාඩි වුනේ. කෝකටත් කියලා. මොකද සමහර විට ඔමීගේ කතාවේ විශඝෝර  සර්පයියෙක් , නයෙක් ඉදීමේ සම්භාවිතාව ඉතා ඉහලයි හරියට ලංකාවේ  හැම කොත්තුවකටම අජින මොටෝ හැන්දක් එනවා වගේ. කොහොමත් නුවර එලියේ සීතල වැඩී.

.මම කතාවට රෙඩී කියලා දැනගත්තම ඔමියත් ඉස්සර පුටුවේ ඩෝප් වුනු කසිප්පු කාරයෙක් ගානට හාන්සි උනා. ඊට පස්සෙ ට්ක වෙලා මගේ ෆෝන් චජර් එක දිහා බලන් ඉදලා කිව්වා. ඇත්තටම ලෝකෙට පේන්න මහ ගොඩක් ලයිට් දාලා  ෆ්ලෑශර් තියෙන   තැන්වල මිනිස්සුන්ගේ ජීවිත ඇතුල මාර අදුරුයි අයියේ. ඒක අපිට තේරුම ගන්න ටිකක් කල් යනවා.

ඔමී මොකක් වුනත් මේ කියන්න යන්නේ විදුලි බල මණ්ඩලයේ කතාවක් නෙමේ කියලා විශ්වාසයි.

ආයෙත් මූ කතාව පටන් ගන්නකොටම. ශේන් මල්ලි කමරේ ඉදන් කෑ ගහනවා ඇහුනා. අපි ඌ ගාවට ගියාම ඌ කියනවා. ඕයි මට කෙල ගහන්න ඕන මාව ගෙනියපන් කියලා. ඉව් ඉතින් ලඟ නවපු නැවිලි වලට සැන්ඩිත් නැතුව උට නැගිටගන්නත් බැරි තත්වයක් තියෙන්නේ.

කෝමහරි ඌව උස්සගෙන ඇවිත් රෑ මැද්දේ කොරිඩෝ එකේ තීයෙන කිරිබත් කෑලි හැඩේට ග්‍රිල් ගහල තියෙන ජනේලෙට මූන හේත්තු කලා. හිතේ හැටියට කෙල ගහන්න  කියලා.

ශේන් මල්ලි නිකන් ගිනස් වාර්තා පොතට ඇතුල් වෙන්න රෙකෝඩ් එකකට වගේ කෙල ගහනවා. ටික වෙලාවකින් කියනවා කෙල ඉවරයි කියලා. එතකොට අපි ආයේ ස්ප්‍රයිට් ටිකක් දෙනවා කට හෝදගන්න. ඌ එක බීලා ආයි කෙල ගහනවා. බැරිම තැන ඔමී ස්විටර් එකක් ශේන් ගේ අත් දෙක යටුන් යවලා කරකවලා අරගෙන එකේ අත් දෙක ග්‍රිල් එකේගැට ගහලා එල්ලුවා.

සරල සමී කරනයක් ඒ ටික වෙලාවකට විතරයි.😅

ඒ එක්කම වගේ රැම්බා මල්ලී බෙරිහන් දෙනවා ඇහුනා. කවුද ඕයි මගේ බුරියේ දෙහි ඔබපු එකා. කුක්කා ඔයි පහක් දානවා අවුලක් නැත්නම්.

එකත් හොදයි ශේන් මල්ලි කෑ ගහනවා කෙල යන්නේ නෑ කියලා. රැම්බො මල්ලී කැ ගහනවා පහක් දාප්න් ෆිට් එකට කියලා. ඔමී කොයි එකටත් කියලා ඉතුරුවුනු බෝතලේ තිබ්බ අරික් කාලක් විතර එක හුස්මට කටේ හලා ගෙන බීලා මට කියනවා. 

කවී අයියේ මම මේ ටික බීලා බැලුවේ බීපු බ්‍රැන්ඩි එකේ අවුලක්ද කියලා ඒත් එහෙම නෑ විස්කි විස්කිම තමා.

කුක්කා කොස්සයි ඩසට්  බින් එකයි තියාගෙන ක්ලීනින් සරවිස් කරලා ඉවර්වුනා විතරයි.

පාන්දර එකට විතර හොදටම නිදිමතයි.
මම උන්දෙන්නටම කිව්වා ඔමියගේ කතාව වෙන දවසක අහමු දැන් අපි නිදාගමු බන් කියලා.

උන් දෙන්නම කිසිම හැගිමක් නැතුව ඔලුව වනලා කරටන් දෙකක් ඔලුවේ ඉදන් ඔතාගෙන බූතයෝ දෙන්නෙක් වගේ ඇදන්වලට ගියේ අමුතුම විදියකට පාවෙන ගමන්.

😎 

නුවර එලියේ ගිහින් අදට මාස හයකට වැඩි වුනත් ඔමි ගේ කතාව තාම අහගන්න බැරි වුනා.

පස්සේ හම්බවෙමු.

ටටා..👋 

කවී

Friday, June 26, 2020

විශ්ව හැකුලුම් න්‍යාය සහ එකවුන්ට්ස්

උදේ පාන්දර ශේන් මල්ලිගෙන් වට්සැප් එකක්.
අයියේ තමුසේ අපේ චරිත අමු අමුවේ බාබකියු දාන සීන් එකක් පෙන්නුම් කරන්නේ.

මට දැනුනේ පට්ට සතුටක්! 🤣..හරි බන් උඹ අපේ එවුන්  ඇරෙන්න වෙන කවුරුත් දන්නේ නෑ නෙ මේ උඹ කියලා.
...................

ඔෆිස් එක කියන්නේ හරිම ලස්සන තැනක්, ඒ වගේම නිකන් වික්ටෝරියා වේල්ල පහල තියෙන තඩි ගලක් වගේ එකක්. වේල්ල වැහුවම අව්වට රත් වෙවී තියෙනවා වතුර පොදක් නැතුව තවත් වෙලාවකට හෙන ගහන්න වගේ අපිවත් වහගෙන වතුර පාර ගලාගෙන යනව. දැන් අපි හැමොම බලා පොරොත්තුවෙන් ඉන්න සුනාමි සීසන් එකක්. හිර වුනු ඕඩර්ස් ඔලුව උඩින් යන්න එනකොට. තරු දිලිසෙන්න ගනී. 

ඕනම තැනක ප්‍රොෆිට් අඩු වෙනකොට කැපෙන පඩි සමහර අවස්තාවල වැඩ වැඩිවෙනකොට  ප්‍රොෆිට් වැඩිවෙනකොට වැඩි වෙන්නෙනම් නෑ. ඒක කම්පැනි දර්මතාවය. ඒක සහ සංයුජ සම්බන්දතාවයක්.

වෙලාවට අපි ගල් වුනේ. කරුමෙට හරි කොට්ටම්බා ඇටයක් හරි මුල් කෑල්ලක් වුනා නම් ගහගෙන ගිහිල්ලා හයියෙන්. 🍷 .

කෙප්ලර් ගේ විශ්ව හැකුලුම් න්‍යාය වුනත් මේකට හේතුව විදියට අපේ එකවුන්ට්ස් ඩිපාට්මන්ට් එකේන් ගේන්න පුලුවන්.

ඒක හරියට තුනට වහන බැංකුවේ ඩිපොසිට් කරන්න  කියල හරියටම දෙකයි පනස් පහට චෙක් එකක්  දීලා ඒක කරගන්න බැරි වුනාම යන එකාට බනිනවා වගේ. තියරිය හරි. අපි දුන්නේ තුනට කලින් කියලා එකවුන්ට්ස් පීපල්ස් කියනවා. අපේ රොකට් එකේ ගිය සහෝදරයා හති දානවා.

උන්ට කොයි වෙලේ හටි ආතරයිටිස් හැදෙනවා අපේ පඩි පෙල නැගල බැහැලම.

ටටා 👋  හෙට හමුවෙමු.

කවී

Thursday, June 25, 2020

ගැසට්, ටෙන්ඩර් හා රැකියා විරහිත උපාදි ධාරියා

උදේ පාන්දරම ඇහැරුනේ වෙන කිසි දෙයක් නිසා නෙමේ. ඔෆිස් එකට යන්න ඕන නිසා. 

