Tuesday, December 29, 2020

මට අහිමි, මම, නුඹව සහ හෙට

 ශේන්ගේ දිනපොතෙන්..

 සමහර කතා වල මිනිස්සුන්ගේ අයිතිය ගැන වගේම පසු තැවීම ගැන ප්‍රශ්න මතු වෙන්න පුලුවන්. ඒත් සමහර තැන්වලදි මිනිස්සු ආදරේ ප්‍රකාශ කරන්න මැලි වෙන එක ගැන දුකක් දැනෙන්නෙ ඇයි කියන එක ගැටලුවක්.

ඇයි එහෙම වෙන්නේ කියන ප්‍රශ්නය පොඩි කාලෙ ඉදන් ඔලුවට ආවත් ඇයි එහෙම කලේ කියන ප්‍රශ්නය කවුරු හරි අහන වෙලාවට උත්තරයක්  දී ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා.

ඇයි ඒ කවිය ලිව්වේ , ඇයි ඒ චිත්‍රය ඇන්දේ, ඇයි එහෙම කිව්වේ කියන ප්‍රශ්න ගොඩකට හෙමින්  ඇත්තටම තමන්ගේ හිතට දැනෙන විදිහට උත්තර දුන්නම් අහන කෙනා ගොඩක් වෙලාවට සම්පුර්නයෙන් සෑහිමකට පත් වෙනවා වගේම එච්චරක් කල් තිබුනු බැදීමක් එතනින්ම ඉවරයක් වෙන්න පුලුවන්.

මිනිස්සු සමහර දේවල් අයිති කරගන්නේ තවත් දෙයක් අහිමි කරගෙන වෙන්න පුලුවන්, ආදරේට ආවස්තික පිරිවැයක් තියෙනවාද කියන ගැටලුව එක්ක ඉන්න වෙලාවක, ඇයි දැන් අදුන ගන්න ලැබුනේ , තව කලින් ජීවිත වලට එන්න තිබුන නේ කියන හැඟීමත් එක්ක හදවතයි මොලයයි එක්ක හැඟිම් වලට යුද්ධයක් ඇති වුනු අවස්තා නැති කෙනෙක් නැතුව ඇති.

තාව කාලික ගිවිසුමකට ආදරේ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයට උත්තර හොයාගෙන ගිහින් දැන් අවුරුදු තුනකටත් වැඩී. හැබැයි කොන්දේසි අතර උඩින්ම තිබුනේ කිසිම කොන්දේසියක් තියෙන්න බැහැ කියන එක. ඒ වගේම කවදාක හරිම නැතිවෙන බවක් දැනගෙන් ආදරේ කරන එක, වෙලාවකට හොදම යාලුවෝ වගේ හැසිරෙන එක, ආයෙත් වෙලාවක තුරුල් වෙලා ආදරේ දැනෙන විදිහ කතා කරන හැටි, උඹ මටම අයිති වෙයිද කියන ප්‍රශ්නය අහන්නේ නැතුව තාවකාලිකව උඹ මගෙත් වෙන බව කියන ගමන් ලං වෙලා ඉන්න හැටි ගැන තියෙන අත් දැකීම හරිම අමුතුයි.

 දැනෙන නිදහස නම් අසීමිත වුනත්, එක මොහොතකදි ඔවුන් ඔවුන් ගැන තියෙන හැඟීම් දිය වෙලා යන්න පුලුවන්, එදාට උඹට දැනෙයි තාවකාලික , ගිවිසුම් ගහපු ලෝකයට අසම්මත වෙච්ච ආදරය ඇතුලෙත් කොච්චර ඊර්ශ්‍යාව තියෙනවද කියලා, එතනත් ආදරේ තිබුන කියලා.



උඹත් එක්ක ගිවිසුමකට තාවකාලිකව ආදරේකරපු කෙනා තවත් උඹේම හොදම යාළුවෙක් එක්ක කොන්දේසි සහිත ආදරේකට යන්න පුලුවන්. කොලයකට අත්සන් තියලා ගිවිසුමකට එළබිලා ඒකට යට වෙලා ලෝකය සතුටු කරන ගමන් ජීවත් වෙන්න සිද්ධ වෙන.

අවුරුද්දක් ගිය තැන ඇමැතුමක් එන්න පුළුවන්, 

ශේන් උඹ එක්ක තාවකාලික ආදරේ කරන වෙලාවෙ අපිට තිබුණ නිදහස දැන් නෑ බන්..ඒත් උඹට මමවත් මට උඹව වත් අයිති කර ගන්න වුවමනාවක් ආවෙ නෑ. උඹ මටවත් මම උඹටවත් සීමා දැම්මේ නෑ. අපි නිදසේ ආදරෙන් හිටිය බන් ඒ ටික කාලෙට. ඒත් ශේන් උඹෙයි මගෙයි ගිවිසුම් කාලය පන්තියේ කාලයත් එක්ක ඉවර වෙනකොටම මට බලන් ඉන්න බැරිවුනා උඹ වගේ නිදහස් එකෙක් නැති වෙන එක බලන් ඉන්න, උඹත් කොන්දේසි සහිත ආදරේකට උරුමකම් කියනව කියන්නේ කියලා දැන දැනම. මට ඕන උනා උඹට ඒ වේදනාව දැනෙන්න දෙන්න, ඉතින් මම කොන්දේසි වලට යට වෙලා උඹේ හොදම යාලුවෙක්ගේ අතින් අල්ලන් උගේ නීතිවලට යට වෙලා ජීවත් වෙලා බලන්න හිතුව.

උඹට රිදුනද ශේන් ඒකෙන්?

ඔව් යකෝ , ඒ තුවාලෙ ඉදල හිටලා පෑරෙනවා උඹේ මූන වගේම උඹ වගේම හැඟින් එක්ක කරන මනුස්සයෙක් අහු වුනාම කියලා කියන්න ඕන වුනත්..කිව්වේ පරිස්සමෙන් ඉදපන් දෙන්නා කියලා විතරයි.

ඒයි ඉදපන් ශේන් මිනිහා ආව ඌත් එක්කත් ටිකක් කතා කරපන් හරි නෑ නේ..පසු බිමෙන් ඇහුනේ මේ වගේ දෙයක්.. ඒයි ඩාලිං චමිත්  මේ ශේන් ඉන්නවා ලයින් එකේ..

මොකක්? ශේන්? අපේ බෙන්ච් එකේ එකට හිටිය එකා නේ.

ඔව් මට අහම්බෙන් පරන පොතක පිටිපස්සේ ලියල තිනුනු නම්බරේකට ගත්තම ඌම ආන්සර් කලා පුදුමයි.

අඩේ ශේන් කෝමද උඹට.කන්ටැක් එකත් එහෙම්ම නැති වෙලා ගියා බන් ක්ලාස් වලට පස්සේ..උඹ දැන් දන්නව නේ කොල්ලා කාවද සෙට් කරන් මැරි කලේ කියලා! උඹේ ඒ දවස් වල බුදු ෆිට් එක දැන් මගේ වයිෆි වෙලා ඉන්නේ! සොරි බන් වෙඩිම කියන්න බැරි වුනාට..

ඒකට කමක් නෑ බන් චමිත් උඹලා සැපේ සතුටෙන් ඉන්නවා නම්. අනිත් දේ චම්මා මට පුදුමයි උඹ වගේ නිති කාරයෙක් එක්ක ඒකි ඉන්නවා කිව්වම.  

අන්න ඒකයි ශේන් කියන්නේ..ඒ ගානට මම හදාගෙන තියෙන්නේ..

එල බන් චම්මා ඕල් ද බෙස්ට්..මම ගන්නම් පස්සේ වෙලාවක..

එල එල ශේන් ගුඩ් බායි සනා..

.................................................

උඹ උඹේ ගානට හදාගෙන නෙමේ බන් ඔය උඹ නිසා ඒකිගෙ හැඟිම් කැප කරලා ඉන්න්. උඹට වඩා ඒකිගේ මූනෙ හැඩේ ගැන මම දන්නවා, එකි සතුටෙන් හිටපු ඒකි  කරන්න කැමති දේවල්, යටම වැලලුනු රහස් මම දන්නවා. මගේ ගැනත් එහෙමයි.. ඒත් මට මාව, නුඹව සහ හෙට අයිති නෑ..

..........

ශේන් දැන් ඔය බීපු ඇල්කොහොහොල් ටික ඇති..වරෙන් මම ගෙදරට ගිහින් දන්නම්..

එල කවි අයියේ..යමන්....

...ටටා..

කවී


Wednesday, December 23, 2020

ලුණු, ළූණු, සීනි හා ගෝනි.!

සමහර වෙලාවට මිනිස්සු හිත් රිදවගන්නේ හරිම පුදුම ව්දිහට. ජීවිතේ දිහා බලාගෙනම දුක් වෙන මිනිස්සු එක්ක ජිවිතේ විදින්න දගලනවා වගේ ජිවිතේ විදින්න ගිහින් විදවන මිනිස්සුත් ඕන තරම්

වාසනාව කියන්නේ මොකක්ද කිව්වොත් කියපන්. අගල් දෙකක විතර පරණ ඩ්‍රිල් කට්ටක් බයික් එකෙ ටයර් ව්කට බැහැල ඒත් හැමදාම උදේට හුළං ගගහා ඔෆිස් යන එක කියලා. හෙන ගහන්න වගේ හුළං බැස්සේ නෑ නේ. ඒක වාසනාව එක විදිහකට. එක විදිහකට අවාසනාව 

සමහර මිනිස්සු අපේ ජීවිත වලට එන්නේ වාසනාවට තවත් මිනිස්සු අපේ ජීවිත වලට රින්ගන්නේ අවාසනාවට. පව ගෙවනකන් ඒ මිනිස්සු අපේ ජීවිත වල ඉන්නවා. සමහර වෙලාවට හැමදාම උදේට නැගිටලා ඒ මනුස්සයා ජීව්තේ නැති වුනා නම් මොනවගේ ඇතිද කියලා හිතෙනවා.

අද නැතිවෙයි, හෙට නැති වෙයි, අනිද්දා ඒ පව ගෙවලා ඉවර වෙයි කියලා හිතෙනවා..ඒත් එහෙම වෙන්නේ නෑ.කරපු පවක් තියෙනවා නම් ඒක ගෙවලා ඉවර වෙන්න එපැයි.

සමහර වෙලාවට පාන්දර ඇදේ නිදාගෙන ඉන්න ගමන් ජනේලෙට උඩින් තියෙන බීරළු කැටයම් අස්සෙන් මගේ හිත එලියට දුවනවා. ඒත් වා කවුළුවේ තියෙන දූවිලි මගේ ඇගේ ගෑවිලා නෑ. නවතින්න හිතුන වාර ගනන සීමිත වෙන්න එක හේතුවක් වුනේ ඔවුන් දාරාගෙන ඉන්න කහ සිවුර ඔවුන්ටම බර වැඩී කියලා හිතෙන නිසා. සිවුර දරාගෙන කරන බව ගුණාකාරවලින්වැඩි වෙන නිසා.



වෙනසක් තේරෙනවද යාළුවෝ ගැන ..මිනිස්සුන්ට ඇතිදා සීනි හා නැති දා ගෝනි කියන්නේ ඒකයි.

සීනි මිහිරි නිසා උන් සීනි වලටම ඇලිලා ඉන්නවා! ගෝනිය ගැන කතාවක් නෑ! ගෝනිය පරිස්සම් කරන්න උත්සහායක් ඕන නෑ..එත් එක සීනි කිලෝ ගානක් ඉවර වුනාන අර පරණ ගෝනිය කරලියට අරගෙන ගසනවා, සුද්ද කරනවා..ගෝනියට මාර හැපී..ඒත් අන්තිමේ ආයෙත් කොහෙන් හරි සීනි කිලෝ දහයක් ගෙනත් දා ගන්නවා අර ගෝනියට..දැන් පරණ පුරුදු විදිහමයි..ඌ සීනි වලට ආයෙත් වහ වැටෙනවා. ගෝනිය අමතකයි..ලුණු ගෝනියටත් ඒ ටිකමයි..ඒත් නැවත භාවිතය අඩුයි! ළූණු ගෝනියේ කතාව හාතසින්ම වෙනස්! ඇයි ළූණු ඉවර වුනාට ගෝනියෙ ගද යවන්න බෑ නේ ..ඉතින් දානව පාපිස්සකට! උඹට එතකොට තියෙන්නේ දෙනෝ දාහකගේ පයට පෑගි පෑගි ඉන්න..



මට ටිකක් කල් ගියා මේ සංකල්පය තේරුම් ගන්න..

ඒත් එකක් මතක තියා ගනින් සීනි ලුණු හා ළූණු දියවෙලා ගියත් ගෝනි දිය වෙන්නෙ නැති බව ලේසියකට..🖤

මමත් සීනි ගෝනියක්!

ටටා 👋 

කවී.


 

Wednesday, December 16, 2020

නැවතීම, ගමන් කිරීම, සන්ජාගේ වෙඩිම.

කලකිරීම් වලින් හෙම්බත් වෙන අවස්තාවල මිනිස්සු නවතින්න පටන් ගන්නවා. අහම්බයක් නෙමේ. එක හීනයක් පස්සෙ දුවනකොට තව හීන මහ ගොඩක් එකතු වෙනව මෙච්චරක් කල් එලවගෙන ආපු හීනෙ පොඩ්ඩක් මන්දගාමී කරන්න.

මිනිස්සු ආදරේ හොයා ගන්නේ එක එක තැන් වලින් එක එක විදිහට. හද ගැස්මක් නැති යකඩ ගොඩකට මනුස්සයෙක් ආදරේ කරන්න පුලුවන්. අයිතියක් නැති කෙනෙක්ට මනුස්සයෙක්ට ආදරේ කරන්න පුලුවන්.

හැබැයි ඒ දෙගොල්ලොම නවතින්න හිතන්නෙ  නෑ..කලකිරීම් වලින් හෙම්බත් වෙන්නේ නෑ. ඒක තාව කාලික හිත් බිදීමක් කලකිරීමක් විදිහට සලකලා ආයෙත් ගමන් කරනවා.

මම ආදරේ කරන්නේ එහෙම ජීවිතේ ගමන් කරන මිනිස්සුන්ට !

මගේ හිටපු හොදම යාළුවෙක් සන්ජා ඊයේ ජීවිතේ එකට ගමන් කරන්න කෙනෙක් තෝරගෙන ගමන් කරන්න පටන් ගත්තා. පැටව් ගහලා වගේ රොත්ත පිටින් ඉන්න යළුවන්ට වඩා බොහොම සීමිත යාළුවෝ පිරිසක් තමා හිට්යේ.

සන්ජා කියන්නේ මගේ ජීවිතේ එක් තැනක හැරවුම් ලක්ශයක් නිර්මාණය කරපු ආදරනීයම යෙහෙලියක්! මොන වැඩේ තිබුනත් එදාට එනව කියල වුනු පොරොන්දුව ඉටු කරන්න මම ඊයෙ ගියා! සතුටුයි අපේ එකෙක් එහෙම සතුටින් ඉන්න එක ගැන.

සන්ජාගේ ආසම ජොබ් එක වුනේ මට දරයට දුලියට නම් දාන එක. මේ චිට් එක 2010 සන්ජා අපිට දීපු එකක් ..තාම පරිස්සමෙන් තියන් ඉන්නවා ඒ තිබුනු බැදීම එචරටම ආදරනීය නිසා.



අවුරුදු 15න් පටන් ගත්ත යාළුකමක් තාම තියෙනවා. හිත්වලින් අයින් කර ගන්න බැරි. මොනවගේ හිත් අමනාප කම් ඇති වුනත් ඒ දවස්වල කට පුරා හොදම යාළුවෙක් කියන්න පුළුවන් බොහොම අතලොස්සක් අතරින් එකෙක්.❤️🖤

ආදරනීය උපන්දින තිලිණ අතරින් තව එකක්! මේ සටහනත් දැන් අවුරුදු 10ක් විතර පරිස්සමෙන් තියෙනවා..


කොහිම හරි සන්ජා කියන්නේ ජැක් ස්පැරෝට කිට්ටු නෑදෑ හිතවත් කමක් ඇති පවුලක ගෑනු ළමයෙක්. කවුරුත් ඒක විශ්වාස කරන්නේ නැත්නම් මෙන්න ඒකට සාක්ශි සන්ජාගේ අත් අකුරෙන්ම.


හැබැයි තාම මට ඒ ඤාතී සම්බධතාවය තේරුම් ගන්න බෑ ..ඒකත් හරියට සන්ජා ටූත් බ්‍රශ් වෙනුවට පොල් මුඩ්ඩක් අරගෙන ටූත් පේස්ට් වෙනුවට හාපික් වලින් දත් මදින්නේ ඇයි කියලා හොයනවා වගේ. 

ඒකත් නෑ කියනවා නම් මෙන්න සාක්ශි!

ඒ අස්සේ අපේ ඉස්කෝලෙ  සීනියර් අක්කා කෙනෙක් වෙඩින් එකට ඇවිත්. මල්ශි අක්කා! අහා මේ මල්ලිව නම් දන්නවා අපේ ස්කූල් එකේ නේ හිටියේ කිව්වම. මම දහ අතේ කල්පනා කරනවා මාව කොහොමද දන්නේ කියලා. අන්තිමේ බට්ටිගෙන් අහනවා ඒ අක්කගේ නම මොකක්ද බන් කියලා. ඇයි යකෝ උඹ මල්ශි අක්කව දන්නේ නැද්ද? 

පොඩ්ඩි එහෙන් පැනලා කෑ ගහනවා වෙන විදියක් නෑ උඹ දන්නේ නැත්තේ මොකෝ?

හරි කමක් නෑ කියලා සන්ජාට විශ් කරලා ෆොටෝ එකක් පොඩ්ඩිව බට්ටිව ටැලී ව ටැග් කරලා ෆේස් බුක් එකට දැම්මාම මල්ශි පූර්නිමා කියලා කෙනෙක් කමෙන්ට් එකක් දාලා මගේ ලිස්ට් එකේ ඉන්න අක්ක කෙනෙක්. 

ටැලී කියනවා ඔය ඉන්නේ අදුර ගන්න බෑ කියපු අක්කා ලිස්ට් එකේ කමෙන්ට් එකක් දාලා 😂

අඩේ ඉතින් නයි කයිද රෝස් පාන් නේ. මගේ ඉස්සරහ ප්‍රත්‍යාභූර්ත වෙලා ඉන්නේ ඒ අක්කමනෙ.

.ඕ නෝ!...

ආයෙ ලිස්ට් එකෙන් දෙවෙනි පාරට මල්ශි අක්කව  ටැග් කරනවා ලැජ්ජාව වහ ගන්න. 😁 අදුර ගත්තේ නෑ කිව්වොත් චොරයි නේ 🤣🤣..අක්කේ මට සමාවෙන්න.


කෝමෙන් කෝම හරි සුභම සුභ නැවත ඉපදීමක් සන්ජා. හැමදාම සතුටෙන් ඉදපන්! සුභ පැතුම් අපි හැමෝගෙන්ම.


ටටා!

කවී.








Tuesday, December 8, 2020

වරා මල වරා මලක් නෙමේ!

