Sunday, September 20, 2020

විෂූ ලියනගේ , ඉලක්ක සහ අරමුණු

 මිනිස්සු ජීවිත වල හරි අමුතුම විදිහට එකතු වෙන්නේ. සමහර යාලුවෝ වගේ. සමහර යාලුකම් නිකම්ම යාලුකම් නොවී ඔනම මරාලයක් හන්ගන්නේ නැතුව කියන්න පුලුවන් සහෝදරයෙක් සහොදරියක් මට්ටමට එනවා.  දකින්නේවත් හම්බවෙන්නේ වත්  නැතුව !

විශු නැත්නම් අපේ ලියනගේ මැඩම් අමුතුම කැරැක්ටර් එකක් ඒ වගේ. උදේ හවස සීරියල් පැකට් පිටින් ගිලින හැම හන්දියකම තියෙන කඩවල් වලට බාර ඔප්පු කරනවා වගේ කෑම කන , පන්සලේ වැට ගාව ඉදන් බෝදි පූජා තියලා මහත් වෙන්න කරන ප්‍රාර්ථනාවක් වගේ.



කටුබැද්ද හන්දියේ ඉදන් මොරටුව කැම්පස් එක පැත්තෙන් ආවාම පිලියන්දලට මෙහායින් තියෙන හැම බෝදියකම තියෙන කොඩි වැල්වල අනිවාර්යයෙන් ඇස් වලට බලාගන්න පුලුවන් පොල් අකුරෙන් සින්ග්ලිශ් වලින් ලියපු කොඩි වැල් " vishu ikamanata Sudu wewa"  . 

සංසාරේ සුදු වෙනවා කිව්වා නම් තාර පීප්පෙක උනත් බැහැල ඉන්න තරම් ගැම්මක් අර කිලෝ විසි පහක ශරීර ස්කන්ධයක් නැති ඇට කෝටු ඇතුලේ තියෙනවා.

 ජිවිතේ සැබෑ කරගන්න ඕන හීන විශූ නංගිට අනූව මෙහෙමයි.

1. මාලු ටැංකියක් මාලුත් එක්ක ගැනිම - ඒක හරි

2. කන්න නැති වුනත් මූනෙ උලන්න ක්‍රීම් ගැනිම - ඒකත්      හරි

3. ගැරේජ් එකක අයිතිකාරයෙක් ගේ පුතෙක්ව කසාද බැද ගැනීම - මෙම ඉලක්කය පහත හතර වෙනි (04) අරමුණ හා බැදේ

4. ඇදගෙන යා හැකි මට්ටමේ හෝ මිනි කූපර් කාර් එකක් ලබා ගැනිම.


හොදින් සිතා බැලූ විට අපි යම් මානසික විශාදයකින් පෙලෙන් බවට තහවුරු කර ගත හැකි හොදම උදා හරණය විශූ නංගීය.

ඒ ගැන ඉදිරියේ වෙනම සාකච්ඡා කරමු.


ටටා..

කවියා.





No comments:

Post a Comment

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්!

ශේන්ගේ ඩයිරියෙන් පිටුවක්! මාර්තු 5 වෙනිදා!  වෙලාවට මිනිස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා, ම්ම් දැන් වචන වලින් මිනිස්සුන්ව සෑහෙන්න තේරුම් අරග...