කලකිරීම් වලින් හෙම්බත් වෙන අවස්තාවල මිනිස්සු නවතින්න පටන් ගන්නවා. අහම්බයක් නෙමේ. එක හීනයක් පස්සෙ දුවනකොට තව හීන මහ ගොඩක් එකතු වෙනව මෙච්චරක් කල් එලවගෙන ආපු හීනෙ පොඩ්ඩක් මන්දගාමී කරන්න.
මිනිස්සු ආදරේ හොයා ගන්නේ එක එක තැන් වලින් එක එක විදිහට. හද ගැස්මක් නැති යකඩ ගොඩකට මනුස්සයෙක් ආදරේ කරන්න පුලුවන්. අයිතියක් නැති කෙනෙක්ට මනුස්සයෙක්ට ආදරේ කරන්න පුලුවන්.
හැබැයි ඒ දෙගොල්ලොම නවතින්න හිතන්නෙ නෑ..කලකිරීම් වලින් හෙම්බත් වෙන්නේ නෑ. ඒක තාව කාලික හිත් බිදීමක් කලකිරීමක් විදිහට සලකලා ආයෙත් ගමන් කරනවා.
මම ආදරේ කරන්නේ එහෙම ජීවිතේ ගමන් කරන මිනිස්සුන්ට !
මගේ හිටපු හොදම යාළුවෙක් සන්ජා ඊයේ ජීවිතේ එකට ගමන් කරන්න කෙනෙක් තෝරගෙන ගමන් කරන්න පටන් ගත්තා. පැටව් ගහලා වගේ රොත්ත පිටින් ඉන්න යළුවන්ට වඩා බොහොම සීමිත යාළුවෝ පිරිසක් තමා හිට්යේ.
සන්ජා කියන්නේ මගේ ජීවිතේ එක් තැනක හැරවුම් ලක්ශයක් නිර්මාණය කරපු ආදරනීයම යෙහෙලියක්! මොන වැඩේ තිබුනත් එදාට එනව කියල වුනු පොරොන්දුව ඉටු කරන්න මම ඊයෙ ගියා! සතුටුයි අපේ එකෙක් එහෙම සතුටින් ඉන්න එක ගැන.
සන්ජාගේ ආසම ජොබ් එක වුනේ මට දරයට දුලියට නම් දාන එක. මේ චිට් එක 2010 සන්ජා අපිට දීපු එකක් ..තාම පරිස්සමෙන් තියන් ඉන්නවා ඒ තිබුනු බැදීම එචරටම ආදරනීය නිසා.
අවුරුදු 15න් පටන් ගත්ත යාළුකමක් තාම තියෙනවා. හිත්වලින් අයින් කර ගන්න බැරි. මොනවගේ හිත් අමනාප කම් ඇති වුනත් ඒ දවස්වල කට පුරා හොදම යාළුවෙක් කියන්න පුළුවන් බොහොම අතලොස්සක් අතරින් එකෙක්.❤️🖤
ආදරනීය උපන්දින තිලිණ අතරින් තව එකක්! මේ සටහනත් දැන් අවුරුදු 10ක් විතර පරිස්සමෙන් තියෙනවා..
කොහිම හරි සන්ජා කියන්නේ ජැක් ස්පැරෝට කිට්ටු නෑදෑ හිතවත් කමක් ඇති පවුලක ගෑනු ළමයෙක්. කවුරුත් ඒක විශ්වාස කරන්නේ නැත්නම් මෙන්න ඒකට සාක්ශි සන්ජාගේ අත් අකුරෙන්ම.
හැබැයි තාම මට ඒ ඤාතී සම්බධතාවය තේරුම් ගන්න බෑ ..ඒකත් හරියට සන්ජා ටූත් බ්‍රශ් වෙනුවට පොල් මුඩ්ඩක් අරගෙන ටූත් පේස්ට් වෙනුවට හාපික් වලින් දත් මදින්නේ ඇයි කියලා හොයනවා වගේ.
ඒකත් නෑ කියනවා නම් මෙන්න සාක්ශි!
ඒ අස්සේ අපේ ඉස්කෝලෙ සීනියර් අක්කා කෙනෙක් වෙඩින් එකට ඇවිත්. මල්ශි අක්කා! අහා මේ මල්ලිව නම් දන්නවා අපේ ස්කූල් එකේ නේ හිටියේ කිව්වම. මම දහ අතේ කල්පනා කරනවා මාව කොහොමද දන්නේ කියලා. අන්තිමේ බට්ටිගෙන් අහනවා ඒ අක්කගේ නම මොකක්ද බන් කියලා. ඇයි යකෝ උඹ මල්ශි අක්කව දන්නේ නැද්ද?
පොඩ්ඩි එහෙන් පැනලා කෑ ගහනවා වෙන විදියක් නෑ උඹ දන්නේ නැත්තේ මොකෝ?
හරි කමක් නෑ කියලා සන්ජාට විශ් කරලා ෆොටෝ එකක් පොඩ්ඩිව බට්ටිව ටැලී ව ටැග් කරලා ෆේස් බුක් එකට දැම්මාම මල්ශි පූර්නිමා කියලා කෙනෙක් කමෙන්ට් එකක් දාලා මගේ ලිස්ට් එකේ ඉන්න අක්ක කෙනෙක්.
ටැලී කියනවා ඔය ඉන්නේ අදුර ගන්න බෑ කියපු අක්කා ලිස්ට් එකේ කමෙන්ට් එකක් දාලා 😂
අඩේ ඉතින් නයි කයිද රෝස් පාන් නේ. මගේ ඉස්සරහ ප්රත්යාභූර්ත වෙලා ඉන්නේ ඒ අක්කමනෙ.
.ඕ නෝ!...
ආයෙ ලිස්ට් එකෙන් දෙවෙනි පාරට මල්ශි අක්කව ටැග් කරනවා ලැජ්ජාව වහ ගන්න. 😁 අදුර ගත්තේ නෑ කිව්වොත් චොරයි නේ 🤣🤣..අක්කේ මට සමාවෙන්න.
කෝමෙන් කෝම හරි සුභම සුභ නැවත ඉපදීමක් සන්ජා. හැමදාම සතුටෙන් ඉදපන්! සුභ පැතුම් අපි හැමෝගෙන්ම.
ටටා!
කවී.
No comments:
Post a Comment