කකුල් දෙකම උඩ දාගෙන ඉන්න ඕන වෙලාවක සප්ත්තු දෙකට කකුල් දෙකම තැම්බෙන්න ඇරලා මම ඉන්නේ රටක් රාජ්ජයක් ලැබුන වගේ.
මිනිස්සුන්ගේ හිනාවට ආදරේ කරන්න ගත්තම ඒක ඇබ්බැහියාවක් වෙනවා! මාස්ක් එකකට මූන වැහුනම ඒ හිනාව හොයන්න දගලනව. ඒ හිනාව හොයන්න්න වෙන මහන්සිය සමහර වෙලාවට හිස් ඒ ෆෝ කොල අතර ප්‍රස්ථාර ගත වෙන්නේ කියන්නත් කලින්.
ඇස් අදිනව මකනවා.ආයෙත් ඔලුවට ගන්න දගලනවා නෑ මීට වඩා පොඩී කියල හිතෙනවා. ආයෙත් මකනවා අදිනවා. ආයෙමත් ටික වෙලාවකින් හිනාව වෙනස් කියලා හිතෙනවා. මිනිස්සු හිත දුවනවා කියන්නේ හේතුවක් ඇතුව කියලා මට හිතුනේ දාඩිය පෙරාගෙන ඔෆ්ස් ඉවරවුනු ගමන් ඇවිත් පැන්සල අරගෙන ඇස් නිවැරදි කරන ගමන්.
වෙලාවකට නීරස ජීවිතේ ඒකාකාරි වේගන එනකොටම හිතෙන්නේ හිත මස්කට් කෑල්ලක් කියලා . ඔබලා බලනවා හපලා කනවා ගිලිනවා!
රෑට ගෙදර යන ගමන් කොහෙ හරි අයිනක බයික් එක නවත්වලා ටිකක් වෙලා ජීවිතේ හති ඇරලා ඒකාකාරි කියන දෙයින් ටිකක් ඈත් වෙලා හිතනවා යන්න තියෙන දුර වගේම ආපු දුර. ඒ එක්කම හිතට එන්නේ යන්න තියෙන දුර අවසන් කලාම අදට! එතනත් තියෙන්නේ ඒකාකාරී බව. රෑ හතයි මාර වෙනකොට රෑ කෑම කාලා ඉන්න කෙනෙක්ට තවත් කෙනෙක්ගේ බඩගින්න ගැන හිතනවා කියන්නෙත් සතුටට කාරනාවක්.
"දෙයක් අහන්න ඕන ඇහුවට කමක් නැද්ද කියලා වට්සැප් එකේ උඩින් නොටිෆිකේශන් එකට රිප්ලයි කරනවා කියන්න කියලා"
කෙනෙක් නැති වුනාම ඔයාට දැනෙන්නේ පාළුවක්ද නැත්නම් නිදහස් බවක්ද?
මනෝ ව්ද්‍යාත්මක ඇඩ්වයිස් එකක්මද කියන්න මම තාම දැනුමෙන් පිරිලා නැහැ .
හිතත් එක්ක පොඩි විවාද කීපයක් කරලා දුන්නු පිලිතුර වුනේ "නිදහස" කියන වචනය.
ඒත් අදහස තහවුරු කරගන්න මම ඇහුවා..එහෙම අහන්න හේතුව .
හේතුව මේකයි ..කෙනෙක් නැති වුනාම පාලුවක් දැනුන නම් ඔයා ඒ කෙනාට කැමතියි ඒත් අනිත් අයගෙ මත වලට කැමති නෑ. ඒත් නිදහසක් දැනෙනවා නම් ඒක සම්පුර්නයෙන් වෙනස් කතාවක්!
මට අමතක වුනා සදහන් කරන්න කලින් මම මනෝ විද්‍යාව සම්බන්දව පාඨමාලාවක නිබන්ධන් සේරම තනියම අද්‍යනය කරපු බව.
ඔයාට බඩගිනි වෙන්නේ ඇත්තටම බඩගිනි වෙන නිසාද නැත්නම් ඔයා ආස කෑම ජාති සිහියට එන නිසාද කියලා අහන්න හිතුනත්. ,
ඒ වගේ බර ප්‍රශ්නයක් දාලා ඔලුව කලවම් කරන්න එපා කන්ෆියුස් කරන්න එපා කියලා ඉල්ලිමක් කරලා තිබුනු නිසාම මම ඒ ප්‍රශ්නය අහන්නෙ නැතුව අහගෙන හිටියා.
හැබැයි ඒ කියපු කතාව නම් ඇත්ත.! මොනව වුනත් අඩුම ගානෙ තමන්ගේ එකාකාරී ජීවිතෙන් තත්පරයක් හරි මන් ගැන බලන්න වෙන් කරන මනුස්සයෙක්ට මමත් ආදරේ නොකෙරුවොත් තත්පරයක් වෙන් නොකෙරුවොත් අපි මිනිස්සු වෙලා ඉන්න එකෙන් තේරුමකුත් නෑ.
ඒකයි මම කියන්නේ මම බොහොම සුළු පිරිසකට ආදරේ කරන්නේ කියලා. මොකද ඒ කීප දෙනා නැති වුනොත් ඇත්තටම මට පාලුවක් දැනෙනවා කියලා මට හිතෙන බව මම දන්න නිසා. ඉතින් තියරියට අනුව මම ආසයි වගේම උන්ට ආදරෙයි.
ආදරේ කරන මිනිස්සු දිහා මම බලන්නේ ඇස් දාහකින්.👀😁
තාම ඔෆිස් එකේ ඉන්න් එකත් අමරණියයි අපි රෑ අටහමාරත් වෙලා!
කමක් නෑ හැමෝටම..
ජය වෙවා!
.කවී.
ඔබට ඉසුරු බර දිගු රාත්‍රී කාලයක් වේවා.
Are you some kind of idiot?
ReplyDeleteJust Confused Bro!
ReplyDeleteGood work..keep it up bro..i love your writing style.
ReplyDeleteeda eke ithuru tika dennam qwata na ne iye..ra madde wunu tika..
ReplyDeletethamuse aristotal wennada hadanne? umbath eka nugath darshanika talk denn hadana ekek withari buruwa.
ReplyDeletekeep writing mr. because in here i feel like me
ReplyDeletebonkers! what he is trying to tell..i was like down for hell to from heaven
ReplyDelete