 හැම.කතාවකම ආර්ම්භයක් වගේම අවසානයක් තියෙනවා. ශේන් මල්ලිට එහෙම නැති වෙන්න පුලුවන්. 

Crown Flower නැත්නම් Milky weed කියලා කියන්නේ වරා මලට. ජීවිතේ සමහර දේවල් වරා මලට සමාන කරනවා. නමුත් එතන තියෙන්නේ අපේ නොදැනීම.

මමත් වරා මලක් වගේ! මෙච්චර දවසක් වරා මල් වුන කෙනාගෙන් ඒක මම උදුර ගන්නවා.!

හේතුව?



හේතුව තමා වරා මල කියන්නේ උග්‍ර විෂ සහිත ශාකයක්. එත් ඇයි කවි වල වරා මලට සුන්දරම මිනිස්සුන්ව සමාන කරන්නේ. හේතුව වරා මලයි වරා බීජයි මිනිස්සු පටලවා ගන්නවා. 

හුළඟේ පාවෙලා යන්නේ වරා මල නෙමේ.වරා බීජ!

ඉතින් එහෙම වුනාම උඹට කොහොම කියන්නද වරා මලක් කියලා මෙච්චරක් අහිංසකයි කියලා දැන දැන! වරා බීජයක් කියන්නත් බැහැ මොකද උඹ ව්ෂ පැල කරන්න බෙදා හැරීමක් කරන්නේ නෑ. උඹ ඒ තරමට සියුමැලි  වැඩී මේ ගෙන්දගම් පොලවට. උඹේ කොහෙවත් විශ නෑ කියලා මම හිතනවා.

ඉන්න..අපි ලස්සන මලක් හොයා ගමු හුළඟේ පාවෙලා යන.! 

ඒත් එක දෙයක් තියෙනවා වරා මල් වගේම වරා ගහේ හැම කොටසක්ම සිංහල බෙහෙත් විදිහට යොදා ගන්නවා.

ඒත් බෑ පොඩ්ඩ ඇත්නම් රතුවෙන උඹේ ඇස්වලට ඒවාට නම් බෙහෙත් කරන්න බෑ.

උඹ අර පුංචි පෝච්චියක පැල කරලා කඩයක් ඉස්සරහා තිබුනු බේබි රෝස මල් පැලයක් වගේ. පෝච්චියේ තියෙනකන් හැමෝම ට්‍රයි එක උස්සන් යන්න. නැවතීම නුවර හරි යාපනය හරි ගාල්ල මාතර හරි වෙන්න තිබුනු අවස්තාව නැති වුනු එක ගැන හිත යටින් සතුටුවෙනවා..ඊටත් වඩා සතුටු වෙනවා උඹව ඔය පෝච්චියෙන් ගැලවිලා පස් තියෙන පොළවේ පැලවෙන්න හදන එකගැන..කාටවත් හිතුනු හිතුනු වෙලාවට උඹව උස්සන් යන්න බැරි  වෙන්න.

උඹට මමත් ආදරෙයි .ඒ නිසා කඩා ගන්නේ නෑ! පුලුවන් වෙලාවට වතුර ටිකක් දාලා උඹ ලස්සනට පිපෙන්වා දකින්න තිබුන නම් ඇති.

.කවී.

Friday, December 4, 2020

බඩගින්න හා ආසම කෑම!

කකුල් දෙකම උඩ දාගෙන ඉන්න ඕන වෙලාවක සප්ත්තු දෙකට කකුල් දෙකම තැම්බෙන්න ඇරලා මම ඉන්නේ රටක් රාජ්ජයක් ලැබුන වගේ.

මිනිස්සුන්ගේ හිනාවට ආදරේ කරන්න ගත්තම ඒක ඇබ්බැහියාවක් වෙනවා! මාස්ක් එකකට මූන වැහුනම ඒ හිනාව හොයන්න දගලනව. ඒ හිනාව හොයන්න්න වෙන මහන්සිය සමහර වෙලාවට හිස් ඒ ෆෝ කොල අතර ප්‍රස්ථාර ගත වෙන්නේ කියන්නත් කලින්.

ඇස් අදිනව මකනවා.ආයෙත් ඔලුවට ගන්න දගලනවා නෑ මීට වඩා පොඩී කියල හිතෙනවා. ආයෙත් මකනවා අදිනවා. ආයෙමත් ටික වෙලාවකින් හිනාව වෙනස් කියලා හිතෙනවා. මිනිස්සු හිත දුවනවා කියන්නේ හේතුවක් ඇතුව කියලා මට හිතුනේ දාඩිය පෙරාගෙන ඔෆ්ස් ඉවරවුනු ගමන් ඇවිත් පැන්සල අරගෙන ඇස් නිවැරදි කරන ගමන්.

වෙලාවකට නීරස ජීවිතේ ඒකාකාරි වේගන එනකොටම හිතෙන්නේ හිත මස්කට් කෑල්ලක් කියලා . ඔබලා බලනවා හපලා කනවා ගිලිනවා!

 රෑට ගෙදර යන ගමන් කොහෙ හරි අයිනක බයික් එක නවත්වලා ටිකක් වෙලා ජීවිතේ හති ඇරලා ඒකාකාරි කියන දෙයින් ටිකක් ඈත් වෙලා හිතනවා යන්න තියෙන දුර වගේම ආපු දුර. ඒ එක්කම හිතට එන්නේ යන්න තියෙන දුර අවසන් කලාම අදට! එතනත් තියෙන්නේ ඒකාකාරී බව. රෑ හතයි මාර වෙනකොට රෑ කෑම කාලා ඉන්න කෙනෙක්ට තවත් කෙනෙක්ගේ බඩගින්න  ගැන හිතනවා කියන්නෙත් සතුටට කාරනාවක්.

"දෙයක් අහන්න ඕන ඇහුවට කමක් නැද්ද කියලා වට්සැප් එකේ උඩින් නොටිෆිකේශන් එකට රිප්ලයි කරනවා කියන්න කියලා"

කෙනෙක් නැති වුනාම ඔයාට දැනෙන්නේ පාළුවක්ද නැත්නම් නිදහස් බවක්ද?

මනෝ ව්ද්‍යාත්මක ඇඩ්වයිස් එකක්මද කියන්න මම තාම දැනුමෙන් පිරිලා නැහැ . 

හිතත් එක්ක පොඩි විවාද කීපයක් කරලා දුන්නු පිලිතුර වුනේ "නිදහස" කියන වචනය.

ඒත් අදහස තහවුරු කරගන්න මම ඇහුවා..එහෙම අහන්න හේතුව .

හේතුව මේකයි ..කෙනෙක් නැති වුනාම පාලුවක් දැනුන නම් ඔයා ඒ කෙනාට කැමතියි ඒත් අනිත් අයගෙ මත වලට කැමති නෑ. ඒත් නිදහසක් දැනෙනවා නම් ඒක සම්පුර්නයෙන් වෙනස් කතාවක්!

මට අමතක වුනා සදහන් කරන්න කලින් මම මනෝ  විද්‍යාව සම්බන්දව පාඨමාලාවක නිබන්ධන් සේරම තනියම අද්‍යනය කරපු බව.

ඔයාට බඩගිනි වෙන්නේ ඇත්තටම බඩගිනි වෙන නිසාද නැත්නම් ඔයා ආස කෑම ජාති සිහියට එන නිසාද කියලා අහන්න හිතුනත්. ,

ඒ වගේ බර ප්‍රශ්නයක් දාලා ඔලුව කලවම් කරන්න එපා කන්ෆියුස් කරන්න එපා කියලා ඉල්ලිමක් කරලා තිබුනු නිසාම මම ඒ ප්‍රශ්නය අහන්නෙ නැතුව අහගෙන හිටියා.

හැබැයි ඒ කියපු කතාව නම් ඇත්ත.! මොනව වුනත් අඩුම ගානෙ තමන්ගේ එකාකාරී ජීවිතෙන් තත්පරයක් හරි මන් ගැන බලන්න වෙන් කරන මනුස්සයෙක්ට මමත් ආදරේ නොකෙරුවොත් තත්පරයක් වෙන් නොකෙරුවොත් අපි මිනිස්සු වෙලා ඉන්න එකෙන් තේරුමකුත් නෑ.

ඒකයි මම කියන්නේ මම බොහොම සුළු පිරිසකට ආදරේ කරන්නේ කියලා. මොකද ඒ කීප දෙනා නැති වුනොත් ඇත්තටම මට පාලුවක් දැනෙනවා කියලා මට හිතෙන බව මම දන්න නිසා. ඉතින් තියරියට අනුව මම ආසයි වගේම උන්ට ආදරෙයි.

ආදරේ කරන මිනිස්සු දිහා මම බලන්නේ ඇස් දාහකින්.👀😁


තාම ඔෆිස් එකේ ඉන්න් එකත් අමරණියයි අපි රෑ අටහමාරත් වෙලා!

කමක් නෑ හැමෝටම..

ජය වෙවා!

.කවී.

ඔබට ඉසුරු බර දිගු රාත්‍රී කාලයක් වේවා.


චක්‍රවර්තී ඉස්සා හා වක්‍රා කාර අව් කණ්නාඩි

 ජීවිතේට එහෙන් මෙහෙන් යාළුවෝ කියා ගන්නා බොහෝ දෙනෙක් හිටියට ඇත්තම යාළුවො කියන වචනය දෙන්න අමාරු අවස්තාවන් ඕනෑ තරම් අපිට අත් විදින්න පූලුවන්.

බෝක්කු කටක් ඇරලා කිරි දත් පෙන්නලා හිනාවෙන අවුරුදු විසි හතක ලාබාල මිනිස්සු.

එක තැනක මම කියවනවා " කර්මය ගෙවා ඉවර වුනු පසු / පව ගෙවී ගිය පසු මිතුරා ලෙස පෙනී සිටි  බැදීම්  හෙමින් ජීවිතයෙන් අයින් වෙන බවයි.

මට උඹලාත් ටික ටික ඈත් වෙන්නේ සමහර විට උඹලාගේ පව් ගෙවීගෙන යනවා ඇති. මම කැමති නෑ මගේ පව් ගෙවිලා ගිහින් උඹලා ඈත් වෙනවා දකින්න.

සමහර වෙලාවට හිතට වේදනාවක් ක්ශනිකව ඇවිත් " අඩෝ අඩෝ උඹට නෙමේ බන් කිව්වේ" කියලා කියයි. 

වෙන්න බෑ! මන් නොදැක ඉන්න තිබ්බා එහෙනම්. ස්ටේටස් එකකට වඩා දැන ජීවිතේ ටික ට්ක පේනවා මන් හිතන්නේ. උදේ  අව් කණ්නාඩි දාගෙන බයික් එක පදින නිසාද මන්දා ජීවිතේ ටිකක් අදුරුවට තමා පේන්නේ.



ඉදලා හිටලා කණ්ණාඩිය පහත් කරලා බලනකොට ඇත්ටටම තියෙන්නේ ඇහැ කඩාගෙන යන ඉර එලියක් දිස්නයක්. ඒකට කැමති නෑ අපි! ඇයි? ඇත්තටම ඇත්තට මුන දෙන්න අපි ශක්තිමත් මදි.. රස්නේ වැඩි කමට ඇස්‍ රිදෙන එකෙන් ඔලුව රිදෙන එකෙන් බේරෙන්න අදුරේ ඉන්න බලනවා. අතර මැදින් කළුවර කර ගන්නවා.

මිනිස්සුන්ගේ මොල වලට හැඟීම් කියන ග්‍රීස් ටිකක් උලලා හදවතට ඇත්ත නැත්නම් යතාර්ථය  කියන ඔයිල් කෑන් එකෙන් ලීටර් දෙකක්වත් දාන්න ඕන. හරියට වැඩ කරන්න නම්.

උඹ මම පොදුවේ මොනවා කරනවා ඇති කියලාද හිතන්නේ. නෑ අපේ එක සමාන ගති ලක්ශණ නෑ ..උඹ උඹේ විදිහයි, මම මගේ විදිහයි දරා ගන්න අමාරුනම් ඔහොම්ම ඔතනින් ටිකක් වාඩි වෙයන්.

...

සෙනසුරාදා කුක්කා, ශේන්, ගිස් එක්ක රැම්බෝ අපේ ගෙදර කලින්ම නත්තල් අරන් ආවා. කුක්කා ටයිප් සී ටු ත්‍රී පොයින්ට් ෆයිව් කන්වර්ටර් එකක් වගේම තඩි චොක්ලට් අයිස්ක්‍රීම් කප් එකක් උස්සන් ඇවිත් තිබුනා.

රෑ හතට එනව කියපු එවුන් රෑ නමයයි තිහට ආවාම දැනෙන සතුට වචන වලට පෙරෙලගන්න බැරි කමට කෑම මෙසෙ තිබුන පපඩම් කෑල්ලක් ජර බර ගාලා බර දාලා හැපුව .

වාඩි වෙලා හිටියෙ සෝෆා එකක උනත් විනාඩියක් දෙකක් යනකොට කුක්කාට ඒකෙ වාඩි වෙලා ඉන්න බැරි ගතියක් පෙන්නුම් කලේ හරියට පඩුපුල් ආසනය උණුවුනු ශක්‍ර දේවේන්ද්‍රයා වගේ. 

බැරිම තැන මුණ පුරා වැවුනු රැවුල අස්සෙන් වචන කීපයක් ආවා! අයියේ අරක ටුක් එක ඇතුලේ..කාමරේට ගෙනියමුද? කන්න කලින්ම..

මම හා කියලා කට වැහෙනකොට උන් හතර දෙනා වාහනේ ගාවට දුවල ඉවරයි. එතන නිකම් පන්සලක් වගේ. නිස්කලංක නෑ . ක‍ඨින චීවර පිංකමක දානෙ ඉවර උනාම ඉතුරුවුනු කෑම බෑග් වලට දා ගන්ම පොරකන උපාසක අම්මලා වගේ. නැත්නම් පිරිකර එකක් අරන් පෙරහැරේ ඉස්සරහින් යන්න පොරකන සෙට් එකක් වගේ මුන් ටික. බෝතලෙ මම ගන්නෙ බොඉතලෙ මම ගන්නෙ කියලා රන්ඩුව. කොහොම හරි රැම්බො නැත්නම් ශේන් මල්ලි බෝතලෙත් අරගෙන කාමරේට ආවෙ වෙනදා පඩියෙන් භාගයක් බෝනස් දෙන කම්පැණියක පඩියට පඩියක් බෝනස් හම්බවුන එකෙක් වගේ හරිම සතුටෙන්.

කුක්කා ආපු ගමන් බැලුවේ කාමරේ ඇති එකඑක ගැජමැටික් දිහා... හරියට පහ වසරෙ පොඩි එකෙක් වැඩිහිටියන්ට පමණයි ලේබල් එක ගහල තියෙන ෆිල්ම් කටවුට් එකක් දිහා බලන් ඉන්නවා වගේ.  හැබැයි ඌ අන්තිමට කිව්වේ අයියේ අර ඔක්ස්ෆර්ඩ් ඩික්ශනරිය මට දියම කියලා.

මට නිකන් කරන්ට් එකක් වැදුනාවගේ. මලල සේකර එක්ක තරහකට මූ එහෙම කිව්වාද කියලා මම ඇහුවා.

ඌ කියනවා ඕකෙ පිටු හොදට රෝල් වෙනවා..කොටන් බටන් නැති වෙලාවකට කන හාරන්න නියම භාන්ඩෙ කියලා.

ඊලඟට කුක්කා හැරුනේ හදලා තියෙන බයිට් දිහාවට. මොනාද මන්දා පූජනීයක දෙයක් බලන්වා වගේ තමා වහල තිබුන කොලේ අයින් කලේ. අයින් කරපු ගමන් කලේ එක ජාතියකින් ටික ටික කාලා බලපු එක.

එහෙම කරලා ඩෙවල් දාලා තිබුන සොසේජස් පිඟාන ඌ ලඟින් තියා ගත්තේ සෝස් සහිත බැදපු සොසේජස් ශරීරයට අහිතකර බවත් , තමාගෙ මිතුරන් එසේ සෞඛ්‍යය ට අහිතකර දෑ ආහාරයට ගැනීම වැලැක්වීම තමන්ගේ යුතුකමක් බවත් ප්‍රකාශ කරන ගමන්මයි.

ඉනික්බිත එළබුනේ ව්‍යවසනකාරී වාතාවරණයක්ම්මමය. හේතුව බයිට් අතර ඩෙවල් දැමූ ඉස්සන් නොමැති විමය. එක දිගට කොරියම් ටෙලි ඩ්‍රාමා හතක් පෙන්වා කුලප්පු කරන කුළු හරකෙක් සේ මද කිපී සභා ගර්භය තුල ඌ ගුගුරන්නට වුනේ . ඉස්සන් මෙහි නොසිටීම තමාද මෙහි නොසිටීමට තරම් වන කාරනයක් තරමට ප්‍රභල වන බවත්. නමුත් ශේන්  කී පරිදි ඉස්සන් සැපයුමේ යම් අඩුපාඩු ඇති නිසා සමාව භාජනයට දමා අදට සොසේජස් කෑලි වලින් සැනසෙන්න උත්සහා කරන බවත්. නැවත් මෙවන් දහම් කරුණු සාකච්ඡා කරන රැස්වීමකදී ඉස්සන් නොසිටිම ඔහුට කරන අපහාසයක් බවත් පවසමිනි.

ටිකක් වෙලා ඌ දිහා  බලා හිටපු ශෙන් කීවේ මවන් යකො.  තෝ මුලින් අනගාරික ධර්මපාල තුමා වගේ බෙල්ල වටේ ඔතාගෙන ඉන්න කවී අයියාගේ පා පිස්ස බිමට ගලවලා දාපන් උඹට මුකුත් නෙමේ වෙලා තියෙන්නේ , උඹට වෙලා තියෙන්නේ කවී අයියාගේ ඌශ්නෙ වැදිලා තියෙන එක.

ඒත් බම් ඒ පාපිස්සක් නෙමේ මගේ ටවල් එක..

අහ් .. කවි අයියේ මම හිතුවේ දෑස කඩාගෙන කදුලැල් එන තරමට දිස්නේ දෙන බැබලෙන මේ රෙදි කෑල්ල පාපිස්සක් කියලා. ඒ තරමට ඒක බැබලෙනවා ඒකයි කියා පවසා අඩක් පිර වු වීදුරුවේ අඩියේ ඇති ලාංජනය තමාට බලන්න වුවමනා බව පවසමින් උගුරට ඇල්කොහොහොල් ට්ක හලා ගැනීමයි.

මේ ආරම්භ වන්නේ ..අලුයම තුරා ඇදී යන බඩ බොකු ඇඹරෙන බඩවල් කොරවෙන සමය බැවින් ප්ලේ වෙමින් තිබුන ඕඩ්යෝ එක තව ට්කක් ශබ්දය වැඩි කර නිසොල්මන් වීමි..

අලුයම ගෙවුනු හැටි හෙට!

ටටා 👋 

කවී.