ඊයෙ පෙරේදා කුක්කා මල්ලිට ඉස්සො වඩේ කන්න ඕන කියලා ගෝල්ෆේස් එකට මහ රෑ ගියාට. ආසාවට එක කඩයක් තිබුනෙ නැ ඇරලා ගෝල් ෆේස් එකේ.
ඒ වෙනුවට නයා සරුංගලයක් අරන් දුන්නේ ඌට යව යව ඉන්න.😑

කෝම හරි රෑ 11 වෙනකොට තදට බඩගිනී. අනිතිමේ ගිස් ශාලින් පුතාගේ බෝඩරේ. රාජගිරියෙ කොත්තු කඩෙන් කිලෝ පහක් හයක් විතර බර කොත්තුවකුයි රයිස් එකකුයි අරන්ගියෙ කරගන්න දෙයක් නැති නිසා.

ගිස් මල්ලී එහෙම්ම වැට පැනලා ගෙදර ගියා, අනිත් දවසෙ ඔෆිස් යන්න ඕන සහ සෑම ඔෆිස් දවසකට කලින් හොද නින්දක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව කියමින් සහ. එමගින් ඔහුගේ සම රන් වන් පැහැ ගන්වන බව පවසමින්. ගිස් මල්ලි සහ මම බැලැක් ඇමැරිකන් වගේ පැහැයක් ඇති බව පවසා උගේ පුන්චි සිත බිදීමට මම අකමැති වුනෙමි.

නමුත් පසුව ආරන්චි වුනු විදියට ගිස් මල්ලීට අර ලගදි සෙට්ල් වුනු නංගි බබාව නලවා දොයි කරගන්න තද බල උවමනාවක් තිබුනු බවයි. ගංගා මෑනියන්ගේම පිහිටයි ඌට 

කොහොම හරි අපි ඉතින් එක බංකුවේ වාඩි වෙලා ඉන්න ටියුශන් ලමයි ටිකක් විතරයි. සර් එනකන් පන්තියට පිස්සු නටන. සල්ලි දීලා බය වෙලා ඉන්න.

ඒකත් නිකන්....
 ශේන් මල්ලිගේ ආදරේ වගේ. ශේන් මල්ලි උදේ පාන්දරම මැසේජ් එකක් දාලා තිබුනේ. පෙර දවක ඌ  ප්‍රකාශ කල උගේ නොහිමි ප්‍රේමය ඌට ඇත්තටම අයිති නැති බවයි.
ඒක නිකන් ඌ කිව්වේ රජයේ නිවේදනයක් ගැසට් කරලා වගේ. 
මමත් නිකන් රැකියා විරහිත උපාදි දාරියෙක් වගේ එක හුස්මට ඒ කතාව කියවන් ගියා.
..

ඒ අතර මට දැනුනෙ උගෙ වචන වල පොඩු වේදනාවක් තැවරිලා තියෙන බව. ඌ කියන විදියට සමහර විට ඒ කෙල්ල ඌ වගේම ඔෆිස් එකේම තව කාට හරි ආදරේ කරනවා වගේ දෙයක්. මම ඇහුවා ඇයි මල්ලි එහෙම දෙයක් උපකල්පනය කලේ කියලා.

ඌ ආයෙත් එවලා තිබ්බා, එහෙම තමයි කවී අයියේ. මම සමහර වෙලාව බැදලා මේ කෙල්ලට ආදරේ කරනවා වගේ ඒ කෙල්ල තව කෙනෙක්ට ඒ ආදරේ දෙනවද කියලා මම දන්නේ නෑ නෙ.මැසේජ් ලිස්ට් එක ඇහැ කොනින් දැක්කාම දුක හිතුනෙ නෑ කිව්වොත් බොරු. ඒ කෙල්ල හරියට මට කියන්නේ නෑ ආදරේද නැද්ද කියලා දැන්. අනික හැසිරීමත් වෙනස්. වෙනද මගේ කෑම එකෙන් කන්න බලන් ඉන්න කෙල්ල දැන් කඩෙන් පාර්සලයක් ගෙනත් තනියම කනවා. එක වචනයක් වත් කිව්වා නම් අයියේ අවුලක් නෑ.

       ඒ වචන ටිකෙන් මම තේරුම් ගත්තේ රජයේ නිවේදන කරන මිනිසා ට සෙත් කවි ලිවීම මෙන්ම වස් කවිද ලියන්නට හැකි බවයි.

දැන් මම කතෲය. එම නිසා මගේ වගකීම ගැසට් කිරීමයි.

ටටා. 👋 

කවී.

Wednesday, June 24, 2020

කොල්ලොන්ට ඕන ශීතල

ශීතල නැත්නම් සීතල කියපු ගමන් අපේ ඔලුව එන්නේ රජයේ කාර්යාලයකම ඉන්න අයිස් ගහන ඩයල් එකක් වෙන්න පුලුවන්  ඒත් මේක එහෙම් කතාවක් නෙමේ . කොල්ලොන්ට් බොන්න ඕන නිසාම ශීතල නුවර එලියට ගිය ගමනක්.

ගිස් ශාලින්දගේ කන්ටැක්ට් එකකට ට්‍රේන් එක බුක් නොකර මරදානේ ස්ටේශන් එකෙන් ගොඩ වෙන්න හිටියත් රෑ අට වෙනකොට. රැම්බො මල්ලි, කුක්කා මල්ලි , ඔමී, ශේන් සහ ශාලින්ද මල්ලි ආපු වෑන් එක එනකොටම රෑ නවයයි. ට්‍රේන් එක කොටුවෙ ස්ටේශන් එකට අද්දල ඉවරයි. කරන්න දෙයක් නැති කමට ටුක් ටූක් දෙකක් දාගෙන ගියා කොටුවෙ ස්ටේශන් එකට.

කොහොම හරි ඒ පරක්කු වෙලා තියෙනකොටත් ඔමීගේ හිත දුවන්නේම පෙට්ට් කඩවල් වල රාක්ක අස්සට. සයිවර් කඩවල් වල වීදුරු පෙට්ටි අස්සෙ ඇස් දුවන හැටි කන්නාඩියට යටින් හොදට පෙනුන . අය්යේ ඔයාලා ගිහින් සීට් ටිකක් අල්ල ගන්න බලන්න අපි කඩේට දුවල එන්නන කිව්වා. මාත් හිතුවෙ පව් වැඩේ බඩගිනිද දන්නේ නෑ කියලා එත් යන දේවාලෙක් ගිහින් වරෙන් කිව්වා ට්‍රේන් එක මෙතනින් අද්දන්න කලින් නානුඔයට.


අපි ට්‍රේන් එකට නගින්න බලන් ඉන්නවා ඉන්නවා ඔමී නෑ බැන බැන ඉන්නේ ඉතින්. ලස්සන වචන මතක් වෙනව් අපිට. කෝම හරි ට්‍රේන් එක අද්දන්න විනාඩි ගානක් ගානක් තියෙද්දි ඔමී මල්ලි ආවා හරිම 

සසතුටින්  මුනෙ නිකන් මල් දාහක් පිපිලා වගේ. ඇවිත් අලුත ඉපදුනු දරුවෙක් දෙනවා වගේ පරිස්සමට කුක්කා මල්ලිගේ අතේ තිබ්බේ නිල්ම නිල් පාට ඩන්හිල් පැකට් එකක්. යකෝ හු*$*#*#* මේ ට්‍රේන් එක අද්දන්න යන අස්සේ ඕකද හොයන්න ගියෙ? උඹ වගේ හු******** කොල්ලෙක් යකෝ කියලා මම ආදරෙන් කතා කලා.
ඔමීගේ මුනේ තිබුනෙ අහිංසක හිනාවක් , එකට ඉතින් අට නවය වසරෙ කෙල්ලෙක් රැවටුනොත් මිසක් අපි රැවටෙන්නේ නෑ . 

කොහොම හරි අපිත් පොරකාගෙන නැග්ගා ට්‍රේන් එකට. සේරම සීට් ෆුල්.සූ ගාන්න සෙනඟ. කරන්න දෙයක් නෑ අපිට ඉන්න වුනේ ට්‍රේන් එකේ දොර ගාව. කොලඹ ඉදන් නුවර එලියටම  හිටගෙන ට්‍රිප් එකක් ගියාමයි. ඉදල හිටලා බිම වාඩි වුනාට. ට්‍රේන් එකේ දොරේදි තමා අපේ එකෙක්ට අහිංසක හසි නංගිවත් හම්බුනේ. මට තාම මතකයි ඌ සෙට් වුනු ගමන් කියපු වචන ටික " කවී අයියේ මම මේක හිතුනොත් සිරා කරනවා." ඒකී හෙන අහිංසකයි " අයියේ. හතර පාරකට වඩා කොල්ලොත් එක්ක රූම් ගියා කියලා ඒකිම කිව්වට ඒකි තාම නොයිදුල් නිකැලැල් යුවතියක් බව ගමන් පුරා උගේ තිබුනු මතයයි.
..
කමක් නෑ දැක්කේ නෑ වගේ හිටියම හරි කියල හිතුන වාර අනන්තයි. 

