ශේන්ගේ දිනපොතෙන්..
සමහර කතා වල මිනිස්සුන්ගේ අයිතිය ගැන වගේම පසු තැවීම ගැන ප්රශ්න මතු වෙන්න පුලුවන්. ඒත් සමහර තැන්වලදි මිනිස්සු ආදරේ ප්රකාශ කරන්න මැලි වෙන එක ගැන දුකක් දැනෙන්නෙ ඇයි කියන එක ගැටලුවක්.
ඇයි එහෙම වෙන්නේ කියන ප්රශ්නය පොඩි කාලෙ ඉදන් ඔලුවට ආවත් ඇයි එහෙම කලේ කියන ප්රශ්නය කවුරු හරි අහන වෙලාවට උත්තරයක් දී ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා.
ඇයි ඒ කවිය ලිව්වේ , ඇයි ඒ චිත්රය ඇන්දේ, ඇයි එහෙම කිව්වේ කියන ප්රශ්න ගොඩකට හෙමින් ඇත්තටම තමන්ගේ හිතට දැනෙන විදිහට උත්තර දුන්නම් අහන කෙනා ගොඩක් වෙලාවට සම්පුර්නයෙන් සෑහිමකට පත් වෙනවා වගේම එච්චරක් කල් තිබුනු බැදීමක් එතනින්ම ඉවරයක් වෙන්න පුලුවන්.
මිනිස්සු සමහර දේවල් අයිති කරගන්නේ තවත් දෙයක් අහිමි කරගෙන වෙන්න පුලුවන්, ආදරේට ආවස්තික පිරිවැයක් තියෙනවාද කියන ගැටලුව එක්ක ඉන්න වෙලාවක, ඇයි දැන් අදුන ගන්න ලැබුනේ , තව කලින් ජීවිත වලට එන්න තිබුන නේ කියන හැඟීමත් එක්ක හදවතයි මොලයයි එක්ක හැඟිම් වලට යුද්ධයක් ඇති වුනු අවස්තා නැති කෙනෙක් නැතුව ඇති.
තාව කාලික ගිවිසුමකට ආදරේ කරන්න පුළුවන්ද කියන ප්රශ්නයට උත්තර හොයාගෙන ගිහින් දැන් අවුරුදු තුනකටත් වැඩී. හැබැයි කොන්දේසි අතර උඩින්ම තිබුනේ කිසිම කොන්දේසියක් තියෙන්න බැහැ කියන එක. ඒ වගේම කවදාක හරිම නැතිවෙන බවක් දැනගෙන් ආදරේ කරන එක, වෙලාවකට හොදම යාලුවෝ වගේ හැසිරෙන එක, ආයෙත් වෙලාවක තුරුල් වෙලා ආදරේ දැනෙන විදිහ කතා කරන හැටි, උඹ මටම අයිති වෙයිද කියන ප්රශ්නය අහන්නේ නැතුව තාවකාලිකව උඹ මගෙත් වෙන බව කියන ගමන් ලං වෙලා ඉන්න හැටි ගැන තියෙන අත් දැකීම හරිම අමුතුයි.
දැනෙන නිදහස නම් අසීමිත වුනත්, එක මොහොතකදි ඔවුන් ඔවුන් ගැන තියෙන හැඟීම් දිය වෙලා යන්න පුලුවන්, එදාට උඹට දැනෙයි තාවකාලික , ගිවිසුම් ගහපු ලෝකයට අසම්මත වෙච්ච ආදරය ඇතුලෙත් කොච්චර ඊර්ශ්යාව තියෙනවද කියලා, එතනත් ආදරේ තිබුන කියලා.
උඹත් එක්ක ගිවිසුමකට තාවකාලිකව ආදරේකරපු කෙනා තවත් උඹේම හොදම යාළුවෙක් එක්ක කොන්දේසි සහිත ආදරේකට යන්න පුලුවන්. කොලයකට අත්සන් තියලා ගිවිසුමකට එළබිලා ඒකට යට වෙලා ලෝකය සතුටු කරන ගමන් ජීවත් වෙන්න සිද්ධ වෙන.