Tuesday, November 24, 2020

වාල්මිකී ගේ රාමායණය හා ඉශිතා ආන්ටී

 හැම මාසෙකම වගේ ඒ මාස වල ඉපදෙන එවුන්ට මොනවා හරි දෙයක් කියනවා වගේ තමා නොවැම්බර් වල ඉපදෙන් එවුන්ට කියන්නේ වාසනාවන්ත් එවුන් කියලා. හේතුවක් හොයන්න තරම් තාම මම නම් දියුණු වෙලා නෑ.


රෑ මැද්දේ හීනියට ඔලුව රිදෙනකොට රාමායණය සිංහල පරිවර්තනය කියවන ගමන් කල්පනා කලේ ඇත්තටම මිනිස්සු දෙයක් ලියනකොටත් මෙව්චර ආත්මාර්ථ කාමී වෙනවද කියලා. රාවණව දුශ්ඨයාගේ චරිතයට දාලා වෛරයක් ඇති කරන්නයි වුවමනාව. 




සීතාව පැහැරගෙන යන එක ලොකුවට ලියලා තිබුනට රාවණගේ ඤාතියෙකුගේ කන රාම ගේ සෙට් එක විසින් කපන එක ගැන ලොකු විස්තරයක් නෑ! ඒකෙ කියන්නේ නෑ කන කපපු සීන් එකේ ගේමට රාවණ සීතාව පැහැරගෙන එනවා කියලවත්. තවත් කෙනෙක් ගේ නහය කපලා දාන්න තරම් රාමා ගේ ගැන්සිය කොච්කර මිලේච්ඡ ද කියලා.



අනාදිමත් කාලයක ඉදන් රචකයා තේරුම් අරන් තියෙනවා නහයෙන් අඩන වැලපෙන ලව් ස්ටෝරි මිනිස්සු තදට කියෝනවා කියලා. සමහර විට ඇත්තටම වාල්මිකී ආනාගතය පේන තරමට හිත දියුණු කරගෙන හිටියනම්  අනිවා දකින්න ඇති සමස්තයක් විදියට ඉන්දියාවේ හා අපේ මේ හෙල දිවයිනේ ක්‍රීම් උලා සුදුමැලි වෙන උන්ට සාපේක්ශවම ඉන්දියන් මෙගා ටෙලි නාට්‍ය බඩ වැල වගේ අවුරුදු දහය දොලහ ඇදීගෙන යනකොටටත් උන් බලන බව. 

එතකොට අපේ පැත්තෙන් මක්කැයි වෙලා තියෙන්නේ. හැමදාම වගේ නැවිලා ඉන්න සීන් එකක් තමා පේන්නේ.   මේ ආදරයයි ටෙලි ඩ්‍රාමා ඒකේ ඉශ්තා ලැට් එකට යන එකත් ඒකේ ඇතුලෙ කලන්තෙ දාලා වැට්ලා ඉන්න එකෙන් එපිසෝඩ් විස්සක් විතර ගහගන්න පුලුවන් කියලා උන් දන්නවා. එපිසෝඩ් දහයක් ඉශිතා ඇන්ටි ලැට් එකේ සිහි නැතුව වැටිලා ඉන්න එක පෙන්වනවා තව එපිසෝඩ් දහයක ගෙදර මිනිස්සු දොරට ගගහ අඩන සීන් එක දානවා. මාසයක් ඉවරයි!

ඒ වගේ වෙලාවක මිනිස්සුට ඇතිවන ත්‍රිල් එක මොකක්ද කියලා හිතා ගන්න බෑ. ඒවා එක එක කැටාගරිවලට කඩන්න පුලුවන්.

1- ඉශිතා ආන්ටිට සිහිය ඇවිත  දැන් ලැට් එකේ දොර අරී කියලා බලන් ඉන්න සෙට් එක

2- රමන් අංකල් ලැට් එකේ දොර කඩයි කියලා බලන් ඉන්න සෙට් එක.

2- ඉශිතා ඇන්ට් ලැට් එකෙ සිහිය නැතුව වැටිලා ඉන්න්නෙ කක්කා දානකොටද නැත්නම් චූ දදා ඉද්දීද කියලා හිතන සෙට් එක.

4- මොන මගුල හරි කමක් නෑ ලැට් එකට යනවා නම් ඉශිතා සාරිය උස්සගන්න ඕන බව දැනගෙන බලාගෙන ඉන්න සෙට් එක.

5- මම වගේ උන්.....ඒ කියන්නේ එහා ගෙදර මහ හයියෙන් මේ ආදරයයි ටෙලිය බලන්කොට උන් ලැට් එකේ දොරට තඩිබාන් සද්දේ එකේ ඉශිතා ලැට් එකේ දොර අරින්න කිය කිය  දහ දොලොස් දෙනෙක් කෑ  ගහනකොට එක පාර ඒ සෙට් එකටම බඩේ අමාරුවක් ඇවිත් ද කියලා කල්පනා කර කර මනෝ පාරක් දාන උදවිය.

 

වාල්මිකි සිරා ඩෑල් එකක් තමා ඒහෙම බලනකොට. කොල්ලා දැනගෙන ඉදලා තියෙනවා මිනිස්සු මොනවටද ආස වෙන්නේ කියලා. සීතා ගින්දරට පනින එකත් හෙන ආදරනීයව ලියලා මිනිස්සුන්ගේ හිත්වලට ඔබ්බලා තිබුනා. ඒකනේ අසුවෙ අග භාගය ව්‍ර්නක්න්ම ඉන්දියාවේ ගැහැනු සැමියාගේ චිතකයට පැනලා දිවි තොර කර ගත්තේ.



ඒත් ඉන්දියන් මෙගා ටෙලි ඩ්‍රාමා ආවට පස්සේ ගෑනු උදවිය ඒම නෑ.ඕව ගැන හිතන්න වෙලාවක් නෑ. වාල්මිකි ඕකය්හ් දැනගෙන ඉදලා තියෙනවා.

මොනා කරන්නද වාල්මිකි දුක තමා! හයි ටෙක්නෝ බිට් එකට රාමායනය ප්ලේ වෙනකොට අපිටත් තියෙන්නේ නටන්න දැන්. 

නටපන් සරමත් උස්සන් නටපන්..

ටටා..

කවී.


Monday, November 16, 2020

වැඩ කරන , හැඩි කරන හා වැඩ අනන ජනතාව

 උඹ මම නොවූවද මම උඹ වෙන අවස්තාවන් ගැන මතකයක් තියන් ඉදීම තුල මිනිස්සු අස්වැසීමක් ලබයි.

එක් තරා මට්ටමකට එපා වූ පසු අත් හැරීම සිරිතයි.

ශෙන් හිර වෙලා ඉන්නේ ගෙදර ගිහින්!

අහ්! ඔව් මිනිහ ලොක් ඩවුන් වලට කලින් ගමේ ගිහින්.ගමේ මිනිස්සු මහජන  සෞඛ්‍ය සේවා පරීක්ශකට ඒ කියලා තියෙනවා ඌ ආවෙ කොළඹ ඉදන් කියලා.

හදිසියෙන් ගමේ ගියාට මොකද! ඌ දැන් දවස් 14ක්ම ගේ ඇතුලට වෙලා ඉන්න ඕන. දැන් සැප ඇති. මඤ්ඤොක්කා බතල තම්බගෙන කනවද දන්නේ නෑ! කන්න ගෙනිච්චද දන්නෙත් නෑ.

අපි ඉතින් ඔෆිස් යන ජනතාවනේ. 


අම්මා උදේ පාන්දර ඇවිත් මගෙන් ඇහුවා දවල්ට මේවා මේවා ඉව්වට කමක් නැද්ද කියලා.

බ්ලොග් එක ලියන ගමන් හැමදාම පුරුදු විදියට අම්මට ලේසි දෙයක් උයන්න කියලා අයෙත් අකුරු අමුනන්න ගත්තා.

    

ඒ අතර කුස්සියෙන් ඇහෙනවා ආයතන්

 ක්‍රියා පටි පාටිය සහ අපේ ආරක්ශාව සදහා ආයතනය වෙතින් ගෙන ඇති පියවර මෙන්ම. අවුරුදු හයක් සම්පූර්ණ වෙලත් තාමත් සහකරු පොසිශන් එකේ ඉන්නේ කොල්ලගේ ප්‍රොෆෝමන්ස් මදිද දන්නේ නෑ කියලා. 

හැබැයි ඇහුවොත් වැඩ නිකමට ගෙදරට කෝල් එකක් දෙන්නේ නෑ රෑට කන්න එනවද කියලවත්. රෑ අට නමය වෙනකන් වැඩ කරන්නේ කවීට හොද ඕටී එකක් හම්බෙනව ඇති.

ඇහුන්නෑ වගේ හිටියට .මේ කියන කතා වලට ඇහෙන් කදුලු වගේම නහයෙන් හොටුත් පනිනවා.

කමක් නෑ හිත හදා ගන්න පුලුවන් ඊයේ කම්පැණි ඩීටේල්ස් එක්ක දාපු ඩෙසිග්නේශන් කියෙව්වම කට්ටියගෙ.

අවුරුදු දහයක් දොලහක් වැඩ කරලත් අපේ නලී අයියගෙ ඩෙසිග්නේශන් ඒකත් මගේ එකම දාලා තියෙන්නේ වැරදිලා වෙන්න ඕන.

පඩි කැපීම, නිවාඩු කැපීම, සේවයට වාර්තා කරන වෙලාවන් සම්බන්දයෙන් බර සාකච්ඡා සිදු කර මෙමෝ පිට මෙමෝ ගසමින් නව නීති හදුන්වා දෙන නමුත් පඩි වැඩි කරනා අන්දමක් හෝ අතිරේක සේවා කාලයට ගෙවීමක් සිදු කරන සටහනක් හෝ උසස් වීම ලබා දෙන කාල පරිච්ඡේදයක් ගැන නීතියක් නොමැති ආයතන අතරේ අපගේ ආයතනය රත්තරක් යැයි කියනා මිනිස්සු දැක ඇත්තෙම්.

උඹේ පඩි වැඩි කලොත් අනිත් එවුන්ගෙත් වැඩි කරන්න වෙනවා! ඒකයි වැඩි නොකරන්නේ! හරිම සාදාරණයි !.

අපි එසේ නම් අනිත් එවුන් වැඩ කරනා ආකරයටම වැඩ කල යුතුය!  අට පහ නීතිය අකුරට ක්‍රියාත්මක කල යුතුමය. කොටින්ම කියනවා නම් සහයක ගේ කැරැට්ටුව පමණක්ම රංගනය කල යුතුය.

ශෙක්ස්පියරේට ජය වෙවා.. සැබැවින්ම් ලෝකය රඟ මඩලකි.අපි නලුවෝ මෙන්ම රඟ හල තනන මේසන් බාස් ලාගෙ සිට රඟ හලේ වයරින් එක ගහන ඉලෙක්ට්‍රීශියන්ගේ කැරැක්ටරේට වෙනකන් රඟ දක්වති.

කොරෝනා හැදුනොත් ඒ සෙනසුරාදා ඉරිදා පෞද්ගලික ගමන් බිමන් යෙදීම හේතුවෙනි. කොරෝනා නිසා මිය ගියොත් පෙට්ටියට සපෝර්ට් එකක් කියා විසි දහක් යවා ඊලඟ මාසෙ ඉදන් ඌ කවුදැයි දන්නේ නැති තතවයට පත් වෙනවාට නොඅනුමානය .

බෝර්න් ලෝර්ඩ් ගේ ඩයිරිය ගීතයේ කොටසක් - (((((

   " අපි කන්න මැරෙන්නේ අකාලේ මැරෙන්න

අපි යන්න හදන්නෙම අපායේ ඇරෙන්න …


කාටවත් අඩගහයිද අල්ලට කෙල ගහයිද

පොඩිවුන් මහා පාරේ බොලා බලන්නේ අරු බල්ලට ගල ගහයිද

මාහායාන ථෙරවාදී සුන්නිසියා කතෝලික ක්‍රිස්තියානි

සිංහල – දෙමල – මුස්ලිම්- ඉංග්‍රීසි – සුදු – කළු – තලෙළු

රට – පළාත – දිස්ත්‍රික්ක – ප්‍රාදේශීය – කොට්ටාශ

කුල – මල, වැඩිහිටි – පොඩිහිටි, දුප්පත් – පොහොසත්

පරමාණු දක්වාම බෙදෙන අපේ ජිවිත

කොයි වෙලේද දන්නේ නෑ දැන් තොග සීමිත

වැඩට යන්න කලින් වැදලා පලයන්

මුණට මුරිච්චි වෙන එකා මුසලනම් මගහැරපන්

මල්දාපු වතුර බීපන් පොල් ගහල ගස් – ගල් වැදපන්

ශිෂ්‍යත්වේ අසමත්ද පොඩි එකෝ බොරු කියපන්

පොල් ගහනකොට දෙයියෝ තියා ගලවත් බලන්නේ නැහැ

මැද්දෙන් බිදුනේ නැත්තම් කසාදෙනුත් වැඩක් නෑ

ගමම මුසලයි රටම මුසලයි ඉන්න උන්ගේ හිත් කුහකයි උන් කන බතුත් කුහකයි

දන්නවද? පිස්සව උබට පිස්සෙක්, පිස්සට උබව පිස්සෙක්

මේක යන එකම රවුමක් උබත් මාත් මේකේ ඉත්තෙක්

අපි කන්න මැරෙන්නේ අකාලේ මැරෙන්න

අපි යන්න පතන්නෙම අපායේ ඇරෙන්න …" 

Drill Team westනාහිර )))))))



ටටා.. 👋 

කවී.


 


 



Sunday, November 15, 2020

උඹ කවුද ?

 අපිට අපිටම ඕන තැන්වල නැවතිලා හීන මවා ගන්න උන් වෙන්නේ කොහොමද කියන එක ම ඒ දවස්වල වල ඉදන්ම තිබුනු ගැටළුවක්.

ආදරේ යන වවනය එක වචනයක් පමණක්ම වුවාට ආදරේ යනු මෙය විතරමයි කිව නොහැක.

මරදාන සිට නාඉන්නට එතැන් පටන් ගඟදිසි ගම දක්වාම ඇත්තේ මගේ ආදරය විය හැක.

තැන් තැන් වලින් එහෙන් මෙහෙන් ආදරය දැනුන හැටි හරිම  වේදානාකාරි ස්වරූපයකින් නිතරම එලියට එන්න දඟලයි  ආදරය ඇත්තේ කොතැනද එතැනින් අස්වැසිල්ල සේම වේදනාවේ උපරිම දැනෙන නිල බලා පහර දෙයි.

වරු ගනන් කතා කරනා ජිවිතයම මගෙ යැයි කියනා තැනින් ආදරය දැනෙනා විට ඉන් එහා ගිය ආදරක් නිල යන්තමින් අල්ලා යනු ඇත. උඹ කාලාද  ඉන්නේ ? කියන වචන තුන ඇතුලත.

කෑවා නේද අසනවාට වඩා කන්න යැයි පැවසීම තුල ආදරයක් ලෙන්ගතුකමක් දැනීම උඹට පුදුමයක් වුනාට මම නොදැකා සේ හිදිමි. මම කී වරක් එලෙස පුදුම වී ඇද්ද!

ඒ පුදුම වීම තුල මා හෙම්බත් වී ඇත. මා ආදරය කරන්නේ කාටදැයි යන පැණයට වඩා මම ඈදරය කරනේ ඇයි යන  ප්‍රශ්ණය තුල නැවත නැවතත්  අළුයමේ සිතමි. එහෙත් මාම මෙනම මගේ පැණයද පැටලී ඇති බව හැඟීමක් දැනේ.

පැටලීම තුල පිළිතුරු සෙවීම අපගේ කාර්‍යය වේ. 

නමුත්

නුඹට කවුරුත්ම ආදරේ නැති දවසක උඹ තේරුම් ගනී මාද නුඹට ආදරය දී ඇති බව.


.කවී.





හීනයක පාට

 හීනයක පාටට

නෙත් වසා ගත්තම

නුඹ නොදැන උන්නට

මේ ලියන්නේ මම,

නුඹ දකින විදිහට..😍


ලා රෝස දෙතොලක

උස් වෙච්ච ඇහි බැමි වල

නිසොල්මන් ඇස් වල

දිගැති මුදු කෙහෙ රැල් වල

රැලි නැගුනු ගෙල වට

දැවටෙන්නෙ නෑ තව..🔥


සිනහවක ලස්සන

වචන වල රැදුනම

ආදරේ හිතෙනවා

ඇසුනම ..

වදන් නුඹ

සුරතලෙන් මුමුනන..😍


නිතර හමු නොවෙන

හදුනන.

සිනහවට දෙකොපුලට

පුදුමයක් ආදරේ නොදැනුනොත්

හිතකට..😢

හීනයක පාටට

නෙත් වසා ගත්තම

නුඹ නොදැන උන්නට

මේ ලියන්නේ මම,

නුඹ දකින විදිහට..😍


ලා රෝස දෙතොලක

උස් වෙච්ච ඇහි බැමි වල

නිසොල්මන් ඇස් වල

දිගැති මුදු කෙහෙ රැල් වල

රැලි නැගුනු ගෙල වට

දැවටෙන්නෙ නෑ තව..🔥


සිනහවක ලස්සන<

වචන වල රැදුනම ඒ

ආදරේ හිතෙනවා

ඇසුනම ..

වදන් නුඹ

සුරතලෙන් මුමුනන..😍

නිතර හමු නොවෙන

හදුනන

සිනහවට දෙකොපුලට

පුදුමයක් ආදරේ නොදැනුනොත්

හිතකට..😢


.කවී.

Thursday, November 12, 2020

යාළුවෝ රාමුව හා බූවල්ලා හොල්මන

ජිවිතේට මොනම වෙලාවකවත් දැනිලා තියෙනවද හිස්ම හිස් හැඟීමක් එක්ක අසරණ වුනා වගේ සිති විල්ලක්?

යාළුවෝ ගැන කල්පනා කරනකොට එන්න පුළුවන් සිතුවිලි වලින් නිතරම එන එකක් තමා ඕක.

සමහර වෙලාවට ඉන්නවා සේරම බෙදා හදාගෙන දුක් සතුට හැම දේම බෙදා ගන්න යාලුවෝ. හරියට ජීවිතේම උන් වගේ තමා කතාව.

වට්ස් ඇප් එකේ සැරින් සැරේ ස්ටේටස් දාන එහෙමත් නැත්නම් මේ තමා මගේ හොදම යාලුවෝ කියලා ෆේස් බුක් එකේ සටහනක් තැබූ පළියට යාලුවෝ වෙන්නේ නෑ කියන එක දැන් දැන් තේරුම් යනවා.

උඹේ ඇත්තම යාලුවෙක් නම් උඹගේ ජීවිත කතාවෙ අහ මුල දැන ගෙන ඉන්න ඕන වගේම. උඹගෙ පිස්සු වැඩ ඉවසන්න පුළුවන් එකෙක් වෙන්න ඕන. ඒ වගේම උඹ මොනව හරි දෙයක් සීමාව ඉක්මවා යනවා නම් ඒ ගැන උඹට කියන්න පූළුවන් වෙන්න ඕන.!

අවුලක් නම් හංගන්නේ නැතුව කියන්න පුළුවන් චරිතයක් වෙන්නෙ ඕන..