ශේන් මල්ලි කියන විදියට ඕක හරි අමුතුම සීන් එකක්.සහ උගේ එකහැකියාවක්. අපිට බෑනේ ඔව්වා.
 කොහොමහරි අපි නුවර එලියටත් ආවා පාන්දර දෙක වෙනකොට. උදේ පාන්දර සිටේශන් එකේ ඉදන්ම ශීතල වැඩි කමට කවුරුත් වොඩ්කා බෝතලෙන් කට හේදුවෙ නෑ, වොඩ්කා ලීටරයක් විනාඩි හතර න් ඉවර වුනාම දැනෙන හැගිම් විස්තර කරන්න බෑනේ.

ලඟම තියෙන තේ කඩේ තියෙන්නේ ස්ටේශන් එකට කිලෝමීටරයකට එහායින්.කෝම හරි කුක්කා මල්ලී ඔමී සහ රැම්බෝ ගිහින් ගල් වෙච්ච මාලු පාන් දහයක් ගෙනාවා. ( ගල් බනිස් වගේ සීතලට මිදිලා).

 පස්සේ අපි ආවෙ හාවා එලිය සර්කිට් එකට. උදේම කාලා බිලා ෆුඩ් සිටියට ගියා ඕන කරන බඩු ගන්න. ෆුඩ් සිටියෙන් එලියට බහිනකොට මිනිස්සු අපි දිහා හරිම ගෞරවයෙන් බලන් හිටියා. මොකද උදේ පාන්දර ෆුඩ් සිටිය ඇරපු ගමන් අපි එලියට එකෙක් අතේ බෝතල් දෙක ගානෙ තියාගෙන.

ඔමී ගිස් සාලින් මල්ලිට පැහැදිලි කලා සීතල පලාතක බොන වෙලාවට පිලිපදින්න ඕන කරුනු. හරියට ප්‍රොෆෙසර් කෙනෙක් වගේ..මට වෙලාවකට හිතෙනවා ඔමී කියන්නේ ජොනී වෝකර් එකේ රස පරීක්ශක කෙනෙක්ද කියලා. මූ කරන වැඩ වලට. 

කතාව දිගයි හෙට හම්බවෙමු.

ටූ බී කන්ටිනියූ ඔන් ටුමෝරෝ.
ටටා 👋 

කවී.




Tuesday, June 23, 2020

පාප්පු සේල්ස්මන් සහ ලාභ නොලබන ඩිලිවරි

අටමංගල්‍යයක් නම් කවියා!
ගත්ත සෙරෙප්පු දෙක සේල්ස්මන් ඩිලිවර් කරන් ඒ නැත්නම් කවියගේ ගෙදරින් තියහන් ඌට කියලා ගෙන්න ගන්නම් වගේ දෙයක් කියන්න පුලුවන් වීම ගැන දිමිත්‍රී බාලසූරියට ස්තූති කරන අතර ඩිලිවරියටත් සල්ලි ගෙන ඒ ටොපිය මට තෑගි ඔප්පුවකින් ලියාදුන් සේල්ස්මන් ශෙයිබා පුතාට මාගේ සුභාශින්ශනය පූජා කරමි.

සියලු දේ බිස්නස් එකකින් කෙලවර වන බව මින් උගත යුතුය.

Sunday, June 21, 2020

ඩ්‍රම් බ්‍රේක් ඩිස් බ්‍රේක් සහ ABS හැඟීම්

සමහර වෙලාවට මිනිස්සු තේරුම් ගන්නේ හරි අපූරුවට.
නාවල බිල්ඩින් එකේ හම්බුනු යාලුවාගේ කතාව වගේ. මිනිස්සු හරි අමුතුවට වැලද ගන්නවා විචාරයන් දෙන්න බලනවා විහිලුවක් බවට පත් කරන්න හදනවා.
තවත් සමහර ආදරනීය චරිත ආදරනීයව වැලද ගන්නවා. කතාව කල්පිත වුනත්. හැඟීම් එලෙසම ඉතුරු කිරීම තුලින්.

ශේන් මල්ලි කියපු විදියට ඔහුත් කියවා ඔහුගේ හිතේ පැලපදියම් වූ සුන්දර චරිතයටත් කියවන්න දුන් බව වට්සැප් තුලින් මට කෙටිව සටහන් කර එවා තිබුනි.

මම ඔහුට සටහන් කර යැවුවේ මම උඹේවත් ඒ කෙල්ලගෙවත් නම සටහන් කලේ නැති බවයි.
ශේන් මල්ලිගේ පිලිතුර වුනේ..

 නැහැ කවී අයියේ උඹ නම සදහන් කලේ නැති වුනාට ඒකේ එහෙම් පිටින්ම තිබුනේ මගේ කතාව කියලා. මම ඒක ඒ කෙල්ලට යවපු වෙලාවේ ඉදන් ඒක හතර පාරක් කිකියෙවුවා කියලා ඒ කෙල්ල මට කිව්වා. අයියේ මේක ඉන්න චරිත දෙක ඔයයි මමයිද කියලා මට හිතෙනවා, ඒත් වැරදී නම් වැරදියට හිතන්න එපා කියලා.

කවී අයියේ ..ඕයි මට හෙනයක් ගැහුවා වගේ වුනා හරියට ඔලුව මැදට! තමුසෙගේ ඔය වචන ටික ඇතුලේ මට දැනුන දේ කොහොමද අර කෙල්ලටත් දැනුනේ. ?

වට්ස්සසැප් මැසේජ් එක කියවපු මම ටක් ගාලා ශේන් මල්ලිට කොල් එකක් ගැහුවා. ඌ අන්සර් කරපු ගමන් මම බැන්නේ හු*&$%$$$$@*$*$ කරන්නේ කියන ගමන්. ඒත් මට දැන ගන්න ඕන වුනා ඒක අවසාන වුන විදිහ. මොක්ද  මේක දැන් ඒක පාර්ශවික ආදරයක් නෙමේ දැන් මේක නිකන් නොහිමි බව දැන දැන ආදරේ කරනවා වගේ දෙයක්. 

මේ ශේන් මල්ලී ඒ කෙල්ල උඹට බැන්නද ඕක කියවලා.?
නෑ කවි අයියේ මටත් හුස්ම ගන්න අමතක වුනේ ඒක නිසා වෙන කවුරු හරි නම් මේක වෙන ප්‍රශ්නයක් වෙනවා. හරියට නිකම් වලත්ත කමට ඩබල් ගේම් ගහන්න දගලනවා කියලා හිතනවා. ඒත් මම ඇහුවම ඒ කෙල්ල කිව්වා ශේන් අයියේ මම කොහොම්ද ඔයාට බනින්නේ කියලා.

මේ කතාව අහපු මම කිව්වේ ඔයි ශේන් මල්ලී තමුසේ හෙනම වල් බුවෙක් ඕයි. හිතක් පපුවක් නැතුව කෙල්ලො දෙන්නෙක් සෙට් කරගන්න හදන්නේ? නිකම්ද?.

නෑ නෑ කවී අයියේ මම මේ කෙල්ලව රැවැට්ටුවෙ නෑ නේ. මගේ ගැන හැමදෙයක්ම දන්නවා මම බොරුවට ගිහින් කියලා නෑ මට කෙල්ලෙක් නෑ අරකද මේකද කියලා. ඉතින් ඒ කෙල්ල එහෙම පටු විදිහට හිතුවේ නෑ.තරහ ගත්තෙත් නෑ . මේ කවී අයියේ මගේ නම දාපන් බ්ලොග් එකට ඒත් අර කෙලගේ නම දාන්න එපා 😑 හරි නෑ නේ.

හරි ශේන් මල්ලී. අනික ඕයි මේක බ්ලොග් එකක් මිසක් චරිතාපදානයක් නෙමේ. මිනිස්සු කියවලා බලලා යයි යන්න. බොහිමයක් අය දන්නවා මේක 50% අවස්තාවේ තියෙන්නේ කියලා ඇත්තක් වෙන්න.