අවුරුද්දක් ගිය තැන ඇමැතුමක් එන්න පුළුවන්,
ශේන් උඹ එක්ක තාවකාලික ආදරේ කරන වෙලාවෙ අපිට තිබුණ නිදහස දැන් නෑ බන්..ඒත් උඹට මමවත් මට උඹව වත් අයිති කර ගන්න වුවමනාවක් ආවෙ නෑ. උඹ මටවත් මම උඹටවත් සීමා දැම්මේ නෑ. අපි නිදසේ ආදරෙන් හිටිය බන් ඒ ටික කාලෙට. ඒත් ශේන් උඹෙයි මගෙයි ගිවිසුම් කාලය පන්තියේ කාලයත් එක්ක ඉවර වෙනකොටම මට බලන් ඉන්න බැරිවුනා උඹ වගේ නිදහස් එකෙක් නැති වෙන එක බලන් ඉන්න, උඹත් කොන්දේසි සහිත ආදරේකට උරුමකම් කියනව කියන්නේ කියලා දැන දැනම. මට ඕන උනා උඹට ඒ වේදනාව දැනෙන්න දෙන්න, ඉතින් මම කොන්දේසි වලට යට වෙලා උඹේ හොදම යාලුවෙක්ගේ අතින් අල්ලන් උගේ නීතිවලට යට වෙලා ජීවත් වෙලා බලන්න හිතුව.
උඹට රිදුනද ශේන් ඒකෙන්?
ඔව් යකෝ , ඒ තුවාලෙ ඉදල හිටලා පෑරෙනවා උඹේ මූන වගේම උඹ වගේම හැඟින් එක්ක කරන මනුස්සයෙක් අහු වුනාම කියලා කියන්න ඕන වුනත්..කිව්වේ පරිස්සමෙන් ඉදපන් දෙන්නා කියලා විතරයි.
ඒයි ඉදපන් ශේන් මිනිහා ආව ඌත් එක්කත් ටිකක් කතා කරපන් හරි නෑ නේ..පසු බිමෙන් ඇහුනේ මේ වගේ දෙයක්.. ඒයි ඩාලිං චමිත් මේ ශේන් ඉන්නවා ලයින් එකේ..
මොකක්? ශේන්? අපේ බෙන්ච් එකේ එකට හිටිය එකා නේ.
ඔව් මට අහම්බෙන් පරන පොතක පිටිපස්සේ ලියල තිනුනු නම්බරේකට ගත්තම ඌම ආන්සර් කලා පුදුමයි.
අඩේ ශේන් කෝමද උඹට.කන්ටැක් එකත් එහෙම්ම නැති වෙලා ගියා බන් ක්ලාස් වලට පස්සේ..උඹ දැන් දන්නව නේ කොල්ලා කාවද සෙට් කරන් මැරි කලේ කියලා! උඹේ ඒ දවස් වල බුදු ෆිට් එක දැන් මගේ වයිෆි වෙලා ඉන්නේ! සොරි බන් වෙඩිම කියන්න බැරි වුනාට..
ඒකට කමක් නෑ බන් චමිත් උඹලා සැපේ සතුටෙන් ඉන්නවා නම්. අනිත් දේ චම්මා මට පුදුමයි උඹ වගේ නිති කාරයෙක් එක්ක ඒකි ඉන්නවා කිව්වම.
අන්න ඒකයි ශේන් කියන්නේ..ඒ ගානට මම හදාගෙන තියෙන්නේ..
එල බන් චම්මා ඕල් ද බෙස්ට්..මම ගන්නම් පස්සේ වෙලාවක..
එල එල ශේන් ගුඩ් බායි සනා..
.................................................
උඹ උඹේ ගානට හදාගෙන නෙමේ බන් ඔය උඹ නිසා ඒකිගෙ හැඟිම් කැප කරලා ඉන්න්. උඹට වඩා ඒකිගේ මූනෙ හැඩේ ගැන මම දන්නවා, එකි සතුටෙන් හිටපු ඒකි කරන්න කැමති දේවල්, යටම වැලලුනු රහස් මම දන්නවා. මගේ ගැනත් එහෙමයි.. ඒත් මට මාව, නුඹව සහ හෙට අයිති නෑ..
..........
ශේන් දැන් ඔය බීපු ඇල්කොහොහොල් ටික ඇති..වරෙන් මම ගෙදරට ගිහින් දන්නම්..
එල කවි අයියේ..යමන්....
...ටටා..
කවී
Is Shane story finish 😐need more stories frm u ❤️
ReplyDeleteNo it wont
Delete