සමහර වෙලාවට මිනිස්සු හිත් රිදවගන්නේ හරිම පුදුම ව්දිහට. ජීවිතේ දිහා බලාගෙනම දුක් වෙන මිනිස්සු එක්ක ජිවිතේ විදින්න දගලනවා වගේ ජිවිතේ විදින්න ගිහින් විදවන මිනිස්සුත් ඕන තරම්
වාසනාව කියන්නේ මොකක්ද කිව්වොත් කියපන්. අගල් දෙකක විතර පරණ ඩ්‍රිල් කට්ටක් බයික් එකෙ ටයර් ව්කට බැහැල ඒත් හැමදාම උදේට හුළං ගගහා ඔෆිස් යන එක කියලා. හෙන ගහන්න වගේ හුළං බැස්සේ නෑ නේ. ඒක වාසනාව එක විදිහකට. එක විදිහකට අවාසනාව
සමහර මිනිස්සු අපේ ජීවිත වලට එන්නේ වාසනාවට තවත් මිනිස්සු අපේ ජීවිත වලට රින්ගන්නේ අවාසනාවට. පව ගෙවනකන් ඒ මිනිස්සු අපේ ජීවිත වල ඉන්නවා. සමහර වෙලාවට හැමදාම උදේට නැගිටලා ඒ මනුස්සයා ජීව්තේ නැති වුනා නම් මොනවගේ ඇතිද කියලා හිතෙනවා.
අද නැතිවෙයි, හෙට නැති වෙයි, අනිද්දා ඒ පව ගෙවලා ඉවර වෙයි කියලා හිතෙනවා..ඒත් එහෙම වෙන්නේ නෑ.කරපු පවක් තියෙනවා නම් ඒක ගෙවලා ඉවර වෙන්න එපැයි.
සමහර වෙලාවට පාන්දර ඇදේ නිදාගෙන ඉන්න ගමන් ජනේලෙට උඩින් තියෙන බීරළු කැටයම් අස්සෙන් මගේ හිත එලියට දුවනවා. ඒත් වා කවුළුවේ තියෙන දූවිලි මගේ ඇගේ ගෑවිලා නෑ. නවතින්න හිතුන වාර ගනන සීමිත වෙන්න එක හේතුවක් වුනේ ඔවුන් දාරාගෙන ඉන්න කහ සිවුර ඔවුන්ටම බර වැඩී කියලා හිතෙන නිසා. සිවුර දරාගෙන කරන බව ගුණාකාරවලින්වැඩි වෙන නිසා.
වෙනසක් තේරෙනවද යාළුවෝ ගැන ..මිනිස්සුන්ට ඇතිදා සීනි හා නැති දා ගෝනි කියන්නේ ඒකයි.
සීනි මිහිරි නිසා උන් සීනි වලටම ඇලිලා ඉන්නවා! ගෝනිය ගැන කතාවක් නෑ! ගෝනිය පරිස්සම් කරන්න උත්සහායක් ඕන නෑ..එත් එක සීනි කිලෝ ගානක් ඉවර වුනාන අර පරණ ගෝනිය කරලියට අරගෙන ගසනවා, සුද්ද කරනවා..ගෝනියට මාර හැපී..ඒත් අන්තිමේ ආයෙත් කොහෙන් හරි සීනි කිලෝ දහයක් ගෙනත් දා ගන්නවා අර ගෝනියට..දැන් පරණ පුරුදු විදිහමයි..ඌ සීනි වලට ආයෙත් වහ වැටෙනවා. ගෝනිය අමතකයි..ලුණු ගෝනියටත් ඒ ටිකමයි..ඒත් නැවත භාවිතය අඩුයි! ළූණු ගෝනියේ කතාව හාතසින්ම වෙනස්! ඇයි ළූණු ඉවර වුනාට ගෝනියෙ ගද යවන්න බෑ නේ ..ඉතින් දානව පාපිස්සකට! උඹට එතකොට තියෙන්නේ දෙනෝ දාහකගේ පයට පෑගි පෑගි ඉන්න..
මට ටිකක් කල් ගියා මේ සංකල්පය තේරුම් ගන්න..
ඒත් එකක් මතක තියා ගනින් සීනි ලුණු හා ළූණු දියවෙලා ගියත් ගෝනි දිය වෙන්නෙ නැති බව ලේසියකට..🖤
මමත් සීනි ගෝනියක්!
ටටා 👋
කවී.
No comments:
Post a Comment