ඒ මගුල් වැඩක් නෑ ! උඹ මට දැන් කියපන් ඒ කෙල්ල උඹට ආදරෙයි කිව්වද . ලාවට බෝක්කු කට ඇරලා මල් වෙඩිල්ලක් වගේ හිනාවක් දාපු ශේන් මල්ලී මේහෙම කිව්වා. කවී අයියේ පලවෙනි පාරට මම දැන ගත්තා මිනිස්සුන්ට ආදරේ ප්‍රකාශ නොකර ආදරේ කරන්න පුලුවන් කියලා. ඒ වගේම අයිතියක් නැති මිනිස්සු ප්‍රකාශ කරන්නේ නැතුවම ආදරේ කරනවා කියලා. අන්න ඒකයි මම කිව්වේ මට ඒ කෙල්ල තරහ වෙලාද කියලා ඇහුවම ඔව් කියලා කියන්නේ බොරුවට හිත නෑ කියලා කෑ ගහනකොට.

ශේන් මල්ලි මේ ඕකෙන් උබට වගේම ඒ කෙල්ලටට්ග් උඹලගේ ඔය ඔෆිස් එකේ එවුන්ගෙන් කතා අහගන්න වෙයි. 

නෑ නෑ කවි අයියේ. මමයි ඒ ගෑනු ලමයයි එකගත්වයකට ආවා මේක අපි දෙන්නා විතරක් දැනගෙන හිටියාම ඇති කියලා. අනික කවි අයියේ පුලුවන් වෙලාවට උඹ දිගටම අතර මැද්දෙන් අපේ කතාවට වෙන දේ ලියන්නෙ . මොකද උඹේ ඔග සමහර චරිතවල නමක් ගමක් නැති වුනාට සමහර මිනිස්සුන්ට දැනෙනවා මේ ලියලා තියන්නේ තමන් ගැනද කියලා.


හරී ශේන් මල්ලී දේවල් තුනක් තියෙනවා කියන්න උඹට. පලවෙනි එක මිනිස්සු  සමහර තැන් වල දුර තියන්  කකකුලක්  පැඩ්ල් එකේ තියන් ඇව්ත බේක් කරනවා. ස්ලෝ කරන් යනවා.

තවත් සමහරු ජීවිත ලගටම ගිහින් බේක් කරනවා පොඩි තිගැස්සීමක් තිබුනට අවුලක් නෑ  .

අනිතිම සහ අමුතුම එක ABS වදින එක. හෙන ගහන්න වගේ අපේ ජීවිත තව ජීවිත ලග බේක් වදිනවා. අපේ ජීවිත බැදීම් කියන සීට් බෙල්ට් එකත් කඩාගෙන එන තරම් තිගැස්සෙන.හදවත තදවෙන ඒ වදින බ්‍රේක් පාර තාර පාර කියන ජීවිත උඩ තදට සටහන් වෙනවා.
  
උඹේ කතාව වගේ.

පරිස්සම්න් උබලා ! 


✌👋ටටා
.කවී.
 

Saturday, June 20, 2020

ආදරේ බෙදීම සහ කොත්තුව

ර්යෙ රෑ හත පහු වෙනකොට මම නාවල කුසල් මල්ලිලාගේ තට්ටු හතරේ ඔෆිස් එකේ.
මම රැම්බෝ මල්ලි ඔමාර් මල්ලි කුක්කා මල්ලී
තමයි ඊයෙ හිටිය ජනතාව. ගිස් සාලින් මල්ලිට  මිස් වෙලා පාටිය.

රෑ දොලහ වෙනකන් අපි කතා කර කර හිටිය. හැමතැනම් තියෙන සමානකම් ගැන. උන්ට දැනෙන විදිය ගැන. බැලුවම ලස්සනට පෙනුනට අපි එකම අත්තේ වහපු කුරුල්ලෝ. විස්කි එකයි මසාලා කොත්තුයි කොල්ලොන්ගේ ශරීර පුරවනකොට ඉන්න ඉඩ නැති හින්දද නැත්නම් විස්කි ගනකම් අඩු නිසාද දනේ නෑ හිත ඇතුලෙ හිර වෙලා තිබ්බ දේවල එලියට ආවා වික්ටෝරියා ජලාශේ වාන් දොරටු ඇරිය වගේ.

එතනින් එකෙක් ගේ කතාවක්..

 කවි අයියා කියන විදියට අපි හොදනම් ඇයි මම අර පොඩි කෙල්ලෙක්ට ආදරේ කරන්නේ. කොච්චර කලත් කවී අයියේ මට බදින්න කෙල්ලෙක් හිටියත් ඇයි අර පොඩි කෙල්ලගෙ හිනාවට එච්චර ආස කරන්නෙ ආදරේ කරන්නේ. 
අතින් අල්ලන්න ආස කරන්නේ ? පලවෙනි දවස වගේ. ඇයි ඒන්පොඩි කෙල්ල තරහා වුනාම දුක හිතෙන්නේ? ලඟ ඉන්නවනම් ආස හිතෙන්නේ. මූන දැක්කම හුරතල් කරන්න හිතෙන්නේ. ල බීපු අරක්කු වැඩි වෙලා කියවනව නෙමේ අපි පොදුවේ හොද මිනිස්සු නෙමේ කියලා මට හිතෙනවා.
මම කතාව අහන් ඉදලා ඇහුවා ඇයි මල්ලි පැටලන්නේ එහෙනම් උඹ කියහන් ඒ නංගිට ආදරෙයි කියලා. මොකද බොරුවක් උඩ ජීවත් වෙනවට වාඩා ඇත්ත උඩ විනඩියක් ජීවත් උනත් සැපක් කියලා.

එහෙම නෙමේ අයියේ ඔයාට තේරෙන්නේ නෑ මට තියෙන්නේ ඒ දෙන්නම ඕන වගේ හැගීමක්. අඩේ මුගෙ තීන මනමාල කම . 
නෑ නෑ කවී අයියේ ඔයාට තේරෙම් ගන්න බෑ මට මට එහෙම දැන් ඉන්න කෙනාගෙන් අයින් වෙලා මේ පොඩි කෙල්ල එක්ක ගමනක් යන්න බෑ බන් අයියේ. මොකොද කොහොම නමුත් ඒ කෙල්ලත් දන්නවා මමත් දන්නවා අපි දෙන්නට එකතු වෙන්න බෑ කියලා. මොකද අපි වෙනස්ම ජාතීන් දෙකක්. ආගම් දෙක්ක්. හැගිම් කොහොමද දන්නේ නෑ නමුත්. ආදරේ දෙකට දාලා ආගම එකට තියාගනී කියක හිතෙන ජනතාවක් එක්ක ජිවත් වෙන පිරිසක්. ඒත් මට කියන්න ආසයි අයියේ මම ආදරේ කරනව කියල හිතින් හරි ඒ මූනට. ඒ හුරතලේට.
සමහර විට ඒ කෙල්ල දන්නවා ඇති මගේ හිතේ අමුතුම ආදරයක් තීනව කියල ඒකි ගැන. ඒත් සමහර විට ඒ කෙල්ලත් මන් වගේම වෙන්නැති. මට ආදරේ පෙන්වල ගෙදර යන්නේ බදින්න ඉන්න කොල්ලා එක්ක වෙන්න පුලුවන්.

හවි හව් , කරස් බරස් ටෲක්.. චිකන් කිව්වට මල්ලි මුන් කොත්තුවට දාලා තියෙන්නෙ කටුද මන්දා. මම කිව්වේ කතාව අතර මැද්දෙන්.

ඕයි අයියේ ජෝගි නෙමේ මේක සීරියස් කතාවක්. කියල ඌ කියන්න ගත්තාම , මම කිව්වේ අවුලක් නැ මල්ලි ඔයා තියෙන්නේ පොඩි ආකර්ශනයක් විතරයි කියලා.
ඕක හරි යයි.

ඌ ටික වෙලාවකින් හෙන හුස්මක් පිට කලේ ප්‍රයිවට් බස් එකක වැකුම් යවනව වගේ. නැත්නම් ටියුබ් ටයර් එකකට පාරාල ඇනයක් වැදුන වගේ.

එහෙම නෙමේකවි අයියේ කවුරු හරි ඒ කෙල්ලට විහිලු කලත් මගේ හිත රිදෙනවා. කොටින්ම කියනව නම් අනිත් අයගේ විහිලු වලට මම හිනා වුනාට ඒ කෙල්ලට දුක හිතුනද දන්න්නේ නෑ කියලා මාත් දුක් වෙනවා. ඒ වගේම අනිත් කෙනෙක්ගේ විහිලුවකට හිනා වෙනකොට මට ඉර්ශ්‍යා හිතෙනවා. සමහර වෙලාවට මට ඒ කෙල්ලගෙ ඇස් දෙක දිහම බලන් ඉන්න හිතෙනවා.මූන දිහාම බලන් ඉන හිතෙනවා. බලෙන්ම ලගට ඇදලා අරගෙ තද කරලා තුරුල් කරගන්න හිතෙනවා. යන්න දෙන්නේ නැතුව. තරහද කියකා අහනකොට තරහා නෑ කියලා කියන්න ඕන් වුනත් හිතෙ තියෙන දේවල් තද කරන් ඔව් තරහයි කියනවා. වැඩ ඉවර වෙලා බායි කියනේනැතුව ගියොත් දුක හිතෙනවා.( විස්කි බෝතලෙන් තව මූඩියක් ඉතුරු වෙලා තිබුනත් බඩු හොදට වැඩ කරන බව දැන් තහවුරුයි) අයියේ මගෙ ලගටම වෙලා ඉන්නකොට ඒ දැනෙන උණුසුමට මා කැමතී.