උඹේ රාමුව වටේ ආදරෙත් අරගෙන කැරකෙන ආදරණීය යාලුවෙක් වෙන්න ඕන. අඩු දාලා ඇදලා උඹව හිර කර ගන්න පුලුවන් බූ වල්ලෙක් වෙන්න ඕන 🙏 උබේ ජීවිතේ රාමුව වටේ හොල්මන් කරන්න ඕන..



නැත්නන් උඹ සීමාව ඉක්මවා යනවා කියලා උඹ දන්නේ නෑ මොකද උඹ හිතනවා වෙන්න පුලුවන් ඒ යාළුවා උඹව හොදටම තේරුම් අරන් ඉන්නවා ඒ නිසා කිසි සීමාවක් නෑ කියලා..ඒත්..ඒත්..ඇත්තම කතාව උඹේ යාලුවගේ  සීමාව උඹත් එක්ක බෙදා ගන්නේ නෑ..ඒ සීමාව ගැන සංශිප්ත විස්තරයක් වෙන එකෙන් දන්නවා ඇති. සමහර විට උඹ ගැන විස්තරයක් මේ පහල තියෙන උපුටා දැක්වීම තුල හොයා ගන්න පුළුවන්!

===========

" අපෝ ඌද? ඌට ටිකක් විතර පිස්සු බන් අනික උගේ සමහර ටෝක්ස් මට අල්ලන්නේ නෑ.."

"මම ශේප් එකේ අයින් කරලා දැන් වැඩිය ගනන් ගන්නේ නැතුව ඉන්නේ.. "

"ඌ නිකන් අමුතුම සීන් එකක් දාන්නේ .."

"මට ඒක ඇල්ලුවෙ නෑ..ඌ ආපු විදිහ" "

===========

මම දන්නේ මට එහෙම එකෙක් දැන් නෑ කියලා..

යාලුවෝ හරියට එක සෘතුවක් වගේ! කාලෙකට ආවම මුලු ලෝකෙටම උඹ පෙන්වනවා මේ උන් කියලා ..ඊට පස්සේ වෙනම සෙට් එකක්...

උඹලා හිතා ගනින් උඹලා කොතනද නැවතුනේ කියලා!


ටටා!

කවී.



Wednesday, November 11, 2020

පුත්තලම , කොළඹ ටියුට් රූම් එක හා රෝස මල් සුවදක්

දැන්  අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ බලන් ඉන්න කෙනෙක් එනකන්  බලන් ඉන්න එකයි.

උදේ පාන්දර ශේන් එවල තියෙන විදිහ..මේ ඌ උදේට සුභ පතන විදිහ.

මොකක්ද ශේන් මේ කියල මැසේජ් එකක් දැම්මා විතරයි.

මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.. හූම් කියපන් උදේ පාන්දර මොන කැබරෙ ඩාන්ස් එකක්ද දාන්න යන්නෙ කියලා.



ඒක නෙමේ කවී අයියේ තමුසෙගෙ ඔය තියෙන කෝලර් ටියුන් එක මාරු කලොත් මොකද?

ඇයි මොකක්ද තියෙන අවුල ඒකෙ?

නෑ අවුලක් නෑ.ඒත් ඒකත් තමුසෙ වගේ අයියේ.

හේතුව කියපන් ශේන්!

නෑ ඕයි තමුසෙගෙ ෆෝන් එකේ කෝලර් ටියුන් දෙකක් තියෙනවා. එකක හෙන අමුතුම විදිහට කෑ ගහනව. ඒකට බය හිතෙනවා අනිත් එකේ හෙන හෙමින් මොනවද මුමුණනව එතකොට ඒ මොන මගුලක්ද කියල හිතෙනවා. ඒකයි මම එහෙම කිව්වේ.

ඉමෑජින් ඩ්‍රැගන්ස් ලගේ බිලීවර් එකයි (imagine Dragons  - beliver), බිලී අයිලිස් ගේ බුරී මයි ෆ්‍රෙන්ඩ් ( Bili eylish - Bury my friend  )එකයි  ගැනනේ ඔය කියන්නේ.මම  ඒ දෙකම අයින් කරලා ලූකාස් ග්‍රැහැම් ගේ සෙවන් ඉයර්ස් ( Lukhas Graham - Seven years) සින්දුව දාන්න ඉන්නේ කෝලර් ටියුන් එක විදියට.

හූම්.. මචං කවී අයියේ! මේ.. මට දැනෙනවා අර කෙල්ල මගෙන් ගොඩක් ඈතට ගිහින් කියලා!

ඔව් වෙන්න පුලුවන් උඹ කොලඹ ඒ කෙල්ල පුත්තලමේ!

මගුලක් කතා කරන්න එපා අයියේ. මට ඒ කෙල්ලව බලන්න යන්න උදව් කරපන්කෝ!  

ඇයි උඹ බලන්න ගිහින් මොනව කරන්නද?

තමුසෙට ඒවයින් වැඩක් නෑ නේ අයියේ! පුළුවන්ද බැරිද කියනවකො. කොහෙද තමුසෙ ඒ වගේ තත්වයකට මූන දීලා නෑ නේ. මට හැමතිස්සෙම හිතෙනව දැන් ඒ කෙල්ල මට ආදරේ නෑ කියලා, හීනෙන් දකිනව මන ඒ කෙල්ලව තුරුල් කරන් ඉන්නවා මහ පාන්දරට ඇහැරිලා බලනකොට මං ලඟ නෑ. ඉතින් ඒ නැගිට්ටුනාම මැසේජ් එකක් දානව ඒ කෙල්ලට ඒ වෙලාවෙම.

මොනව කියලද දාන්නේ? වස්තුව මම හීනෙන් දැක්කා බාබා ඔයා මට තුරුල් වෙලා ඉන්නවා..මම ඔයාව තද කරගෙන කිස් එකක් දෙන්න යනකොටම ඇහැරුනා මාව කියලා? නැත්නම් ඔයායි මමයි ඒ හීනෙ තුරුල් වෙලා හිටියේ වෙන කිසිම දෙයක් නැතුව කියලා වගේ දේවල්ද?

නෑ අයියේ! උදේ පාන්දර ඒ කෙල්ල මතක් වෙලා ඇහැරුනාම මම ඒ කෙල්ලට මැසේජ් එකක් දානවා " ගුඩ් මෝර්නින්ග් " කියලා!

හෑ! තමුසෙ පිස්සු කන්නා වගේ ඩෑල් එකක් නේ!

මොනාද අයියේ කරන්නෙ දැන් ඈත් වුනාට මට හැමතිස්සෙම මතක් වෙනවා ඒ කෙල්ල කකුල් දෙක මගේ උකුල් උඩින් තියපු හැටි, මම කකුලෙ ඇඟලි අල්ලපු හැටි, ටියුට් රූම් එකේ දොර ගාවට වෙලා කවුරු හරි එයිද කියලා බල බල අත් අල්ලගෙන ලඟට තුරුල් වෙලා හිටපු හැටි! මට ආයෙත් ඒ වගේ ලං වෙන්න ඒ කෙල්ල ඉඩ දෙන එකක් නෑ අයෙත්!

ඕයි ශේන් තමුසෙ මාව කන්ෆියුස් කරනවා! දැන් එතකොට තමුසෙ මුලදි මට කිව්වා උඹලා දෙන්නම වෙනම දෙන්නෙක්ට අයිති වෙනවා කියලා දැනගෙන තේරුම් අරන් ආදරේ කරන්නේ කියලා. දැන් එතකොට ඒ තේරුම් ගැනීම වෙනසක් වෙලාද?

දන්නේ නෑ අයියේ! ඒ කෙල්ල අකමැතිද දන්නේ නෑ නේ දැන් එහෙම අල්ලන්න තුරුල් කර ගෙන ඉන්න.  

ශේන් මල්ලී මම  තමුසෙට කිව්වා නේ කල් යනකොට වෙනස් වෙයි කියලා! කවදාවාත් තමුසෙට ඔය කියන ආදරනීය හාදුව උඹට ඒකිට දෙන්න වෙන්නෙත් නෑ ඒ කෙල්ල උඹට දෙන්නෙත් නෑ.

උඹට එහෙම එකක් ඕනමයි නම් කියපන් අරුන් ටිකට අමුවෙන්න්බෝතලයක් ගැස්සුවම ටික වෙලාවකින් ආදරෙයි බොක්ක ගාගා ඉඹින්න පටන් ගන්නවා. රෝස මල් සුවද වෙනුව උඹට එයි බයිට් එකට ගත්ත චිකන් සුවදයි සැමන් සුවදයි! 😂

එතකන් උඹ හැමදාම උදේට නැගිටපන් කමක් නෑ.!

ටටා!

ටීක්...ටීක්...ටීක්..

ලයින් එක ඩිස්කනෙක්ට් කරලා ශේන් මැසේජ් එකක් එවලා තිබුනා! ඒක එක වචනයක් බහු වචනයෙන් තිබුනා..

"බල්ලෝ"

...

බායි පීපල්ස් හෙට හම්බ වෙමු! ටාටා !  👋 

.කවී.




Sunday, November 8, 2020

රජ වී ආදරය සෙවීම හා රජ වෙන්න සෙවීම

 මිනිස්සු හිතන විදිහ හරිම වෙනස් , එකම තාලයකට කෑ ගහනව වගේ. හොදම යාලුව පිටි පස්සට වෙලා උඹ ගැන කතා හදන ලෝකයක් මේක.

සිකුරාදා උදේ කොළඹ රීගල් ෆිල්ම් හෝල් එක ඉස්සරහින් ආපහු ස්ලේව් අයිලන්ඩ් එක පැත්තට යූ ටර්න් එකක් බයික් එකේ ගැහුවෙ මම වුනාට අපි හැරවෙන තතපර ගානට මම දැක්කා වයසක අච්චි කෙනෙක් එතන තියෙන බංකුවක වාඩි වෙලා අත් දෙක ඔඩොක්කුවෙන් තියාගෙන ඔළුව බිමට පාත් කරගෙන ඉන්නවා. කොලපාට හොදටම පරණ වුනු ගවුමෙ දකුණු අතේ උරහිස හරියෙන් ටිකක් ලොකු කොටසක් ඉරිලා තිබුනා.

මම දන්නේනෑ බයික් එකක් යු ටර්න් එක ගහන් තත්පර දෙකට මම එච්චර දේවල් කොහොම  දැක්කද කියලා, ඒත් ඒකනම් මනංකල්පිත දෙයක් නෙමේ කියලා මට හොදටතේරුනා.

ඔෆිස් එකට එන්න මහජන බැංකුවේ ප්‍රධාන ශාඛාව ලඟින් පහලට දාන ගමන් පිටිපස්සේ හිටපු අයියගෙන් මම නිකමට ඇහුවා ඒ අයියේ පවු නේද අර හිඟන මනුස්සයා අතන වාඩි වෙලා හිටපු.  ආච්චි කෙනෙක්..

කෝ කොහෙද බන්? මම දැක්කෙ නෑනෙ පිටිපස්සෙන් ඇවිල්ලත් උඹ කොහොමද කොතනද දැක්කේ?

බයික් එක හරවනකොට දැක්කේ අයියේ.

අහ් ! ඔව් බන් පවු ..ඇදිරි නීතීය නිසා සල්ලි කීයක්වත් හම්බෙන්නෙවත් නැතුව ඇති. මිනිස්සු නෑ නෙ වෙනද වගේ ස්ටෑන්ඩ් එකේ.

ඔෆිස් එක යටින් බයික් එක නවත්තල උඩට ඇවිට් පැමිනීම සලකුනු කරලා ..බෑග් එකෙන් බඩු ටික බාන්න ගත්තා මගේ මේසෙ උඩට.

ලැප් ටොප් එක, මවුස් එක, ලැප් චාර්ජර් එක එකෙන් එක අරගෙන් මේසෙ උඩ තියලා..ලැප් එක ඔන් වෙන දාලා කෑම මුල් ටිකත්  අරගෙන ලන්ච් රූම් එක පැත්තට චලනය වුනා.

කොරෝනා වලට පින් සිද්ධ වෙන්නන අපිත් දැන් කන්න කලින් හොදට අත් හෝදනව. අත හෝදන් කෑම එක කන්න හිතුවත් උගුර නිකන් හිර වෙනවා වගේ හිතත් එක්කම. අර මනුස්සයා කාලද දන්නේ නෑ ඉන්නේ.

දවස් කීයක් බඩගින්නේද දන්නේ නෑ. වෙනද වගේ කවුරුත් පාරෙ යන්නෙ එන්නේ නෑ නෙ! එච්චර වයසක කෙනෙක් කොහොමද බඩගින්නේ ඉන්නේ. බත් එක දිගාරින්නේ වත් නැතිව මම කෙලින්ම අයියා ලඟට ගිහින් ඇහුවේ  අයියාගේ උදේ කැම එක මටත් එක්ක ඇති වෙයිද කියලා. අයියා කිවා අපෝ ඔව් හොදටම ඇති අද තියෙන්නේ අලුත් කෑමක් කිරි රොටී කියලා. ඇයි උඹ කෑම එක දාගෙන නැද්ද?

නෑ ගෙනාවා.ඒක මම අර පාරෙ ඉන්න අච්චිට ගිහින් දෙනවා. මට කන්න බෑ වගේ ඒ මනුස්සයාව මතක් වෙනකොට.

හරි හරි ..ඒක හොදයි හිහින් දීලා වරෙන්..

එහෙම්ම මාස්ක් එක දාගෙන කෑම එක අරගෙන යන්න හදනකොට තමා මතක් වුනේ..කාල බොන්න ඒ මනුස්සයට වතුර තියෙනවද දන්නේ නෑ කියලා. ඔෆිස් එකේ කීප දෙනෙක් ගෙන්ම ඇහුවත් පරන ප්ලාස්ටික් බෝතලයක් කා ගාවත් නෑ කිව්ව නිසා කෑම එක විතරක් අරගෙන මම පහලට බැස්සා.

නිකමට වගේ සෙකියුරිටි අයියාගෙ ඇහුවත් එතනත් තිබුනේ කලින් උත්තරයම තමයි.

කොහොම හරි කෑම එකත් අරගෙන මම ගියා රීගල් එක ඉස්සරහ තියෙන බස් ස්ටෑන්ඩ් එක ගාවට. කලින් බේරේ වැව පැත්තට මූන දාගෙන වාඩු වෙලා හිටපු කෙනා දැන් පාර පැත්තට මූන දාගෙන වාඩි වෙලා ඉන්නවා.

මම ගිහින් කතා කලා..අම්මේ ..අම්ම්මමා කාලද ඉන්නේ?

පිළිතුරක් වෙනුවට මොනවද මිමිණුවත් මට තේරුනේ නෑ. කමක් නෑ කියලා හිතලා ඒ ආච්චිට මම කෑම එක දික් කලා ..ආ මේක කන්න අම්මා කියලා.

ඒක අත් දෙකෙන්ම ගන්න ගමන් කියපු වචන ටිකට මගේ ඇස්දෙක  ලාවට තෙත් වුනා. " ගොඩක් බඩගින්නේ හිටියෙ" .

මමත් නිරුත්තර වුනා තත්පර ගානකට. මම ඇහුවා අම්මා බොන්න වතුර තියෙනවද කියලා.

ඒ වයසක අම්මා ගාව පරණ පොඩි රෙදි බෑග් එකක් තිබුනා. ඒක අල්ලන ගමන් කිව්වා වතුර නැතුව ඇති කමක් නෑ ඕන නෑ කියලා.

මනුසයෙක් නොකා හිටියත් වතුර නොබී ඉන්න පුලුවන්ද කියන දැන් තමා මගේ ඔලුවේ වැඩ කරන්නේ. අම්මා කන්න මම වතුර එකක් ගෙනත් දෙන්නම් කියලා ආපස්සට හැරුනා. මගේ වීදුරු බෝතලේ හරි දෙන්න බැරියෑ කියලා. 

හරියටම ඒ හරියෙ ප්‍රයිවට් බස් දෙකක් නවත්ගෙන ඩ්‍රයිවර් අයියලා කොන්දොස්තර අයියලා සතුටු සාමිච්චියේ යෙදෙනවා. මම නිකමට කෙනෙක් ගෙන් ඇහුවා. අයියේ ප්ලාස්ටික් බෝතලයක් නැද්ද පරනැ එකක් වුනාට කමක් නෑ කියලා. මොකද මම අනන්තවත් දැකලා තියෙනවා බස් වල උඩ රැක් එකේ අනන්තවත් දාලා ගිය ප්ලාස්ටික් බෝතල් තියෙන හැටි.බ්‍රේක් ගහනකොට ලිස්සලා ඉස්සරහට යන හැටි. ඉතින් බස් එකක නැති වෙන්න බෑ නේ..

සරමක් ගහගෙන හිටපු ටිකක් මහත අයියා කෙනෙක් පොඩ්ඩක් ඉදින් මල්ලි කියලා බස් එක ඇතුලට ගිහින් ටිකක් පාවිච්චි කරපු බෝතලයක් ගෙනත් දුන්නා. අනේ තෑන්ක්ස් අයියේ! 

හරි හරි මල්ලි පරණ බෝතලේකට මොන ස්තූතීද කියලා කිව්වා.

මම ආයෙත් ඔෆිස් එක ගාවව ඇවිත් බෝතලේ හේදුවා ..ඊට පස්සෙ පොඩ්ඩක් ඇතුලෙන් මොනව හරි ගදක් සුවදක් එනවද බැලුවා. මොකද පෙට්ට්‍රල් හරි දාලා තිබුන එකක් නම් මගේ පින දෙපිටින් යනවා. වෙලාවට එහෙම නෑ. පහල ටැප් එකෙන් වතුර එකකුත් පුරෝගෙන විනාෆි දෙකෙන් මම ආපහු එතනට යන්කොට ඒ අම්මා බත් එක කාලා නැගිටලත් ඉවරයි. එච්චර බඩගින්නක ඉදලා තියෙන්නේ. මම වතුර බෝතලෙත් දුන්නම මම දැක්කා අතේ සමහර තැන්වල වගේම මස්ක් එකෙත් ටිඅක්ක් ඉදුල් ගෑවිලා කියලා.කලබලේට වෙන්න ඇති.

මම වතුරඑක දීලා එනගමන් හැරිලා බැලුවා. වතුර බෝතලෙන්හෝ ගලා වතුරබොනවා. හිතේ තිබුන බර කොහොම සැහැල්ලු වුනාද දන්නේ නෑ හෙනම සැහැල්ලුවෙන් ඒ ටික ආවේ.

එනකොට අර බස් ටික පහු වෙනකොටම අර අයියා ඉදලා ඇහුවා. මල්ලි මොකෝ බයික් එක නැවතිලාද, වැඩේහරිද කියලා.

නෑ නෑ අයියේ අර අතන ඉන්න වයසක ගෑනු කෙනාට කෑම එකක් දුන්නා .වතුර එක්ක දෙන්න විදියක් නැතුව තමා බෝතළේ  ඇහුවේ.කියලා .

අයියේ මල්ලි ඉතින්කිව්වනම් වතුර බෝතලයක්ම දෙනවනේ .

ඒකට අවුලක් නෑ අයියේ මම ඔෆිස් එකෙන් පුරවන් ආවා. ඔයාටත් ගොඩක් පිං සිද්ධ වෙනවා අයියේ.