මම වැරදිද කවී අයියේ කියපු කතාව?

මට දෙයක් කියා ගන්න ඕන වුනත් තඩි කොත්තු අහුරක් කටේ ඔබාගෙන සිටිය බැවින් කිසිත් නොකියාම සිටියෙමි. අනික ඌ කතාව නැවැත්තුවානම් මට කන්න කොත්තුවක් ඉතුරු නොවන බවත් දනිමි. එහෙයින් මාත් කුසලුත් කොත්තු කෑ නම් තවත් මොන කතාද අසමින් නිහඩ වුනෙමි.

ටටා 👋 නැවත හමු වෙමු.

කවී.




Friday, June 19, 2020

අයිසින් සහ කේක්

ජීවිතය තුලට හැරී බැලීමේදී ඔනෑතරම් මිතුරන් යන වචනය හමුවී ඇති බව සිතෙන්නේ නිකමටය.
උදව්වක් අවශ්‍ය වූ විත මතක් වෙන මිතුරන් කැටගරිය තුල.

ලෝකයේ බොහෝ වෙලාවට සිතුවන හැම දේකටම රීතියක් තිබෙනවා.අපේ භාශාවෙන් කියනවනම් තියරියකට තමා හැම දේම වෙන්නේ.

ඔනෑම දෙයක් සුලබ වෙනකොට නිතරම ගැටෙනකොට දකිනකොට ලැබෙනකොට ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙන්නේ නිකන්මයි.
කොරෝනා නියා මිනිස්සු මැරෙන එක  , නැත්නම් වර්ණවාදය අරගෙන ගහගන්න එක දැන දැකලම අපිට සාමාන්‍ය වෙලා.

ඒ කියනේ කෙන්තියාම් ඉර්ශයා කිරිම වෙන්වීම්,  බොරු මිත්‍රකම් සුලභයි.
ඒ නිසා වෙන්න ඇති මිනිස්සු ගොඩක් වෙලාවට පණ කඩාගෙන ආදරේ සෙනහස හොයාගෙන දුවන්නේ.
මොකද කරුණාව ආදරය කියන දේ දුලබයි වටිනාකම වැඩී ඒ නිසාම.

මිනිස්සු ඒ නිසා වෙන්නැති මහන්සි වෙන්නේ ඒවා ලබා ගන්න.

උඹ කවද හරි උඹේ හොදම යාලුවෙක් තවත් යාලුවෙක් වෙනුවෙන් නැති කරගෙන තියෙනවද.අන්තිමේ රැදෙයි කියලා හිතපු එකාත් නැති වෙලා යනකොට උඹට නිකමට හිතෙනවද දුකක්. යාලුවො රංචු ගැහිලා ඉන්නකොට සතුටක් එක්ක දුකක් දැනෙනවද.

අපේ යාලු කම් සෑහෙන්න බොරුව කියන අයිසින් වලින් වැහිල ගිය ආදරේ බැදීම් කියන කේක් එකක් වගේ.
දැක්ක ගම්න් අයිසින් ලස්සන උනාට පාට වුනාට මිනිස්සු ඒ තරම අයිසින් කන්න කැමති නෑ. හේතුව මිනිස්සු දන්නවා අයිසින් එකේ ඇති දෙයක් නෑ කියල.ව්‍යාජ පැනිරස සහ පාට ඇරුනම.

ඒක හරියට උඹ වෙවුල වෙවුල බයානක මත්ද්‍රව්‍ය ජාතියක ඇබඇබ්බැහි වෙලා කියපන්
උඹ කුඩු කාරයා කැටගරියට වැටී එතැනින් ඉවත් වේවි .
අපිට තිබෙන්නේ නැවත උදව්වක් ඉල්ලනා තුරු අමතකව හිදීමයි.

කවී.


Thursday, June 18, 2020

හම්ප්ටී ඩම්ප්ටී සහ ෆෝන් බුක් එක

උදේ පාන්දර එන ඇමතුමෙ සටහන්ව ඇත්තේ හෙනම අවුලකි. දුරකතනයේ පෞද්ගලික නාමාවලිය මිනිසුන් විවිද අයුරින් සේව් කරන්නේ ඇයිදැයි යන්න ගැටලුවක් නොවූ ප්ශනයකි.

එකිනෙකාගේ ෆෝන් බුක් එකේ මගේ නම සදහන් වී ඇති අයුරු එකිනෙකට වෙනස්‍ වේ. ඉන් කියවෙන්නේ අපිට අපේ කියා අනන්‍යතාවයක් නොමැති බවයි.

ෆෝන් කන්‍ටැක් ලිස්ට් ගැන කතා කිරීමේදී අපිට අමතක නොවන පුදගලයෙකි සුල්ෆා. මා දැන සිටි ජීවමාන හම්ප්ටී ඩම්ප්ටී ඇය විය හැක. පඩි පෙලේ උඩ සිටින විට තල්ලු කිරීමට සිතුන වාර අනන්තය.

ඒ ඩිස්නි කාටුන් එකක මෙන් බෝලයක් සේ පඩි පෙල දිගේ බම්ප් වෙවී යාවී යැයි මා නිතරම උපකල්පනය කල බැවිනි.

ඉදිරියට ඒ සම්බන්දව විස්තරයක් රැගෙන ඒමට උත්සහා කල හැක නමුත් දැන් සොයා බලන්නේ  ෆෝන් බුක් එක ගැනය..
ඇගේ නිතරම එන ඇමතුම් දෙකක් වුනි ඇය ඒවා සේව් කරගෙන තිබුනේ පහත අයුරිනි.

1. Mr.problem
2. Mrs.Problem

මුල් දිනයන්හිදී මේ පිලිබද කුතුහලයක් ඇති වූ නිසා මේ ගැන විමසීමේදී ඇය පැවසුවේ තමාගේ මව සහ පියා මෙලෙස නම යොදාගෙන ඇති බවයි.
ඇයට අනූව මවට පියාට ගැටලුවක් ඇති නොවන වෙලාවක් නැත.  අප අවට සමාජය දෙස බැලීමේදී මේ හා සමාන සිදුවීම් ඔනෑ තරම් දැක ගත හැක.

අප ප්‍රිය ගජා ගේ නාමාවලිය ඊට ඉදුරා වෙනස් වේ.
එය කියවා ගැනීමට නම් මගේ මතය අනුවා පුරා විද්‍යාව විශය දාරා ඔස්සේ පුරාන අක්ශර හා භාශාවන් සම්බන්දව අවම වශයෙන්ම ඩිප්ලෝමාවක් වත් තිබිය යුතුය.

නොඑසේනම් ඔහුට විස්කි කාලක් පොවා අපිද විස්කි භාගයක් වත් බී මනා සංයමයකින් යුතුව බැලිය යුතු වේ.

ඉතින් අදට 👋  චෙරියෝ!

කවී

Wednesday, June 17, 2020

බත් කටක් ක්‍රීම් ක්‍රැකර් හා ඇස්කිමෝලාට අයිස්ක්‍රීම්

උදේ පාන්දර ඔලුවට ගලාගෙන එන රසවත්ම අදහස් අතර මගේ නම් නිතරම තිබුනෙ ක්‍රීම් කැරකර් සමඟ හැපී කව් චීස් වුනත්. ඊයේ  දවල් කෑම කනකොට අදහස වෙනස් කරගන්න උනා සුලෙයිමාන් මිස්ගේ අයිඩියා එකකට අනූව බත් එක්කත් ක්‍රීම් ක්‍රැකර් කෑ හැකි බව දැනගැනීමෙන් පසුව.

යෝජනාව සභා සම්මත කර ගත්තේ නලින් අයියටත් යැවීමෙන් අනතුරුව අද ඉතුරු වී ඇති ක්‍රීම් ක්‍රැකර් බත් එක්ක කන්න එකඟ වෙන ගමන්.

----------------------------------

පොර ටෝක්ස් දෙන්න බලන අතරතුරු වැඩකට නැති බිස්කට් එකක කතාවක් ඇදල ගැනීම කියන්නේ වෙනමම රසයක්.

මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා වගේම ඉක්මනින් ඒ තත්වයෙන් මිදෙන්නේ හරියට කිසි දෙයක් උනේ නෑ වගේ.

හුඟක් වෙලාවට මම සහ මගේ අයියා මිනිස්සු හැරෙන වංගු ගැන නිවසට යන ගමන අතරතුර කතා කරමින් යති. උපකල්පනයක් ගොඩ නගා ගන්න එකිනෙකාට උදවු කර ගන්නේ නිකමටය නමුත් මට නොපෙනෙන තැනක ඔහු සමාජය විග්‍රහ කරන අතර ඔහුට නොපෙනෙන මිනිස් හැසිරීම මම විග්‍රහ කරමි.

එම නිසා බොහෝ මිනිසුන් වංගු ගැනීම දුර තියා රෙඩී වෙන අයුරු අපිට දැනෙන්නේ හෙන ගැහුවා මෙනි.

ශාන් අයියා ගේ මුවේ නිතර රැදෙන වදනක් වනුයේ " හරි හරි පුතා අපිව තම්බන්න එපා අපිත් ආවෙ ඕවා පහු කරලා " යන්නයි. හේතුව නම් යම් කිසි අන්තයකට පැමිනීමෙන් පසු ආපසු හැරී බැලීමෙන් ආ මාර්ගයද ඒ මාර්ගයම භාවිත කර්නන්ද හොදින් දැක ගත හැක. ශෝට් කට් ගසන එවුන්ද වංගුව දුර තියා නවන එවුන්ද මොනවට පැහැදිලිව පෙනෙන බව මෙහි අර්තයයි.

නමුත් තම්බන්න හදන විට තැම්බෙනවා සේ ඉදීමත් වෙනම ආතල් එකක් බව පැහැදිලි කර දුන්නේද ශාන් අයියා විසින්මය.

අපි ඇස්කිමෝ ලා වන අතර අපිට නොමිලේ අයිස්ක්‍රීම් දෙන බවට සිහින පෙන්වන්නෝ එමටය.
ඔවුන් මාල දිවයින් වැසියන් බව දැනගෙන උන්ටම උම්බල කඩ විකිනීම අපේ යුතු කමයි.

👋 ටටා හෙට හමුවෙමු.

කවී.

Tuesday, June 16, 2020

කෙලවීමේ ප්‍රාධාන මාර්ග.

උදේ පාන්දරම පිට කසන්න ගන්නවා නම් සමහර විට අපිට ජීවිතය ගැන යතාර්ථය යම් තාක් දුරකට අවබෝධ කරගන්න පුලුවන් මන් හිතන්නේ.
මොකද අපිට කොච්චර  වුවමනවක් තිබුනත් හරි අමාරුයි පිට කසා ගන්න එක.
සමහර විට මිනිස්සු අසන්න පුලුවන් "ඇයි උඹට කැසිල්ලද" "ඇයි උඹව කසනවද" වගේ දේවල්.
ඒත් උන් කවදාවත් උඹේ පිට කසල දෙන්නේ නෑ.😑 "අපේ පිට අපිම කසා ගත යුතුය"🍷
.................................

කෙලවීම! මේක ඇහෙනකොට සුන්දර තමන්ට වෙනකොට රිදෙන සිංහල වචනයක්. උඹටත උඹේ ජීවිතය පහත දක්වා ඇති වර්ගයන්ගෙන් කෙල කරෝ ගත හැක.

1. සමාජ සේවාවන් වල යෙදීම මගින්.
2. බිදුනු හිත් හදන්නට යෑම මගින්.
3. පැන පැන උදවු කිරීමට යාම තුලින්
4. හිත හොද වැඩි කම නිසාවෙන්
5. නරි අල්ලාගෙන සුරතල් කර නෑවීම මගින්.

විග්‍රහය.

1. සමාජ සේවා කිරීම ඉතා යහපත් වේ. නමුත් එහා ගෙදර වලන් හෝදා දීම මේ ගනයට දැමිය නොහැක.
වලද හේදු පසු නිවසද අතු ගාවා ගැනීමේ ඉඩකඩ වැඩිය. සමාජ සේවා වලට වියදම් කරන සල්ලි වලින් ක්‍රීම් ක්‍රැකර් අරගෙන බටර් ගා මැදට සීනි යොදා කන එක ඊට වඩා රසවත්යැයි සිතමි.

2. මගේ මතය අනුව නම් බිදුනු හිත සැදීමට යාමෙන් තිබෙන මිත්‍රකම්ද බල්ලාට යා හැක. මගේ අවවාදය නම් අනුන්ගේ ලව් වලට පක්ශපාතී නොවී උපදෙස් නොදී ඉන්න තරමට යෝග්‍යය. මන්දයත් අන්තිමේ උන් කිරි පැනි කන ගැරඩි දෙන්නෙක් වී උඹ භූමිතෙල් නොඑසේ නම් ඉර්ශයා කාර  දුශ්ඨයාගේ චරිතය විය හැක.

3. උදවු කිරීම හොදය නමුත් දීර්ග කාලීනව පැන පැන උදවු කිරීමෙන් උදවුව උඹේ ජොබ් එක තත්වයට වැටෙනු ඇත. උඹට හුස්ම ගැනීමට නොහැකි තත්වයක හිටියත් උදවු කිරීමට වෙනු ඇත.
මිනිස්සු පලමු වර ඉල්ලනේ පුලුවන්ද අසමින් ලඟටම බෝලය ගෙනත් දෙති දෙවෙනි  පාර මල්ලී , අයියේ කියා බෝලය දුර සිට එවති. අපි දක්ශ පන්දු රකින්නන් විය යුතුය.
අවසන් වතාවට අහක බලාගෙන ඉන්න වෙලාවකදී වුවත් මූනටම බෝලය දමා ගසා යති. වෙලාවට උදවු කිරීමට නොහැකි වුනොත්. දහසක් කතා අහ ගැනීමට සිදු වෙති.

4. වටේ ඉන්න එවුන්ට ණයට දී අපි උන්ගෙන ණයට ගත්තා වගේ උන්ගේ ගෑස් බැලීම තුලින් මේ හැගීම ඔබට අත් විදිය හැක.

5 . නරි හොදය හුරතල් පෙනුමකුත් ඇත. ඉතින් ඔබට නෑවීමට සිතීම සාදාරණය. නමුත් නාවනකන් ඉද පසුව  යන විට හූ කීම උන්ගේ ගතියයි. නොහැකිනම් නාවපු අත හෝ සපා කෑම පුරුදයි.
අපි එදිනෙදා ජීවිතයේ බොහෝ විට කරන්නේ නරි නෑවීමයි. මගේ මතය අනූවනම් නරි නෑවිම කල යුත්තේ මෙහි ඇති පලවෙනි ක්‍රමය යටතේය. සමාජ සේවා කැටගරිය යටතේය. ඔබට යම් කිසිහානියක් වුනත් සමාජයේ නා ගෙන ඉන්නේ නරියෙක් බව ඔප්පු වේ.

ලෝකය රවුම් නිසා සෑම කාර්යාලයකම පාහේ නරි ඇත! ඒක ලෝක න්‍යායික දර්මයකි.

ටටා 👋 .

කවී.




Monday, June 15, 2020

ජපනුන් වගේ වැඩ කර සෝමලියාවේ වගේ පඩි ගමු

සුභ උදෑසනක් වේවා!

කැබ් සර්විස් එකේ කලු අයියාට පින් සිද්ද වෙන්න පොඩි ඩීප් බේස් සින්දු ටිකක් අහගන්න පුලුවන්.
ක්‍රියේටිව් 5.1 එකක් විසික් කරන්න යන්ව කියන්නේ හරිම පවක්.🤣 ඒ නිසා ඒක මට අරන් පලයන් කිව්වා. දෙයියෙක් නිකන් පොල්ලෙන් ගැහුව වගේ අරන් ආවා ඒක ඊයෙ රෑම.

ඩීප් බේස් කෙසේ වෙතත් දැන් තමා මතක් උනේ අද සදුදා කියලා. ඔෆිස් යන්නත් තියෙනවා. අපි ජපන්නු වගේ වැඩ කරල කොහොම හරි කම්පැනිය ගොඩ දාන්න ඕන. වැඩේ කියන්නේ අපි ජපන්නු වගේ වැඩ කලත් පඩිය නම් හම්බවෙන්නේ ඉන්දියාවෙ මයිසූර් ප්‍රාන්තයේ අයිනක තියෙන රොටි කඩේ ප්ලේන්ටි දාන කොල්ලගේ තරමට.🍷😋 බේසික් එකෙන් භාගයයි !තාමත්!