ආපහු ඔෆිස් එකට එනකොට ඔලුවෙ තිබුනු දේවල් හිතේ තිබුනු බර මුකුත් නෑ.

අපි කෑම නාස්ති කරන විදිහට, අනවශ්‍ය දේවල් වලට සල්ලි වියදම් කරන විදිහට කෙනෙක් ගේ බඩගින්න නිවන්න ඒක වියදම් කරන්න තිබුන නම් කියලා හිතුනා.

ජීවිතේ පටන් ගන්න තැන ඉදලා නවතින තැනට වෙනකම් ඇත්තේ මේ වගේ ආවස්තික පිරි වැය ගණන් හදලා බලන මොහිතවල් තමා.



රජ වුනාම ආදරේ හොයන්න හදනවා.. ආදරේ තියෙනකම් රජ වෙන්න දඟලනවා. ලෝකය කැරකෙන්නේ නෑ අපි..වටේ කැරකි කැරකි හොයන්නේ එකම දේකියලා හිතෙනවා.

ටටා..👋 

කවියා.

 

Wednesday, November 4, 2020

ධාරිතාවය හා බැලුම්!

 හීන් තියෙන්නේ කොතනද මම එතන ඉන්නවා.

ශේන් තමුසෙට පිස්සු හැදීගෙන එනවද වොයිස් මේල් එවන්නේ සල්ලි කපාගෙන? 

නෑ අයියේ මේකෙ කිව්වා ඔබ එයාටෙල් ග්‍රාහකයෙක් නම් වොයිස් මේල් පනිවිඩයක් යැවීම සදහා තරු සලකුණත් සමඟ දුරකතන අංකය යොදන්න කියලා. මොනවා උනත් උත්සහා කරලා බලන්න එපැයි.

ඒක නෙමේ අයියේ කොහොමද උඹගෙ තත්වේ..

හොදයි බන්.. ඒත් මම හොදටම දන්න තැනක් තියෙනවා තත්වය භයානක වුන.. හයක් හිටපු හිටපු ඩිපාර්ට්මන්ට් එකක් මුලින්ම එකෙක් බැදලා අයින් වුනා, ඊට පස්සෙ ඉන්ටර්න් එක ක්ම්ප්ලීට් කරලා දෙන්නෙක් අයින් වුනා..හයේ වැඩ තුනකට බෙදුන. ආයෙත් අර බෝලෙ අයින් වුනා .. අවුලක් නැ ඉම්පෝර්ට් එක බාලසූරිය වගේම තව ඇසිස්ටන්ට් කෙනෙක් එග්ස්පෝර්ට් එක  බැලුව. හයක වැඩ දෙකට බෙදුන.

දැන් බාලසූරියත් අයින් වුනා! හයේ වැඩ දැන් ඇසිස්ටනුයි  උගේ මැනේජරුයි තමයි  බලන්නේ.

ඉතින් අයියේ එහෙම පුලුවන්ද ?

අවුල්ක් නෑ අපේ ටොප් මැනේජ්මන්ට් එක කියන විදියට වැඩ අඩු වෙලා නිසා කරන්න පුළුවන්ලු.

ඇත්තටම වැඩ අඩු වෙලාද අයියේ?

ඔව් හැබැයි කලින් වැඩ සීයක් තිබ්බනම් දැන් අසූවකට විතර අඩු වෙලා!

එතකොට අයියේ වැඩ සීයට අසුවක් වෙනක්න් අඩු වෙනකොට සේවකයො සීයට දෙකකින් පවත්වා ගන්න පුලුවන් කියන සූත්‍රය කොහෙන්ද බිස්නස් වර්ල්ඩ් එක්ට ආවේ?




අහ්..ඒවා එහෙම තමයි පුතා! ඔයාට බලාගන්න පුලුවන් ගිණුම් කරන ප්‍රමිති වලවත් නැති ප්‍රමිති හදුන්වා දෙන ස්තාන වුනත්.  

හොදයි නේ අයියේ!

උඹ දන්නවද සමහර ගොන් මිනිස්සු හිතනවා සමහර තැන් වල ඉන්න..ආයතනයට ප්‍රොෆිට් එක හංගන්න උදව් කරන එක තරම් දෙයක් තව නෑ කියලා.

එත්කොට උන් දන්නේ නැද්ද අයියේ කම්පැනියේ ලාභය මත උන්ගෙ පඩි වැඩි වෙන්නේ කියලා?

නෑ බන්! කොමත් හොරට ඉන්වොයිස් පහ හයක් ගහලා  යුරෝ පන්සීය හයසීය පර්සනල් එකවුන්ට් වලට ඇදලා දෙදාහක් යන ට්‍රාන්ස්පොර්ට් වලට පන්දහක් කියලා එකවුන්ට්ස් දැම්මාම කම්පැනියෙ ලාභය වැඩි වෙන්නේ බාටා සෙරෙප්පු වල වගේ තමා!

ඒ කියන්නේ!.

හ හ්...ඒ කියන්නේ රුපියක් එකසිය අනූවයි සත හතලිස් නවයයි .. වගේ ගානක්!

ටොප් මැනේජ්මන්ට් එක බෝතල් බන්..එයාලට ධාරිතාවක් තියෙනවා! කරන්න පුලුවන්! 

එතකොට උඹලා අයියේ?

අපිද? 😂🙏 අපි බැලුම් ! පුපුරනකන් පුම්බනවා.. ඉදල හිටලා හුලන් යවනවා..ආයෙත් පුම්බනවා! ලස්සනට ඉස්සරහම තියෙනවා..උඩට උස්සනවා..කවදා හරි පුපුරලා යනකම් අපි දන්නෙත් නෑ..

මේක අමුතුම සිස්ටම් එකක්!

ටටා!

.කවී.

Sunday, November 1, 2020

උදේ කෑම..පොල් කොට මේසය හා නොපැමිණීම

උදේ එකොලහට විතර ආදරේ ගැන සාකච්ඡා කරනවට වඩා මට හිතෙන්නේ කෙනෙක්ගේ ජීව්තය ව්‍යාකූල කරන්න තිබුන නම් හොදයි නේද කියලා.

නෑ එහෙමමත් නෙමෙයි මිනිස්සු කැම්ති නෑ දුප්පත් තැන්වලට එබිකම් කරන්න. 

කෙනෙක් නිවසට පැමිණෙන්නද අසන විට කියන්න තිබෙන්නේ මා සතුව ඇත්තේ සුවිසල් නිවහනක් නොවන බවත් එය ගරා වැටුනු පැරනි නිවසක්ම පමණක්ම බවය. කැමති නම් එන්න යන අදහසක් ඇතිව.

ඒත් පැම්නෙන්නට අසන්නාගේ කෝණයෙන් එය වහෙන් ඔරෝ නොපැමිනෙන ලෙස කීමකි.



ඔයාලගේ ගෙදර එන්නද උදේ කෑමට.

අවුලක් නෑ..හැබැයි මේසෙ ඉඩ මදි..චුටී ..පොල් කොට දෙකක් උඩ පරන ලෑල්ලක් ගහල තමා මේසේ හදල තියෙන්නේ.. අනික අපේ ගෙදර ගරා වැටුනු පොඩි ගෙයක්.. අවුලක් නැද්ද..

හරි හරි එනවට කැම්ති නෑ කිව්වනම් ඉවරනේ! ඒ ඔවුනේ පිළිතුරයි.

විනාඩි දෙකහමාරට කල්පනා කලේ කල වෙනස්කමයි.

හිත අපිට හොරාම දුප්පත් නිවසට යාම වලකාලයි! එක මොහොතකටවත් පවසන්නා නොපැමිනෙන ලෙස ප්‍රකාශ නොකරයි. එසේ නම් ඇයි පිලිතුර එසේ වන්නේ.

අපට නොදැනීම දිලිදු කම අපේ හිත් වලින් පහලට ඇද දැමීමක් නොවේද.


.කවී.



Saturday, October 31, 2020

Blood carbon ! Sentimental person .

Blood Of the pen!

It is Carbon..

Splattered All over the paper 

As round letters...

Tel me now..

Stabbed some one..?

No ..just kill some one!

But who?

The sentimental person 

He ! Who lived deep inside of me!



.Kavi.




Tuesday, October 27, 2020

Eighty Bun kiosk

 We are here for something !

Kavi Bro! Could you please give me a ring whenever you came back from office? 

Ok Raki i'll but im gonna get late today! Is is o macho?

Another beeb tone.. All ok bro! Just let me know once you back!

Total disaster !  I know that. He may be having some troubles recently that's why he asked me to ring him. Assume this night he is going to bend and confuse my mind with his strange questions.

I packed  my bag at about 8.25pm and started my bike. No fancy or sport bike. Just Honda twister with capacity of 110Cc engine which is crying  and  rumbling when she saw a mountain . It's go like a wheel chair making aound like mopped bike.

Any how when i reached slave island that heavy starving making gru gru sound inside my sstomach. Applied sudden brake and set signals to left and here i am feont of the famous eighty rupees  bun kiosk ! 

No time to waste ! Bro! Give me two chchicken buns! 

Ah ok boss. We have beed bun too boss. Wanna tase that?

Ok then, give me one from each!

This kiosk open after 6pm and all items prepared by a malay/Muslim man who is in hs middle forties 

 This is the place  that you can get buns for affordable price. Same bun or burer will three time cost if you gonna buy it from some fancy shop.

However i couldn't stopped by two so i


had to go fir another chiken bun making my count to three!

Suddenly phone started to ring ! Indila ..Dinare dancce!

It is raki.. cancelled the call and send a measage telling that im still at office ad call you back. 

Dude you are a master mind! But im at oppsite side from eighty bun kiosk !

Wait what  straightened my head and looked left and right.. ok there he is few meters away frim me! And eating somosa! 

Ok this is the time! To go the beach side and take some isso wade and have some little chat!

For today this is enough ! This is gonn be a freaking story

im pretty mych sure abouy thay... i'll write after having the chat ... untill then Bye!

Kavi.


Sunday, October 25, 2020

චුටි බබා පත්තරේ , මිනිස් හැඟීම් හා තීරු ලිපිය හා මුකුත් නැත

 ශේන් ගෙන් සැරින් සැරේට ආපු වට්සැප් මැසේජ් එකතු කරලා තව වචන් ටිකක එහෙ මෙහෙ කලා නම්  චුටි බබා පත්තරේ මිනිසුන්ගේ ගැඟීම් ගැන තීරු ලිපියක් ලියා පල කල හැකි බව පාහත එකතුවෙන් තේරුම් ගන්න පුලුවන්.. මේ ශේන් ගෙන් සැරින් සැරේට වැටෙන එන ස්ටේටස් හා මැසේජ්  වල එකතුවක්..

                                                                 අගය කරන්නට අකමැති තැන මිනිස්සු ගරහන්න පූළුවන්. තමන්ට ලබා ගත නොහැකි දේවල් සහ තීයෙන හැඟීමක් විවෘතව කතා නොකර හන්ගන් ඉන්න සහ වෙනත් මිනිසුන් සමඟ අදාලා පුද්ගලයා සිටින තැන්වල කියමින් ලබන මානසික වින්දනය කුමක්දැයි මට සිතා ගත නොහැක.

දවස් තුන හතර එකම යට ඇදුම හෝදන්නේවත් නැතුව අදින පුදගලයෙකු අනිත් මිනිසුන්ද එසේ අදිනා බව සිතීම එක් අතකට සාදාරණ විය හැක. 

                                                  විහිලුවෙන් කෙනෙක් අපහසු තාවයට පත් කරමින්, සතුටු වෙන සහ. කෙන්ව්ක් අපහසු තාවය පත් වනවා නම් ඒ දෙය දිගින් දිගටම කරමින් තමා මහා වීරයෙක් යැයි සිතනා ගොබ්බයන් ඉන්න තැනක ජීවතය ගෙවීම අවුලකි.


ඉරිසියාවක් ඇති කරගෙන අපහසු තාවයට පත් කරනවාට වඩා ආදරයක් දැනුනු මොහොතේ ආදරය බව ප්‍රකාශ කිරීම හොද බව තේරුම් ගන්නේ නම් වඩා හොද බව මේ සත්වයන්ට තේරුම් කල නොහැක.

මෙතන සමහර විට පවතින්නේ ආදරයට වඩා රාගය බව මගේ මතයයි. දුටු පමනින් අවශය වන්නේ සිහින දකින්නේ පහත් විහිලුවක් කල විට ඒවාට ආකර්ශනය වී හැඟීම් ඇවිස්සි තමන් සමඟ යහන්ගත වෙන ලෙස ආරාධනා කරයියැයි බලාපොරොත්තු වීමකි. ආදරය ගැවී නොමැත.

හොදම දෙය නම්!  කලින් කී පරිදි ආදර දැනුනු තැන ආදරය දැනුනු බව් පැවසීමයි. කෙනෙක් වඩා තව කෙනෙක් ගැන ආදරය  දැනුනු බව පැවසීමයි. සිප ගැනීමට සිතෙනවා නම් ඒ බව පැවසීමයි.   දෙතොල් වේවා නලල  වේවා සරාගී බවක් හැඟුනා නම්  එය එලෙසින් ප්‍රකාශ කිරීමයි. නොමැතිනම් දෙනෝ දාහක් ජනතාව ඉදිරියේ අපහසු තාවයට පත් නොකිරීමට වග බලා ගැනීමයි.ආදර , රාගය පෞද්ගලික වන තරමට සුන්දර සහඉ න් එහාට හැඟීම් බෙදා ගැනීම උන්ට බාර කර අපි නිහඩව සිටියානම් අපිටද සැහැල්ලුවක් දැනෙන බව මතයයි.



ටටා!

කවී.

Friday, October 23, 2020

කුක්කා ,ඔමී සහ වත්ත කෙලවර කබරයා කන්ටැක් කර ගැනීම

උපන්දින තෑගිවලට ඉස්සෝ ඉල්ලන එවුන් දැකලා තියෙනවද? එහෙම දුර්ලභ ගණයට අයත් වෙන එකෙක් ඉන්නවා අපි එක්ක. ගිය සෙනසුරාදා උපන්දිනේ සමපරපු කුක්කා මල්ලී ඒ වගේ එකෙක්.

උපන්දිනේට මොනවාද ඕන කියලා අහපු ගමන්..අනේ බන් කේක් එපා ඒ සල්ලිවලින් ඉස්සෝ අරන් දීපන් කියන්න තරම් උගේ හිත හයියයි.

කොහොම හරි රැම්බොයි මායි පොඩි ශෙයාර් එකක් දාලා රැම්බගේ අති උත්තරීතර පියාණන් වහන්සේව මාලු මාකට් එකට කඩේ යවල ඉස්සොත් ගෙන්නගෙන ඒ ටික කුක්කාලාගේ ගෙදරට එදා උදේම යවලා තිබුනේ කුක්කා මල්ලිගේ අම්මට කියලා ඩෙවල් දා ගන්න.

කුක්කාගේ පවුල් අවුඩි, බී එම් ඩබ්ලිව් නැති වුනාට හෙනම සතුට පිරුණු තැනක්! අම්මා තාත්තා දෙමව් පියන්ට වඩා යාලුවෝ වගේ!  උන්ගේ ගෙදර ඉරිසියා කරන්න දෙයක් තියෙනවා නම්.. ඒ උන්ගේ බැදීමට විතරයි! 



කොහොම හරි විස්කි බෝතල් දෙකාමාරක් හතර දෙනෙක් ඉවර කරනකොට මදිවෙන භාග හොයන්න නාඉන්න හන්දියේ මායි කුක්කයි රෑ එකොලහට කරක් ගහනවා ..රයිස් හොයාගෙන ජපුරෙ කැම්පස් එක පැත්තෙ චයිනිස් ඩ්‍රැගන් එකට යනවා.

පොලිස් මාමලා අපි දිහා බලන්නේ හෙන ආදරෙන් ! පරිස්සමෙන් ගීහින් අයෙත් මෙතනින්ම වරෙන් දෙන්න ටොපිය වගේ දෙයක්.


භාවිතා කරපු බ්‍රෑන්ඩ් එක කොච්චර සුපිරිද කියනවා නම්..කුක්කා මලි රයිස් එක දාගෙන ඇවිත් බායික් එකේ වඩි වෙලා කිලෝ මීටරයක් විතර ගිහින් තමා මට කිව්වේ අයියේ හරෝපන්! හෙල්මට් එක කඩේ කියලා!

ශෙහාන් මල්ලිට වෙරි නැති උනාට. කකුලුවො ඇවිදින විදිය ඒ වෙලාවේ අද්‍යනය කරන බව පෙනුනා! කොන්ද ගාවින් අංශක අනූවට පිටි පස්සට නවාගෙන පැත්තට යන එක ගැන මට ගැටලුවක් තිබුනෙම නැ..

රැම්බොගේ වයිෆයි ඊඊඊයංකා නංගි හදලා දුන්න කේක් එක කාපු හැමෝම කිව්වේ රසයි කියලා! කුක්කාගේ තාත්තා තරහට වගේ කේක් කපලා තිබුනා වැඩි ආදරේට..කිරිබත් කෑලි වගේ 😁. ශෙහාන් මල්ලිට තඩි අයිසින් තට්ටුවක් ලැබුනත් ඌඋ වචනයක් නොකියා ඒක උලා කෑවේ කුක්කාට විනාඩියෙන් විනාඩියට හැපි බර්ත් ඩේ කියන ගමන් සහ.. ඌ ප්‍රතිපත්ති ගරුක මිනිහෙක් බව කියමින්!



ගිස් ශාලින්ද ඉන්න පොඩිම එකා! ඌ ඇල්කොහොහොල් ප්‍රතික්ශේප කලේ පිංකි නංගිගෙන් අනිත් දවසේ ලැබෙන්න තිබ්බ උම්මා එක කැන්සල් කර ගන්න බෑ කියමින්! අසරණ වෙලා ස්ප්‍රයිට් බොන කොල්ලෙක් 🤐

මේ සේරම අතරතුර ඔමී අපිට හොරෙන් කුක්කාලගෙ මිදුලෙ කොනකට ගිහින් එතන ඉන්න කබරායාව කන්ටැක් කරගෙන් ඌත් එක්ක චැට් එකක් දාන් ඉදලා තිබුනු බවට සලකුණු තියෙන බවට සාක්ශි අනිත් දවසේ උදේ දුටු බව කුක්කා මල්ලි අපිට දැනුම් දුන්නා.

ඔමී අලුත් උපන් දරුවෙක් වගේ හිනාවක් දාලා ලැජ්ජාවෙන් පිලි ගත්තා..කුක්කා හදලා දුන්න දෙහි එකේ සුවදට වත්ත කෙලවරටම කබරයා ආවා කියල. එහෙම් ආපු සතාව කවුරුත් ගන්න් ගත්තෙ නැති නිසා ඔමී තනියම ගිහින් කබරයා කන්ටැක් කරගෙන ඌ තලගොයෙක්ද කියලා හොයල බැලුවා කියලා.

ඔමී ගේ යෝජනාවකට අපිඅත් අල්ලන් කරපු ප්‍රාර්ථනවන් සඵල වෙලා තිබුනේ එවෙලාවෙමයි!