හැබැයි ඒක දීලා බොස්ලා හිතන්නේ අපිට ඒ පඩියෙන් කාලා බීලා බිල් ටික ගෙවල ඉතුරුවෙන සල්ලි වලින් වාහනේකුත් ගන්න පුලුවන් කියල.
අර මම අපේ ඔෆිස් එකේ නලින් අයියට කියන්ව වගේ මම කොහොම හරි මාස දෙකක පඩි එකතු කර ගත්තනම් රෙන්ජ් රෝවර් එකක් කෑශ් වලට ගේන එක නතින්ග්.😑
.............................................

ඕන කම්පැනියක මෙහෙම තීයරි දෙකක් තීයෙනවා!
පලවෙනි තියරිය - කම්පැනිය ලොස් නම් පාඩුයි නම් පාඩුව කවර් කරගන්න බෝනස් දෙන්නේ නෑ නැත්නම් සේවක පිරිස අඩු කරනව එහෙමත් නැත්නම් එග්ස්පෙන්සස් අලෝවන්සස් කප්පාදු කරනව බැරිම වුනොත් පඩි කප්පාදු කරන්නත් ට්‍රයි එකක් දානව. සාදාරණයි ඉතින්. ප්‍රොෆිට් නැතුව කෝමද සේවකයන්ට පඩි ගෙවන්නේ.

දෙවෙනි තියරිය( අහිංසක මිනිස්සු / උඹලා බබාලා අපිත් බබාලා තියරිය)

කම්පැනිය ප්‍රොෆිට් නම් ටොප් මැනේජ්මන්ට් එකෙන් මීටින්ග් අරන සකජ්චා කරනවා බොහොම පහත් හඩින් කොහොමද ප්‍රොෆිට් එක හන්ගන්නේ කියලා. මොකද ආදායම් බදු ගෙවන්න වෙන එක බෝනස් රේට් වැඩි කරන්න වෙන එක ඒ චූටි හිත් වලට දරා ගන්න බෑ. ඉතින් ෆයිනල් ඔඩිට් එක කරන් වෙලාවට ෆර්ම් එකටත් ගිහින් ඉල්ලන්නේ අනේ ප්‍රොෆිට් එක ටිකක් අඩු කරලා පෙන්වන්න කියලා!

බැරිම වුනොත් ට්‍රාන්ස්පොර්ට් එග්ස්පෙන්සස් එකකට ඩබල් චාර්ජස් හරි දාලා පෙන්වනවා. ප්‍රොෆිට් එක රුපියල් සීයයි. මෙතන කාගෙවත් වැරැද්දක් නෑ මෙතන වරැද්ද තියෙන්නේ ඒගොල්ලෝ බීපු ඇන්කර් පීඩියා ප්‍රෝ වල නැත්නම් කාපු මාරි අනුපාතයේ ඇති වූ ගැටලුවක්.

මොකද ඒ වගේ ටිකිරි මොලයක් පිහිටන්න නම් දානෙ ගෙවල් වලට දෙන ලොකු මාරි බිස්කට් පෙට්ටියක්වත් කන්න ඕන සමපෝශ පැකට් දෙක තුනක් එක්ක.

ව්නෝදය සදහා පමනි! වදින්න රිදෙන්න ලිව්වේ නැත. අදාලයි නම් වද්ද ගත්තාට කමක් නැත. නමුත් තප්පු ලෑමෙන් වලකින්න. එසේ වුනොත් සිතන්නට වෙන්නේ කෑ තණකොල වලට මාරි කලවම් වී ඇති බවයි.

ටටා 👋

කවී.







Sunday, June 14, 2020

තිලකා සහ ලියෝනි නංගිගේ කන්දොස්කිරියාව

මගේ මහ කැත පුරුද්දක් තීනව. ඒක තමා වයිෆයි ඔෆ් නොකර නිදා ගන්න එක. ඉතින් මම ඔන්ලයින් ඉන්නවා කියලා හිතලා මැසේජ් දාන එවුන්ට අල්ලපු කඩේ කොත්තු බාස්ගේම පිහිටයි.

ගිය සෙන්සුරාදා මහ පාන්දර ඒ කියනෙ උදේ දහයට වගේ.( රෙද්ද උස්සන් එන්න එපා උදේ දහය පාන්දරද අහගෙන මොකද මම මගේ ශ්‍රී සයනයෙන් නැගිටින වෙලාව අනුව ඒ පාන්දර) තිලකා වට්සැප් එකේ හෝ ගාලා කෝල් ගහනව. ඒ වෙලාවට සූර පප්පා කාටුන් එකේ ක්ලියෝ පැට්ට්‍රාගේ ඩයලොග් එකක් මතක් වෙනව. "මාගේ ස්වර්ග රාජ්‍යයට පැමින මා නැති කරන්න හදන දුශ්ඨයිනි" .
කොහිම හරි මේකා කතා කරලා තියෙන්නේ ලියෝනි නංගිගේ අක්කාගේ උපන් දිනේට නිසදැසක් ලියා ගන්න. මං වගේ අග්‍ර ගනයේ කලා කරුවෙක්ව එහෙම හැල්ලු කරනව උදේ පාන්දර. ලේ කෝප වෙනවා නිකන්ම.
දුරකතන සංවාදය මෙසේය.

තිලකා- ඕයි මේ අයේශ් මට ලියල දෙනවකො ඕයි බදාදා උපන් දිනේ.

මම- රුපියල් දාහක් මගේ එකවුන්ට් එකට දාලා ඩිපොසිට් ස්ලිප් එකේ ෆොටෝ එකක් වට්සැප් කරන්න.

තිලකා- ඕයි.හු********* *****$*$&#&#***#&&#**#&*$&@&&*#*@***#*@&&#&#&#&#&#*#**#*#*  ලියලා දීපන් තව දවස් කියද වල් $&#&##&@-%*##*#*#&#**$$ තියෙන්නේ.

මම- බෑ කිවුවේ නෑ නේ හරි මට අක්කාගේ හැඩරුව කියපන් ගතිගුණ එක්ක.

තිලකා- ටිකක් මිටියි.කලුයි උඹ වගේ.

මම- වර්ණ වාදය ඉස්මතු කරන්න එපා හු$**$*$*$

තිලකා- හරි බම් උබේ පාට වගේ.ටිකක් විතර බතල කොටයක ගතියක් තීනව.

මම- ඔව් ඉතින් සාදාරණයි ලියෝනි නංගිගේ අක්කා නේ.

තිලකා- අන්නේකයි කියන්නේ! ගතිගුනනම් ඉදහම් උඹ ලියෝනිගෙන්ම අහගනින්.

මම- හෝව් හෝව් තෝ උදේ පාන්දර ලියෝනි නංගිගේ ගෙදරද ඉන්නේ වනචරයා.😑

තිලකා- ඔව් බම් ලොක් ඩවුන් නිසා මෙහේ තමා මේ ටිකේ ඉන්නේ ඇයි උඹ මොකෝ.

මම- නෑ නෑ බම් අපෙත් ලොකු හීන නෑ තව මාස නවයකින් අපිත් මාමලා වෙනව කිවුවම සතුටුයි.

තිලකා- ඕයි මේ ඒවා කියන්නත් බෑ.. මේ අරක අහ ගනින් නංගිගෙන්.

ලියෝනි- අයියේ මේ අක්කා හෙන නපුරුයි හොදේ ඒක දාලා ලියල දෙන්න. හරිද එයා හැමතිස්සෙම එහෙම තමා.

මම- හරි නංගි ඒක අවුලක් නෑ ලියල දෙන්නම්. කෝම හරි ඔය දෙන්නා මාව තමාලි අක්කව ලහිරු අයියා ක්‍රිශාන්ත අයියා දිවී අක්කා යොහනි අක්කා මේ සේරමල්ලව මාමල නැනදල කරන්න ඕන හොදේ 😅

ලියෝනී නංගී- අනේ මේ අයිශ් අයියේ.

තිලකා- ඕයි ඕක ලියල දීපන් ඒක මන් බලා ගන්නම්.

ටීක් ටීක් ටීක්. රි ක්නෙක්ටින්ග් යුර් වට්සැප් වොයිස් කෝල්.

මුන් දෙන්නා හිතන් ඉන්නේ මම පැය ගනන් මහන්සි වෙලා මේව ලියන්ව කියලද. උන් එක්ක කෝල් එකෙ ඉන්න ගමන්ම මම නිසදැස ඩ්‍රාෆ් කරල ඉවරයි. කෝල් එක කටි කරල විනාඩියෙන් නිසැදැස උට යැව්වා.