අනේ දෙවියනේ හොදට වදින්න ඕන මේ බ්‍රෑන්ඩ් එක!

කොහොම හරි ගෙවල් පාර ගාවට ඔමීගේ වැගන් ආර් එක අරන් ආවේ මම..ඌ නිතරම කිව්වේ ඒක වැගන් ආර් එකක් මිසක් ජී ටී ආර් එකක් නොවෙන බවත් ..වැගන් ආර් පාගන තරමට එවෝ වගේ පිකප් නොවෙන බවයි!


මම ගෙදරට පනිනකොට පාන්දර තුනයි! 

කුක්කාගෙන් මැසේක් එකක්! ගෲප් එකට!

උඹලා හැමෝටම ආදරෙයි යකෝ පැලෙන්න! පරිස්මෙන්  ගෙදර ආවනේ?

එල.. සුභ උපන් දිනයක් කුක්කා මල්ලී..අරුන්ට හොරෙන් පැටිස් හට්ගරක් අපි දෙන්නා කෑවා කියලා කියන්න එපා..ඒක මගෙන් පොඩි තෑග්ගක්!

කුක්කාගේ මල්ලී ඇද වෙලා ඉන්න එක තාමත් අභි රහසක්! 🙏😂😂😂 

ඒක පස්සේ බලමු..

ටටා..

කවියා ...

 


Thursday, October 22, 2020

කවරයේ කතාව මැද පිටුවේ


 අවස්ථාව අනූව වෙනස් වීම සහ හැඩ ගැසීම අතර පවතින්නේ මොනවගේ වෙනස් කමක්ද කියලා හොයා ගන්න එක මට උඹට වගේම පැටලැවිලි සහගතයි.

සමහර විට උඹ උඹගෙ හැඟීම් හංගල මූනෙ හිනාවක් දාගෙන ජීවිතේ ගෙවන එක වැරැද්දක් විදියට දකින්න පුලුවන් ! 

ඒත් හිතට එන හැඟිම් එහෙම් පිටින්ම ප්‍රකාශ කරන මිනිස්සු බුරුතු පිටින් අංගොඩ නවතින එකත් සාමාන්‍ය වෙන්න පුළුවන්.


ව්හ්ව්ම බැලුවවම ජීවිතේ කියන පොතට හිනාව කියන යකඩ කවරය දා ගන්නම ඕන.

ඒත් උඹ එහෙම කලා කියලා වැඩක් නෑ.. මම දන්නවා කවරයේ කතාව මැද පිටුවක කොහේ හරි ලියැවිලා තියෙනවා කියලා!

උදේ පාන්දර මිනිස්සුන්ගේ මූනවල් බලනවා වගේ ව්ට්සැප් ප්‍රොෆයිල් පික්චර්ස් වල! ස්ටේට්ස් ඔහේ ස්ලයිඩ් කරගෙන ගිහින් වෙන වෙනම ප්‍රොෆයිල් පික්චර් එක ඕපන් කරලා බලනවා. ස්ටේටස් මොනවා දැම්මත් එකේ ඉන්නේ හිනා වෙලා. 

හුඟක්ම හිතේ ඉන්න අයට හිනාව දකින්න ආස අයට මැසේජ් එකක් දානවා ඒක එහෙම්ම තියන්න කියලා!

ඒක මට මතක් කරවා මැද පිටු පෙරලනකොට කවරය ගැන!

ශේන් අද ඉදන් භාවනා අසපුවකට යනවා.. සංවර වෙන්න..මනා හික්මීමක් ඇති කරගන්න!

මම උපදෙස් දුන්නා ඌට පුලුවන් නම් කොරියානු ටෙලි කතා මාලා කීපයක් අරගෙන යන්න පුලුවන් නම් හොදයි කියලා.

ඌ කිව්වේ එක දෙයයි.. ස්තූති  ඒ ආදරේට

ජායා රූපය අදුරගන්න උත්සහ කරන්න එපා! ඒ රැම්බෝ! පැයට කිලෝ මීටර හැටක වේගයෙන් ජීවිතේ ගෙවාගෙන යන ගමන්!

ටටා!

කවියා.


Tuesday, October 20, 2020

සිතුව්ලි, භූමීදානය සහ අදාහනය !

උදේ පාන්දර නැගිටගෙන වාහනේ හයි වේ එකට දාගෙන පැය දෙකාමාරට හම්බන්තිට ගිහින්. උදේ අටේ ඉදන් හවස හතර වෙනකන් රජයේ සේවය සපයන ස්තානයක් ඉදිරියේ බලන් ඉදලම එපා වෙලා තිබුනු මොහොතක සුපුරුදු දුරකථන ඇමැතුමක්!

හෙලෝ කවී අයියේ සේව් කර ගනින් මේක මගේ අනිත් නම්බර් එක!

අහ් ශේන් මොකෝ අවුල?

නෑ බන් අයියේ උඹ ෆොටෝ එකක් ස්ටේටස් දාලා තිබුනනේ හම්බන්තොට කියලා ඒකයි බැලුවේ 

අහ් උඹ ඒකටමද කතා කලේ!

නෑ! ඇත්තටම මට තියෙනවා පරමාණුක අනු වල ජෛව  විවිධත්වය ගැන දීර්ග ලෙස උඹ එක්ක කතා කරන්න.ඊට අමතරව ඩෙකල්මේසියාවට සුදුසු ප්‍රතිකාර ගැන සාකච්ඡා කරන්න වගේම පාංශු කාදනය සහ දිය සීරාව අතර තියෙන සහ සංයුජ සමබන්ධතාව ගැන පැහැදිලි කිරීමක් ලබා ගන්න. උඹට පුලුවන්ද අයියේ??

හරි එක පාරකට එක ගානේ ප්‍රශ්න යොමු කරන්න!

පලවෙනි දේ කවී අයීයේ! තට්ටු හතරෙන් කුක්කා වගේම මාත් එලියට යනවා . 

එතකොට උඹේ අර නොහිමි කියලා තේරුම් අරන් ආදරේ කරපු ආදරේ?

ඒවා නොහිමි නේ අයියේ! 

ඉරිදා රිවිශන් ක්ලාස් එකේ අස්සේ රෑ තිබුන, මම විනාෆි තුනකට ඒ කෙල්ලව තුරුල් කරන් හිටියා පරණ ටියුට් රූම් එකේ. මට ඒකිව අල්ලලා මිරිකලා පොඩි කරන්න තරම් හිතුනා. ඒ ටික වෙලාවට. ඊට පස්සෙ බයික් පාර්ක් කරන තැනට වෙලා මගේඑ දිහාවට කකුල දික් කරන් හිටියා! මටත ඉවසීම අඩුයි නේ බ්‍රෝ! මම ඒ කෙල්ලගේ කකුල අල්ලන්න ගත්තා. පට්ට සිනිදුයි අයියේ ! වෙල්වට් සබන්ඩ්ද්  දන්නේ නෑ ගාන්නේ! 

ඕයි ශේන් මල්ලී! තමුසෙ අර දෙනෝදහක් ටියුශන් මුදාලාලිලා යන එන පාරෙ ඉදගෙනද කකුල අත ගෑවේ?

නිකම්ද බොට අසහනේ කියන්නේ!

නෑ නෑ කෙල්ල ඒක කරදරයක් කියලා කිව්වේ නෑ. කවුරු හරි එනකොට කකුල පාතට ඩානවා වීතරයි.

ඒ වගේම අයියේ මම කිව්වා  අර ලඟට වෙලා හිටපු විනාඩි ගානට මට ඔයාව ඉඹින්න හිතුනා කියලා!

තෝ! ශෙන් ! ගුටි නොකා බේරුනාද!

මම කිව්වේ කවි අයියේ අපි දෙන්නම තේරුම් අරනනේ  ආදරේ කලේ! අපේ හැඟිම් අපි හැන්ගුවෙ නෑ!

කොහොම හරි අද පන්දර ඒ කෙල්ල මැසේජ් එකක් දාලා තිබූනා. අයියේ ඔයාට බදින්න කෙනෙක් හිටියේ නැත්නම් මටත් බදින්න කෙනෙක් හිටියේ නැත්නම් ඔයාට ආදරේ කරන එක මහ දෙයක් නෙමේ මට ..ඒත් සමාවෙන්න කියලා!

සමාවෙන්න කියනේ මාත් එක්ක කතා කරපු ඒවට අයියේ ..ඒ  කෙල්ලම කිව්වා හිත හදාගෙන අමතක කරලා දාන්න. ආයෙ පාරෙ දැක්කොත්  වචනයක් දෙකක් කතා කරන්නම් කියලා. මොකද එයාට මව දැක දැක නොදැක්කා වගේ යන්න බෑ කියලා!

කවී අයියේ උඹ හරි. අන්තිමේ ඉතුරුවෙන්නේ වේදනාවක්. 

ඒක හරි ශේන් මල්ලී.ඒත් මතක තියා ගනින් ඔය අසම්මත හැඟිම් පණපිටින් වලදැම්මාම කාලයක් ගිහින් මිනිස්සු ඒවා ගොඩ ගන්නවා! සත්තු හාරනවා! තේරුනාද ඕවා භුමිදාන නොකර අදාහනය කරපන්!

ඒ වගේම මතක තියා ගනින් ! අපේම එවුන්.. අපි ආදරෙයි කියලා හිතන එවුන් ගමන්ක් යනවා කිව්වම ගානක් නැතුව හා කියන එවුන් ඉන්නවා වගේම. සමහර ජීවිත තියෙනවා කොච්චර ප්‍රශ්න තිබුනත් ජීවිතේ! පරිස්සමෙන්  ගිහින් ඒන්න කියන! සමහර විට ඒ වගෙ වචනයක් ඇති මිනිස්සුන්ට දවස හොද වෙන්න.

ශේන් හිතපන්! මම යනව ලෝයර් ගාවට ඔප්පුවේ අත්සන් ටික ගහන්න ඕන!

බායි!.

හරි කවී බොස්.ආයුබෝවන්!.තියපන් ඕක රෙද්ද! මම ඇවිත් වගකීමක් සහිත පුදගලයෙක් මටත් වැඩ් තීනවා උඹට වගේ කයිය ගහන්න වෙලා නෑ..

යකෝ මූ බලපන්කෝ..එල එල ටටා!


කවියා.



Wednesday, October 14, 2020

ගොසිප් ලන්කා කුඹුර ගොයම් හා නියර..ගොන්නු 🙏

සමහර අවස්තා තියෙනවා ජීවිතේ හරි පුදුම වෙන! ශේන් මල්ලිගෙන එදිනෙදා කතාවක් අහ ගන්නවා වගේ. 

කෝල් එකක් ගහන්න ඕන ශේන්ට!

අහ් කෝලර් ටියුන් එකක් දාලා... " හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා "..

හෙලෝ කවී අයියා! ඔබේ සැප දුක කෙසේද! මොනයම් අවස්තාවකදී මම ඔබව අමතා ප්‍රශ්න යොමුකර තියෙනවා වුනත් මෙය පුදුමයක් නොවේද? නුඹම මට ඇමතීම.

ඕයි ශේන් බම්බුවක් කතා කරන්න එපා මේ වෙලාවෙ.

මිනිස්සු හරිම විශමයි ඔයි.ටොප් මැනේජ්මන්ට් එකේ ඉදන් කොල අරගෙන යන පියන් දක්වාම.

පියන් එක්සෙකටිව් වගේ හැසිරෙනකොට එක්සෙකටිව් පියන් ගේ ජොබ් එක් කරනවා.

වැඩක් හරියට නොකරන එකාට කම්මැලි එකාට වැඩ බාර දෙන්නේ නෑ. ඇහුවම කියනවා අපෝ උට දීලා බෑ ඌ  හරියට ඒ වැඩේ කරන්නේ නෑ කියලා.

උන් පඩියත් අරගෙන පහ මාරට ඕෆ් වෙලා යනකොට!වැඩ කරන එකා මැරීගෙන උගෙ වැඩත්කරනවා. මොකද ටොප් මැනේජ්මන්ට් එක වුනත් මරව මරව වැෆ ගන්නේ වැඩ කරන එකාව.

අනිත් එවුන් ඇවිත් දවසේ ගොසිප් ටික බලලා පත්තරේ කියවලා , පුලුවන් නම් ෆොඉන් එකෙන් ෆිල්ම් එකකුත් බලලා. අරූ වැඩ් ටික ඉවර කරල දුන්නම ෆයිල් එක පිටින් අරන් හිහින් ටොප් මැනේජ්මන්ට් එකට මහ මොරිස් මයිනර් හිනාවක් දාලා ලකුනු ටික දා ගන්නවා.

කෑම පැය පැයක්ම කනමිනිස්සු අතර කෑම එක විනාඩි දෙකට බාගෙට කාලා වැඩ කරන මිනිස්සු නැතුව නොවේ . 

හැබැයි ටොප් මැනේජ්මන්ට් එක පේන්න ඉන්න තැනවලින් හෙමින් නම් ඇවිදගෙන යන්නේ නෑ.! හරිම කඩිසරයි.



විනාඩියට දෙකට ලේට් වෙලා ශොඉට්ලිව් දා ගන්න මිනිසු අතර බැනුම් අහගන්න අය අතර පත්තිනි වරම් ලැබූ අයද , කතකරගම දෙවියන්ගේ බැල්ම වැටුනු අයද කීප දෙනෙක් නැතුවම නෙම්. 

ලේට් ටයිම් එක අදාලපුදගලයන්ගේ විතරක් මැජික් වලින් වගේ නොපෙනී යන්නේ.!

ඒකට සින්හලෙන් කියනවා නියරත් ගොයම් කනවා කියලා !

නියර ගොයම් කනවා නම් එන්න අපි ගොසිප් බලමු දැනුම පුලුල් කර ගමු!

සීනි බෝල හෝටල් මානසිකයො!



ටටා...

👋 

කවියා



ටටා!




Saturday, October 10, 2020

ආදරය , හේතුවක් නුවර එලිය සහ නුවර ටවුම

බ්‍රහස්පතින්දා රෑ එන මැසේජ් එකට සිකුරාදා රෑ රිප්ලයි කරන එක කොච්චර හොද පුරුද්දක්ද කියන එකම තේරුම් ගන්න ටිකක් කල් ගියා.

ඒක හරිම මාඤ්ඤමිකයි!

ජීවිතේ සමහර තැන්වලදි සමහර තැන් වලට සමහර දේවල් වලට භායානකම දේ නම් සමහර මිනිස්සුන්ට හේතුවක් නැතුව ආස වෙනවා ආදරය කරනවා.

ශේන් ගේ නෝට් බුක් එක වගේ! ගැලපීම්ක් නැතුව ඔහේ  ලියලා පිලිවෙලක් කරල හදල දීපන් කියලා මට දුන්න.

පලවෙනි පිටුව මේ විදිහට ආපහු හැදුව මල්ලී ආ කියෝපන්...

=================================

මිනිස්සු නුවර එළියට ආදරේකරන්න හේතුවක් තියෙනවා. ඒත් නුවර ටවුමට ආදරේ කරන්නේ ඇයි?

සමහර වෙලාවට තමන්ගේ නොවෙන නිසා! එහෙමත් නැත්නම් තමන්ට තව දුරටත් අයිතියක් කියන්න බැරි නිසා. වෙන්න ඇති.

මිනිස්සු හැම වෙලාවෙම යන්න ඕන ඉස්සරහට මිසක් පිටිපස්සට නෙමේ . නමුත් අඩි පහක පිම්මක් පනින්න අඩි දෙකක් පස්සට යන එකේ කිසිම වැරැද්දක් නෑ!

අයිතියක් නැති දේවල් වලට ආදරෙයි කියලා පිලිගන්න තරම් මිනිස්සු දියුනුවෙලා නෑ. නැත්නම් පිලි ගන්නේ නෑ. බැදීමක් ඇතිකරගෙන මිනිස්සු අත් හැරීම් ගැන උපදෙස් දෙනවා! 

දැන් .... හැමෝටම වඩා උඹ ලස්සනයි! ඒක පිලි ගනින්!

ඒ හින්දා උඹට ආදරෙයිද මම? නැත්නම් අනුකම්පාවක්? තාව කාලික ආදරයක්!! ඔව් මේ සේරමත් එක්ක උබේ තියෙන ගතිගුණ හරිම අමුතුයි! මෝඩයි ! හැබැයි උඹේ ඇඟිලි වල ඉදන් දාන සෙරෙප්පු දෙක වෙනකම් මම නෝට් කරගෙන් උඹට ආදරේ කරන්න අරන් ඉවරයි. හැබැයි ඒ ඒකපාර්ශ්විකව. උඹට කියන්න බැරි කම නෙමෙයි, මේකෙන් වෙන්නේ තුවාලයක් හොදටම හොද කරලා වෙන තැනකින් ඒ වගේම තුවලායක් කරන එක.

ඇයි මේ? මට පේනවා ඊර්ශ්‍යාව කියන අමුතුම පාට හෙමි හෙමින් හිත ඇතුලෙ පිරෙන හැටි.

එහෙම නොවෙන මිනිස්සු අතලොස්සක් ජීවත් වෙන්න නවා!.



උන් එක්ක බැලුවම අපි දූවිලි කෑලි විතරයි//

ජිවිතේ කොතනක හරි තැනකදි උඹට හිතුනොත් කවුරුවත් උඹට ආදරේ නෑ කියලා ඒක වැරදීමක් !

මම උඹට ආදරෙයි!

=================


=====================================

ශේන් වරෙන් යමන් ෆුල් චීස් කොත්තුවක් එක්ක බියර් එකක් ගහන ගමන් ඕක ගැන කතා කරන්න.

සති දෙකකට කලින් අර ගොන් නෑම්බිට ගත්ත ඩන්හිල් දෙකෙන් එකකුත් ඉතුරුයි! අන්න අර සන් ග්ලාස් කේස් එකේ ඇති, මම බිව්වේ නැති වුනත් උඹලා වෙනුවෙන් තියන් ඉන්න ලයිටරේ ඇති බෑක් එකේ දෙවෙනි පොකට් එකේ.

යමන් !

👋 

කවියා.


Tuesday, October 6, 2020

පෙඟුන පපඩම් හා නිර්ලෝභී මිනිසුන්

ඉන්ඩිලා - ඩිනලේ ඩන්සේ රින්ග් ටෝන් එක ප්ලේ වෙන කොට උදේ පාන්දර ඇස් ඇරියේ සභ්‍යත්වය හිතේ පතුලෙ හිර කරන් නවතම කුනුහරප පදමාලාවක් භාශාවට එකතු කරනා ගමන්මයි.

ශේන්! අස්ලාම් මලෙයෙක්කුම් ශේන් තම්බි ! මලෙයෙක්කුම් සලාම් කවී නානා!

ඊට පසු ගතවු විනාඩිය තුල මෙරට භාශාව තුල තාම නූපන් වචන තොගයක් ඒකිනෙක අතර හුවමාරු කර ගනිමින් අපේ උදෑසන සුභ පැතීම් කරන්නට ගතිමි.

විටෙක ඌ දේශප්‍රේමියෙකි, විටෙක ජාති වාදියෙකි. තවත් විටක සර්ව ආගම් ප්‍රේමියෙකි, ආගම් අතර සංහිදියාව වර්දනය කරන සමිතියේ මුල්  පුටු දරන්නෙකි. කැස්වටුවෙකි, ඉදිබුවෙකි, එල බුවෙකි, හැකරැලි බි*ජෙකි. මෙවන් වූ සංවර භාශාවක් හැසිරිවීමේ ලා අපි දෙදානම ඉමහත් දක්ශයන් බව අවසානයේ එකිනෙකාට පවසා ගැනීම නිර්ලෝභී මිනිසුන් දෙදෙනෙකි.


මේ ශේන් මොකෝ මේ ටිකේ සද්දයක් බද්දයක් නැත්තේ. මොකෝ පන්තියෙ කෙල්ල ප්‍රෙග්නට් වෙලාද?

මගුලක් කතා කරන්න එපා කවී අයියේ, ජීවිතේ හැමදේම හෙනම අමුතුයි.

හපොයි! මොකෝ සීන් එක! අර ප්‍රේමයද?

ඔව් නේ කවී අයියේ!

හරි ශේන් කියන්නකෝ බලන්න.

නෑ මේකයි මචං අයියේ මේ ලඟකදි පොඩි බහින් බස් වීමක් වෙලා ටිකක් සැර වචන දෙක තුනක් කියවුනා ඒ කෙල්ලට මගේ අතින්! මොකද මාව හොදටම කේන්ති ගස්සන වැඩක් තමයි වුනේ එතන. කෝම හරි ඒ බැනගත්තට පස්සෙ කෙල්ල මාත් එක්ක කතා කලේම නෑ. මගේ ටේබල් එකයි ඉස්සරහ තියෙන පුටුවයි අතරින් යනව මාව දැක්කේ නෑ වගේ. ඒ මදිවට පොත් රාක්කේ උඩින්ම තියෙන ටියුට් එහෙම ගන්න කියලා වෙනදට් වගේ මට කතා කලෙත් නෑ. ඒකෙන් තමා මේ ඇරියස් වෙලා ඉන්නේ කියලා දැන ගත්තේ.

කෝම කෝම හරි ඊයෙ මම ඇහුව ඇයි කතා කරන්නේ නැත්තේ මගේ එක්ක කියලා.

මේ ශේන් මල්ලී...මට ඇත්ත කියපන් උඹ ඒ කෙල්ලගෙ පස්ස පැත්ත කෙනිත්තුවද? නැත්නම් බ්ලවුස් එකක් අස්සෙන් බෝක්කුවක් බලන්න ගිහින් නෝන්ඩි උනාද? උඹට අසහනේ නේ බන්!

මේ කවී අයියේ දෙයියම්පා එහෙම දෙයක් නෙමේ උනේ. වෙන දෙයක් හවස කට්ටිය එකට වාඩි වෙලා තේ බොන වෙලාවේ වුනු පොඩි වලියක් ඒකයි.

හරි දැන් මොකක්ද වර්ථමාන තත්වය .තාම තරහයිද?l

නෑ ඉන්නවකො කවි අයියේ හොඩම දේ කියන්න, කොහොම හරි ඇයි කතා කරන්නේ නැත්තේ කියල ඇහුවම මේකා මෙන්න මුනු මුනු ආලා කියෝලා අඩාගෙන පරන ට්යුට් ගොඩ ගහපු රූම් එක පැත්තට ගියා . මටත් කරගන්න දෙයක් නැති නිසා මමත් පිටි පස්සෙන්ම ගියා කවී අයියේ 

යනකොට බෝතලෙ මූන හෝද  හොද ඉකි ගහ ගහ අඩනවා. ඇයි ඔයා මට නරක වචන කියලා බැන්නේ, අනික ඔයා එක්ක කතා නොකර මම් කොච්චර අමාරූවෙන්ද හිටියේ මේ දවස් දෙක තුනේ. ශේන් අයියේ ඔයාට ඔරෝගෙ ආවට මෙතනට ඇවිත් ඒ හැමදාම ඇඩුවා ඔයා දන්නේ නෑ නෙ අයියේ ඒක.

කවි අයියේ මාව එක පාර මොනවද වෙලා ගියා අයියේ. .ම්ට ඒ වෙලාවේ ඒ කෙල්ලව හයියෙන් තුරුල් කරගෙන සමාවෙන්න කියලා කියන්න ඔන වුනේ අයියේ. මම ඒ කෙල්ලගේ උරීස්ස උඩින් අත දාල ලඟට අරන් ඔලුව අත ගෑවා අයියේ  . හැබැයි අවන්කවම මට ඕන වුනා ඒ වෙලාවේ ඒ කෙල්ල්ලලට කිස් එකක් දෙන්න.

අනේ මේ ශේන් මල්ලි උඹේ කිස්  එකේ තරම.උඹ එකකින් නැවැතුනොත් ඉතින් බැරියෑ. 

දැන් කවී අයියා කියන විදියට මම එච්චර වනචරයිද?

ඔව් බන් ශේන්! උඹ තමා වනචර කමේ ප්‍රතිමූර්තිය.

එතකොට කවී අයියේ.යකෝ උඹ කියන්නේ මම එහෙමයි කියල නේද.. උඹට මේ අහිංසක් කොල්ලොන්ට පද හදලා ජාති ජතිත් පඩ්සන් දෙනවා!

ඒ මගුලක් නෙමේ උඹට ඔච්චර උවමනාවක් තියෙනවනම් ඒ කෙල්ලගෙන් අහපන්කෝ ඒ කෙල්ලට කිස් එකක් දුන්නට කමක් නෑ නේද කියලා. ඔය කියන තරම් තේරුම් අරන් ආදරේ කරනවා නම්.

බලමු මට ආසයි බයයි!

ශේන් මල්ලි තමුසෙගේ ඔය ආදරේ අනුන්ගේ බත් එකකින් හොරකම් කරපු පපඩමක් වගේ! කර කර ගාලා හැපෙන්න ඕන නිසානේ හොරක්ම් කරන්නේ! නමුත් ඒක පෙගිලා. නිකන් හම් කෑල්ලක් කනව වගේ දැනෙනවා ඇති! ඕක අවශ්‍ය වෙන්නේ තෙල් ටිකක් ආයෙ බැදලා ගන්න.. ඒකට තෙල් වෙන්නේ අර කෙල්ලගේ කැමැත්ත..පපඩම තමුසෙ, එතකොට තාච්චිය තමා උඹේ තට්ටු හයේ පන්තිය. 

කවී අයියේ එතකොට බාන හැන්ද.?

බාන හැන්ද තමයි යකෝ අර උඹලගෙ ටියුට් රූම් එක. ආවා මෙතන මගුලක් කියන්න.

තියපම් ෆෝන් එක. රෙද්ද..


ඔකේ කවි අයියේ තෑන්ක්ස්!

උඹ අර කෙල්ලගෙන් එකක් ගන්නෙ නැතුව උඹත් එකත් දෙන්නැතුව බලාගෙන් ඉදලා හැරිලා ඇවිත් මට නහයෙන් අඩන්න එපා. එදාට තමා උඹ මගේ ගැන හරියට දැන ගන්නේ ශේන් මල්ලී.

ජයෙන් ජයම වේවා!

👋  යලි හමුවෙමු.. ටටා!


කවී.


Tuesday, September 22, 2020

කිසිවෙක්ද කිසිවක්ද නැත


 

නීතියට එහායින් තිත්ත බෙහෙත් බීම

අදාල වන්නේ අදාල කියවීමකටය, නීතියට එහයින් හා සම්මතයට එහායින් පියෑඹීමට ගන්න උත්සහයෙන් කෙදිනක කෝ තටු අහිමි වීමට පුලුවන් වීම අමුතුම හැඟීමකි.

සිස්ටම් එක ABS (ස්වයංක්‍රීය තිරිංග පද්දතියක් ) වුනු පලියට ඩිස්ක් එක දියමන්තියෙන් නිම කරනේ නැත.

සමහර අවස්තා වලදී බ්‍රේක් එක උඩ ඉද ගත්තා වුනද වදින්නේ නැති වීමට හේතුව පලුදු වුනු ඩිස්ක් එක එක විය හැක.

නිකන්ම ආපු හැඟීමක් ආයාසයෙන් ගිල ගැනීමක් නිකන්ම දැනුනු ආදරනීය  හැඟීමක් පහර දී වේදනා දෙමින් යටපත් කිරීම යම් ආකාරයක තිත්ත කසායක් නැත්නම් බෙහෙත් පෙති කිහිපයක් බොන්නා මෙනි.




තාවකාලීක තිත්ත තුලින් අනාගතයේ පැනිරස සොයා යන කුඹියෙක් වීම අසාමාන්‍ය නැති බව මගේ හැඟීමයි.


.ටටා.

කවියා.

Monday, September 21, 2020

චේන් සහ ට්‍රැක් පන්නා ගැනීම

 හීන ගාවම නැවතිච්ච මිනිස්සු එක්ක බැලුවම හීන බලල අනිත් පැත්තට නැගිටින මිනිස්සු මනා මානසික තත්වයකින් ඉන්නව කියල හැම වෙලාවෙම හිතෙනවා.

සමාජ ජාලා වෙබ් අඩ්වි වලයි වට්සැප් එකෙයි ස්ටේටස් දානවා .මේ හීනේ ඉන්නයි ආසා කියලා.

මිනිස්සු!

උන් උත්සහා කරන්නේ ඇත්තටම හීන හැබෑ කරගන්න නැත්නම් ඒ හීනයෙ ජීවත් වෙන්න.

කොටුවෙ ස්ටේශන් එක ගාව ඉදන් ගංගාරාමෙ පන්සල ගාවට වෙනකන් ඇවිදන් ආවොත් අපිට හම්බවෙනවා හීනවල හිර වෙන්න ආසයි කියන මිනිස්සු උදේ පාන්දර බෑග් එකක් උස්සන් කාර්‍යයාලයට දුවන හැටි.

ඒ වගේම බස් ස්ටෑන්ඩ් එක ගාව පරන රෙදි බෑග් එකක් තුරුල් කරගෙන ඔලුව වටේ රෙදි පටි ඔතාගෙන බෙල්ල වටේ එක එක අරුමෝසම් කෑලි එල්ලගෙන අවුරුද්දක් නාන්නෙ නැතුව කොන්ඩෙ රැවුල් වවාගෙන බිම වාඩු වෙලා තමන්ටම තනියම මොනවා හරි මුමුනගන්න මිනිස්සු.

ඇත්තටම හීන වල හිර වුනු මිනිස්සු!

අපි උන්ට පිස්සො කියලා පොදුවෙ හදුන්වන්න පුලුවන් ඒත් ඇත්තටම අපිත් යම් තාක් දුරකට ඒ මට්ටනේ ඉන්නවා කියලා අමතක කරන්න එපා. රෑ කාලෙටවත්!


චේන් පන්නා ගැනීම ට්‍රැක් පන්නා ගැනීම දැන් ක්‍රීඩාවක් වගේ!


ටටා..

කවී.

Sunday, September 20, 2020

විෂූ ලියනගේ , ඉලක්ක සහ අරමුණු

 මිනිස්සු ජීවිත වල හරි අමුතුම විදිහට එකතු වෙන්නේ. සමහර යාලුවෝ වගේ. සමහර යාලුකම් නිකම්ම යාලුකම් නොවී ඔනම මරාලයක් හන්ගන්නේ නැතුව කියන්න පුලුවන් සහෝදරයෙක් සහොදරියක් මට්ටමට එනවා.  දකින්නේවත් හම්බවෙන්නේ වත්  නැතුව !

විශු නැත්නම් අපේ ලියනගේ මැඩම් අමුතුම කැරැක්ටර් එකක් ඒ වගේ. උදේ හවස සීරියල් පැකට් පිටින් ගිලින හැම හන්දියකම තියෙන කඩවල් වලට බාර ඔප්පු කරනවා වගේ කෑම කන , පන්සලේ වැට ගාව ඉදන් බෝදි පූජා තියලා මහත් වෙන්න කරන ප්‍රාර්ථනාවක් වගේ.

මනා සේ දැනගෙන ගොනා සේ ඉන්න කටුස්සා සහ විකල්ප මත දාරී බෝදිලිමා

ඇමතුම දීර්ඝ වෙන තරමට මිනිස්සුට හැඟීම් කියන දේ ටික ටික අඩු වෙන්න පුලුවන් කියලා හිතෙනවා.

අපේ ඔෆිස් එකේ ඇහෙන ප්‍රධානම කියමන් වලින් එකක් සහ මගේ ප්‍රියතම කියමන වෙන්නේ "මනා සේ දැනගෙන ගොනා සේ ඉදීමද කලාවකි"

අනුගත වීමක්! අපි ඇතුලාන්තයේ යම් තැනකදී කටුස්සන් වීම විශේෂත්වයක් .

කෙටි කාලීන අරමුනු වෙනුවෙන් බෝදිලිමෙක් වී සේවයේ නියතු වීම විෂය පරිභාහිර ක්‍රියාකාරකම් කැටගරිය ඇතුලට දාලා නිල් කලිසම අදින කාලෙ ඉදන් ඔලුවට දානවා. ඒ පුරුද්දටද මන්දා අපි හරි හෝ වැරදි කියන දේට ඔලුව උස් පහත් කරලා එන්නේ.

පෞද්ගලික මතයනම් හැම එකටම ඔලුව වනන බෝදිලිමෙකුට වඩා ඕන තැන පාට වෙනස් කරන කටුස්සෙක් වෙන එක් හොද බවයි. නමුත් අනුගත වීම භයානක වෙන අවස්තද වැඩී.

ටටා.

.කවී.

Saturday, September 5, 2020

ශනිදා නින්ද හා මිනීමැරීම

 ජීවිතේට එහෙන් මෙහෙන් එකතු කර ගත්ත දේවල් එක්ක ආපු දුර හොදයි. ඒත් අනන්‍යතාවයක් මගේම කියලා තියෙන තැනක ජිවත් වෙනවට වඩා යන ඕනම තැනක මගේ කියල අනන්‍යතාවයක් තියාගත්තනම් ඇති.

මිනිස්සු හිනාවෙන්නේ හරිම ලස්සන විදියට, හිනාවෙනකොට ලස්සනයි කියනවා. ඒත් හිනා වෙන මූනට යටින් තියෙන තරහව ඊර්ෂ්‍යාව ගැන අපි දන්නේ නෑ. කේන්තියට මූන ඔරෝගෙන කලු කරගෙන ඉන්න මිනිස්සු ආශ්‍රය කරන්න බය වෙන්න ඕන නෑ. කොච්ච්‍ර කේන්ති ගියත් මූනෙ හිනාවක් තියන් ඉන්නව නම් බය වෙන්න ඕන. මොකද හිනා වෙවී මිනී මරන්න පූලුවන් මිනිස්සු ඉන්නවා තාම ලෝකෙ.

අපි සාමාන්‍ය ජනතාව තවම!  හැම සෙනසුරාදාවකම ටිකක් දවල් වෙනකන් නිදා ගන්න හීන මවන. ඒකත් වෙලාවකට ඔෆිස් එකේ පඩි වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා වගේ.

Sunday, August 23, 2020

දියඇලි, මිනිස්සු සහ කලු කුහරයක්

කොහෙන් හරි එන විදිහ නෙමෙයි ආපු විදිහ ගැන  හිතන එක වැරදි කියලා කියන මිනිස්සු ඉන්න තැනක් ජීවත් වෙන එක දුකක් කියලා කියන්න පුලුවන් මටනම්.

මිනිස්සුන්ගේ ජිවිත වෙනස් වෙන්නේ දිය ඇල්ලක් වගේ. ආදරේ කියන්නේ මිනිස්සුට ඔය දිය ඇලි වල තියෙන ගැඹරු වලවල් වෙන්න පුලුවන්.

ඔෆිස් එකේ ඇවිදින විනාඩි ගානට පහු කරන හැම මනුස්සයගේම එක පුන්ච්  හරි හැසිරීමක් ඔලුවට දා ගන්නෙ පොඩියට හරි පැටලවීමක් ඕන නිසා. කන ගමන් හරි කල්පනා කරන්න දෙයක් ඕන නිසා.

වෙනද ..ව්ක පිට එක වට්සැප් එකේ මැසේජ් එවන ශේන් කිසි කතා බහක් නෑ. ඇයි ඒ නොහිමි දෙයක් පස්සේ ගිහින් කලකිරිලද! නැත්නම් තාමත් ඒ නොහිමි දේවල් තාවකාලිකව ලං කර ගන්න උත්සහා කරනවද?

ෆොන් එකෙ ඩේට ඔන් කරලා වචන දෙක තුනක් දැම්මා ශේන්ට. ඕයි උඹ මැරිලද? කියලා අහලා.

පැය ගානකට පස්සෙ රිප්ලයි එකක් එනවා. නෑ තවම ජීවත් වෙනවා අයියේ.හැබැයි මගේ ඇතුලාන්තයෙන් මැරිලා කියලා මට හිතෙනවා..

ඇයි ඒ!

මම දේවල් තේරුම් ගන්න ගමන් ඉන්නේ කවී අයියේ අපි නොහිමි කියලා තේරුම් ගත්තට මගේ හිතේ තාම ආශාවක් තියෙනවා මගේ වැට පැනලා යන්න, ඒ කෙල්ලටත් වැට පැනලා එන්න කියන්න. පොඩි වෙලාවකට හරි අපේ වෙලා. ආපහු දන්නේ නෑ වගේ ඉන්න.

හරි උඹගෙ ජීවිතේ ගැන ඇහුවම උඹ දෙන උත්තරේ ඕකද?

ඔව් අයියේ උඹ මගෙන් අනාගතේ ගැන නෙමෙයි නේද ඇහුවේ. මේ වර්තමාන ජීවිතේ හිර වෙලා ඉන්නේ මම.

වෙලාවකට උඹ කියපුවා හරි කවි අයියේ  , මම වෙලාවකට අසහන කාරයෙක් වෙන්න පුලුවන්. මම හීන දකින්නේ අර කෙල්ලගේ ඇඟේ ඇදුමක් නැතුව මට තුරුල් වෙලා ඉන්න හීනයක් වෙන්න පුලුවන්. 

හරි ශේන් හීනයක්! මිනිස්සු කොච්චර හීන මවනවද..අනික උඹම මට කිව්වා  දවලට් දෙව දූතයා වගේ රඟපාන චරිත් රෑට සිය දහස් වතාවක් මනසෙන්ම දූෂනය කරනවා කියලා. එහෙම එකේ උඹේ හීන සාදාරණයි වගේ නැද්ද? උඹට දකින ඕනම කෙල්ලෙක් හීනවලට එන්න දීපන් කමක් නෑ ..ඒත් සිතුවිලි වලින් උබ කරන්නේ යුද්ධයක් කියන එක මතක තියා ගනින් . උඹ දැනට කී දෙනෙක්ට ආදරේ කරනවද?

ඒක දන්නේ නෑ කවී අයියේ. හැබැයි තට්ටු හතරේ පන්තියට ආපු දවසෙ ඉදන් මගේ ජීවිතේ වෙනස් වෙන්න ඒ කෙල්ලත් බලපෑවා. 