තව ටික වෙලාවකින් උ අයෙත් එවනව ඕයි මටත් එකා ලියල දීපන්ලු අක්කට දෙන්න.

මම් ශේප් එකේ උගේ චැට් එක ආර්කයිව් කරලා නිකම් හිටියා. 😅

නැත්නම් මේ කුරිරු ලෝකෙන් මට බේරිමක් නෑ කියල මන් දැනන් හිටියා. ඒක මට තිලකගේ කම්මුලේ තීන ගංජා ගැටේට සහන් රන්වල සින්දුවක් හැදුවා වගේ විශ්වාසයි.

ඕයි තිලකා මට මහ කුරිරු සතුටක් දැනෙනවා ඕයි!

කවියා.


Saturday, June 13, 2020

කොරොනා වලට පැරදවිය නොහැකි වූ ෆැශන්

උදේ එකොලහ වෙනකොට අපි නුගේගොඩ කැන්ඩි එකේ. සෙනග නැතුව ඇති කියල හිතාගෙන ආවට. ග්‍රාමසේවකට බැන බැන කන්න නෑ කියලා පන්දාහා ගත්ත ජනතාවත් මෙතනට ඇවිත් හිටියා.අමාරුවෙන් හරි පාන් කෑල්ලක් පරිප්පු ටිකක් එක්ක අරගෙන ජීවිතේ ගැට ගහ ගන්න.

මේවා බොරු නෙමේ කෙල්ල ඇදුම් තෝරනකන් බෙන්ක් එකේ වාඩිවෙලා ඉන්න ගමන් එහා කොනේ ඉන්න මනුස්සය කියන කතාවට ඇහුම්කන් දුන්නේ.

මිනිහ බිස්නස් කලාට පවුලම පන්දාහා අරගෙන.
දුවල දෙන්නයි අම්මයි. ප්‍රශ්නයක් නෑ වෙනම ජිවත් වෙනව කියල ගත්තලු. ග්‍රාම සේවක ෆුල් සපෝට් එක්ක් දුන්නනලු.

ඒ බලා ඉන්න මනුස්සය තමන්ව මෙහෙම සාදාරනීකරනය කර ගත්තා.

පුතා මැති ඇමතිලා ගෙදරක ඉදන් කුලියට ඉන්නෙ කියල ලක්ශ ගනන් සල්ලි ගන්නව නම් මේ පන්දහා අපි ගන්න එකේ වැරැද්ද මොකක්ද වගේ කතාවක් තමා ඔහු කිව්වේ.

එතනින් එහාට කතා කලේ නෑ මම.මොකද සුන්දර සෙනසුරාදාවක උදේ වරුව දේශපාල්නේ ගාවගෙන සැන්ඩ්විච් කරගන්න මම කැමති නෑ.

කවී

යාලුවෝ සහ බෝතලේ අතර ඇති ලෙන්ගතු කම

යාලුවෝ! උඹටත් මෙහෙම එවුන් ඉන්නවද මුනට දැක්කම කතා කරල ගියාට පස්සෙ  තවත් දේවල් කියන.
කරුමෙක මහතට අවුරුදු ගානකට කලින් මම මගේ ඔෆිස් ෆෝන්  එකෙන් මගේ පර්සනල් ෆෝන් එකට   ඇමතුමක්  අරගෙන  ඔෆිස් ෆෝන් එක යාලුවො හිටපු ටේබල් එකක් උඩ තියලා ටිකක් මෙහාට ඇවිත් මගේ ෆෝන් එකෙන් උන් කියන දේවල අහන් හිටියා.

උන්ගේ වෙලාවද මගේ වෙලාවද දන්නේ නෑ. මම නැගිටල ආපු ගමන් උන්ගේ ටොපික් එක වුනේ මාව.
එකෙක් මාව මාතෘකාව විදියට ඇදල ගත්තම අනිත් එවුනුත් ඒකට පෝර දැම්මා මිසක් වැලක්වීමක් නම් කලේ නෑ. විනාඩි අටක් ෆෝන් එක කනේ තියන් ඉදලා මට තේරුම් ගියා මම අවුරුදු අටකටත් වැඩියෙන් ආශ්‍රය කරල තියෙන්නේ මුන් නේද කියල.

කලකිරීම කියන්නේ අන්න ඒ වගේ දේවල් අත් විදින එක.හැබැයි හොදම දේ මීටරේ දුර යාලු කම් වලත් තියාගන්න එක.

බෝතලේ කියන්නේ හරි අපූරු බැදීම් ඇති කරන මැජික් බාන්ඩයක්. ඇතිල්ලුවාම භූතයා ආවේ නැති වුනාට. ඒක බිව්වාහම තමන්ගේ ඇතුලෙ ඉන්න බූතයා පෙන්නුම් කරනවා. දවසකට මම කියනවට බොන්නේ නෑ කියපන්, සල්ලි නෑ කියපන්. ටික දවසකින් උන් සේරම අමතක වෙලා යන හැටි බලපන්. ඔව ඔව් එහෙම කොට්ටාශයකුත් ඉන්නවා.

කවී

සාමාන්‍ය හෙම්බිරිස්සාවක් හා කොරෝනා

සුබ උදෑසනක් වේවා. සනසුරාදා උඹලට වැඩ වුනාට අපිට නිවාඩු.උදේ පාන්දරම නැගිටල කොට්ටෙ බදාගෙන ආයෙත් නිදා ගන්නවා තරම සැපක් තව නැතුව ඇති.

ඉස්සර නම් ආසම දේ උනේ ක්‍රීම් ක්‍රැකර් දෙකක් මැද්දට හැපි කව් චීස් කෑල්ලක් තියන් කන්න.
මගේ පඩියෙන් වැඩි හරියක් මම යෙදෙව්වේ ක්‍රීම් ක්‍රැකර් කම්පැනි එකේ වගේම හැපි කව් චීස් කම්පැනි එකේ උන්නතිය වෙනුවෙන්.

ඒක තේරුම් ගන්නකොට එකවුන්ට් එකේ ඉතුරුවෙලා තියෙන්නේ බොහෝම පොඩි ගානක්.

කවී

Friday, June 12, 2020

කෑම මේසේ පොලිටික්

මගේ මේ වෑයම කම්ශන් තියාගෙන තඩි මාකටින් පාරක් කර බිස්නස් ගොඩ දා ගැනීම නොවේ. දහවල් තුනට කලියෙන් බත් කොට්ටය ගිල දැමීමයි.

සමබර ආහාර වේලකට හා ආහාර වල අධික මේදය දහනය වන්නට තේ හදන අක්කා දෙන සහයෝගය ඉමහත් වේ. මන්දයත් කෑ සැනින් උනුවෙන් හවස කිරි එක බඩට දා ගත හැකිය.

තේ කෝප්පයෙන් පටන් ගන්නා ආර්තිකය නවසීලන්තයේ දේශපාලනය තූල නතර වීම දැන් සමාන්‍ය දෙයකි.

කවී

දවල් හීනය. "කෑම පාර්සලේ"

හීන පස්සෙම දුවල උඹලට හති වැටිල නේද හිටියෙ.
තේරුම් ගන්න බැරි හේතුවකට කොරෝනා ඇවිත් එක පාරටම අපේ ජීවිට වලට ග්ලූකෝස් ගෝනියක් කටේ එබුව වගේ බලෙන්ම.

කෝ බන් ඒ හීන ලෝකවල හිටපු කතා නායකයො නායිකාවන්. උන් නිකන්ම හිස් අහසට විසික් වුනා වගේ.

කවී

ඇරඹූ ජීවිතය

මිනිස්සු කතා කියයි , උන් ලේඛකයො වෙයි අපි ගැන චරිත කතා ලියන ගමන්.
විවේචනය කරයි විවේචන ලියයි .ඒත් අපි ඉස්කෝලේ ඉගෙන ගත්තා වගේ 
විවේචනය විචාරයක් විදියට දකින්නයි මගේ ආශාව .
කොලඹ කාර්යාලය වටේ හිත දුවන් යනවා වුනාට ශරීරිය එහෙම් පිටින්ම තිබුනේ 
කැරැකැවෙන පුටුවක් උඩ .
දැන් මමත් ඔය උඩින් කියපු කෙනෙක් ගානට වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩී .
මොකද මිනිස්සුන්ගේ දැක්ම පුද්ගලානුබද්දයි. 
ඒත් දිගටම ලියන්නයි අශාව. 

කවී  

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...