උඹ හිරවෙලා ඉන්න තැනින් මුලින් එලියට වරෙන්, මුලින් උඹ තීරනය කරපන් කොහොමද එලිය එන්න්නනේ කියලා.

මේ  කලු කුහරයක්! 

ඔව් වෙන්න පුලුවන්!



මම මුලදිම කිව්වා අයියේ මේක අපි දෙන්නම අවබෝධයෙන් යන ගමනක් කියලා. ඒත් මේ ගමනෙ අවසානය ඒ කෙල්ලව තුරුල් කරගෙනම ඉන්න එක නෙමේ කියලා තේරෙනවා. ඒ කේල්ල අදින පාට පාට දෙනිම් වෙන්න පුලුවන් නැත්නම් ගවුමක් වෙන්න පුලුවන් අත් නැති ස්කිනියක් වගේ එකක් වෙන්නත් පුලුවන් , මම ඒවා වල.ලස්සනක් දැක්කේ පස්සෙ මම දුර්වල වුනා ඒ කෙල්ලගේ බෙල්ලේ පපුවෙ තියෙන පාටට. මම ඒවා වලත් ලස්සන් දකින්න ගත්තා කල් යන්කොට මට පාට ඇත්තට අතින් අල්ලලා විදින්න ඕන වුනා! එතකොට මට දකින්න ඕන වුනේ ඇදුම් අතරෙන් පපුව නෙමේ. උඩින් තියෙන ඇදුම් නැතිව ඒ කෙල්ල මොන වගේද කියන එක.

උඹ හරි කවී අයියේ මම ඉන්නේ දැන් දවල්ට දේවදූතයා චරිතයෙන්වගේම රෑට ගිනි ගන්න අමනුස්සයාගේ චරිතය ගන්න ගමන්..

උඹ එහෙනම් දැනටමත් ආශාව කියන කලු කුහරෙ ඇතුලෙ ඉන්නෙ පුතා. මට උඹට පරිස්සමෙන්  ගිහින් වරෙන්  කියන්න බැහැ.! ඒත් සුභ ගමන්!

Wednesday, August 19, 2020

ජෙනරේටර් !

 සමහර තැන්වල තිබුනේ ආදරේම නෙමේ තරඟයක්. මම දැක්කේ තරඟයක්! මිනිස්සු එකෙක්ට නොදෙවෙනි වෙන්න දරණ උත්සහායක්!

තව අවුරුදු තිහකින් පස් වෙනවා කියලා දැනගෙන ගතකරපු කාලය වගේ ඒ තිහත් ගෙවල දාන්නෙ නැතුව හද දිහා බලාගෙන හූල්ලන්න. නීල් ආම්ස්ට්‍රොන්ග්ට හිතින් බනින්න ඉර්ශ්‍යා කරන්න.

ශේන් මල්ලිගෙ හැම වට්සැප් ස්ටේටස් එකකම මොකක් හරි හැන්ගුන අදහසක් තියෙනවා කියලා මට තේරෙනකොට මට වයස විසි හයයි.ඌට විසි තුනක් නැත්නම් විසි හතරයි



ඌ ජීවත් වෙන්නේ ජීවිත දෙකක් ඇතුලෙ. උගේ අයිතිය තියෙන ආදරේ සහ අයිතියක් නැති ආදරේ එක්ක. ආදරේ විදුලි බලය වගේ සහ අයිතියක් නැති ආදරේ ජෙනරේටර් එක වගේ කියල තමා ඌම හදුන්වා ගන්නේ.

විදුලි බලය පැයකට නවත්වපු ගමන් මුලු කොලඹම නවතිනවා වගේම තමා එහෙන් මෙහෙන් ජෙනරේටර් වලින් දුවන ලොකු ලොකු බිල්ඩින් වගේම කොටුවෙ පාර දෙපැත්තෙ තියෙන පොඩිපොඩි කඩ. එත්කොට සමාජ තලයක් නැහැ ලොකු බිල්ඩින් වල ලොකු ජෙනරේටර් වගේම පොඩි කඩවල පොඩි පොඩි බැකප් හෙනරේටර් හරි දුවනව නොපෙනෙන්න.

එත් අපි හිතන්නේ ජෙනරේටර් නෑ කියල හැම තැනම!සමහර වෙලාවට හැමෝගෙම හිත යට තියෙන  ආශාවක් තමා ජෙනරේටර් එකක් කියන්නේ එහෙම බැලුවම.

සමාජය ඉස්සරහදි එක් කොටසකට   ඌ හෙන නරුමයෙක්! ඩබල් ගේම් කාරයෙක්, තවත් කෙනෙක්ට සැනසීමක් සතුටක් ! තවත් කෙනෙක්ට හිසරදයක් , වගකීම් කන්දක් පටවපු ඔලුවක්.

ලඟටම වෙලා ටියුට් ස්ට්ලේපර් කරනකොට, කාඩ් මාර්ක් කරනකොට දැනුන ආදරේ වෙනස් වෙන එකක් නෑ කියලා තමා ශේන්ගේ විශ්වාසය. ඒත් කවදාවත් දෙන්න තනිවෙලා කතා කරලා නැහැ. අමුතුයි!


ටටා.

කවී.


Tuesday, August 18, 2020

බෝක්කු ගෝල්ඩ්ෆිශ්ලා සහ ටැංකියේ සාරි ගප්පි

ජිවිතේ කොහිමද කියලා ඇහුවොත් අපිට උත්තර  දීගන්න පූලුවන් වෙයිද කියන ප්‍රශ්නය ඇති වෙන්න ඉඩ තියෙනවා.

සුන්දර මිනිස්සු විදවන එකත් එක අතකට ලෝක න්‍යායක් වෙලා !

එහෙම් පිටින්ම ජීවිතේ කනපිට ගැහෙන්න තරම් ජීවිත ඇහැට අහු වුනාට ගනන් ගන්නේ නෑ.

ඒක නිකන් අපේ ගෙදර මාලු ටැංකියේ සාරි ගප්පියෙක් තියාගෙන බෝක්කුවෙ බෝවෙලා ඉන්න ගෝල්ඩ්ෆිශ් ලා දිහා සානුකම්පිතව බලනවා වගේ හැඟීමක්.

උඹයි උඹේ මනස්ගාතයි!

කොහෙන්ද පාවෙලා එන්නේ?

තැනක් නොතැනක් නෑ..

මිනිස්සු බෝක්කුවෙ ඉන්න ගෝල්ඩ්ෆිශ්ලා! තමන්ගේ  හිතවතුන් ටැංකියේ ඉන්න ගප්පි.

කමක් නැ අඩු තරමෙ හරි හතරැස් ඉඩක අපි හිර වෙලා නෑ.!

බලෙන් ඔක්සිජන් දෙන සමාජයක් තමයි මේ!...


.කවී.


Friday, August 14, 2020

Top Layer and What Are you?

You know only the top layer.

What are you!

When you get up eary in the morning, what type of thought come across your mind?

Full fried chicken bucket ? Lot of money? Oh my god i gotta go office today also! Oh dear friday !

But when you wakeup what if that you are thought change for something like this.

Yes i have another day from life. Im yet to die. I'm not passed away while i was sleeping. 

I gotta go office now, since it friday it is holiday tomorrow. There is verry tiny hapiness inside me.

But found out some difference of my mind!  Nothing but emptiness, i want to write what i feel but cannot explain this feeling. I feel somthing like that i am out of  vocabulary and lack of words.

What i'm doing here? A useless effort, to justify My feelings ?

Once one of my verry best friend asked me why are you writing this? If you have something to share, please share with us! What is the purpose of blogging ?

I see now! The verry best friend began to be just friend and may be barely know me now! But blog ! Same as before everyone reading the story talk with me! Unknown friends ..but still with me!

.Kavi.





Wednesday, August 12, 2020

අම්බලම , නිවස, උඹ, මගියෝ සහ හිඟන්නෝ!

හැමෝටම වැඩ කරන්න වෙලා තියෙන්නේ අමුතුම ජීවිතයක් ඇතුලේ! 

සමහ වෙලාවට මිනිස්සු කලකිරීමෙන් ඉන්නවා වෙන්න පුලුවන් ඊළඟ පියවර ගැන. නැත්නම් තියපු පියවර ගැන.

පොඩි කාලේ ඉදන් විශ්වාස කරපු තමන්ගේ හොදම යාලුවොත් විශ්වාසය කඩ කරන වෙලාවක ඒ දිහා බලන් ඉන්න එක සහ කැඩුනු විශ්වාසයත් එක්ක බිදුනු හිත් හදා ගන්න ඒ මිත්‍රයා එක්කම ඇවිදන් යන එක හිතා ගන්න බෑ!


ඒත් මේ කොලඹ මිත්‍රයා! ඕනෑම දෙයක් සිදුවිය හැකියි..

මම  වාක්‍ය අතර මෙන්න මෙහෙම කතාවක් දැක්කා  දාපු ස්ටේටස් අතරතුර

-===============

කෝහේ හරි යන්නද බලන් ඉන්නේ?

නෑ නැවතිලා යන කෙනෙක් දිහා බලන් ඉන්නේ.

ආපහු හැරිලා එනකනද බලන් ඉන්නේ?

නෑ හැරිලා එන එකක් නෑ!

එහෙනම් බලන් ඉන්නේ?

හැරිලා බැලුවොත් පෙනෙයි මම බලන් ඉන්නවා කියලා!.

------==========

ඒත් ඇයි! 

මිනිස්සු ගොඩක් එතකොට උඹව පහු කරන් යාවි මිත්‍රයා!

බොහොම ආදරනීය චරිත! ඒත් උන්ගේ ඔලුවට උඹගේ කල්‍යාණ මිත්‍රයා ඇතුලත් කරලා තියෙයි අදහස උඹත් අම්බලමක්  විතරයි කියලා!

එකෙක්ට මහන්සිය නිවාගන්න ඕන වුනාම විතරක් ඇවිත් ඉදලා යන. උන් උන්ගේ ගෙදර වගේ හැසිරෙයි, මොකද අයිතිකාරයෙක් නැති නිසා!

ලස්සනට තියෙන බීරලු කණුවල හැඩය අතගාලා බලයි! එලියට නෙරපු බීරළුවල කැටයම් ඇගිලිවලින් විදලා අගය කරයි!

ඒත් හිත අගක හිතනවා මේ අම්බලම! තව කි දෙනෙක්ට හෙවන දීලා ඇතිද  කියලා!

උඹ හිතයි උඹටත් අයිතියක් කියන්න කෙනෙක් ඉන්නවා කියලා! උඹටත් හිතෙයි දැන් උඹත් නිවසක් කියලා මිත්‍රයා !

ඒත් උඹ රැවටිලා උඹව රවට්ටලා !

සමහර වෙලාවට ගමන් යන මිනිස්සු වගේම හිඟන්නොත් එන්න පූලුවන් උඹ ගාවා නවාතැන් ගන්න!

සමහර වෙලාවට ඈතට වෙලා උඹේ බීරලු අගය කරන කෙනෙක් ඉන්න පුලුවන් තමන්ගෙම නිවසකට වෙලා.

නමුත් එතන හැමදාම වගේ අයිතිය ගැන ප්‍රශ්නයක් තියෙනවා හැමදාම වගේ!

...

ටටා! 👋 


..කවියා..



Sunday, August 9, 2020

නුවර වැව රවුම සහ ඩෙවල් පී නට් ආදරය.

හවස් වෙලා ෆෝන් එකට ආපු මැසේජ් එක නිසා ගෙදර ප්ලෑන් ඩිසයින් කරන එක නවත්තලා ෆෝන් එකට එබුනා.

නොටිෆිකේශන් වල ශේන් බ්‍රෝ කියල වැටෙනවා!

එහෙම්ම නොටිෆිකේශන් වලින්ම ආපු මැසේජ් කියවන්න ගත්තා.. 

ඕයි කවී අයියේ  ...අද මට ඔහේ යන්න නොදී අල්ල ගන්න තිබුන නම් ජීවිතය කියල හිතුන.

වැඩේ සීරියස් වගේ , වට්සැප් ඔන්ලයින් පෙන්වන නිසා මම කෝල් එකක් දැම්මේ ආන්සර් වෙයිද බලන්න.

ඇමතුමට පිලිතුරු දුන්නෙ නැති වුනාට..මට දිගටම ඇහුනෙ ඇට කටු බ්දෙන ශබ්දය වගේ එකක්.

විනාඩියක් විතර  බලන් හිටපු මම  අන්‍තිමට ඇහුවා හරි නේ මම තියන්නද කියලා.

එපා එපා කවී අයියේ මම මේ ඩෙවල්ඩ් පී නට්ස් කන ගමන් ඉන්නේ. මට දැනුනෙම නෑ අයියේ තමුසෙගේ කෝල් එක ආන්සර් කලා කියලා මම.!

හරි ඒකත් හරි කියමු මොකක්ද අවුල?

අවුලක් නෑ අයීයේ මගේ හිතට දැනෙන්නේ හරිම අස්වාභාවික රසයක්! ජීවිතේ ගැන ..

ඩෙවල් පී නට් පැකට් එක අස්සේ වේලිච්ච කඩල ඇටයක් අහු වුනා වගේද!

හූම්.. අයියේ අහු වුනා කියන්නේ හැපුනා හයියටම.

අයියේ අර කෙල්ල .. මට ආදරේ කරන්නේ වෙනමම විදියහකට වෙන්න ඕන. මට මේ ලඟදි පාටියකට ඇදුමක් ගන්න හිහින් ෆිටෝන් කරලා ෆොටෝස් එවලා තිබුනා! එකක් නම ඇත්තටම ලස්සනයි ඒක නම් කිව්වා මම.. තව එකක් තිබුනා ඒක නම් අදින්න බැරි තත්වයක් තිබුනේ පාටියකට! ඒ නිසාමද මන්දා ෆෝන් එක මැද හරියට කරලා කවර් කරන් අරන් තිබුනෙ ෆොටො එක.මම ඇහුවා ඉතින් ඒ ඇයි කියලා. කෙල්ල මට කිව්වා පපුව සෑහෙන්න එලියෙ ඒකෙන් කියලා. ඒ කෙල්ල මාව විශ්වාස කරනවා කවී අයියේ!

ඇදුමයි, වීශ්වාසයයි අතර තියෙනේ මොන වගේ බැදීමක්ද.? සම්බන්දතාවයක්ද ශේන් මල්ලී..

කවී අයියේ ඒ දෙක අතර සම්බන්දයක් නැති වුනත් ඒ ඇදලා එවන ෆොටො වලයි විශ්වාසයයි අතර බැදීමක් තියෙනවා. ඒකනේ අර පපුව එලියෙ තියෙන ඇදුමෙ ෆිටෝ එකක් මට එවලා තිබුනේ.


අනික අයියේ මම කිව්වා මට ඒ කෙල්ලගෙ ආදරේ දැනෙන විදිහ. වෙලාවක මට හිතෙනවා අයියේ උඹේ බයික් එකක් ඉල්ලගෙන ඒ කෙල්ලව වාඩි කරගෙන මාව හයියෙන් තුරුල් කරගන්න කියලා..බීක් එක පැත්තේ හවසක රවුමක් දාන්න. කාටත් හොරෙන් අනිත් පැත්ත පෙරලපු බෝට්ටුවකට පිට දීලා තුරුල් වෙලා ඉන්න. බෙල්ල හපන්න!

මොකක් ශේන් මල්ලී..ඔයි..තමුසෙට ලේ පිපාසෙද? හහ් හහ්..

එහෙම නෙමේ කවි අයියේ යන්තම්..ඔඩොක්කුවෙ තියාගෙන පපුව උඩ ඔලුව තියන් ඒ රස්නේ ඒ පහස විදින්න ඕන.

ඉතින් ඕකට අනිත් පැත්ත පෙරලපු බෝට්ටුවක් ඕනෙද? ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ ගෙදරට. පලයන්.   බැරිනම් මම ඒකිට කියන්නම් උබේ  ගැන...හූහ්....හූ...හම්බෝ මට බම්බෑ ශාන්ත. 

උඹ කියන්න ඕන නෑ කවි අයියේ ඒ කෙල්ල ඒක දන්නවා.මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා, වගේම මට ඒ ආදරේ දැනුනෙ නැති තැන් මොනවද කියන එක ගැන . එහෙම දැනගෙනයි ඒ කෙල්ල මටත් ආදරේ කරනවා ඇත්තේ.

ශෙන් මල්ලී තමුසෙ ඕක මට කලින්ම කියලා තියෙනවා නේද වටෙන්  ගොඩෙන්. අයිතියක් නැතුව ආදරේ කරන එක සුන්දරයි වගේම වේදනා කාරී කියලා. හැබැයි උඹගෙ ඒ ආදරය ඇතුලෙ ඒ කෙල්ලගේ පපුව බෙල්ල ටිල් වල එල්ලිලා ඉන්න හීන මැවුවද.

නෑ කවි අයියේ.. ඒත් ආදරේ කියන ගිනි පුපුරු ඔය කියන හැඟීම් පුලුන් වලට ගිනි තියනාවා අයියේ.ඇවිලෙනවා එතකොට. ඒ ගින්න නිවා ගන්න නම් ඒ කෙල්ලගෙ පපුවම හරි තොල්වල සීතල හරි හොයාගෙන යන්න වෙනවා.

හරි ශේන් මල්ලි ..කවදම හරි ඒ කෙල්ල උඹේ ඔව් ය ගින්න නිවන්න උඹට සීතල දුන්න කියල හිතමු. එතනින් එහාට මොකද.? උඹ එක තැනකින් ආදරේ සම්පූර්නයෙන් ලැබෙන්නේ නැති නිසා වෙන තැනකින් ඒ ඉතුරු හැඟීම් ටික ලබා ගන්න එක හරිද බන්.?

කවි අයියේ තමුසෙ මාව හිර කරනවා හැමදාම වගේ. ඉදපන් කවද හරි දවසක ඒකෙල්ලගේ උණුසුම මිඅන් වගේද කියලා ඒ කෙල්ලම ගන්න දුන්නු දවසක් මම උබට කියන්නම් දැනුනු විදිය ගැන. එතකන් මම ඒ කෙල්ලගේ ෆොටෝ ටික සේව කරන් ඒ දිහා බලලා සැනසෙන්නම්!

...................

කදු කඩා පාත් වෙන්නේ කොයි වෙලාවෙද කියලා නැහැ. ආදරේ සමහර වෙලාවට උඹලට නුවර වැව රවුමෙදි හම්බෙන්න පුලුවන් උඹ ගාවම ඉන්න කෙනාගෙන්. ඒත් කොලඹ පය ගහල හැඟිම් බෙදා ගන්න කෙනාට උඹේ ආදරේ වැඩුවෙන්න පුලුවන්. උඹ උත්සහ කරයි එක් ආදරයක් ලඟ නවතින්න. ඒත් උඹට බෑ හැඟීම් බෙදා හදාගෙන ඇති වුනු ආදරේ ඒ ආතමය මරල වල්ලන්න.

ශේන් මල්ලී ඩෙවල්  පී නට්..කාලා අත හෝදලා කදුලු පිහිදා ගනින්න්.නැත්නම් අතේ තියෙන ඩෙවල් වලට ඇස්වල කදුලු තව ඔඉට පනින්න පුලුවන්...


ටටා..

කවියා..

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...